ශී‍්‍ර ලංකාව: අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමේ කම්කරු පන්තික වැඩපිලිවෙලට විරුද්ධව අවස්ථාවාදීන්ගේ පෙරමුනක්
By Kapila Fernando and Panini Wijesiriwardhana , 11 February 2012
ශී‍්‍ර ලංකා ආන්ඩුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධව නැගෙන සිසු විරෝධතා හිරකර දැමීමට ව්‍යාජ රැඩිකල්වාදියෝ එක්වෙති.
ජන අරගල ව්‍යාපාරය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් ලංකාවේ ව්‍යාජ වම්මුන් සහ රැඩිකලුන් ඒකාබද්ධ කොට තවත් අවස්ථාවාදී පෙරමුනක් "නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජනතා ව්‍යාපාරය” නමින් පසුගිය දා ප්‍රසිද්ධ කලේ ය. මෙය, රාජපක්ෂ ආන්ඩුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයන් අතර වර්ධනය වෙමින් පවත්නා බලගතු විරෝධය අවමංගත කොට කම්කරු පන්තියේ නායකත්වය යටතේ ස්වාධීන වැඩපිලිවෙලක් මත සිසුන් සංවිධානය වීම වැලැක්වීම සඳහා ඇටවූ උගුලකි.
"අධ්‍යාපනයේ නිදහස හා පාලකයන්ගේ උදහස” යන මාතෘකාව යටතේ ජනවාරි 26 දා කොලඹ මහජන පුස්තකාලයේ පැවති ආරම්භක රැස්වීම මෙහෙය වූ ජන අරගල ව්‍යාපාරයේ නියෝජිතයා කියා සිටියේ "නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා සටන් වැදීමට අවශ්‍ය පුලුල් සංවිධානයක් ගොඩ නැගීම” රැස්වීමේ අරමුන බවයි. "මේ සඳහා අපි වෙනත් දේශපාලන අදහස් තිබිය දී ම අධ්‍යාපනය ඇතුලු අනෙකුත් අයිතීන් වෙනුවෙන් මහ පොලවේ සටන් වදින අව්‍යාජ සංවිධාන සියල්ලට ම අප ආරාධනය කලා. ඔවුන් සියල්ලන්ම අද මෙහි පැමින සිටීම අප ලද විශාල ජයක්” යැයි ඔහු තව දුරටත් පැවසීය.
"අව්‍යාජ සංවිධාන” ලෙස කැඳවා තිබුනේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ සිට අන්ත වර්ගවාදී නව සිහල උරුමය දක්වා වූ නිමක් නැති ධනපති පක්ෂ සහ සංවිධාන සමග විවිධ පෙරමුනු තැනීම සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් ඇති සංවිධානයන් වන නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප), මාඕවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය හා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුලු සංවිධාන බුරුත්තකි.
ආන්ඩුව විසින් ගෙන යන මර්දනයටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයටත් එරෙහිව සිසුන් අතර වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ ජන අරගල ව්‍යාපාරය අවිශිබමය හරහා විරෝධතා ගනනාවක් විශ්වවිද්‍යාල තුල පැවැත්වූයේ ය. එල්ල වන ප්‍රහාරය පරාජය කිරීමට නම් සිසුන් කම්කරු පන්තිය වෙතට හැරී ආන්ඩුව පලවා හැරීමේ දේශපාලන අරගලයක් සමාජවාදී ප්‍රතිපත්ති මත සංවිධානය කිරීමේ අවශ්‍යතාව මේ විරෝධතා තුල බලවත්ව මතු විය. ඉහත නම් සඳහන් කුප්‍රකට සංවිධාන රොත්ත ජන අරගල ව්‍යාපාරය හා අවිශිබමය විසින් කැඳවා ගෙන ඇත්තේ එබඳු දේශපාලන අරගලයකට විරුද්ධව ය. රැස්වීම ඇමතූ සියලු කථිකයෝ, අවිශිබමයේ විරෝධතා දේශපාලනය උත්කර්ෂයට නංවමින්, ශිෂ්‍යයන්ගේ අරගල වටා කම්කරුවන් ඇතුලු මහ ජනතාව එක්වී රාජපක්ෂ ආන්ඩුවට එල්ල කෙරෙන පීඩනය තීව්ර කල යුතුය යන නිරර්ථක කි‍්‍රයාව ද යෝජනා කලහ.
