එස් ඇන්ඞ් පී ශ්‍රේනි පහත හෙලීම සහ යුරෝපයේ සමාජ ප්රතිවිප්ලවය
S&P downgrades and social counterrevolution in Europe
ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් විසින් යුරෝ කලාපයේ රටවල් නවයක ශ්‍රේනි පහත හෙලීම දේශපාලනිකව මෙහෙයවුනු තීන්දුවකි. මෙම නය ශ්‍රේනිගත කිරීමේ ඒජන්සිය නියෝජනය කරන්නේ, කම්කරු පන්තියේ ජීවන මට්ටම් විනාශ කිරීම ප්‍රමානවත් තරම් දුරට නැතිනම් ප්‍රමානවත් තරම් වේගයෙන් සිදු කෙරී නැත යන අදහස දරන ජාත්‍යන්තර මූල්‍ය ප්‍රභූ කොටසක අවශ්‍යතාවන්ය. ශ්‍රේනි පහත හෙලීම සඳහා දී ඇති නිල හේතුව මගින් මෙය පැහැදිලිය.
”ශ්‍රේනිගත කිරීම් සම්බන්ධයෙන් අද ගත් කි‍්‍රයාමාර්ගය මූලිකව ම දුවවනු ලබන්නේ, මෑත සතිවල දී යුරෝපීය පිලිවෙත් සකසන්නන් විසින් පිලිවෙත් සම්බන්ධයෙන් ගනු ලැබ ඇති මූලිකත්වයන් යුරෝ කලාපය තුල දැන් පවත්නා පද්ධතිමය ආතතීන්ට මුලූමනින්ම ආමන්ත්රනය කිරීමට ප්‍රමානවත් නොවනු ඇත යන අපගේ තක්සේරුව මගිනි.” යයි ඒජන්සිය ප්‍රකාශ කලේය.
ඉතාලියේ ආන්ඩුව දරුනු කප්පාදු පැකේජයක් පාර්ලිමේන්තුව හරහා තල්ලූ කරගෙන දැන් ශ්‍රම වෙලඳ පොල නියාමනහරනය කිරීමට සූදානම් වේ. ”විශේෂ අවශ්‍යතා සහිත කන්ඩායම්වල විරුද්ධත්වය හේතු කොටගෙන ව්‍යුහාත්මක ප්රතිසංස්කරන පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට තාක්ෂන නිලධාරිවාදී පාලනාධිකාරය අපොහොසත් වන බව අප දුටුව” හොත් ඉතාලියට තවත් ශ්‍රේනි පහල හෙලීමකට මුහුන දීමට සිදු වනු ඇතැයි ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවරස් තර්ජනය කරයි. ”ව්‍යුහාත්මක ප්රතිසංස්කරන පිලිවෙත්” යන්නෙන් එස් ඇන්ඞ් පී අදහස් කරන්නේ කම්කරුවන්ට යම් ආකාරයක ආරක්ෂාවක් ලබා දෙන නෛතික හා ගිවිසුම්ගත විධිවිධාන අහෝසි කිරීමයි. ”විශේෂ අවශ්‍යතා සහිත කන්ඩායම්” යන්න කම්කරු පන්තිය, එනම් ජනගහනයේ අති මහත් බහුතරය, සඳහා යෙදෙන මෘදුක්තියකි.
ආන්ඩුව තව දුරටත් ශ්‍රම වෙලඳ පොල ශීඝ්‍රයෙන් නියාමනහරනය කිරීමටත් අයවැය හිඟය කප්පාදු කිරීමට අමතර පියවර ගැනීමටත් අපොහොසත් වුව හොත් ස්පාඤ්ඤයට ද එම ඉරනමට මුහුන දීමට සිදු වනු ඇතැයි අනතුරු අඟවා තිබේ.
සියලූ පක්ෂවලට අයත් යුරෝපීය දේශපාලඥයන් ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් ආයතනයේ කි‍්‍රයාමාර්ග ගැන සිය කෝපය පල කර ඇත. ප්රන්ස ජනාධිපති උපදේශක ඇලෙන් මින්ක් මෙසේ මැසිවිලි නැඟීය. ”එය දහනෝන්මාදයෙන් පෙලෙන ගිනිකෙලිකාරයන්ටත් වඩා නරක ය. එය බරපතල ලෙස හිතුවක්කාරී කි්රයාවකි.” ඒජන්සිය ”තමන්ගේ ම අරමුනු” අනුව කි‍්‍රයාකරන්නේ යයි ජර්මානු ආර්ථික ඇමති නිදහස් ප්රජාතන්ත්ර පක්ෂයේ පිලිප් රොස්ලර් චෝදනා කලේය. වාමාංශික පක්ෂයේ සභාපති ග්රෙගොර් ගයිසි ”යුරෝපයේ ජනතාවට එරෙහි යුද්ධයක්” පිලිබඳව කතා කලේය.
