ශී‍්‍ර ලංකාව: විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මිලිටරි විනය
Sri Lanka: Military discipline for university students
By Panini Wijesiriwardena,24 January 2011
තවත් පෙර නොවූ විරූ ප්රජාතන්ත්ර විරෝධී පියවරක් තබමින්, ශී‍්‍ර ලංකා ආන්ඩුව පවසා ඇත්තේ, විශ්වවිද්‍යාලවලට ඇතුලු වන සියලු සිසුන් මිලිටරි කඳවුරු තුල පුහුනුවක් ලැබිය යුතු බවයි. ශිෂ්‍යයන්ට සති දෙකක "නායකත්ව පුහුනුවක්” ලබා දීමට, ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝගය ඇතිව, සැලසුමක් සාකච්ඡා කොට ඇතැයි, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න පසුගිය සතියේ දී ඩේලි මිරර් පත්‍රයට පැවසීය.
සිසුන්ට "ඉදිරිපත් කිරීමේ නිපුනතා, නිර්මානාත්මක චින්තනය හා ගැටුම් විසඳීමේ නිපුනතා” පිලිබඳව පුහුනුවක් ලබා දෙනු ඇතැයි නවරත්න කියා සිටියේය. නායකත්ව පුහුනුවේ නාමයෙන්, ආන්ඩුව බලාපොරොත්තු වන්නේ, සිසුන්ගේ මොල සේදීමටයි, අන් සියල්ලටමත් වඩා සමාජයේ සෑම අංශයක් ම තුල මිලිටරියේ අධිපතිභාවය ඔවුන්ගේ ඔලුවලට කාවැද්දීමටයි.
මෙම සැලසුම මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ, උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක විසින් ජනවාරි 5 දා ය. "වෙලාවට අවදි වන්න, වෙලාවට වැඩ කරන්න, හොඳින් ඉගෙන ගන්න, නිවැරදිව හිටගන්න, හැඳි ගෑරුප්පු පාවිච්චි කරන ආකාරය, නිවැරදිව ආහාර ගන්නා ආකාරය, නිවැරදිව ඇවිදින ආකාරය සහ නිවැරදිව කතා කරන ආකාරය හා අනන්‍යයන්ට ගරු කරන ආකාරය ඔවුන් (සිසුන්) ඉගෙන ගනීවි” යයි ඔහු පැවසීය.
මැයි මාසයේ දී ආරම්භ වීමට නියමිත මෙම වැඩසටහන වනාහි ශී‍්‍ර ලංකා සමාජය මිලිටරීකරනය කිරීමේ තවත් සැලකිය යුතු පියවරකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ 2006 මැද දිවයින යලි සිවිල් යුද්ධය තුලට ඇද දමා, සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනයට මග පාදමින්, ක්ෂමාවිරහිත ලෙස බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි මිලිටරි මෙහයුම් ගෙන ගියේය.
2009 මැයි මස එල්ටීටීඊයේ පරාජයේ සිට මේ දක්වා ම, රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ඔහුගේ සමීප සහායකයන්, කම්කරුවන් හා සිසුන් මිලිටරියේ ජයග්‍රහනයේ පාඩම් ඉගෙන ගෙන, සන්නද්ධ හමුදා යුද්ධයේ දී කලාක් මෙන් ජාතිය වෙනුවෙන් "කැපකිරීම් ” කල යුතු යයි ඉල්ලා ඇත.
ආන්ඩුව වඩවඩා සිවිල් කටයුතු මිලිටරි සංස්ථාපිතයේ පාලනය යටතට ගෙන විත් තිබේ. ආයෝජකයන් උදෙසා ඉඩම් නිදහස් කරගනු පිනිස කොලඹ නගරයෙන් පැල්පත්වාසීන් 66,000ක් ඉවත් කිරීම සූදානම් කරනු සඳහා, පසුගිය වසරේ දී, නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන මන්ඩලය ආරක්ෂක අමාත්‍යංශයේ අනසක යටතට ගන්නා ලදි.
