ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සිසුන් 11 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි
By Suranga Siriwardana, 1 March 2013
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පසුගිය ජනවාරි 29 වන දින සිට ශිෂ්‍යයන් 11 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීය. අවසන් වසරේ අධ්‍යාපනය ලබන මෙම ශිෂ්‍යයන් අතරින් දෙදෙනෙකුගේ ශිෂ්‍යභාවය ජීවිතාන්තය දක්වා ද තවත් දෙදෙනෙකුගේ අවුරුදු තුනකට ද, තිදෙනෙකුගේ අවුරුදු දෙකකට ද අහෝසි කොට ඇති අතර තවත් දෙදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත්තේ අත්හිට වූ දඬුවමක් වශයෙනි.
මෙය රාජපක්ෂ ආන්ඩුව විසින් කි‍්‍රයාවට දමා ඇති ප්රජාතන්ත්ර විරෝධී කි‍්‍රයාවන්ට මෙන් ම අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන කප්පාදුවට එරෙහිව මතුවෙමින් පවතින විරෝධතාවයන් මර්දනය කිරීම සඳහා දියත් කොට ඇති වැඩපිලිවෙලේ ම කොටසකි.
2010 වසරේ දෙසැම්බර් මස කොලඹ පැවති විරෝධතාවයකට සහභාගී වී පැමිනි සිසුන් පිරිසක් සහ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ සමාජිකයන් අතර ඇතිවූ ගැටුමක දී සිසුන් ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුට සහ මහාචාර්යවරයෙකුට පහර දීමත්, විශ්ව විද්‍යාල දේපල වලට අලාභහානි සිදු කිරීමත් සිසුන්ට එරෙහි චෝදනා වශයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ඉදිරිපත් කරයි. වසර දෙකකටත් පෙර ඇති වූ සිද්දියක් පාදක කර ගනිමින් රැගෙන ඇති මෙම පියවර මගින් පෙන්නුම් කෙරෙනුයේ කුමන අයුරකින් හෝ සිසුන් බිය වද්දා නිහඬ කිරීමේ ආන්ඩුවේ වියරු උත්සුකය යි.
ගැඹුරු වන ගෝලීය මුල්‍ය අර්බුදයේ කොන්දේසි යටතේ රාජපක්ෂ ආන්ඩුව වඩවඩාත් සමාජ සුභසාධන සේවාවන් කප්පාදු කරමින් කම්කරු පීඩිත මහජනතාවට එරෙහි ප්රජාතන්ත්ර විරෝධී ප්‍රහාර වේගවත් කොට ඇත. පසුගිය කාල සීමාව පුරා ම දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ බර නිසා ශී‍්‍ර ලංකාව තුල මේ තත්ත්වය ගැඹුරු වී ඇත. මේ පසුබිම මත ආන්ඩුව අධ්‍යාපන පෞද්ගලීකරන වැඩ පිලිවෙල වේගයෙන් ඉදිරියට දමා ඇත. මෙයට විරුද්ධව, විශේෂයෙන් ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර, මතුවී ඇති විරෝධතාවයන් මුලිනුපුටා දැමීමට පසුගිය කාල සීමාව පුරා ම විශ්වවිද්‍යාල පාලනාධිකාරීන් මෙහෙයවමින් රාජපක්ෂ ආන්ඩුව විවිධාකාරයෙන් මැදිහත් විය.
2010 වසරේ දී ජනාධිපති රාජපක්ෂ සියලු ම විශ්වවිද්‍යාලයන්හි ඉහල පාලනාධිකාරීන් කැඳවා විශ්ව විද්‍යාලය ඇතුලත දැඩි විනයක් ඇති කිරීම සඳහා කි‍්‍රයාත්මක විය යුතු බවට අවධාරනය කරනු ලැබුවේ, ශිෂ්‍යයන් අතර වර්ධනය වෙමින් තිබූ අරගලකාරී තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ජනතා විමුක්ති පෙරමුන සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය ශිෂ්‍යයන්ට ගරිල්ලා උපක්‍රම පුහුනු කිරීම සඳහා කඳවුරු පවත්වන බවට චෝදනා කරමින් ''ශිෂ්‍යභාවය අහෝසි කොට ඇති බොහෝ ශිෂ්‍යයන් මෙම කන්ඩායම් වලට අයත් වේ" යැයි ප්‍රකාශ කලේ ය.
