හලාවත - වැල්ල ධීවරයෝ ලෝක සමාජවාදී වෙබ් අඩිවියට කතා කරති
By Kapila Fernando and Nilantha Perera, 19 February 2012
ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ධීවරයන්ගේ උද්ඝෝෂනයන් තුල දී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ ඇන්ටනි වර්නකුලසූරියගේ නිවස පිහිටි හලාවත - වැල්ල ධීවර ගම්මානයේ ජනයා ඔවුන්ගේ රැකියාවේ දුෂ්කර කොන්දේසි හා අනෙකුත් සමාජ ප්‍රශ්න තෙල් මිල ඉහල දැමීමෙන් තව දුරටත් නරක අතට හැරෙන සැටි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැහැදිලි කලහ.
ජීවන තත්වයන්ට පහර දීමට එරෙහිව කිපී සිටින හලාවත - වැල්ල ධීවරයන්ගේ උද්ඝෝෂනයට වෙඩි තැබීමට පොලිස් විශේෂ බලකාය දැමූ ආන්ඩුව දැන් හලාවත නගරය හා අවට ප්‍රදේශය හමුදා ප්ලැටූන් පහක් ද විශේෂ කාර්ය බලකායේ හා පොලිසියේ භටයන් සිය ගනනක් ද දමා යුද පිටියක් බවට පත් කර ඇත.
හමුදාව හා පොලිසිය සෑම හන්දියක් ම ද මහ මාර්ගය හා අතුරු මාර්ග ද අරා සිටිති. හමුදාවේ බෆල් වාහන හා සන්නද්ධ රථ ද ක්ෂනිකව කි‍්‍රයාවට දැමීමට නගරය තුල තැනින් තැන තබා තිබේ. සාමාන්‍ය වැසියන් පස්දෙනෙකුට එකට නගරයට යෑම ද පොලීසිය විසින් තහනම් කර ඇත.
හලාවත නගරයේ සිට කිලෝ මීටරයක් පමන දුරින් වැල්ල ධීවර ගම්මානය පිහිටා ඇත. හලාවත කලපුවෙන් සහ මුහුදෙන් වට වූ පටු ගොඩබිම් තීරයක් වන මෙහි දහස් ගනනක් ජනයා අතීතයේ සිට ධීවර රැකියාවේ යෙදෙති. මෙහි බහුතරයකට දෙමල භාෂාව ද කථා කිරීමට හැකිය.
තැනින් තැන පොල් අතු සෙවිලි කල කුඩා නිවාස ද අලුතින් සෑදූ අඩක් නිම කල උලු සෙවිලි කල නිවාස ද මේ දූපතේ දක්නට ලැබේ. ජලය, වැසිකිලි පද්ධතීන් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ කිසිදු මනා ක්‍රමයක් මෙහි නැත. ධීවර කර්මාන්තයට ස්වභාවිකව හිතකර තත්වයට අමතරව එය දියුනු කිරීමට හෝ ධීවර කාර්මිකයන්ට හොඳ ජීවන කොන්දේසි ලබා දීමට හෝ මෙතෙක් බලයේ සිටි ආන්ඩු කිසිවක් සිදු කර නොමැත. මෙම ගම්මානයේ දිලිඳු භාවය පෙන්නුම් කරන්නේ ලංකාවේ ධීවර ගම්මාන පිලිබඳ කටුක චිත්රයකි.
පසුගිය දශක දෙකක පමන කාලයක සිට ඉන්ධන මිල ගනන් අඛන්ඩ ලෙස ඉහල දැමීම, දැල් ආම්පන්නවල අධික මිල හා තිස් අවුරුදු යුද්ධය මගින් මුහුදු සීමාවලට පනවා තිබු තහන්චි ද හේතුවෙන් මෙම ධීවරයින් නිරන්තරව බැට කෑහ. යුද්ධයෙන් පසු අවුරුදු තුනක් ගත වුව ද සිදු වී ඇත්තේ ඔවුන්ගේ කොන්දේසි තවත් නරක අතට හැරීමයි.
මෑත උද්ඝෝෂනවල සිටි වැල්ල ජනයාගේ බහුතරය භූමිතෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන පොඩි බෝට්ටු පාවිච්චි කරන ධීවරයන් ය. ආන්ඩුවේ මැති ඇමතිවරුන් හා මාධ්‍ය විසින් ධීවරයන්ගේ ඇත්ත ගැටලු යටගසා ඇත. ඝාතනයට ලක් වූ වර්නකුලසූරිය සමග එකට ධීවර රැකියාවේ යෙදුනු 26 වියැති ඩබ්ලිව්. ක්‍රිස්ටෝපර් සහ තවත් තරුනයින් කීපදෙනෙක් ම ලෝක සමාජවාදී වෙබ් අඩිවිය (ලෝසවෙඅ) සමග කතා කලහ.
