අයර්ලන්ත ඇපදීමෙන් පසුව: මූල්‍ය බඩජාරීන් රැල අලුත් ගොදුරු වෙත කුරුමානම් අල්ලයි
After the Irish bailout: The financial wolf pack targets new victims
ආර්ථික හෝ දේශපාලන කරලියේ කුමන තැනකවත් මූල්‍ය වෙලඳපල මෙහෙයුම් වලදී ප්රකාශවන තරමේ දැවැන්ත ව්‍යාකූලත්වයක් තිබේ ද යන්න සැක සහිතය.
පසුගිය ඉරිදා ප්‍රකාශයට පත්කල ඊනියා අයර්ලන්ත ඇපදීම මෙහි ප්‍රධාන තම සිද්ධියක් විය. එය අයර්ලන්තයට ඇපදීමක් නොවේ. ඒ වෙනුවට සිදුවූයේ කම්කරු පන්තියේ වියදමින් අයර්ලන්ත බැංකු හා මූල්‍ය ආයතන සතු නය හා මූල්‍ය වත්කම් පියවීමට රජයේ සියලු සම්පත් යෙදවීම සහතික කරන ලෙස ඉල්ලා සිටින ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපල සමග අයර්ලන්ත ආන්ඩුව එකඟ වීම පමනි. වෙනත් වචන වලින් කිවහොත් බංකොලොත් වූයේත් ඇප අවශ්‍ය වූයේත් ”අයර්ලන්තයට” නොව අයර්ලන්තයේ නය හිමියන් වන යුරෝපීය හා ජාත්‍යන්තර බැංකු වලටය.
ගනන් බලා ඇති ආකාරයට දැනටමත් යුරෝ 4,000 බැගින් අහිමි වී සිටින අයර්ලන්ත පවුල්වලට ගිවිසුම මගින් අමතර යුරෝ 4,000 ක වියදමක් දැරීමට සිදුවනු ඇත. මූල්‍ය වෙලඳපොලවල බඩජාරී ඉල්ලීම් සපුරාලීම සඳහා නොකරන දෙයක් නැති බවට දිව්රන ආන්ඩුව ඇපදීම සඳහා විශ්‍රාම අරමුදලින් බිලියන 17.5ක් ගෙවීමට එකඟවී සිටියි.
ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමත් සමග ම මුල්‍ය බඩජාරීන් රැල තමන්ගේ ඊලඟ ගොදුර ලෙස පෘතුගාලය, ස්පාඤ්ඤය හෝ සමහර විට බෙල්ජියම වෙත පැනීමට සූදානම් වෙති.
ගැඹුරුවන යුරෝපීය මූල්‍ය අර්බූදය පෙන්නුම් කරන්නේ, 2008 සැප්තැම්බර් මාසයේ එක්සත් ජනපද ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුවේ බිඳවැටීම ”යථාතත්වයට” පත්විය හැකි චක්‍රීය පහත වැටීමක ප්‍රථිපලය නොව සමස්ත පශ්චාත් යුද්ධ ධනේශ්වර පද්ධතියේම බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කරන බවයි.
2007 දී එක්සත් ජනපද මූල්‍ය අර්බූදය ආරම්භයේදී වහාම එය යුරෝපීය බැංකුවලට බලපෑවේ ය. ජර්මනියේ රාජ්‍ය බැංකු මෙන් යුරෝපීය බැංකු හැම එකක්ම වාගේ එක්සත් ජනපද මූල්‍ය සමාගම්වල අවමුඛ උකස් කර ගනුදෙනුවලට කෙලින්ම හෝ සමපේක්ෂන කටයුතුවලදී ඊට සමාන අයුරින් සම්බන්ධව සිටියේ ය.
තිබුනේ එම ප්‍රශ්න පමනක් නම් අර්බූදය මේ වන විට විසඳී තිබිය යුතුය. එහෙත් ආරම්භක බංකොලොත්වීම්, ගෝලීය ධනවාදී ආර්ථිකයේ වඩා ගැඹුරු පරස්පරවිරෝධයන්ගේ ප්රකාශනය පමනක් විය.