පසුගිය කාලය පුරා ම සෑම විශ්ව විද්‍යාලයක ම පාහේ පාලනාධිකාරීන් තමන්ට අභිමත අයුරින් විශ්ව විද්‍යාල මෙහෙයවමින්, ශිෂ්‍යයන්ට එරෙහිව මැදිහත් විය. 2012 නොවැම්බර් මස අග දී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් හතර දෙනෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට භාර දෙනු ලැබී ය. 2011 මාර්තු 27 වන දින සබරගමු විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විශ්ව විද්‍යාල පනතේ ප්රජාතන්ත්ර විරෝධී නීති රීති පදනම් කර ගනිමින් මහා ශිෂ්‍ය සංගමය ඇතුලු තවත් පීඨ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කලේ ය.
රාජපක්ෂ ආන්ඩුවේ මෙම මර්දනීය වැඩපිලිවෙල අත්හදා බැලීමේ භූමියක් ලෙස කි‍්‍රයාත්මක වීම සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඉතිහාසයක් පවතී. 2010 වසරේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට විරුද්ධව ගෙන යනු ලැබූ ශිෂ්‍ය අරගලයක දී 176 දෙනෙකු පන්ති තහනමට ලක්වූ අතර 27 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය. මින් 70 දෙනෙකු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් විය. එහි ම සිසුන් 66 දෙනෙකුට එරෙහිව උසාවිය ඉදිරියේ චෝදනා ද ගොනු කලේ ය. එමෙන් ම එම වසරේ ම දෙසැම්බර් මස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට එරෙහිව සිසුන් ගෙන ගිය අරගලයක දී භික්ෂු ශිෂ්‍යයින් 12 දෙනෙකු ඇතුලුව සිසුන් 44 දෙනෙකුගේ ශිෂ්‍යභාවය ද අහෝසි කෙරුනි.
මීට අමතරව, 2011 ජූනි මස විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල උද්ඝෝෂනයක් සංවිධානය කිරීම හේතුවෙන් ශිෂ්‍යයාවන් 20 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගත්තේ ය.
ශිෂ්‍ය අරගල මුලිනුපුටා දැමීමේ ආන්ඩුවේ වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කිරීමේ කපිතාන් වරයෙකු ලෙස උපකුලපති එන්. එල්. කරුනාරත්න වැඩට බැස සිටී. පසුගිය කාල සීමාව පුරා ම ප්රජාතන්ත්ර විරෝධී අයුරින් ශිෂ්‍යයන් පන්ති තහනම් වලට ලක්කිරීමට අමතරව ශිෂ්‍යයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ද ඔහු යොමු විය.
2011 ජූනි මාසයේ දී නවක සිසුන්ට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් සිසුන් හතරදෙනෙකු සැකපිට මිරිහාන පොලීසියට භාරදෙනු ලැබූ අතර රජයට එරෙහි කුමන්ත්රනය කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබිනි. මීට අමතරව පසුගිය වසරේ දෙසැම්බර් මස සිදු කරනු ලැබූ පන්ති තහනමක් හේතුවෙන් පසුගිය දා එම විශ්ව විද්‍යාලයේ ම සිසුවියක් වේදනා නාශක බෙහෙත් අධික ලෙස පානය කොට සිය දිවි හානි කර ගැනීමට ද ප්රයත්න දරා තිබුනි.
උපකුලපති කරුනාරත්න ඉවත් කල යුතු යැයි විශ්ව විද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් උද්ඝෝෂනය කල ද, රාජපක්ෂ ආන්ඩුවේ පූර්න පිටුබලය ලබමින්, ආන්ඩුවේ වැඩපිලිවෙලට එරෙහිව ශිෂ්‍යයන් තුල මතුව පවතින විරෝධතාවය තලා දැමීමට තවදුරටත් ඔහු කි‍්‍රයාත්මක වෙමින් සිටී.
