වාඩිලාගනු ව්‍යාපාරය තුලින් මතු කෙරෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න
Critical political issues raised by the Occupy movement
By Nick Beams, 22 October 2011
වර්ධනය වන වාඩිලාගනු ව්‍යාපාරය බොහෝ වැදගත් දේශපාලන ප්‍රශ්න මතුකර තිබේ. ව්‍යාපාරයේ ජාත්‍යන්තර පරිමාව, මූල්‍ය ප්රාග්ධනයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ එහි හෙලා දැකීම් හා අව්‍යාජ සමාජ සමානතාවයේ අවශ්‍යතාව වෙනුවෙන් එය යොදන අවධාරනය, සෑම රටක ම වැඩ කරන ජනතාවන්ගේ පුලුල් කොටස් අතර අනුනාදය වෙයි.
විරෝධතා, කම්කරු පන්තියේ පුලුල් දේශපාලන ව්‍යාපාරයක් පෙර ඇඟවුම් කරයි. ව්‍යාපාරය වෘත්තීය සමිති ඉල්ලීම් වටා නොව, සමස්තයක් ලෙස ආර්ථිකයේ හා සමාජයේ අති මූලික ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව මාධ්‍ය කර ගත් දේශපාලන ප්‍රශ්න මත ගොඩනැගී ඇත.
විරෝධතා කෙරෙහි අවශ්‍යයෙන්ම ධනේශ්වර විරෝධී තල්ලුවක් පවතියි. පුලුල් මහජනතාව එනම් "සියයට 99” මුහුන දෙන ප්රගාඪ ගැටලු පැලැස්තර ප්රතිසංස්කරන මගින් විසඳිය නොහැකිය යන මතුවෙමින් තිබෙන අවබෝධය එය නිරූපනය කරයි.
අවම වශයෙන් එක්සත් ජනපදය තුල, ව්‍යාපාරයේ තවත් වැදගත් අංගයක් නම්, බොහෝ කොටම එය වර්ධනය වන්නේ කම්කරු පන්තියේ විප්ලවකාරී ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කල, පසුගිය දශක තුනක කාලයක් පුරා ලිංගිකත්වයේ හා අනන්‍යතා දේශපාලනයේ නොයෙකුත් රූපාකාරයන් හුවා දැක්වීම සඳහා කල් මරන ලද විවිධාකාර ව්‍යාජ වාම කන්ඩායම්වල පාලනයෙන් බැහැරව පැවතීම යි. සමාජ සමානත්වයේ පන්ති ප්‍රශ්න කෙරෙහි වන අවධාරනය හා එහි ධනපති විරෝධී පැහැය නියෝජනය කරන මෙම ව්‍යාපාරයේ මතුවීම කුමක් වනු ඇත්දැයි බියට පත් එකී බලවේග, දැන් එය ආපසු තම පාලනය යටතට ගැනීමේ උත්සාහයක නිරත වෙති.
එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස්ඕ) සතු සෝෂලිස්ට් වර්කර් යන වෙබ් අඩවියෙහි ඔක්තෝබර් 11දා පල කල ඩොව් සින්ග්සෙන් විසින් ලියන ලද "වෝල් වීදියෙහි ස්වෛරී කලාපයක්?” යන මාතෘකාවෙන් යුත් මෑත ලිපියක අරමුන වී ඇත්තේ මෙයයි. බොහෝ කලකට පෙර ම කම්කරු පන්තියේ විප්ලවකාරී භූමිකාව හා එහි දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන ප්‍රතික්ෂේප කල අයිඑස්ඕ, ඩිමොක්රටික් පක්ෂය නඟා සිටුවීම පිනිස "වාම” මුක්කුවක් ලෙස තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉටුකර තිබේ.
