යුරෝපා සංගමය තුල යලි හිස ඔසවන ජාතිකවාදය
The resurgence of nationalism in the European Union
යුරෝපීය නය අර්බුදයේ නවතම අවධිය තුල යුරෝපා සංගම් ඉතිහාසයේ වඩාත් ම ගැඹුරු බෙදීම් ඉස්මතු වීම දැකගත හැකිය.
මාධ්‍ය කතුවරුන් ද ආර්ථික අටුවාකාරයින් ද පොදු මහාද්වීප මුදලේ කඩාවැටීමක් පිලිබඳව සමපේක්ෂනය කරමින් සිටින අතර යන්තම් සති කිහිපයකට පෙර ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කෙල් යුරෝ මුදල අසාර්ථකවීමේ අර්ථය යුරෝපා සංගමයේ ම අවසානය බවට අනතුරු ඇඟවූවා ය. V
යුරෝ කලාපීය මුදල් ඇමතිවරුන්ගේ සභාපති ෂෝන් ක්ලවුඞ් ජුන්කර් අර්බුදය තුල ජර්මනියේ භූමිකාව පිලිබඳව කරන ලද විවේචනයත් සමග මහාද්වීපයේ අනාගතය පිලිබඳව යුරෝපීය නායකයින් අතර හටගෙන තිබෙන ආරෝව එහි හිනිපෙත්තටම ලඟා විය. දීර්ඝ කාලයක් තිස්සේ ජර්මනියේ සමීප ආධාරකරුවෙකු ලෙස සැලකෙන ජුන්කර්, යුරෝ බැඳුම්කරයක් සඳහා ඔහුගේ යෝජනාව බර්ලිනය විසින් ප්‍රතික්ෂේප කිරීම ගැන අදහස් දැක්වීමේ දී අසාමාන්‍ය ලෙස තියුනු විය. ”ජර්මනිය සිතන්නේ තරමක් සරල ලෙසය.” එරට යුරෝපීය කටයුතු පිලිබඳව කටයුතු කරන්නේ ”යුරෝපීය නො වන ක්රමයකටය” යනුවෙන් පැවසීය.
යුරෝපා මහාද්වීපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය තුල, යුරෝපය කෙරෙහි ඇති බැඳීම්වලින් එරට මුදාහැරීම සඳහා නව ජාතිකවාදී උද්ඝෝෂනයක් දියත්ව තිබේ. ජර්මන් ව්‍යාපාරික සම්මේලනයේ හිටපු ප්‍රධානියා වන හාන්ස් ඔලාෆ් හැන්කල් සිය නව ග්‍රන්ථය වන අපේ මුදල බේරාගන්න කෘතිය තුල ජර්මනිය, නෙදර්ලන්තය හා ඔස්ටි්රයාව ආදී රටවල් ඇතුලත් උතුරු යුරෝපීය කඳවුරක් ද ස්පාඤ්ඤය, ඉතාලිය හා ප්රන්සය ඇතුලත් දකුනු රටවල තවත් කඳවුරක් ද වශයෙන් යුරෝපා කලාපය දෙකට බෙදීමකට පක්ෂව තර්ක කරයි.
හැන්කල්ගේ යෝජනාව කි‍්‍රයාත්මක කලහොත් එය, යුරෝ මුදල බිඳ හෙලීමටත් සමස්තයක් ලෙස යුරෝපය ඉරිතැලීමටත් පූර්වාදර්ශයක් වනු ඇත. කොටස් දෙකක යුරෝපයක් පිලිබඳ ඔහුගේ ප්රවාදයට මෑතක දී මුස්ලිම් සංක්රමනිකයන්ට එරෙහිව වර්ගවාදී තර්ක ගොඩනගමින් තමන්ගේ ම පොතක් පලකල කුප්‍රකට සමාජ ප්රජාතන්ත්රවාදියෙකු වන තිලෝ සැරසින්ගේ සහයෝගය ද හිමිව තිබේ. අපගේ මුදල බේරාගන්න කෘතිය නිල වසයෙන් ප්‍රසිද්ධ කිරීමේ දී එහි ප්‍රධාන ආරාධිතයා වූයේ වෙන කවුරුවත් නොව ජර්මන් මුදල් ඇමති රේනර් බ්රුවඩර්ල් ය.