ශිෂ්‍යයන්ට එරෙහි මර්දනීය පියවරයන් දිගේලි කිරීම රාජපක්ෂ ආන්ඩුවට පමනක් සුවිශේෂී එකක් නොවන අතර එය ගෝලීය පරිමානයෙන් පොදු ලක්ෂන අත්කර ගනී. ලෝකයේ සෑම ධනපති ආන්ඩුවක් ම සිය ප්රජාතන්ත්ර විරෝධී ප්රහාරයන්ට එරෙහිව නැග එන ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීම සඳහා මීට සමාන ආකාරයෙන් මැදිහත් වෙමින් සිටී. 2012 ජූනි මස කැනඩාවේ කියුබෙක් ශිෂ්‍ය අරගලයට එරට ආන්ඩුව ප්‍රතිචාර දැක්වූ අයුරු මෙයට කදිම නිදසුනකි.
ගුනාත්මක උසස් අධ්‍යාපනයක අයිතිය ආරක්ෂා කර ගැනීම පිනිස කියුබෙක් ශිෂ්‍යයන් විසින් ගෙන ගිය අරගලය මර්ධනය කිරීමට කැනඩා රජය විසින් සිය මාධ්‍යයන් පමනක් නොව, පොලිස් ප්රචන්ඩත්වය සහ උසාවි නියෝග ද ගනු ලැබූ අතර කුරිරු අනපනත් ද (Bill 78) සම්මත කර ගත්තේ ය.
අන් සෑම රටක දී මෙන් ම ශ්‍රී ලංකාවේදී ද නිදහස් අධ්‍යාපනය ඇතුලු අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිනෙන සිසුන්හට ඇති ප්‍රධානත ම බාධකය ශිෂ්‍ය සංගම් ය. මෙහිලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධිත අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) ප්රමුඛ කාර්යභාරය ඉටු කරයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුල සිදුවූ ශිෂ්‍ය මර්දනයන්ට එරෙහිව ඔවුන් විරෝධතාවයන් සංවිධානය කරනු ලැබුවේ, එය හුදෙක් විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ වරදක් ය යන මිථ්‍යාව ශිෂ්‍යයන් අතර පතුරවමිනි. ඔවුන්ගේ සටන් පාඨයන්හි සාරය වී තිබුනේ උපකුලපති ඉවත් කරනු යන්න යි.
උපකුලපති ඉවත් කිරීමෙන් ප්‍රශ්න විසඳෙනු ඇතැයි යන මිථ්‍යාව පමණක් නොව බලපෑම් දැමීම මගින් අර්බුද ග්රස්ත ධනපති ආන්ඩුවලින් ඉල්ලීම් දිනාගත හැකිය යන දේශපාලන සාවද්‍යය ද ඔවුන් ශිෂ්‍යයන් අතර වගා දිගා කරයි. ශිෂ්‍යයන් කම්කරු පන්තිය දෙසට හැරී ධනපති ක්‍රමයට එරෙහිව ස්වාධීන දේශපාලන ඉදිරිදර්ශනයක් මත සංවිධානයවීම අවිශිබමයේ මෙම බලපෑම් දැමීමේ දේශපාලනය මගින් වලක්වයි.
ශිෂ්‍යයන්ට එරෙහි මර්දනය සඳහා විශ්වවිද්‍යාල තුල පසුබිම සකස් කර දීම සම්බන්ධයෙන් ද අවිශිබමය වගකිව යුතු වේ. ආන්ඩුවට සම්බන්ධිත ශිෂ්‍ය සංගම් මෙන් ම අවිශිබමය ද, අන්‍ය ශිෂ්‍ය සංගම් වලට එරෙහිව සිදුකරන මැරකි්රයාවන්ට ද තම දේශපාලනයට නවක සිසුන් ආකර්ශනය කරගැනීම සඳහා ක්රමෝපායක් ලෙස පවත්වා ගෙන යන නවක වදයට ද එරෙහිව වැඩෙන විරෝධය ශිෂ්‍ය මර්දනය සඳහා ආන්ඩුව යහමින් යොදා ගනී. නවක වදය වැලැක්වීමේ මුවාවෙන් සම්මත කොට, කි‍්‍රයාවට යොදවා ඇති නවක වද පනත මූලික වශයෙන් ම එල්ල කෙරී ඇත්තේ ශිෂ්‍ය අරගල තලා පෙලා දැමීමට බව ඉතා පැහැදිලි ය.
Follow us on