පස්චාත් යුද ආර්ථික උත්පාතය අවසාන වීමෙන් පසුව, 1980 ගනන් මුල සිට ලෝක ධනවාදය ගුනාංගීකරනය වූයේ මූල්‍යකරනයේ වැඩීම හා තව තවත් වැඩීම මඟිනි. ක්රියාදාමයේ තරම එක් සංඛ්‍යා ලේඛනයකින් පෙන්නුම් කරයි. දශක තුනකට පමන පෙර ලෝක මූල්‍ය වත්කම් සම්භාරය ලෝක දල ජාතික නිෂ්පාදිතයට සියයට සියයකින් සමාන විය. 2007 වන විට එය සියයට 350 දක්වා වැඩි විය.
එවන් සුවිශාල මාරුවක් අද ප්‍රකාශිත වන්නේ ගැඹුරු වන නය හා මූල්‍ය අර්බූදය ලෙසින්ය.
එහි ස්වභාවය නිසාම මුදල්වලට කෙසේ හෝ නිමක් නැතිව මුදල් ඉපයිය හැකිය යන විවිධ මූල්‍ය කථිකයන්ගේ මිත්‍යාවන් නොතකාම, අවසාන විග්රහයේදී මූල්‍ය වත්කම් නියෝජනය කරන්නේ, විශේෂයෙන්ම ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී කම්කරු පන්තියෙන් උපුටා ගන්නා අතිරික්ත වටිනාකමට නැතහොත් සමාජීය ශ්‍රමය විසින් නිර්මානය කරන ධනයට හිමිකම් පෑමය.
යම් කාලයක් සඳහා, වත්කම් වටිනාකම් විශේෂයෙන් ම දේපල වත්කම් අගය නැංවීම මගින් සමුච්චිතවූ සුවිශාල මූල්‍ය ලාභ මූල්‍ය පද්ධතිය තුලට ගලා එනතාක් දුරට, මෙම ආර්ථික නියාමය ඇනහිට තිබෙන බවක් පෙනී යයි. ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාදාමයට පිටින්, මුදල් වලට තව තවත් මුදල් බවට පරිවර්තනය වියහැකි බවක් එය ඇත්තවශයෙන් ම පෙන්නුම් කලේය.
මාක්ස් පැහැදිලි කල ආකාරයට අපගේ ඇස් ඉදිරිපිට ගෙයක් කඩාවැටීමේ දී ගුරුත්වාකර්ෂන බලය ක්‍රියාකරන ආකාරයට ම අවසානයේ දී ධනේශ්වර ආර්ථිකයේ නියාමයන් ප්‍රකාශිත වන්නේ ද සාමකාමී ආකාරයට නොවේ. 2008 සැප්තැම්බරයේ දී මුල්‍ය නිවස කඩා වැටුනි. ක්ෂනික අවපාතයක් වලක්වා ගැනීම සඳහා ඇපදීම් හා උත්තේජක පැකේජ මගින් ආන්ඩු ප්‍රතිචාර දැක්විය. එහෙත් මෙම පියවරන් අර්බූදය වෙනතකට මාරු කලා පමනි එය විසඳීමට අසමර්ථ විය. බැංකු හා මූල්‍ය ආයතනවල තිබු ඩොලර් ටි්රලියන ගනනක නය ආන්ඩුවේ ගිනුම් වලට මාරු කෙරිනි. කම්කරු පන්තියේ සමාජ කොන්දේසි හා ජීවන තත්වයන් කපා දැමීමෙන් මෙම නය දැන් ගෙවිය යුතුව තිබේ.
