ශී‍්‍ර ලංකාව: ව්‍යාපාරිකයන් මත ග්රහනය තද කර ගැනීමේ පනත ආන්ඩුවේ අර්බුදය උග්‍ර කරයි
By Saman Gunadasa, 25 November 2011
ව්‍යාපාරික මන්ඩල, විරුද්ධ පක්ෂ හා ප්‍රධාන ජන මාධ්‍යවල විරෝධතා මධ්‍යයේ නොවැම්බර් 9 දා ඌන කි‍්‍රයාකාරි ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත කඩිමුඩියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී භාවය පෙන්නුම් කලා පමනක් නොව ආන්ඩුව ද ධනපති පන්තියේ සැලකිය යුතු කොටසක් ද අතර වැඩෙන මත භේද තියුනු ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අවස්ථාවක් ද විය.
“හදිසි පනතක්” ලෙස ශ්‍රේෂ්ඨාධිකරනයට යැවූ මෙම පනත “ව්‍යවස්ථාවට එකඟ” බවට අනුමත කර ගත් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පසු දින ම එය ඡන්දයට දමා පාලක සභාගයේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනුනි. 1978 සම්මත කර ගැනුනු ව්‍යවස්ථාව යටතේ ප්රජාතන්ත්රවාදී අයිතීන් නොතකා එලෙස කි‍්‍රයා කිරීමේ බලය විධායක ජනාධිපති සතු වේ.
එලෙස ප්රජාතන්ත්රවාදී අයිතීන් නොතකා අත්තනෝමතික ලෙස කි‍්‍රයා කිරීම යුක්ති සහගත කරමින් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ලක්බිම නිව්ස් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක දී නරුම ලෙස මෙසේ පැවසුවේ ය: “මහජනයා කලින් දැන ගත්තත් දැන් දැන ගත්තත් ඒකෙ වෙනස මොකක් ද?”
පනතෙහි දෙවන වගන්තියේ ඉන් කරන්ට යන දේ මෙසේ සඳහන් කෙරුනි: “මේ පනත . . . නිශ්චිතව දක්වා ඇති යම් ඌන කි‍්‍රයාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් ජාතික ආර්ථිකය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරනු ලබන අවස්ථාවක දී, මහජන යහපත උදෙසා මේ පනත කි‍්‍රයාත්මක වන දිනයේ සිට බලපවත්වන පරිදි එම ව්‍යවසායන් සහ වත්කම් ශී‍්‍ර ලංකා රජය සඳහා සහ රජය වෙනුවෙන් මහා භාන්ඩාගාරයේ ලේකම්වරයා සතු වන්නේ ය.”
පනතෙහි අග උප ලේඛනයෙහි අත්පත් කර ගැනීමට නියමිත සමාගම් 37ක නම් කෙලින්ම සඳහන් කෙරුනු අතර ඒවා නිසි බලධරයන් අතට පවරා ගැනීම දැන් ඇරඹී තිබේ. රටෙහි නැගෙනහිර දෙසින් පිහිටි සෙවනගල හා පැලවත්ත සීනි සමාගම් දෙක හා කොලඹ පිහිටි ලංකා ට්‍රැක්ටර්ස්, හොටේල් ඩිවලොපර්ස්, හිල්ටන් හොටේල් සහ ඉන්ට්‍රා ටේ්රඩ් මේ අතරින් කැපී පෙනෙයි.