මිලිටරි "පුහුනුව” හඳුන්වාදීම සිදු කෙරුනේ, රජයේ විශ්වවිද්‍යාලවල පවත්නා තතු පිරිහීමටත් පුද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගෙන ඒමේ ආන්ඩුවේ පියවරයන්ටත් එරෙහි ශිෂ්‍යයන්ගේ විරෝධතා ව්‍යාපාරවලට පසුවය. පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර දෙන පනතක් ඉක්මනින්ම ඉදිරිපත් කෙරෙන බව දිසානයක නිවේදනය කර තිබේ.
2010 අපේ‍්‍රල් මාසයේ දී, ආන්ඩුව, සියලු සිසු විරෝධතා තථ්‍ය ලෙස ම තහනම් කරන "නවකවද විරෝධී” පනත යලි හඳුන්වා දුන්නේය. පසුගිය වසරේ දී ප්රචන්ඩ පොලිස් ප්‍රහාර මධ්‍යයේ සිසුන් දුසිම් ගනනක් අත් අඩංගුව ගැනුනු අතර විශ්වවිද්‍යාල බලධාරිහු සිසුන් 250ක් පමන පන්ති තහනමට ලක් කලහ. සමහර සිසුන්ගේ පන්ති තහනම ආංශිකව ඉවත් කර ඇතත්, තවත් සිසුන් 100ක් පමන තවමත් පන්ති තහනමට ලක්ව සිටී. අත් අඩංගුවට ගැනුනු සිසුන් නිදහස් කර ඇතත්, අනාගතයේ දී කිසිදු විරෝධතාවකට සහභාගි නොවන ලෙස උසාවිය ඔවුනට අවවාද කර ඇත.
ලොව පුරා සෙසු ආන්ඩු මෙන් ම. රාජපක්ෂ තන්ත්රය ද ජාත්‍යන්තර මූල්‍ය වෙලඳ පොලවල් විසින් පනවන ලද කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2009 ජුලි මස එ.ජ. ඩොලර් බිලියන 2.6ක සමීපස්ථ නය මුදලට සම්බන්ධිතව කොන්දේසි පනවා ඇති අතර, ඒ අනුව, පසුගිය වසරේ දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක් වූ අයවැය හිඟය ලබන වසරේ දී සියයට 5 දක්වා කප්පාදු කිරීමට ආන්ඩුව කි‍්‍රයා කල යුතුය.
මෙම ඉලක්කය ජයගනු වස්, ආන්ඩුව රජයේ වියදම් කප්පාදුව සහ මූලික ආහාර ද්‍රව්‍ය හා සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත පනවන බඳු ඉහල දැමීම දැනටමත් අරඹා ඇත. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පුද්ගලික අධ්‍යාපන ”වෙලඳ පොල” ගසාකෑමට ජාත්‍යන්තර ආයෝජකයන්ට ඉඩකඩ සලසාලීම මෙම ප්‍රහාර සමග බැඳී ඇත.
අනුප්‍රාප්තික ආන්ඩු රජයේ විශ්වවිද්‍යාවල අරමුදල් හා පහසුකම් ක්‍රමනුකූලව කප්පාදු කිරීමෙන් පසුව, සිසුන් මුහුන දී සිටින්නේ ඉවසිය නොහැකි කොන්දේසිවලටය.
නිදසුනක් ලෙස, කොලඹට ඉතා ආසන්නයේ පිහිටි, කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුන් 8,000කගෙන් නේවාසික පහසුකම් ඇත්තේ 2,500කට පමනි. වසර ගනනාවක් තිස්සේ, නේවාසික පහසුකම්වල ප්රසාරනයක් සිදු වී නැත. පසුගිය වසරේ එල්ල කෙරුනු මර්දනයේ කොටසක් ලෙස, සමහර පිරිමි සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල පිහිටි නේවාසිකාගාරවලින් ඉවත් කොට කිලෝමීටර් ගනනාවක් ඈතින් පිහිටි නේවාසිකාගාරවලට යාමට ඔවුනට බල කෙරුනි.