මේ සියලු සංවිධාන කම්කරුවන් අතර ද කරගෙන යන්නේ වෘත්තීය සමිති තුල ඔවුන් හිර කර ආන්ඩුවට බලපෑම් දැමීමෙන් එය තම අයිතීන් රැකගැනීමට නමා ගත හැකි ය යන මිථ්‍යාව වපුරා රැකියා හා පඩි අරගල පාවා දීමට සමිතිවලට අත් උදව් දීමයි.
තමන්ගේ දේශපාලනයට වඩාත් කිට්ටු නිසා මාඕවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු ලෙස පෙනී සිටි සුරේන්ද්‍ර අජිත් රූපසිංහ නමැත්තාට ජන අරගල ව්‍යාපාරය හා අවිශිබමය වේදිකාවේ වැඩි තැනක් දී තිබුනි. දශක දෙකක් පමන දේශපාලන නන්නත්තාරයේ පැවති මේ සංවිධානය යලිත් එලිබැස ඇත්තේ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල පැනනගින තතු යටතේ ඒවා ව්‍යාකූල කර දැමීමට තමන්ගේ ද දායකත්වය ලබා දීම සඳහා ය.
වඩාත් රැඩිකල් මුහුනක් දමා ගනිමින් "සමස්ත සමාජ පර්යායම” වෙනස් විය යුතු යැයි ද "ශිෂ්ඨාචාරමය වෙනසක්” ඇතිවිය යුතු යැයි ද රූපසිංහ පූච්චානම් දෙඩ වූයේය. "සමස්ත සමාජ පර්යාය” ලෙස ඔහු හඳුන්වන්නේ කුමක්ද යන්න වත් "ශිෂ්ඨාචාරමය වෙනස” කුමක්ද යන්න වත් රූපසිංහ පැවසුවේ නැත. මේවා රැවටිලිකාර වාගාලාපයන් ය.
ඔහු ශිෂ්‍යයන් නොමග යැවීම සඳහා 1968 ප්රන්සයේ මැයි-ජූනි අරගල උත්කර්ෂයට නැංවීය. 1968 ප්රන්ස මහා වැඩ වර්ජනයට පෙරවදනක් වෙමින් පැන නැගුනු වීදි සටන්, වාඩිලා ගැනීම් ඇතුලු පුලුල් ශිෂ්‍ය අරගල කම්කරු පන්තියෙන් වියෝ කොට හුදෙක්ම ජනාධිපති චාර්ල්ස් ඩිගෝල්ගේ ආන්ඩුවට බලපෑම් දැමීමේ සීමාවේ රැඳවීමට කි‍්‍රයා කලේ පැබ්ලෝවාදී ව්‍යාපාරයේ ඇලන් කි්රවින්, ඩැනියෙල් කෝන් බැන්ඩිට් මූලිකත්වය ගත් අරාජකවාදී කන්ඩායම් සහ මාඕවාදියෙකු වූ ඇලන් ගීස්මාර් ඇතුලු කොටස් ය. ඔවුන් ට ඉහලින් සිටිමින් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය සහ ඒවායේ වෘත්තීය සමිති කම්කරුවන් පාවා දීමට කටයුතු කලහ.
ප්රන්සයේ මෙම අරගලවලින් පැන නැගුනේ විප්ලවවාදී තත්වයක් වුවද එය පාවා දීමට සහ දේශපාලන සංස්ථාපිතය ආරක්ෂා කිරීමට ඉහත කී පක්ෂ කි‍්‍රයාත්මක වූ අතර ශිෂ්‍ය ව්‍යාපාර නායකත්වයන් ඊට දායකත්වය සැපයීය.
ඇලන් කි්රවින් අද ප්රන්ස පැබ්ලෝවාදීන්ගේ "ධනපති විරෝධී පක්ෂයේ” නායකයෙකු වන අතර එම පක්ෂය ධනේශ්වර සමාජවාදී පක්ෂය සමග සමීපව කටයුතු කරයි. ඩැනියෙල් කෝන් බොන්ඩි ජර්මනියේ දකුනට ගිය ග්‍රීන් පක්ෂයේ නායකයෙකි. ගීස්මාර්, 1990 ගනන්වලදී ආන්ඩුවේ අමාත්‍යංශ පදවිවලට පැද්දේය. ඔවුන්ගේ පොදු ලක්ෂනය වූයේ සමාජවාදී පිලිවෙත් මත කම්කරු ආන්ඩුවකට සටන් කරනු වස් ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරවීමට විරුද්ධ වීමයි.