එක්සත් ජනපදය තුල විප්ලවකාරී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පදනම දැමීම අරමුනු කරගන්නා ලිපිය, ඩිමොක්රටික් පක්ෂය පිලිබඳ ආකල්පය ලෙස, එක්සත් ජනපදයේ සමාජවාදී ව්‍යාපාරය සියවසකට වැඩි කාලයක් තිස්සේ පොරබදන ලද කේන්ද්‍රීය දේශපාලන ප්රශ්නය ගැන සඳහන් කිරීමට පවා අපොහොසත් වෙයි.
කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ ආරම්භක ලක්ෂ්‍යය ඩිමොක්රටික් පක්ෂයෙන් බිඳී වෙන්වීම යි. එවන් දිශාවනතියකින් තොරව ධනවාදය හෙලා දැකීම හා විප්ලවකාරී ඉදිරිදර්ශනයක අවශ්‍යතාව බොහෝ දේට වඩා බොහෝ විට, උස් හඬින් අවධාරනය කිරීමේ අරමුන වන්නේ, කම්කරු පන්තියේ අරගලය තුලින් තරුනයින් හා සිසුන් ඉවතට හරවා ඔවුන් ඩිමොක්රටික් පක්ෂයේ තටුව යටට දැක්කීම යි.
සින්ග්සෙන්ගේ ලිපියෙහි පෙනෙන්නට තිබෙන ඉලක්කය වන්නේ, විප්ලවකාරී ව්‍යාපාරය කෙසේ හෝ පශ්චාත් ධනේශ්වර සමාජයක "උපකල්පනය” හා අනාගතය සඳහා වර්තමානයේ ඉදිරිපත් වන අනුරූපයක නිමැවුමක් විය යුතු යයි කියා සිටින "උපකල්පනිකයින්” කන්ඩායමක් ලෙස වෙස්ගැන්වීමයි. එහෙත් බෝහෝ කාලයකට පෙර මෙම වර්ගයේ මනෝරාජික ඉදිරිදර්ශනයන් විශ්ලේෂනය කර තිබෙන මාක්ස්වාදයේ ආස්ථානයක සිට මෙම ප්රවනතාව සමග පොරබදනවා වෙනුවට සින්ග්සෙන්, "උපකල්පනිකයින්ට” දකුනෙන් පහර දෙයි. කෙසේ වෙතත් ඒවා ඔහුගේ නිල ඉලක්කය නොවේ. සින්ග්සෙන් එවන් ප්රවනතා ප්‍රයෝජනයට ගන්නේ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීමට එරෙහි සිය කෝපය පලකිරීමට ය.
පුලුල් ජනතාවන්ගේ ක්ෂනික උත්සුකයන් ඉටු කරන ප්රතිසංස්කරන මාලාවක් ඉදිරිපත් කරමින් ඔවුන් විප්ලවකාරී අරගලය තුලට ඇද ගැනීම ඇරඹීමෙන් පමනක්, ව්‍යාපාරයට ඉදිරියට යා හැකි බව සින්ග්සෙන් අවධාරනය කරයි.
විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය හැම විටම ප්රතිසංස්කරන සඳහා ඉල්ලීම් ඉදිරිපත්කර තිබෙන නමුත් එවන් ඉල්ලීම් වෙනුවෙන් එය සටන් කරන්නේ, නිශ්චිත සමාජවාදී ඉල්ලීම් සමග බැඳී දේශපාලන බලය ගැනීමේ කම්කරු පන්ති අරගලයේ ආස්ථානයකින් ය.
මෙය සින්ග්සෙන්ගේ ඉදිරිදර්ශනය නොවේ. වෝල් වීදිය හා ව්‍යාපාරික පැලැන්තිය මත වැඩිපුර බදු පැනවීම වැනි ප්රතිසංස්කරනයේ ඉතා සීමිත ඉල්ලීම් සඳහා පවා ඩිමොක්රටික් පක්ෂයට හා වෘත්තීය සමිති වලට එරෙහි හැම පැත්තකින්ම කෙරෙන දේශපාලන අරගලයක අවශ්‍යතාව ඔහු කොතැනකදී වත් මතු කරන්නේ නැත.