ප්‍රධාන පුස්තකාලය 1983 සිට පුලුල් කොට නැති අතර එය ප්‍රමානවත් වන්නේ සිසුන් 550කට පමනි. වානිජ හා කලමනාකරන පීඨය සඳහා වන නව ගොඩනැගිල්ල 2000 වසරේ සිට "තවමත් ඉඳිවෙමින්” පවතී. එම පීඨයට එකදු මහාචාර්යවරයකු වත් නැත. ලලිත කලා අංශයේ සංගීත විෂය සඳහා එකදු නිත්‍ය දේශකයෙක් නැත. වෛද්‍ය හා විද්‍යා පීඨවල අධ්‍යයන කාර්ය මන්ඩලයේ නොපිරවූ පුරප්පාඩු 40ක් ඇත. සෙසු විශ්වවිද්‍යාලවල තත්වය මීට වඩා යහපත් නොවේ.
විරෝධතා මැඩ පැවැත්වීම පිනිස කැලනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කි‍්‍රයාකාරකම් තහනම් කොට ශිෂ්‍ය සභා කාර්යාලය ඉවත් කර ඇත.
ජනාධිපති රාජපක්ෂ ඔක්තෝබර් 26 දා විශ්වවිද්‍යාල උප කුලපතිවරු කැඳවා ශිෂ්‍යයන් අතර "විනය” සහතික කල යුතු බවට ඔවුන්ට උපදෙස් දුන්නේය. විශ්වවිද්‍යාල සිසුන් පිලිබඳව ඔත්තු බලනු පිනිස පොලීසිය කොලඹ හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සීසීටීවී කැමරා සවි කර ඇත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක් කෙරුනු බොහෝ සිසුන් හඳුනාගනු ලැබුවේ එම කැමරා යොදාගනිමිනි.
ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු උඳුල් පේ‍්‍රමරත්න, ජනවාරි 7 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, මිලිටරි පුහුනුව "රට මිලිටරි රාජ්‍යයක් බවට පත් කිරීමේ ආරම්භක පියවරක්” ලෙස විස්තර කලේය.
කෙසේවෙතත්, ජවිපෙ සහ අවිශිබම, සිසුන් කැප කිරීම් කල යුතු බවත් "පලමුව මව්බිම” යන්න අනුව කි‍්‍රයාකල යුතු බවත් අවධාරනය කරමින්, රාජපක්ෂගේ යුද්ධයට මුලූමනින්ම සහයෝගය දුන්නේය. රාජපක්ෂ ආන්ඩුව දැන් සිය ප්රජාතන්ත්ර විරෝධී පිලිවෙත් යුක්තියුක්ත කරනු වස් එම සටන් පාඨයම යොදාගනී. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සමග දේශපාලනිකව පෙලගැසී සිටින ජවිපෙ, මිලිටරිය වන්දනාමාන කිරීමේ දිගටම යෙදී සිටී.
පොලිස් මෘගත්වය හා සමාජය මිලිටරීකරනය කිරීම ශී‍්‍ර ලංකාවට පමනක් සීමා වූ දෙයක් නොවේ. පසුගිය නොවැම්බරයේ බි්රතාන්යයේ දී, අධ්‍යාපන කප්පාදුවලට විරෝධය දැක්වූ සිසුන්ට පොලීසිය ප්රචන්ඩ ලෙස පහර දුන්හ. ස්පාඤ්ඤයේ ආන්ඩුව වර්ජක ගුවන්ගමන් පාලකයන් තුවක්කු තුඩෙන් වැඩට දැක්කීම පිනිස හදිසි නීතිය යොදා ගත්තේය.
රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම මගින් ශිෂ්‍යයන්ට සිය ප්රජාතන්ත්ර අයිතීන් රැකගත නොහැකිය. මූලික අයිතීන්ට හා ජීවන මට්ටම්වලට එල්ල වන ප්‍රහාරවල හේතුව මුල් බැස ඇත්තේ ලාභ ගරන ක්රමයේ අර්බුදය තුල ය. ශිෂ්‍යයෝ කම්කරු පන්තියත් සමාජවාදී පදනමක් මත සමාජය මුලුමනින්ම ප්‍රතිසංවිධානය කරනු පිනිස කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා වන අරලයත් දෙසට හැරිය යුතුය. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානය සහ සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන්නේ මෙම කි‍්‍රයාමාර්ගයයි.
Follow us on