සුඞ්ඩොච් සෙයිටුං පත්‍රය මෙසේ අදහස් දැක්වීය: ”ඒකාධිකාරයක් ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත් වූ ආන්ඩුවල දේශපාලනය බියසැක නැතිව හෙලා දකින බවට තර්ජනය කරයි. . . . ඇමරිකානුවෝ ඔවුන්ගේ ම ආර්ථික හා මූල්‍ය පිලිවෙත්වලින් සමන්විත ඇංග්ලො-සැක්සන් මූලධර්ම පිලිගන්නා ලෙස මහාද්වීපික යුරෝපීයයන්ට විවෘතව බල කරති.”
එක්සත් ජනපද නය ශ්‍රේනිගත කිරීමේ ඒජන්සිය යුරෝව බේරගැනීමේ සිය ප්රයත්නයන්ට වල කපන්නේ යයි බොහෝ යුරෝපීය දේශපාලනඥයෝ කෝපයට පත්ව සිටිති. සමහරු මෙම පියවර දකින්නේ යුරෝපීය ආන්ඩු අතර හිතාමතාම භේද ඇවිලවීමක් ලෙසය. ඒ කෙසේවෙතත්, ඔවුහු අතිමූලික කාරනා සම්බන්ධයෙන් ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් සමග එකඟ වෙති.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව කම්කරු පන්තිය සටන් කර දිනාගත් සුභසාධන රාජ්‍යයේ ඉතිරි පහදු ද ජීවන තත්වයන් ද මූල්‍ය වෙලඳ පොලවල ඉල්ලීම්වලට යටත් කල යුතු ය යන මතය ඔවුහු ද දරති. යුරෝපා සංගමයේ සියලූ සාමාජිකයන් දරුනු කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමිය යුතු බවට ද ශ්‍රම වෙලඳ පොලේ නම්‍යශීලිත්වය හඳුන්වා දිය යුතු බවට ද බල කරන, දෙසැම්බරයේ දී යුරෝපා සංගමයේ සමුලූවේ දී එකඟ වූ, මූල්‍ය ගිවිසුමේ අර්ථභාරය එයයි.
ප්රාග්ධනයේ පුද්ගලික හිමිකරුවන්ගේ ලාභ අඩු කරන පිරිවැය වන අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සේවාවන්, යටිතල පහසුකම් ආදිය සඳහා උවමනාවට වඩා වියදම් කරමින්, යුරෝපයේ දී, රාජ්‍යය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) ඉහල අනුපාතයකට වග කියන බවට මූල්‍ය වෙලඳ පොලවල් විශ්වාස කරන බැවින් යුරෝපය ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ නාභිය බවට පත්ව ඇත.
මෙහි මිනුමක් නම් ඊනියා රාජ්‍ය වියදම් අනුපාතයයි, එනම්, රටක සමස්ත ආර්ථික නිෂ්පාදිතයට සාපේක්ෂව ආන්ඩුවේ වියදම්වල කොටසයි. ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයේ ( ඕඊසීඞී) කාර්මික රටවල් සම්බන්ධයෙන් මෙහි සාමාන්‍ය අගය සියයට 41කි. යුරෝ කලාපය සඳහා අගය සියයට 46කි. එම කලාපයේ ඉහල ම අගය ඇත්තේ ප්රන්සයටයි. එනම් සියයට 53කි. හාර්ට්ස් සුභසාධන ”ප්රතිසංස්කරන” හා සෙසු ප්රතිගාමී පිලිවෙත් ජනගහනයේ පුලූල් ස්ථර දරිද්‍රතාවට ඇද දමා ඇති ජර්මනියේ මට්ටම සියයට 43කි, එනම් ඕඊසීඞී සාමාන්‍ය අගයට ආසන්නය.
එක්සත් ජනපදය, සියයට 39ක අගයක් වාර්තා කරමින්, සැලකිය යුතු පහල මට්ටමක සිටී. ඇමරිකානු රාජ්‍ය වියදම්වලින් විශාල කොටසක් මිලිටරි අයවැයට ගලා යන බව සැලකිල්ලට ගත් කල, මෙම වෙනස ඊටත් වඩා ඉහලය. බැංකු පාරාදීසයක් වන ස්විට්සර්ලන්තයේ රාජ්‍ය වියදම් පංගුව යන්තම් සියයට 33කි.