නිදසුනක් ලෙස, කුමන අර්ථයකින් හෝ විප්ලවකාරී සමාජවාදී ඉල්ලීමක් නොවූවත්, අවම වැටුපක් සඳහා වන ඉල්ලීම ගනිමු. එවන් අත්‍යවශ්‍ය පියවරක් කි‍්‍රයාවට නැගීමේ දී, මෝටර් රථ කර්මාන්තය තුල හෙලිකෙරුනු ආකාරයට, ඇමරිකානු ධනවාදයේ "ජාත්‍යන්තර තරගකාරිත්වය” ඇති කිරීමේ උත්සාහයක නිරත ඔබාමා පරිපාලනයේ අඩු වැටුප් යාන්ත්‍රනය බලගැන්වීමේ ප්‍රමුඛයා වන සමස්ත වෘත්තීය සමිති නිලධරය ම සමග මුහුනට මුහුන ගැටුමක් බවට එය පත්වීම නොවැලැක්විය හැකිය.
සින්ග්සෙන්ගේ අතෙහි ප්රතිසංස්කරන සඳහා ඉල්ලීම, කම්කරු පන්තිය වෙත හා දේශපාලන බලය සඳහා අරගලය වෙත හැරීමේ අවශ්‍යතාවය වාඩිලාගනු ව්‍යාපාරය හමුවෙහි තබමින් එහි කොටස්වල සවිඥානකත්වය ඉහල නැංවීම අරමුනු කර නොගන්නා අතර විරෝධතා ව්‍යාපාරය ශක්තිමත් නම්, අඩුම තරමින් බැංකු හා මූල්‍ය ප්රාග්ධනය සතු අතිරික්තයෙන් යම් පංගුවක් හෝ තම අතට ගැනීම සඳහා ආන්ඩුවට පීඩනය යෙදිය හැකිය යන මිථ්‍යාව දිරිගන්වයි.
සමකාලීන ධනවාදයේ ආකෘතිය තුල ව්‍යාපාරික හා මූල්‍ය කතිපයාධිකාරයේ කිසිදු පලදායී නියාමනයක් සිදු කිරීම කිසිසේත් කල නොහැකි දෙයක් බව ඔහු කොතැනකදී වත් පෙන්වා නොදෙයි. එසේම ඔහු 1930 ගනන්වල මහා අවපාතයේ පටන් ලෝක ධනේශ්වර ආර්ථිකයේ ඇතිව තිබෙන බරපතලම කඩා වැටීම හමුවේ ඕනෑම අව්‍යාජ ප්රගතිශීලී ප්රතිසංස්කරනයක් සඳහා කෙරෙන යෝජනාවක් දේශපාලන බලය සඳහා අරගලය පිලිබඳ ප්රශ්නය වෙත නිර්දය ලෙස යොමු කෙරෙන බව ද ඔහු පෙන්වා නොදෙයි.
මූල්‍ය වෙලඳපොලවල් තුල තමන්ගේ සමපේක්ෂනාත්මක, පරපුටු හා අර්ධ සාපරාධී කටයුතු සඳහා එන්ට එන්ටම වැඩි සම්පත් ප්‍රමානයන් ඩැහැ ගැනීම වෙනුවෙන්, බැංකු හා මූල්‍ය ප්‍රාග්ධනයෙන් කෙරෙන ලේ වවුලන්ගේ වැනි ඉල්ලීම් ඉටුකිරීම සඳහා පසුගිය සිය වසර පුරා කම්කරු පන්තිය විසින් අත් කර ගෙන තිබෙන සමාජ සහන විනාශ කිරීම රටක් රටක් පාසා ධනේශ්වරයේ කි‍්‍රයාමාර්ගය වී තිබේ.
සමාජ පර්යායේ මූලික වෙනසක අවශ්‍යතාව වටහා ගැනීමට පෙරාතුව කම්කරුවන්ට, කෙසේ හෝ අදියර මාලාවක් හරහා ගමන් ගැනීමට සිදු වන්නේය යන පදනම මත, ඊනියා ක්ෂනික ඉල්ලීම්, දේශපාලන බලය සඳහා අරගලයෙන් වෙන්කිරීමට උත්සාහ දරන අවස්ථාවාදීන් පෙරහැරකගේ නවතමයා හුදෙක් සින්ග්සෙන් වී ඇතුවා පමනි.