මින් සමහරක් සමාගම් ආන්ඩුව අතට ගැනීම විපක්ෂයට, විශේෂයෙන් ම දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට (එජාප) ලැබෙන මුදල් මාර්ග කපා හැරීමට එල්ල වී ඇත. උදාහරනයක් ලෙස සෙවනගල සීනි කම්හල අයිති දයා ගමගේ නැගෙනහිර පලාත් සභාවේ එජාප මන්තී‍්‍රවරයෙකු වන අතර ඔහු පක්ෂයේ “භාන්ඩාගරය” ලෙස සැලකුනු බව සන්ඩේ ටයිම්ස් ලීව්වේ ය. පනත අනුව පවරා ගැනෙන පැලවත්ත සීනි සමාගමට හිමිකම් ඇති ලංකාවේ ප්‍රධානපෙලේ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන හා ලංකා ට්‍රැක්ටර්ස් සමාගමේ අයිතිකාර රවි වෙත්තසිංහ ද එජාපයේ “හිතවතුන්” ලෙස සැලකේ.
කොලඹ වටිනාකමින් ඉහල ඉඩම් හා දේපොල සතු සමාගම් පවරා ගැනීම ආන්ඩුවේ ලඟම හිතවතුන්ට දොල පිදේනි දීමට යොදා ගැනෙනු ඇතැයි ජනමාධ්‍ය හා ඇතැම් ව්‍යාපාරිකයෝ චෝදනා කරති. රාජපක්ෂගේ පාලක සභාගය පෙර පැවති ආන්ඩු පරයා යමින් තමන්ට සමීප ධනපති කල්ලිවලට ව්‍යාපාරික වාසි ලබා දීමට ඉවක් බවක් නැතිව කි‍්‍රයා කරමින් සිටියි. එය බැඳී ඇත්තේ අධිපතිවාදී පොලිස් පාලනයක් තහවුරු කර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව ගනු ලබමින් සිටින පලල් පියවර සමග යි.
පවරා ගන්නේ උප ලේඛනයෙහි දක්වා ඇති සමාගම් පමනක් යැයි ආන්ඩුව ව්‍යාපාරිකයන් හා ජාත්‍යන්තර ආයෝජකයන් අස්වැසීමට පවසයි. එහෙත් එහි වගන්ති ඊනියා “ජාතික අවශ්‍යතාවයේ” නමින් අනෙකුත් සමාගම් ද රජයට පවරා ගැනීමේ ඉඩ පාදා ඇත. මෙය, ආන්ඩුවට එරෙහිව නො යන ලෙසට අනෙකුත් ධනපති ව්‍යාපාරිකයන්ට ද එල්ල කෙරෙන බිය ගැන්වීමකි.
අන් සියල්ලටමත් වඩා, දෙබරයට ගල් ගැසුවාක් මෙන් ව්‍යාපාරික මන්ඩල ද විපක්ෂය හා ධනපති ජනමාධ්‍ය ද ඇවිස්සී ඇත්තේ මෙම තතු තුල ය. ඔවුන් අවධාරනය කරන්නේ මෙම පනත විශේෂයෙන් ම විදේශ ආයෝජන අද්දා ගැනීමට පහරක් වනු ඇති බවය.
ජාතික වෙලඳ මන්ඩලය, ලංකා වෙලඳ මන්ඩලය, වානිජ හා කර්මාන්ත මන්ඩලය ඇතුලු ව්‍යාපාරික මන්ඩල එකතුව ඒකමතිකව නිකුත් කල විරෝධතා ප්‍රකාශයක මෙසේ සඳහන් විය: “යෝජිත නීතිවලින් ඇතිවිය හැකි නිෂේධනාත්මක බලපෑම් ද ඊට පලල් ලෙස ලැබී ඇති නිෂේධනාත්මක ප්‍රචාරය ද සැලකිල්ලට ගනිමින් මහජනයාගේ ද අයිතිවාසිකම් ඇත්තන්ගේ ද පලල් සාකච්ඡාවක් හා සංවාදයක් ඇති වන තුරු පනත කල් දමන ලෙස අපි ආන්ඩුවෙන් ඉල්ලමු.”
ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය ද ප්‍රකාශයක් නිකුත් කලේ ය. එය සඳහන් කලේ පනත ඉල්ලා අස් කර ගෙන මහජනයාට ශ්‍රේෂ්ඨාධිකරනයට යෑමට අවස්ථාව සලසා දෙන ලෙස යි. “නීතියේ පාලනය සහ ප්රජාතන්ත්රවාදී අගයන් වෙනුවෙන්” හදිසි පනත් සම්මත කිරීමේ උපක්‍රමය නතර කරන ලෙස ද එම ප්‍රකාශයෙන් ඉල්ලා තිබුනි.
පුද්ගලික ජනමාධ්‍ය ද හැම එකක් ම පාහේ විරුද්ධත්වය පෑවේ ය. සන්ඩේ ටයිම්ස් කතු වැකිය සඳහන් කලේ “ආන්ඩුවේ සහතිකවීම් කෙසේ වුවත්, අලුත් නීතිය දේශපාලන උවමනාකම් සඳහා - විපක්ෂයට හිතවත් ව්‍යාපාරිකයන්ට දඬුවම් කිරීමට හා ආන්ඩුවේ කකුල් ලෙවකන්නන්ට තෑගි දීමට - යොදා ගනු නැති බවට නව නීතිය තුල ගැබ්වන කිසිම සහතිකයක් නැති” බවයි.
“තනි පක්ෂයක රාජ්‍යයට ඉඩ සලසන අලුත් නීතිය දේශීය හා විදේශීය ආයෝජකයන් සියලු දෙනාට ම හැම ආකාරයකින් ම වැරදි සංඥා” නිකුත් කර ඇතැයි ප්‍රකාශ කරන ටයිම්ස් ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කිරීමට වහාම පියවර ගන්නා ලෙස ආන්ඩුවෙන් ඉල්ලී ය.
ව්‍යාපාරිකයන් සමග සමීප සම්බන්ධකම් ඇති බෞද්ධ භික්ෂුන් ව්‍යාපාරිකයන්ට දේපොල පවත්වාගෙන යාමට පවතින්නේ යයි ඔවුන් විශ්වාස කරන “අයිතිය” රැකදීම වෙනුවෙන් මැදිහත්වීම උදාහරනය ය.
පාර්ලිමේන්තුවේ පනත සම්මත කර ගැනීමේ දී එජාපය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානකය (ටීඑන්ඒ) පනතට විපක්ෂව ඡන්දය දුන්හ. ව්‍යාපාරික මන්ඩල හා ආන්ඩුවට අනුගත ජන මාධ්‍ය ද විපක්ෂයේ එජාප, ජවිපෙ හා ටීඑන්ඒ ද දැක්වූ එම විරුද්ධත්වයන් මහජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් පවතින කැක්කුමක ප්රකාශනයක් නො වේ.
ඔවුන්ට ඇත්තේ ආන්ඩුව සමග උපායාත්මක වෙනස්කම් ය. එල්ටීටීඊයට එරෙහි යුද්ධය ද එයින් තර කෙරුනු මිලිටරි-පොලිස් බලය ද කම්කරුන්ට හා පීඩිතයන්ට එරෙහි මුගුරක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් මෙම කොටස්වලට මත භේදයක් පැවතියේ හෝ පවතින්නේ නැත. ඇතැම් ජන මාධ්‍ය යුද්ධයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විටින්විට ඇල්මැරුනු විවේචන ඉදිරිපත් කලා පමනි. ඔවුන් සියල්ලන්ගේ කනස්සල්ල ව්‍යාපාර නිදහසේ ගෙන යාමට ධනපති පන්තියට ඇති “අයිතිය” හා විදේශ ප්රාග්ධනය කැන්දාගෙන ඊට වාරුවීමට ඇති “අයිතිය” නැති වීම ගැන සැකය යි.