එක්සත් ජනපදය තුල මුල්බැස තිබුනු කෑදර ”විවෘත වෙලඳපල” ක්‍රමයට යම් ආකාරයක විකල්පයක් යුරෝපීය ධනවාදය විසින් නියෝජනය කරන්නේ යයි යම් කාලයක් තුල පෙනෙන්නට තිබුනේ ය. ඇත්ත වශයෙන් ම එක්සත් ජනපදයේ දී මෙන්ම යුරෝපීය ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයටත් මුල්‍ය හා නය පුලුල් වීම අතිශය තීරනාත්මක විය.
1999 දී යුරෝ කලාපය පිහිටුවීම සලකුනු කලේ එහි ප්රතිමල්ලවයන් සමග යුරෝපීය ආර්ථිකයට තවමත් තරඟ කල හැකි බව සහතික කිරීමේ උත්සහයක් ලෙසයි. යුරෝවට ප්‍රධාන ලෝක හුවමාරු මුදල වූ ඩොලරයට අභියෝග කිරීමට පවා හැකිවනු ඇති බවට බලාපොරොත්තු පලවී තිබුනි. කෙසේ නමුත්, මූල්‍ය සංගමය, යුරෝපය තුලම සැලකියයුතු ප්‍රතිවිපාක ජනනය කලේය. අනෙක් කරුනු අතරින්, අඩු තරඟකාරී හෝ ඊනියා පරියන්ත ආර්ථිකයන්ට ඔවුන්ගේ මුදල අවප්රමානය කිරීමෙන් ලෝක ආර්ථිකය තුල ඔවුන්ගේ තැන වර්ධනය කර ගැනීමට තිබු හැකියාව එමඟින් ඉවත් කරනු ලැබින. ඔවුන්ගේ ගෙවුම් ශේෂ හිඟයන් ආවරනය කර ගත්තේ ඊනියා ප්රමුඛ රටවල විශේෂයෙන් ම ජර්මනියේ හා ප්රන්සයේ බැංකු හා මූල්‍ය ආයතනවලින් ගලා ආ ප්රාග්ධනය මගිනි. බලගතු යුරෝපීය ආර්ථිකයන් හට අපනයන වෙලඳපලවල් සපයා දෙමින් මෙම ප්රාග්ධනය, දේපල සංවර්ධනය හා සංචාරක ව්‍යාපෘති සඳහා සහ ආර්ථික වර්ධනය දිරි ගැන්වීමට යොදා ගත්තේ ය. ශුභවාදී ආර්ථික චක්‍රයක් තහවුරු විය.
ජර්මන් ධනවාදය සැලකිය යුතු වරප්‍රසාද භුක්තිවින්දේ ය. 1990 යලි ඒකාබද්ධ (බටහිර හා නැගෙනහිර ජර්මනිය) වන කාලයේ දී එරට අපනයන දල ජාතික නිෂ්පාදිතයෙන් නියෝජනය කලේ සියයට 25 කි. 2008 දී එය, වැඩි පංඟුව යුරෝ කලාපයේ සෙසු රටවලට අපනයන කරමින්, ලෝකයේ ඉහලම ප්‍රතිශතය වූ සියයට 47.2 ක් දක්වා ඉහල නැංගේ ය.
තව ද, ඩොයිෂ්මාර්ක් මුදලින් සිදුකල හැකිවූවාට වඩා අනෙකුත් මුදල් වර්ගවලට සාපේක්ෂව පහත අගයකින් ගනුදෙනු වූ යුරෝව තුලින් ජර්මන් නිර්යාතවලට ජාත්‍යන්තර වෙලඳපල තුල තරඟකාරී ඉමක් හිමිවිය. නය ප්රසාරනය වීම මඟින් හැකියාව ලබාදුන් වර්ධනයේ මෙම අදියර දැන් අවසානයකට පැමින ඇත. විසිවන සියවසේ මුල් භාගයේ දී යුරෝපය කෑලිවලට ඉරා දැමු පරස්පරවිරෝධයන් යලි මතුපිටට පැමිනෙමින් නව කාලපරිච්ඡේදයක් විවෘත වී තිබේ.