එහෙත් වාඩිලාගනු ව්‍යාපාරය හා එය දිනාගෙන තිබෙන පුලුල් සහාය එලිමහනට ගෙන ඇත්තේ, තමන් පොර බදන වැඩෙන සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු විසින් ඉල්ලා සිටින්නේ සමස්තයක් ලෙස සමාජයේ මූලික වෙනසකි, යන වැටහීම කරා දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පැමිනෙමින් සිටින බවත්, එම අරමුන මුදුන්පමුනුවා ගැනීමේ මාධ්‍යයන් සොයමින් සිටින බවත් ය.
කර්තව්‍ය වන්නේ මෙම අභිලාශයන් මුදුන්පත් කර ගැනීම වේල පිරිමහගන්නා ප්රතිසංස්කරන තුලින් කල නොහැකි බවත්, වාඩිලාගනු ව්‍යාපාරය තුල පිලිබිඹු කෙරෙන තවම හොඳින් පැහැදිලිවී නැති ජනතාවගේ දේශපාලන පරිශ්රමයන්ට පෙරට යා හැක්කේ දේශපාලන බලය පිලිබඳ පදනම මත මූල්‍ය කතිපයාධිකාරයේ ග්රහනය බිඳ දමන දේශපාලන අරගලයක් තුලට ඒවා පරිවර්තනය කරන තාක් දුරට පමනක් බවත් පැහැදිලි කිරීම යි.
මාක්ස්වාදය බොහෝ කලකට පෙර ප්රතිසංස්කරන හා විප්ලවය අතර සම්බන්ධතාවයේ ප්‍රශ්නයට පිලිතුරු සපයා තිබේ. එහිදී "ප්රතිසංස්කරන” එක්රැස් කිරීම, කෙසේ හෝ විප්ලවයට මග පාදනවා වෙනුවට සිදු කරන්නේ එහි අනෙක් පැත්ත බව පැහැදිලි කර දී තිබේ. ඕනෑම බැරෑරුම් ප්රතිසංස්කරනයක් හැම විටම ධනේශ්වර පර්යායේ පැවැත්මට ම තර්ජනය කරන, කම්කරු පන්තියේ ජනතා අරගලයේ අතුරු පලයකි. එසේම මාක්ස්වාදය, ක්ෂනික ඉල්ලීම් හා සමාජවාදී විප්ලවය අතර සම්බන්ධතාවය ද පැහැදිලි කර තිබේ.
හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ක්‍රියාමාර්ගය තුල ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කලේ මෙසේය. "වර්තමාන ඉල්ලීම් හා විප්ලවයේ සමාජවාදී ක්‍රියා මාර්ගය අතර පාලම දෛනික අරගල සන්තතියේ දී සොයා ගැනීම සඳහා මහජනතාවන්ට ආධාර කිරීම අවශ්‍ය වේ. කම්කරු පන්තියේ පුලුල් ස්ථරවල අද්‍යතන කොන්දේසිවලින් ද අද්‍යතන විඤ්ඤානයෙන් ද ගලා එන්නා වූත් නිර්ධන පන්තිය විසින් බලය දිනා ගැනීම නමැති ඒකායන අවසාන නිගමනය කරා අප්රතිවර්තනීය ලෙස ගමන් ගන්නා වූත් සංක්රමනීය ඉල්ලීම් පද්ධතියක් මේ පාලමට අතුලත් විය යුතු යි.”(සංක්රමන කි‍්‍රයා මාර්ගය: කම්කරු මාවත ප්‍රකාශන, පි.4-5)
සින්ග්සෙන්ට අවශ්‍ය කෙරෙන්නේ විරුද්ධ දිශාව පෙන්නුම් කෙරෙන පාලමක් ඉදිකිරීමට ය. එනම්, දේශපාලන බලය අල්ලා ගැනීමෙන් ඉවතට හා ඩිමොක්රටික් පක්ෂයේ හා වෘත්තීය සමිතිවල සිරගෙය තුලට යා හැකි පාලමකි.