ජාතිකවාදය මත පදනම්ව පාලක ප්රභූවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින සහ කම්කරු පන්තියේ අතීත සමාජ ජයග්රහන මත සම්මුති විරහිත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන නව ව්‍යාජ ජනතාවාදී දක්ෂිනාංශික පක්ෂයක් සඳහා ජර්මනිය තුල බලවේග එක් රැස්වෙමින් තිබේ.
ඉතාලිය, ඔස්ටි්රයාව, ඩෙන්මාර්කය, ඕලන්දය හා හංගේරියාව ඇතුලු අනෙකුත් යුරෝපා රටවල් තුල දැනටමත් අන්ත දක්ෂිනංශික හා වර්ගවාදී දේශපාලන ප්රවනතා එක්කෝ ආන්ඩු කරති නැතහොත් ප්‍රතිපත්ති තීන්දු කිරීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කරති. ප්රන්සයේ ජනාධිපති සාකෝසි රටෙහි මුස්ලිම්, සින්ටි හා රෝමා ජනකොටස්වලට එරෙහි උද්ඝෝෂන සමගින් නව-ෆැසිස්ට්වාදී ජාතික පෙරමුනේ වර්න තම සාක්කුවේ දමාගැනීමට උත්සාහ දරයි.
සෑම අවස්ථාවකදීම අන්ත දක්ෂිනාංශය ප්රමුඛත්වයට නැගීම යුරෝපීය කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට හා සුභ සාධක රාජ්‍ය පද්ධතියට එරෙහිව පාලක ප්රභූව විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයක් සමග සමීපව බැඳී තිබේ.
මහාද්වීපයේ බැංකු ගලවා ගැනීමට යුරෝ ටි්රලියන ගනනක් වැය කොට ඇති පාලක පැලැන්ති, වැඩකරන ජනතාව ඒ වෙනුවෙන් ගෙවිය යුතු යයි අවධාරනය කරති. යුරෝපා සංගමයේ බ්‍රසල්ස් නිලධරය සමගින් බර්ලිනයේ හා ප්රන්සයේ ආන්ඩු දැන් පවත්නා සුභ සාධන සහනවල ඉතිරිය ද අතුගා දමන හා මිලියන ගනනින් ජනතාව දරිද්‍රතාවට ඇද හෙලන දැඩි කප්පාදු වැඩපිලිවෙලවල් මහාද්වීපය පුරා ක්‍රියාවට නඟමින් සිටිති.
දක්ෂිනාංශික ජනතාවාදය දිරිගැන්වීම මගින් කම්කරුවන් ජාතිකවාදී රේඛා ඔස්සේ බෙදීම මෙන්ම මෙම ප්‍රහාරය සඳහා හොඳ ම කොන්දේසි නිර්මානය කරගැනීම ද ඉලක්ක කරගනී. බොහෝ යුරෝපීය ආන්ඩු වඩාත් ම පරිපීඩිත සමාජ ස්ථරයන්ට එරෙහිව ගෙනයන ස්වෝත්තමවාදී උද්ඝෝෂනවල මූලාශ්‍රය ද මෙය වේ. මෑතකදී ඉතිහාසඥ ටෝනි ජූඩ් සිය යුරෝපා ඉතිහාසය කෘතිය තුල පෙන්නුම් කල පරිදි යුරෝපා සංගමයේ හා යුරෝපීය සුභ සාධක රාජ්‍ය පද්ධතියේ ආරම්භකයෝ වනාහි පලමු හා දෙවන ලෝක යුද්ධවල සංහාරය ඍජුව අත්දැක්කා වූ ද එය විචිත්‍ර ලෙස මතකයට නඟාගත හැකි වූ ද තත්වාරක්ෂක (කොන්සර්වේටිව්) දේශපාලනඥයෝ වූහ.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව කම්කරු පන්තියේ රැඩිකලීකරනයට මුහුන පෑ ඔවුහු මහාද්වීපයේ පුරවැසියන්ගේ පලල් කොටස්වල සුභ සාධනය සඳහා අවම කොන්දේසි ස්ථාපනය කිරීම ඇරඹූහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ යුරෝපය යුද්ධය කරා ඇදදමනු ලැබූ විනාශකාරී ජාතිකවාදී ප්රවනතා කරා නැවත ඇදී යාම වලක්වා ගැනීම මෙන්ම යුරෝපීය ව්‍යාපාරවලට වෙලඳපොලවල් සුරක්ෂිත කිරීම සඳහා හිතකර කොන්දේසි නිර්මානය කිරීම යි.