රූපසිංහ ද ජන අරගල ව්‍යාපාරය සහ අවිශිබම සමාන අවස්ථාවාදී කි‍්‍රයා කලාපයක යෙදෙන්නේ ශිෂ්‍යයන් කම්කරුවන් වෙතට හැරී සමාජවාදී අරගලයක් වර්ධනය කිරීමට එරෙහිව ය. අද අරගලවලට එලැඹෙන ලංකාවේ සහ අනෙකුත් රටවල ශිෂ්‍යයන්හට 1968 ප්රන්ස ශිෂ්‍ය අරගලවල පාඩම් තීරනාත්මක ය.
තවත් හිටපු රැඩිකලෙක් වන විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි "ශිෂ්‍ය උද්ඝෝෂනවලට අමතරව විකල්ප දේශපාලන පිලිවෙතක අවශ්‍යතාවය” ගැන සඳහන් කලේ ය. එහෙත් පසුගිය වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය අවස්ථාවේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියට දේවසිරි පැවසූවේ "දේශපාලන අරගලයකට සටන් කිරීම වෘත්තීය සමිතියක කාර්යයක් නොවන බවත් සමාජවාදී සමානතා පක්ෂය කියන ආකාරයේ සමාජවාදී වැඩපිලිවෙලකට සටන් කිරීමට සාමාජිකත්වය සූදානම් නොමැති බවත්” ය.
සමාජවාදී වැඩ පිලිවෙලට සටන් වැදීමට විරුද්ධ දේවසිරි ධනපති ආන්ඩුවෙන් "විසඳුමක්” ලබා ගැනීමේ වැඩ පිලිවෙලට කැපවී ආචාර්ය සමිති සම්මේලනය මත එය පටවා ඇත. ආන්ඩුවේ විසඳුම් ගැන පොරොන්දු හිස් මුදුනෙන් පිලි ගෙන ආචාර්යවරුන්ගේ අරගලය පාවා දීමට දේවසිරි සහ සුමනසිරි ලියනගේ ඇතුලු නායකයෝ කි‍්‍රයා කලහ. අද දේවසිරි ආන්ඩුවෙන් තවත් පොරොන්දුවක් ලබා ගැනීමට වලි කන අතර ලියනගේ ආන්ඩුවට හේත්තුවීමට පටන් ගෙන ඇත.
දේවසිරි තව දුරටත් කියා සිටියේ "යුරෝපයේ හා දියුනු ධනපති රටවල ශිෂ්‍යයන් සෑම ආකාරයකින් ම කරන විරෝධතා මගින් මුලු අධ්‍යාපන ක්‍රමය රැක ගැනීමේ හැකියාවක් පවතින” බවයි. මෙය නම් රූපසිංහගේ ව්‍යාපෘතිය සමග ගැලපෙන යෝජනාවකි. බි්රතාන්යය ඇතුලු යුරෝපයේ ද ඇමරිකාවේ ද ශිෂ්‍ය අරගල මුදුනේ සිටින කන්ඩායම් "දේශපාලනය එපා” යන කඩතුරාව යටතේ සිසුන් ධනපති පර්යාය තුලම කොටු කිරීමේ තැතක යෙදී සිටි. ඔවුන් එසේ කරන්නේ 2008 න් ඇරැඹී දැන් වඩාත් ගැඹුරු වන ආර්ථික හා මූල්‍ය අර්බුදයේ බර කම්කරුවන් මත පටවන හා එහි කොටසක් ලෙස අධ්‍යාපනය ඇතුලු සමාජ වැඩ පිලිවෙලවල් කපා හරින තත්වයක ය.
රාජපක්ෂ ආන්ඩුවට එරෙහි සිය විවේචනය ජාතිවාදී හා ආගම්වාදී පදනමක මෙහෙයවමින් මැදිහත්වූ නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න මෙසේ පැවසූවේ ය. "මේ ආන්ඩුව බෞද්ධාගම බේරගත්තාලු. ජාතිය බේර ගත්තාලු. කිසිවක් බේරගත්තේ නෑ. ඇමතිවරු වැඩ කරන්නේ කිසිදු ආගමක් අදහන්නේ නැති අය වගෙයි.” තවදුරටත් ඔහු පැවසූවේ "අපි අතරින් කෙනෙක් තුවාල ලබන්න හෝ මැරෙන්න පුලුවන් ඒවා නොතකා මේ අරගලය ඉදිරියට ගෙන යන්න ඕනා. අද ආරම්භ කරපු විදිහට ගමෙන් ගමට නගරයෙන් නගරයට ගෙන යන්න ඕනා.”