ඔහුගේ සැබෑ ඉලක්කය මනෝරාජික "සාංකල්පිකයින්” නොව, කම්කරු පන්තිය විසින් බලය අල්ලාගෙන ජාත්‍යන්තර සමාජවාදය ගොඩනැගීම අරමුනු කරගත් දැනුවත් දේශපාලන අරගලයක් තුලට වාඩිලාගනු ව්‍යාපාරයේ කොටස්කරුවන්ගේ හා ඔවුන්ට සහාය පලකරන ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත ආධාරකරුවන්ගේ ස්වයංසිද්ධ ධනපති විරෝධී මනෝභාවය පරිවර්තනය කිරීමට සටන් වදින හා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වර්ධනය කරන අය යි.
එවන් ඉදිරිදර්ශනයක් කෙරේ දක්වන සින්ග්සෙන්ගේ ඓන්ද්‍රීය සතුරුකම හා අයිඑස්ඕ ද එහි ජාත්‍යන්තර සහකරුවන් ද නොවෙන් කල හැකි උපාංගයන් වන, මුලු මහත් ව්‍යාජ සහෝදරත්වය, ඔහුගේ ලිපියෙහි අවසානයට කැටි කොට දක්වා තිබේ. "අවසාන වශයෙන් එක්සත් ජනපදය තුල අද දිනයේ වෙනස සඳහා බලාපොරොත්තු පිලිබඳව යථාර්තවාදී වීම වැදගත් ය. මෑත අනාගතයේදී එක්සත් ජනපදය තුල එවැනි මූලික පරිවර්තනයක් කල හැකි යයි සිතන කවරෙකු හෝ, වර්ධනය වන නමුත් තවමත් ඉතා සුලු සංඛ්‍යාවක් වන මිනිසුන් මේ වර්ගයේ වෙනසකට දක්වන කැපවීම අතිශයෝක්තියට නංවනවා මෙන්ම අපගේ අරගලයට එරෙහිව පිහිටා සිටින දේශපාලන, මිලිටරි, සමාජ හා ආර්ථික බලවේගයන්ගේ ශක්තිය ද අව තක්සේරු කරයි.”
මෙය සින්ග්සෙන්ගේ තර්කයෙහි අවශ්‍ය අන්තර්ගතය පැහැදිලි කරයි. අද දිනයේ එක්සත් ජනපදය තුල විප්ලවවාදී තත්වයක් නොපවත්නා තතු යටතේ ඩිමොක්රටික් පක්ෂය හා වෘත්තීය සමිති ද ඇතුලු එහි ප්‍රධාන ආරක්ෂකයින් හා මුක්කුකරුවන්ට එරෙහි දේශපාලන අරගලයකින් ව්‍යාපාරික බලය පෙරලා දැමීම සඳහා සටන, සමාව නොදියහැකි වරදකි. ධනවාදය පෙරලා දැමීම, ව්‍යාපාරයට අපේක්ෂා කල හැකිවන අනාගත ඉදිරිදර්ශනයක් ලෙස මතුකල හැකිය. එහෙත් වත්මන් කොන්දේසි යටතේ කල යුතු දේශපාලන අරගලය සඳහා එය පදනම බවට පත්කරගත නොහැකිය, මන් ද යත්, මේ විප්ලවවාදී කොන්දේසි නොවන නිසා ය.