විදේශ ආයෝජනවලට ඇතුලු වීමට ඉඩ කඩ ඇහිරේ යයි අනතුරු අඟවමින් ෆිට්ච්, මූඩි සහ අනෙකුත් නය ගෙවීමේ හැකියාව තක්සේරු කරන ජාත්‍යන්තර ඒජන්සි නව පනත විවේචනය කර ඇත්තේ මෙම තතු තුලයි. මූඩි ඒජන්සිය මෙසේ සඳහන් කලේ ය: “මෙය [පනත] එක් වතාවකට සීමා වූවක් බවටත් තවදුර අස්වාමික කිරීම් සිදු නොවන බවටත් බලාධිකාරින් ප්‍රකාශ කර ඇතත්, (ආන්ඩුව) ගත් පියවර විසින් අනාගත ප්‍රතිපත්ති පිලිබඳ බලාපොරොත්තු යටපත් කෙරෙමින් හා ආයෝජන අවිනිශ්චිතතාව ඉහල දමමින් ශී‍්‍ර ලංකාවට නය ගැනීම් පිලිබඳව අහිතකර තත්වයක් ඇති කරයි.”
එවැනිම ප්‍රකාශයක් නිකුත් කල ෆිට්ච් ඒජන්සිය “මෙය තව දුරටත් අස්වාමික කිරීම් පිලිබඳව පූර්වාදර්ශයක් වනු ඇති” බව ද රටේ ආර්ථික ප්‍රතිපත්තිය “සමීපව පරීක්ෂාවට ලක් කලයුතු” බව ද කියා ඇත.
ධනපති කන්ඩායම් පනතට දැක්වූ විරුද්ධත්වය පාලක සභාගය තුල සුලුවෙන් නමුත් ඉරි තැලීමක් මතු කිරීමට බල පෑවේය. සිංහල අන්තවාදීන්ගේ ජාතික හෙල උරුමයේ මන්තී‍්‍රන් දෙදෙනෙක් ද ජාතික නිදහස් පෙරමුනේ ඇමතියෙකු වන විමල් වීරවංශ ද පනතට පක්ෂව ඡන්දය දීමෙන් වැලකී සිටියේ ය. මෙම බයාදු “විරුද්ධත්වයන්” කෙසේ වුවත්, ඒවායින් පෙන්නුම් කෙරෙන්නේ ධනපති කන්ඩායම්වල බරපතල මාරුවීමක් ද ජාත්‍යන්තර බලපෑම් ද ඉදිරියේ රාජපක්ෂ විසින් දේශපාලන උපාමාරු, ධන සංග්‍රහ, තානාන්තර හා බියගැන්වීම්වලින් මාට්ටු කර ගෙන සිටින සභාගය තුල අනාගතයේ සිදුවිය හැකි බිඳීම් පිලිබඳ පෙර ලකුනු ය.
රාජපක්ෂ ආන්ඩුව ධනපති ව්‍යාපාරිකයන් අස්වැසීම සඳහා වහාම ඉදිරිපත් වූයේ එම කොන්දේසි තුල ය. රාජපක්ෂ ආන්ඩුව බටහිර-විරෝධී හඬ තලමින් “දේශ පේ‍්‍රමය” ගැන දෙසා බෑවත් පසුගිය හත්වසරක පාලන කාලය තුල ව්‍යාපාරිකයන්ට සහන දෙමින් වැඩ කරන ජනතාවගේ පටි තද කරන අතර ම විදේශ ආයෝජන කැඳවා ගැනීමට නොදරන වෙහෙසක් නැත.
පනතේ කර්තෘ බැසිල් රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ ඇමතියන් එය බලපාන්නේ, නම් කල සමාගම්වලට පමනක් යයි ද පවරාගත් සමාගම් පුද්ගලික අංශයට වහාම පවරන්නේ යයි ද පාර්ලිමේන්තුවේ දී ද වේදිකාවල ද පුන පුනා කී අතර ජනාධිපති කාර්යාලයෙන් නොවැම්බර් 19 දා නිකුත් කෙරුනු ප්‍රකාශයකින් ද එය අවධාරනය කෙරුනි. “මෙම පනත යොදාගෙන තවත් ව්‍යාපාර සහ දේපොල අත්පත් කර ගැනීමට ආන්ඩුව බලාපොරොත්තු වන්නේ යයි ජනමාධ්‍යවල පලවූ වාර්තා මුලුමනින් ම අසත්‍ය මෙන් ම පදනම් විරහිත ද වේ,” යනුවෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශය කියා සිටියේ ය.