පශ්චාත් යුද්ධ පර්යායේ මෙම සියලුම මුක්කු කනු යුරෝපීය දේශපාලන ප්රභූව විසින් ක්‍රමානුකූලව බිඳ දමමින් සිටී. එක්සත් ධනේශ්වර යුරෝපයක කල්පවතින ව්‍යාපෘතියේ රාමුවට අවසන් ප්‍රහාරය එල්ල කලේ යුරෝපීය ආන්ඩු -ගතානුගතික වේවා සමාජ ප්රජාතන්ත්රවාදී වේවා- හා බැංකු අතර පරපුටු සබඳතාව හෙලිදරවු කල 2008 මූල්‍ය අර්බුදය යි.
එන්ට එන්ටම දැන් දවසේ ගති ස්වභාවය ආර්ථික ජාතිකවාදය බවට පත්වෙමින් තිබේ. වෘත්තීය සමිති යාන්ත්රනයේ සම්පූර්න සහයෝගය ඇතිව එකකට පසුව තවෙකක් වශයෙන් යුරෝපීය ආන්ඩු අවශේෂ රටවල කම්කරුවන්ගේ වියදමෙන් ජාතික අවශ්‍යතාවය ප්‍රමුඛතම දේශපාලන මූලධර්මය බවට ඔසවා තබා ඇත.
අවසාන විග්රහයේ දී වත්මන් අර්බුදය අනාවරනය කරන්නේ යුරෝපය සාමකාමී හා ප්රගතිශීලී ආකාරයකට ඒකාබද්ධ කිරීමට යුරෝපීය පාලක පන්තීන්ට පවතින පරිපූර්න නොහැකියාවයි. යුරෝපය පුරා ජාතිකවාදය හිසඑසවීම තුලින් විසිවන ශතවර්ෂයේ නො විසඳුනු ගැටලු යලි න්‍යාය පත්‍රයට ඇතුල් කර තිබේ.
යුරෝපා ගැටලුව පිලිබඳව 1920 ගනන්වල තමන් ලියූ ලේඛන තුල ලියොන් ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවීය. යුරෝපා සමාජයේ අර්බුදය තමන්ගේ ම ක්‍රමවේදයට අනුව විසඳීමට කම්කරු පන්තිය අසමත් වුවහොත් ”ප්රතිගාමිත්වය එය තමන් වෙත පවරාගනු ඇත.” ඒ සමයේ යුරෝපීය සබඳතා පිලිබඳ ට්‍රොට්ස්කිගේ දීප්තිමත් තක්සේරුවේ අදාලත්වය අදට ද කිසිදු අයුරකින් නැති වී නැත. 1926 දී ”යුරෝපය හා ඇමරිකාව” නමැති රචනාව තුල යුරෝපීය කම්කරු පන්තියට පමනක් යුරෝපය එක්සත් කලහැකි බව ට්‍රොට්ස්කි පැහැදිලි කලේය. ”මේ දිනවල යුරෝපා එක්සත් ජනපදයක් පිලිබඳව කතා කිරීමට ධනේශ්වර ආර්ථික විද්‍යාඥයෝ, සාමවාදීහු, ව්‍යාපාරික හොරු, දවල් හීන දකින්නෝ හා හුදු ධනේශ්වර වාචාලයෝ විරුද්ධ නො වෙති. එහෙත් එම කර්තව්ය්ය පරස්පර විරෝධයන්ගෙන් ක්ෂය වී ගිය යුරෝපීය ධනේශ්වරයේ හැකියාවෙන් ඔබ්බෙහි පවතී. යුරෝපය එක්සත් කල හැක්කේ ජයග්‍රාහී යුරෝපීය කම්කරු පන්තියට පමනි.”
යුරෝපීය දේශපාලනය තුල ප්රගාඪ විභේදන රේඛා පුපුරන සුලු ලෙස ඉස්මතු වීම පැහැදිලි කරන්නේ, ජාතිකවාදයේ නැගීමට, ආඥාදායකත්වයේ තර්ජනයට හා නව ලෝක යුද්ධයකට පවතින එකම ප්රගතිශීලී විකල්පය යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ට්‍රොට්ස්කිගේ ඉදිරිදර්ශනය බව යි.
ස්ටෙෆාන් ස්ටෙයින්බර්ග්
Follow us on