එබැවින් "යථාර්තවාදී” ඉල්ලීම් හා ඉදිරිදර්ශනයන් කට්ටලයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේය. එවන් ආස්ථානයක අරමුන පැහැදිලි ය. සිය වසරකටත් පෙර ලෙනින්, රුසියාවේ සාර්වාදී ආඥාදායකත්වය පෙරලා දැමීමට වඩා ඊනියා ක්ෂනික ඉල්ලීම් තුලට කම්කරු පන්තිය කොටුකරලීමට උත්සාහ කල ආර්ථිකවාදීන්ට එරෙහි විවාදයක් ගෙන ගියේය. ලෙනින් පැහැදිලි කල පරිදි, එවන් බලවේගයන්ට අනුව "යථාර්තවාදී” වීමෙහි අර්ථය, දී ඇති තත්වයන් යටතේ ඉඩ ලැබෙන දේ සඳහා සටන් වැදීම ය. ඉඩ ලැබෙන දේ යනු හැම විටම වර්තමානයේ සිදුවෙමින් තිබෙන දේ ය.
එක්සත් ජනපදයේ වර්තමාන තත්වය පිලිබඳ කාරනයේදී අයිඑස් ඕහි "යථාර්තය” වනාහි පොදුවේ ටී පාටි පක්ෂයට හා රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව වෘත්තීය සමිති හා ඩිමොක්රටික් පක්ෂ වටපිටාව තුල වැඩ කිරීම යි. එසේම රිපබ්ලිකානු ජයග්රහනයක් සමග සසඳන කල "අඩු නපුර” ලෙස සලකන 2012 ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරයේ එල්ලීම යි.
"යථාර්තවාදය” කෙරෙහි සින්ග්සෙන් දක්වන අවධාරනය අරමුනු කරන්නේ විප්ලවවාදී තත්වයක් වර්ධනය වීමට වෛෂයික පදනම නිර්මානය කල, පතුලෙහි ඇති ආර්ථික හා සමාජ ක්‍රියාවලීන් මකා දැමීමයි.
විප්ලවවාදී තත්වයක් වර්ධනය වන්නේ කෙසේ ද යන්න පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය සිහියට නගා ගනිමු: ඔහු 1935දී මෙසේ ලිවීය.
"විප්ලවවාදී තත්වයක පලමු හා වඩාත් වැදගත් පූර්වාවයවය නම් නිෂ්පාදන බලවේග හා දේපල සම්බන්ධතාවන් අතර ප්රතිවිරෝධතාවන්ගේ උච්ඡතම තීව්රතාවයි. ජාතියේ ඉදිරි ගමන ඇනහිටියි. ආර්ථික සංවර්ධනය අඩස්සියට ගැනීම හා ඊටත් වඩා එහි අවගමනය සලකුනු කරනුයේ, නිෂ්පාදනයේ ධනේශ්වර පද්ධතිය නිසැකයෙන්ම වැහැරී ඇති බවත් සමාජවාදී පද්ධතියකට ඉඩදිය යුතුව ඇති බවත් ය.
"වත්මන් අර්බුදය සියලු රටවල් වෙලාගනිමින් ආර්ථිකය දශක ගනනාවක් පසු පසට තල්ලු කරන අතර සත්තකින්ම ධනේශ්වර ක්‍රමය විකාරයක් බවට පත්කර තිබේ. ධනවාදයේ හිමිදිරියෙහි නූගත් හා කුසගින්නෙන් පෙලුනු කම්කරුවෝ යන්ත්‍ර සූත්‍ර කඩාබිඳ දැමුවෝ නම් අද, යන්ත්‍රෝපකරන හා කර්මාන්තශාලා විනාශ කරන්නේ ධනපතියන්ම ය. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය තවදුරටත් පවත්වාගෙන යාම, මානව වර්ගයේ පරිහානියේත් ම්ලේච්ඡත්වයේත් තර්ජනය මතු කරයි.
"සමාජයේ පදනම ආර්ථිකය යි. දෙ අර්ථයකින්ම එම පදනම සමාජවාදය සඳහා මෝරා ඇත. එනම්, නූතන තාක්ෂනය ජාතියට මෙන්ම සමස්ත මානව වර්ගයාට ම උසස් ජීවන තත්වයක් සහතික කල හැකි ඉහල අදියරයකට සේන්දුවී තිබෙන නමුදු සිය ආයු කාලය ගෙවා ඇති ධනේශ්වර ක්‍රමය මහජනතාවන්ට උරුම කර දෙන්නේ එන්ට එන්ටම උග්‍ර වන දුප්පත්කම හා වද වේදනාවන්ය.”