අයර්ලන්තයේ ඊනියා ඇපදීම ආරම්භය පමනි. මූල්‍ය වෙලඳපල ඉල්ලා සිටින්නේ සීමා සහිත කාලපරිච්ඡේදයක කප්පාදු පියවරයන් නොව සමස්ත පශ්චාත් යුද කාලීන යුරෝපීය සුභසාධන පද්ධතියම විනාශ කර දැමීමටයි.
එලෙසම දැන් පනවන කප්පාදු පියවර, බැංකු, මූල්‍ය ආයතන හා ආන්ඩු පවා නයගැතිකමින් ගිලී යන හා බංකොලොත්භාවයට පත්කරන, ආර්ථික අර්බූදය නරක අතට හරවන පහල ආර්ථික වර්ධනයට මග පාදන, රුදුරු ආර්ථික චක්‍රයක් සඳහා කොන්දේසි නිර්මානය කර තිබේ.
ලෝක යුද්ධ දෙකකට මග පෑදු අන්තර් යුරෝපීය ගැටුම් නැවත මතුවී ඒමේ අන්තරාය ගැබ්කරගත් යුරෝපීය සංගමයේ අනාගතය අවිනිශ්චිතය. ජාතික ගැටුම් හා බෙදීම් වැඩිවෙමින් තිබේ. ඊයේ ෆිනෑෂල් ටයිම්ස් පත්‍රයට ලියමින් විදේශ සම්බන්ධතා පිලිබඳ යුරෝපීය කවුන්සිලයේ මැඩ්රිඩ් කාර්යාලයේ ප්‍රධානි ජුසේ ඉග්නැසියෝ ටොරිබ්ලැන්කා, ස්පාඤ්ඤයේ ගොඩගැසෙන ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජර්මනියට දෝෂාරෝපනය කලේ ය.
1980 හා 90 ගනන්වල යුරෝපීය ඒකාග්රකරන ක්‍රියාවලියේ ප්‍රථිපලය වශයෙන් ”ආර්ථික වර්ධනයේ ශුභදායී චක්‍රයක් තුල පරියන්තය, මධ්‍යයට වඩා වේගයෙන් වර්ධනය විය. එහෙත් ජර්මනිය හා අනෙකුත් රටවල් සැලකිය යුතු වාසි අත්කර ගත්තේ, ඔවුන්ගේ අපනයන හා ඍජු විදේශ ආයෝජන මත එම වර්ධනය පදනම් වු හෙයිනි.” ජර්මනිය තනියම ගමන් කිරීමට සූදානම්වන විට දැන් මෙම චක්‍රය ”ආපසු හැරවිය නොහැකි පරිද්දෙන් බිඳවැටී” ඇති බව පෙන්නුම් කරයි.
තමන්ගේම ස්වාධීන ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් හා ඒ සඳහා සටන් වදිමින් කම්කරු පන්තිය අර්බුදයට මුහුන දිය යුතුය. කම්කරු පන්තිය දරිද්‍රතාවයට ඇදහෙලන මූල්‍ය ප්රාග්ධනයේ ඒකාධිපතිත්වය හා කෑදරකම, බැංකු හා මූල්‍ය ආයතන අත්පත්කර ගැනීම මගින් හා එවායේ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම මගින් විස්ථාපනය කල යුතුයි.
අර්බූදයට ජාතික විසඳුමක් ඇත්තේ නැත. බෙදුනු යුරෝපයක් සලකුනු කරන්නේ විසිවන සියවසේ පලමු භාගයේ වු විනාශයට ආපසු යෑම පමනි. යුරෝපය ප්රගතිශීලි පදනමක් මත ඒකාබද්ධ කල යුතු අතර එය කල හැක්කේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය වන එක්සත් යුරෝපීය සමාජවාදී සමුහාන්ඩුවක් පිහිටුවීමෙන් පමනකි.
නික් බීම්ස්
Follow us on