පොඩි බෝට්ටු ධීවරයින්ගේ දෛනික රැකියාවේ ස්වභාවය ක්‍රිස්ටෝපර් මෙසේ පැහැදිලි කලේ ය: "මම දැනට ධීවර රැකියාවට ඇවිල්ලා අවුරුදු හතක් වෙනවා. ඇන්ටනි අයියාට පොඩි බෝට්ටුවක් තිබුනා. පොඩි බෝට්ටුවේ දෙන්නෙක් තමයි යන්නේ. පොඩි ඒවායේ වැඩ කරන කව්රුත් වගේ අලුයම එකට දෙකට මුහුදට යනවා. සමහර දාට ඊටත් කලින් එකොලහට දොලහටත් යනවා. දැල් කුට්ටමට අමතරව අපි ගෙනියන්නේ හොඳ විදුලි පන්දමක් විතරයි. කි.මී. 15 විතර දියඹට ගිහිල්ලා දැල් එලනවා. දැල් එලන්නේ අපි ගෙනියන පන්දමේ ආධාරයෙන්. අපි ඒක දල්වාගෙන ඉන්න ඕනා නැත්නම් වෙන බෝට්ටු සමග හැප්පෙන්න වුනත් පුලුවන්. එක් කෙනෙක් පන්දම අල්ලන අතරතුරේ දී අනෙක් කෙනා දැල් එලනවා. දැල් එලලා ගොඩ එලිය වැටෙන්න කිට්ටු කරලා දැල් උස්සනවා. එලලා ටික වෙලාවකින් මාලු නෑ වගේ තේරෙනවා නම් වෙන පැත්තකට යනවා.
"මටයි ඇන්ටනි අයියාටයි කලින් මිලට රුපියල් 2,500 ක විතර තෙල් දවසකට පිච්චුනා.
මාලුඅස්වැන්නට සහතික මිලක් නොමැති වීම, මාලු කල් තබා ගැනීමට පහසුකම් නැතිකම අතර මැදි මාලු මුදලාලිලාගේ ගසාකෑම ආදී කොන්දේසි ධීවරයන් හා පාරිභෝගිකයන් මත පැටවී තිබේ.
ක්‍රිස්ටෝපර් තම තත්වය තව දුරටත් පැහැදිලි කලේ ය: "අපි දෙන්නා ගොඩක් ගියේ හුරුල්ලෝ මාලුන්ට. දැල් එකතු කරලා ආයේ ගොඩට එනකොට සාමාන්‍යයෙන් උදේ 9 විතර වෙනවා. මාලු අහුවෙනවා අඩු නම් තව වෙලා මූදේ ඉඳලා එනකොට දවල් 12 විතර වෙන වේලාවලුත් තියෙනවා. ගොඩ ආවාම දැල්වලින් මාලු බේරන්න අපේ අම්මලා, නංගිලාත් උදව්වට එනවා. ඒ අය තමයි මාකට් එකේ දාලා මාලු විකුනගන්නේ. කොහොමත් ආයේ ගෙදර එන්නේ දවල්ට කන්න තමයි.”
තම රැකියාවේ අවිවේකී ස්වභාවය තවදුරටත් පැහැදිලි කල ක්‍රිස්ටෝපර්: "දවල්ට කෑම කලා අපි පැයක් දෙකක් නිදා ගන්නවා. ඊට පස්සේ අපේ දැල්ලවල තියෙන ඉරුම් බඳිනවා. ඊට පස්සේ බෝට්ටුවට තෙල් ගහගන්නවා. අපිට කලපුවෙන්ම බෝට්ටුවෙන් ගිහිල්ලා තෙල් ගහගත්තැකි. ඊලඟ දවසේ පාන්දර බෝට්ටුව දියත් කරන්න අවශ්‍ය සියලු දේ අපි සූදානම් කරලා නිදා ගන්නේ 9.30ට පමන, ඊලඟ දවසේ නැගිටින්න ඔරලෝසුවේ එලාම් එක තියලා. අපි දවසකට පැය පහක් වත් නිදා ගන්නේ නෑ. රටේ අනික් ජනයා නිදා ගන්න කොට අපි ඉන්නෙ මූදේ. අපිට මේවා වීඩියෝ කරලා පෙන්නන්න බෑනේ.”