මෙම පේලි ලියන ලද්දේ වසර අසූවක් තරම් ඈත දී ය. එහෙත් වත්මන් එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර වෛෂයික තත්වය පිලිබඳ ඊටත් වඩා නිවැරදි විස්තරයක් කිරීම දුෂ්කර ය.
සත්තකින්ම වෛෂයික කොන්දේසි ඒවා විසින් ම සමාජවාදය කරා පරිවර්තනය තීන්දු කරනුයේ නැත. විප්ලවය සිද්ධ වන්නේ දේශපාලන අරගලය තුලට පිවිසෙන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ දැනුවත් ක්‍රියාකලාපය තුලිනි. එනම් විප්ලවවාදී තත්වයක් පැනනගින්නේ වෛෂයික හා ආත්මීය සාධකයන්ගේ අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයෙනි.
එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන විඥානය තවමත් විප්ලවවාදී නොවේ. එහෙත් එය කාරනයේ අවසානය නොවේ. ආර්ථික තත්වයේ ඉමහත් වෙනස්කම් හා වාඩිලාගනු ව්‍යාපාරය තුල ප්රකාශනයක් අත් කර ගන්නා පරිදි, එක්කෝ මහජනතාව දැනටමත් යෙදීගෙන සිටින හෝ එලඹීමට නියමිත අරගල, සමාජ විඥානය හා සමාජ පැවැත්ම අතර හිඩැස පියවිය හැකි කොන්දේසි නිර්මානය කරන්නේ ය.
මෙම හිඩැස පියවීම විප්ලවවාදී පක්ෂයේ වැඩ කටයුතු වලින් සංලක්ෂිත වේ. තීරනාත්මක ප්රශ්නය වන්නේ, කම්කරු පන්තියේ දේශපාලනිකව වැඩි දියුනු කොටස් මාක්ස්වාදයේ මූලික සංකල්ප, සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික අරගලයන්හි ප්‍රධාන පාඩම්, උකහා ගැනීමයි. "මහජනතාවගේ විඥානයට විස කවන ධනේශ්වර මිත්‍යා ප්‍රබන්ධ” (ට්‍රොට්ස්කි) හෙලිදරව් කිරීමේ අර්ථයෙන් මෙය තීරනාත්මක ය.
1938 මැයි මාසයේදී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකයින් සමග ට්‍රොට්ස්කි පැවැත්වූ සාකච්ඡා තුලදී විප්ලවවාදී පක්ෂයේ ක්‍රියාමාර්ගය එහි ආරම්භක ලක්ෂ්‍යය කර ගත යුත්තේ ලෝක ධනවාදයේ වෛෂයික අර්බුදය මිස කම්කරු පන්ති විඥානයේ පවතින මට්ටම නොවන බව පැහැදිලි කලේ ය. "ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත්කල යුතු වන්නේ, කම්කරුවන්ගේ පසුගාමිත්වය නොව කම්කරු පන්තියේ වෛෂයික කර්තව්‍යයන් ය. එය කම්කරු පන්තියේ පසුගාමිත්වය නොව සමාජය පවත්නා ආකාරයෙන් පිලිබිඹු කල යුතුය. එය පසුගාමිත්වය අභිභවනය කරන මෙවලමකි. අපගේ ක්‍රියාමාර්ගය තුල පලමු පේලියෙහිම එක්සත් ජනපදය ද ඇතුලත් ධනේශ්වර සමාජයේ සමාජ අර්බුදයෙහි පූර්න ඇටුවන් බැසීම අප විසින් ප්‍රකාශයට පත්කල යුතු වන්නේ එබැවින්ය. මහජනතාව අර්බුදය විසඳනු ඇතයි අපට සහතික කල නොහැකි ය. එහෙත් අප තත්වය පවත්නා ආකාරයෙන් ගෙනහැර පෑ යුතු ය. එයයි ක්‍රියාමාර්ගයේ කර්තව්‍යය.”