රාජපක්ෂ ආන්ඩුවේ මෙම පියවර මහ ධනපති ව්‍යාපාරිකයන්ට හෝ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ උවමනාවන්ට පටහැනි එකක් නො වේ. කොලඹ නගරය දකුනු ආසියාවේ මූල්‍ය හා සංචාරක කේන්ද්‍රයක් බවට පත් කිරීම, රටේ ඇතැම් ප්‍රදේශ ආවරනය වන ලෙස පොදුකාර්ය ව්‍යූහයන් තැනීම ඇතුලු ආර්ථිකයේ ප්රතිව්යුහකරනය දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් එල්ල කරගෙන දියත් කර ඇති වැඩ පිලිවෙලක කොටස් ය. ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත් අඩංගුවේ සිටිමින් කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ජීවන කොන්දේසි කපා හෙලන්නේ අර්බුදය පැටවීමට මෙන් ම ආයෝජකයන්ට වඩවඩාත් ලාභදායී ශ්‍රමය සම්පාදනය කර දීමට ය.
ධනපති පන්තියේ සැලකිය යුතු කන්ඩායමක් හා එජාපය ද පසුගිය කාලය තුල ආන්ඩුව චීනයට වඩවඩාත් ලංවීම ද ඇමරිකාව ඇතුලු බටහිර රටවල විවේචන එල්ල කිරීම ද ගැන කනස්සල්ල පල කලහ. බටහිරෙන් ආන්ඩුවට එරෙහිව එල්ල වන විවේචන හුදෙක් ම එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී මානුෂික අයිතීන් කඩ කිරීම පිලිබඳ ප්රශ්නය මතු කරමින් ලංකාව මත චීනයේ බලපෑම අහෝසි කර ගැනීමේ ප්රයත්නයකි. විශේෂයෙන්ම එය ඇමරිකාවේ චීනයට එරෙහි භූ-දේශපාලන මූලෝපාය සමග බැඳී පවතින බලපෑම් දැමීමකි.
ධනපති ව්‍යාපාරිකයන් ව්‍යාපාර පවරා ගැනීමේ පනත ගෙන ඒම සම්බන්ධයෙන් ආන්ඩුවට එල්ල කරන විවේචන මෙම ප්‍රශ්න සමග ද බැඳී ඇත. ධනපති පන්තියේ කන්ඩායම් අතර යන මෙම ගැටුමේ දී මොන ම පැත්තකට හෝ සහයෝගය දීම කම්කරු පන්තියේ පිලිවෙතට සතුරු ය. වෘත්තීය සමිති හා නව සම සමාජ පක්ෂය බඳු හිටපු රැඩිකලුන්ගේ සංවිධාන ආන්ඩුව විවේචනය කරන ධනපති පක්ෂවලට කම්කරුවන් ගැට ගැසීමට තැත් කරති.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන හා තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය ඇතුලත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය නිකුත් කල ප්‍රකාශයක් “ආන්ඩුවලට ව්‍යාපාර සාර්ථකව කි‍්‍රයාත්මක කල නොහැකි බව ඉතිහාසයේ දී ඔප්පු වී ඇත” යයි සඳහන් කරමින් “මෙවැනි පනතක් සම්මත කිරීම හරහා දේශීය හා විදේශීය ආයෝජකයන් රට තුල ආයෝජනය කිරීම දුර්වල කරන අතර එය රටේ සංවර්ධනයට බාධාවක් වනු