සාකච්ඡාවට එකතු වූ ඝාතනය කල ඇන්ටනිගේ ඤාතියෙක් වූ ඩබ්ලිව්. කුමාර් මෙසේ ප්‍රකාශ කලේ ය: "අපිත් මිනිස්සු අපිටත් සීතල, උනුසුම, පින්න, නිදිමත දැනෙනවා. සාමාන්‍ය ඇඳුමකුයි තොප්පියකුයි තමා අපේ ඇඳුම. අපිටත් ලෙඩ දුක් ඇති වෙනවා. අනික් රස්සාත් එක්ක බලද්දි අපි වෙන මහන්සිය කියලා නිම කරන්න බෑ. මුහුදෙදි කුනාටුවලට, වැස්සට අපිට මූන දෙන්න වෙනවා. මම විවාහකයි. දරුවෝ දෙන්නනෙක් ඉන්නවා. අපි එනකන් බිරිඳ අම්මලා හැමදාම බයෙන් තමයි ඉන්නේ. ගිය මාසේ දැලක් කකුලේ පැටලිලා මූදට වැටුන එක ධීවරයෙක්ව ගොඩ ගන්න කොට මැරිලා. ගිය සතියේ කලපුවේ රැකියාව කරපු අවරුදු 20ක විතර හාදයෙක්ට අකුනක් වැදිලා මැරුනා. බෝට්ටු පෙරලිලා මැරෙන, තුවාල ලබන අය ගොඩක් ඉන්නවා.”
ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව කෝපයෙන් එක් ධීවරයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය. "අපි උද්ඝෝෂනය කලේ ආන්ඩුවට විරුද්ධව තමයි. ඒක අපි පැහැදිලිව කියන්න ඕනා. ආන්ඩුවයි මිල ඉහල දැම්මේ. අපි සාමකාමී උද්ඝෝෂනයක් කලේ. නමුත් අපේ ඇන්ටනිව ඝාතනය කලා. තවත් අයට වෙඩි තිබ්බා. ඒක වැරදියි.”
ඔහු පැවසුවේ තෙල් වියදමට රුපියල් 2,500ක්, ඇමට 2,000ක්, කටු සකස් කරගන්න තව රුපියල් 1,000ක් විතර ආදී වසයෙන් දිනකට වියදම් වන බවයි. ඉන්ධන මිල ඉහල දැමීම නිසා දැන් වියදම රුපියල් 8,000ක් පමන වැඩි වනු ඇත. රුපියල් 500ක දවසක පඩිය ගන්න රුපියල් 10,000ක වත් මාලු අල්ලන්න ඕන බව ඔහු කීවේය.
අනෙක් ප්‍රදේශවල දී මෙන්ම ධීවර තරුන ජනතාවගේ අධ්‍යාපන තත්වය පහල මට්ටමක පවතී. හලාවත නගරයේ පවතින මධ්‍යමහා විද්‍යාල කිහිපයක පමනකි, උසස් පෙල දක්වා අධ්‍යාපනය ලැබිය හැක්කේ. අනෙක් පාසල් සාමාන්‍ය පෙල දක්වා හෝ ප්‍රාථමික අංශය දක්වා හෝ පමනක් පන්ති පැවැත් වෙයි. පහසුකම්වල හා ගුරුවරුන්ගේ විශාල අඩුපාඩුවලට මේ පාසැල් සියල්ල මුහුන දී තිබේ.
"මම උසස් පෙල දක්වා ඉගෙන ගත්තා. නමුත් විභාගය කර ගන්න බැරි වුනා. අපේ වයසේ ගොඩක් තරුන ලමයි වැඩි දුරට ඉගෙන ගන්නේ නෑ. නමුත් දැන් ඉන්න දෙමාපියෝ ලමයින්ට උගන්නන්න ගොඩක් උනන්දුයි.” එක් තරුනයෙක් පැවසීය.
"අපිට ඉගෙන ගන්න බැරි වුනේ ආර්ථික ප්‍රශ්න නිසා තමයි. මම ඉගෙන ගත්තේ 8 වසර වෙනතුරු විතරයි. එදා ඉඳලා මූදු යනවා යයි සඳහන් කරමින් වයස අවුරුදු 19 ක් වන ඩව්ලිව්. ක්ලින්ටන් සිය අත්දැකීම් විස්තර කලේ ය: "ඉරිදාට විතරයි අපිට නිවාඩුවක් තියෙන්නේ. ඒත් ඉරුම් බඳින්න තිබුනොත් ඒකත් කරන්න වෙනවා. එදාට පල්ලි ගිහින් ඇවිල්ලා අපි ටිකක් නිදා ගන්නවා විවේකයෙන් ඉන්නවා. මමත් පොඩි බෝට්ටු රැකියාවේ යන්නේ, මට බෝට්ටුවක් නෑ. අපි කරන්නේ. ඇම දමා මාලු අල්ලන "බටලොන්” ක්රමයේ රස්සාවයි.