ආගමික හා ධනපති සංස්ථාපිතය සමග පෑහී සිටින අයුරු පෙන්නුම් කරමින් මෙසේ ප්‍රකාශ කල කරුනාරත්න මාස කීපයකට පෙර තමන් සමාජවාදය සඳහා අරගලයට ද රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට ද විරුද්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර "ජාතික ධනපති පන්තිය ශක්තිමත් කිරීම” තමන්ගේ වැඩ පිලිවෙල බැව් නිර්ලජ්ජිතව නිවේදනය කල අයෙකි.
රැස්වීමේ අවසන් කථාව කල අවිශිබමයේ කැඳවුම්කරු සංජීව බන්ඩාර පැමිනි සිටි අවස්ථාවාදී හිටපු වම්මුන් හා රැඩිකලුන් හැඳින්වූයේ ‘අධ්‍යාපනයේ අයිතීන් සඳහා විවිධ වකවානුවල මහ පොලවේ සටන් වැදි සටන් කාමීන්’ ලෙසයි. පුද්ගලික විශ්වවිද්‍යාල ඉදිකිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙන ඒමට නියමිතව තිබු පනත පරාජය කිරීමට හැකි වූ බවත් ශිෂ්‍ය විරෝධතා මගින් ආන්ඩුවත් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායකත් දන ගැස්සවීමට හැකි වූ බවටත් ඔහු පුරසාරම් දෙඩු අතර තවදුරටත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන බවට සපථ කලේ ය. නව ලිබරල් ආර්ථික පිලිවෙත් පරාජය කිරීම සඳහා ‘සියලු බලවේග’ බලමුලු ගැන්විය යුතු බවත් ප්රජාතන්ත්රවාදය සුරැකෙන අදට වඩා යහපත් සමාජයක් නිර්මානය කිරීමට ඒකාබද්ධ වන ලෙසට ඔහු ඉල්ලා සිටියේ ය.
"ප්රජාතන්ත්රවාදය සුරැකෙන අදට වඩා යහපත් සමාජය” කුමක්දැයි බන්ඩාර නොකියයි. පුද්ගලික සරසවි පනත හකුලා ගැනීමට බල කිරීමට ශිෂ්‍යයන්ට හැකි යැයි කියන බන්ඩාර ‘සියලු බලවේග’ එක් කර ගැනීමෙන් ආන්ඩුවේ නව ලිබරල්වාදී ආර්ථික පිලිවෙත් ද හකුලා ගැනීමට බලකල හැකි යැයි තර්ක කරයි. ආන්ඩුව පලවා හැර සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් කරන්නේ කුමකට ද? බන්ඩාරගේ තර්කය එයයි.
සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ තම වැඩ පිලිවෙල ප්‍රකාශයට පත් කල පති‍්‍රකාවක් බෙදීම නතර කිරීමට පේරාදෙනි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ නායකයින් මැර බලය යෙදවීම සමාජවාදී වැඩ පිලිවෙලට ඔවුනගේ හතුරුකම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කල එක් අවස්ථාවකි.
රාජපක්ෂ ආන්ඩුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය හකුලා ගෙන ඇතැයි පැවසීම ශිෂ්‍යයන්ට ද කම්කරුවන්ට ද ලනු දීමකි. ලෝක ආර්ථික අර්බුදයකින් මෙහෙයවෙන රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ, දුගීන්ගේ සහ සිසුන් ඇතුලු තරුනයන්ගේ අයිතීන්ට පහර ගැසීමට ප්රචන්ඩව පෙරට පැනීමට නියමිත ය.
ප්රචන්ඩ ලෙස අවසන් කෙරුනු යුද්ධයේ ද, කම්කරුවන්ගේ හා සිසුන්ගේ අරගලවල ද පාඩම් බුද්ධිමත්ව විමර්ශනය කර ගැනීමට සිසුන් හැරිය යුතු ය. නසසප, එක්සත් සමාජවාදී පක්ෂය සහ මාඕවාදී සංවිධාන සමග ජන අරගල ව්‍යාපාරයත් අවිශිබමත් සන්ධාන ගතවීම ඔවුන්ගේ ඉදිරි දක්ෂිනාංශික කි‍්‍රයාකලාපය පිලිබඳ අනතුරු ඇඟවීමකි.
Follow us on