එක්සත් ජනපදය පිලිබඳ සින්ග්සෙන්ගේ "යථාර්තවාදී” තක්සේරුව අංගලක්ෂිත වන්නේ ට්‍රොට්ස්කි විස්තර කල විප්ලවවාදී තත්වය විප්ලවවාදී නොවන තත්වයකට එරෙහිව පිහිටුවන කොන්සවේටිව් සුලු ධනේශ්වරයේ අභිධර්ම මාදිලියේ චින්තනයකිනි.
ට්‍රොට්ස්කි මෙසේ ලිවීය. කෙසේ වුව ද "දිරාපත්වන ධනවාදයේ අපගේ අවධියෙහි අතිශයින්ම කැපී පෙනෙන ලක්ෂන අන්තර්කාලීන හා සංක්රමනීය වේ, එනම්, විප්ලවවාදී නොවන හා පූර්ව විප්ලවවාදී අතරමැදි තත්වයන්, පූර්ව විප්ලවවාදී හා විප්ලවවාදී අතරමැදි තත්වයන් හෝ ප්‍රති විප්ලවවාදී තත්වයන් ය. දේශපාලන මූලෝපායේ දෘෂ්ටි ආස්ථානයෙන් තීරනාත්මක වැදගත්කමක් දරන්නේ හරියටම මෙම සංක්රමනීය අවධීන් ය.”
එක්සත් ජනපදයේ, සැබවින්ම ලෝකය පුරා සෑම රටක ම දේශපාලන තත්වය එවන් සංක්රමනීය අදියරකට ඇතුල්වී තිබේ. සංවර්ධනයේ ගතිකය අති මූලික ආර්ථික හා සමාජ ක්‍රියාවලීන් තුලට ඇද වැටී ඇත.
සෑම රටක ම ධනේශ්වරයට, සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ, පැරනි ආකාරයට පාලනය කල නොහැකිවී ඇත. එක් අතකින් කම්කරු පන්තියට එරෙහිව එන්ට එන්ටම ගැඹුරු කෙරෙන ප්‍රහාර දියත් කිරීමත් අනෙක් අතින් තම ජාත්‍යන්තර ප්රතිමල්ලවයන්ට එරෙහිව යුද්ධය සූදානම් කිරීමත් හැරෙන්නට තම පර්යායේ අර්බුදයට ආර්ථික විසඳුම් ඔවුන් සතුව ඇත්තේ නැත.
ඒ සමග ම කම්කරු පන්තියට, පැරනි තාලයට ජීවත්විය නොහැකිවී ඇති අතර ධනේශ්වරය විසින් තමන් මත පටවනු ලබන නව කොන්දේසි වලට එරෙහි අරගලයට ඔවුන් ඇද දමනු ලබයි. මෙහි අර්ථය, බොහෝ ඈත ඉලක්කයක් ලෙස නොව, ක්ෂනික තත්වයෙන්ම මතුව එන මූලික ප්රශ්නය බවට පත්ව තිබෙන, දේශපාලන බලය සඳහා සටන ගැබ්කරගත් සමාජ හා දේශපාලන අරගල පිපිරීයාමයි.
දැනටමත් ඇරඹී තිබෙන මෙම අරගලයන් තුල කම්කරු පන්තියේ ජයග්‍රහනය රඳා පවතින්නේ, සිය ස්වාධීන අවශ්‍යතා නීර්නය කර ගැනීම (ancient regime) ප්රන්ස විප්ලවයට පෙර එරට තිබූ සමාජ හා දේශපාලන ක්‍රමය හා පැරැන්න නගා සිටුවීමට වැඩකරන, ප්‍රති විප්ලවය සඳහා පාර කපන, අයිඑස්ඕ වැනි සුලු ධනපති සංවිධාන වලට එරෙහි අනවරත දෘෂ්ටිමය හා දේශපාලන අරගලය තුලින් විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම යි.
Follow us on