ක්‍රිස්ටෝපර් සිය තාත්තා තවමත් ධෛර්යවන්තව ධීවර රැකියාව කරන බව සඳහන් කලේ ය. "මගේ තාත්තාට මටත් වඩා හයිය තියෙනවා. එයාට දැන් වසස 52 ක් තාම රස්සාව කරනවා. තාම කොල්ලා වගේ”. නමුත් මුලු ජීවිත කාලයම ධීවර රස්සාවේ යෙදී ලබා ගත් දේවල් පිලිබඳව කුමාර මෙසේ පැහැදිලි කලේ ය.
”මගේ තාත්තා අවුරුදු 9 ඉඳන්ලු ධීවර රස්සාව කරන්නේ. මට අවුරුදු තුනක් වෙනතෙක් අපි හිටියේ පොල් අතු ගෙයක. ඊට පස්සේ හිටියේ වහලට තහඩු ගහපු ලෑලි ගෙයක. දැනට අවුරුදු තුනකට කලියෙන් තමයි සිමෙන්තියෙන් මේ ගේ බැන්දේ. මෝටර් එකක් දාලා වතුර ගත්තේ. නමුත් තාම ගෙයි වැඩ අවසන් වෙලා නෑ. මට තව අයියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් මමත් යුරෝපෙ රටවල්වලට, ඕස්ටේ්රලියාවට යන්න කියලා සල්ලි නයටත් ගත්තා. ඒවා සියල්ල නාස්ති වූනා. අපේ උත්සාහයන් හරි ගියේ නෑ. දැන් තත්වය තවත් අමාරුයි.”
විස්තර කතා කල තව ධීවරයෙක්: "මූද සැර වාරකන් කාලේ මාස 6 ක් විතර තියෙනවා. එතකොට අපි කලපුවෙන් මාලු ටිකක් හොද්දට අල්ල ගන්නවා. ඒ දවස්වලට හරියට කන්න නෑ. එලවලු නැති දවස්වලට සෝයා මීට් හරි පොල් සම්බෝලයක් වගේ එකක් උයන් බත් කනවා. ඒකත් කරන්න අමාරු වෙද්දි කොච්චර මූද සැර වුනත් වාරකනේටත් මූදු යනවා මැරෙන්න හරි කියලා. බෝට්ටුව පැද්දෙද්දි බීලි කටු එක්ක රස්සා කරන්න අමාරුයි. අපේ ඇඟපත කටුවලට කපා ගෙන යනවා. අපි කාටවත් බය නැත්තේ මේ රස්සාව හින්දා තමයි. හලාවත මාර්කට් එකේ කප්පන් ගන්න ජනාධිපතිගේ හෙන්චයියෙක්ට විරුද්ධවත් අපි ගිය අවුරුද්දේ මේ වගේ ම පාරට බැස්සා. ඔක්කොම ධීවරයෝ ආවා.”
පසුගිය වසර කීපය තුල ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉහල ගොස් ඇති බවටත් මහජනතාවගේ ජීවන තත්වයන් ඉහල ගොස් ඇති බවටත් රාජපක්ෂ ආන්ඩුව කරන ප්‍රලාප කතා මෙම ධීවරයන්ගේ පහල වැටෙන ජීවන කොන්දේසි තුලින් පුපුරා හැලෙයි.
ක්‍රිස්ටෝපර් මෙසේ පැහැදිලි කලේ ය: "ධීවරයන්ට තවත් බෝට්ටුවක් ගන්න හරි වෙන වැඩක් දියුනු කරන්න හරි දුෂ්කරයි. ධීවර ආම්පන්න මිල අධිකයි. දැන් පොඩි බෝට්ටුවක් ලක්ෂ දෙකකට වැඩියි. දැල් කුට්ටම් දෙකකට ඒකටත් ලක්ෂ 3 ක් විතර යනවා. කොහොමත් අලුතෙන් බෝට්ටුවක් දියත් කරන්න ලක්ෂ දහයක් විතර යනවා. ධීවර රස්සාවෙන් ඉතුරු කරන්න බෑ. එදා වේල හම්බකර ගන්නවා විතරයි. අපි දැනටත් නය වෙලා. අපේ ජීවිතවල දියුනුවක් ඇත්තේ නෑ. අපේ තාත්තලාගේ කාලෙටත් වඩා දැන් රැකියාවත් අමාරුයි ජීවත්වෙන එකත් අමාරුයි."
Follow us on