ඇත”යි අවධාරනය කර තිබේ. වෘත්තීය සමිති දේශීය හා විදේශීය ධනපතියන්ගේ සෘජු ඒජන්තයන් බව මෙම නිරුවත් ප්‍රකාශයෙන් එලි දක්වා ඇත. ආන්ඩුව ගැන ඔවුන්ගේ පුහු විවේචන ධනපති පන්තිය රැකීම වෙනුවෙන් ඉදිරිපත් වන ඒවා ය. ඔවුන් පසුගිය කාලය තිස්සේ ම රජයේ සේවකයන්ගේ වැටුප් අරගල කඩාකප්පල් කලේ ධනපති ආන්ඩුව රැකීම සඳහා යි. අනෙක් අතට මෙම සමිති ආන්ඩුවට සංඥා කර ඇත්තේ “ආන්ඩුවලට ව්‍යාපාර සාර්ථකව කි‍්‍රයාත්මක කල නොහැකි” නිසා පුද්ගලීකරනයට තමන්ගේ සහයෝගය ලැබෙන බවයි. වෘත්තීය සමිති ජාතික රාජ්‍යයට ද ධනපති ක්‍රමයට ද මුලුමනින්ම ගැටගැසී ඇත.
මෙම වෘත්තීය සමිති සම්මේලනයේ සමීප උපදේශකයෙකු වන නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුනාරත්න ආන්ඩුවේ පනතට විරුද්ධව තවත් ප්‍රශ්න කීපයක් ද අල්ලා ගෙන “ජීවිතයට සාධාරනය” නමින් ව්‍යාපාරයක් ගොඩ නැගීමට එජාප මන්තී‍්‍රන් හා භික්ෂුන් සමග බදාදා වේදිකාවකට නැග්ගේ ය. ඔහු සැප්තැම්බර් මාසයේ ප්‍රකාශ කලේ තමන්ගේ කි‍්‍රයාමාර්ගය පදනම් වී ඇත්තේ ධනපති ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම මත බවයි. ඔහු මෙසේ සඳහන් කලේ ය:...“දේශීය ධනපතියන් විස්ථාපනය කිරීමට උත්සාහ දරන විදේශීය ධනපතියන්ට එරෙහිව මම, ජාතික ධනේශ්වරය සමග එකට සිටිමි. මෙරටේ දේශීය ධනපතියන් ශක්තිමත් කල යුතු බව අපි විශ්වාස කරමු.”
වෘත්තීය සමිති සහ නසසප බඳු හිටපු රැඩිකලුන් කම්කරු පන්තිය මෙලෙස ධනපති පන්තියට ගැටගැසීමට තැත් කරන්නේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ද වැටුප් හා රැකියා ද රැක ගැනීම සඳහා වැඩෙන පන්ති අරගලය මැඩලා දැමීම සඳහා යි. වෘත්තීය සමිතිවල සහ රැඩිකලුන්ගේ මෙම ද්‍රෝහී කි‍්‍රයා කලාපය පන්ති අරගල පිපිරී ඇති යුරෝපයේ, ඇමරිකාවේ සහ මැදපෙරදිග විශද ලෙස ප්‍රකාශයට පත්වී ඇත.
කම්කරු පන්තියේ පිලිවෙත වන්නේ රාජපක්ෂ ආන්ඩුව තමන්ගේ හිතවත් කල්ලි කන්ඩායම්වලට සංග්‍රහ කරමින් හා ප්රජාතන්ත්ර විරෝධී පියවර ගනිමින් පොලිස් රාජ්‍ය පාලනයක් ඇටවීමට දරන තැතෙහි අන්තරාය තේරුම් ගෙන ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් ස්වාධීනව තමන්ගේ ද තරුනයන්ගේ හා අවශේෂ පීඩිතයන්ගේ ද අයිතීන් රැක ගැනීමට දේශපාලනිකව බලමුලු සුදානම් කර ගැනීමයි.
Follow us on