යුරෝපයේ සියලූ සංස්ථාපිත පක්ෂ, නාමිකව වමේ පක්ෂ මෙන් ම දක්ෂිනාංශික පක්ෂ ද, රාජ්‍ය වියදම්වල මෘග කප්පාදුවලට එකඟ වී ඇත. මේ සම්බන්ධයෙන් දර්ශීය වන්නේ, ප්රන්ස සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ප්රන්සුවා හොලාන්ඞ්, ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් විසින් ප්රන්සයේ ශේ්රනිය පහල හෙලනු ලැබීමට දක්වා ඇති ප්රතිචාරයයි. දැන් ඇරඹී ඇති ජනාධිපතිවරන ප්රචාරක ව්‍යාපාරය තුල මෙම කාරනාව උපායාත්මකව ගසාකෑමේ ප්රයත්නයක් වසයෙන්, හොලාන්ඞ් දැනට බලයේ සිටින කොන්සර්වෙටිව් ජනාධිපති නිකොලස් සාර්කොසිට දකුනෙන් පහර එල්ල කලේය. අයවැය හිඟය ප්‍රමානවත් තරම් අඩු නොකිරීම ද ප්රන්ස ආර්ථිකයේ තරගකාරිත්වය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට අපොහොසත් වීම ද ගැන ඔහුට චෝදනා කල හොලාන්ඞ් වෙලඳ පොලවල විශ්වාසය භංග කරගැනීම ගැන සර්කොසිට බැන වැදුනේය.
හරිතයෝ ද යුරෝපය පුරා වියදම් කප්පාදු පිලිවෙතක් ඉල්ලා සිටිති. ජර්මනියේ වාමාංශික පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, ප්‍රාන්ත ආන්ඩු ගනනාවක එහි වාර්තාව පෙන්වා දෙන්නේ, එය කප්පාදු පිලිවෙත්වලට සහයෝගය දෙන අතර ඒවා අවශ්‍ය හා නොවැලැක්විය හැකි පියවර ලෙස ආරක්ෂා කරන බවයි.
කම්කරු පන්තියට එරෙහි මෙම ප්‍රහාරයේ පසුබිමෙහි පවතින්නේ පෙර නොවූ විරූ සමාජ ද්රවාන්තගත වීමකි. සමාජයේ ධනවත්ම දහයෙන් පංගුව, ධනවත්ම සියයට එක හා ධනවත්ම දාහෙන් පංගුව අතිමහත් ධනයක් පොදි ගසාගෙන ඇති අතර ඔවුහු මුලූ වැර යොදා එම ධනය ආරක්ෂා කරති.
පසුගිය 15 වසරක කාලය තුල, මිලියන තුනක් වන යුරෝපීය මිලියනපතියන්ගේ වත්කම් යුරෝපයේ ජාතික නයවල මුලූ එකතුවට වඩා වැඩි වේගයකින් වර්ධනය වී තිබේ. අත්පත් කර ගතහොත්, මෙම වත්කම්වලට එම නය කන්දරාව එක වර ගෙවා දැමිය හැකිය.
ධනවත් ගී්රකයන් ගී්රක ආන්ඩුවේ මුලූ නය කන්දරාව මෙන් දෙගුනයක් තරම් විශාල මුදලක් විදේශ බැංකු ගිනුම්වල සඟවා ගෙන ඇතැයි තක්සේරු කෙරෙයි. එහෙත් අද දින මූල්‍ය වංශාධිපතියෝ 1789 විප්ලවයට පෙර ප්රන්ස වංශාධිපතියන්ටත් වඩා දැඩි ලෙස සිය වරප්‍රසාද අතහැර දැමීමට සූදානම් නැත.
ගී්රසියේ මූල්‍ය වංශාධිපතිත්වය සමස්ත යුරෝපය සඳහා ම නිදසුනක් සම්පාදනය කරයි. මීට පෙර කි‍්‍රයාවට දමන ලද වියදම් කප්පාදු පිලිවෙත් විරැුකියාව හා දරිද්‍රතාව නාටකාකාර ලෙස ඉහල දමා රට අවපාතයක් තුලට තල්ලූ කර දමා ඇති නමුදු, ”තුන් කට්ටුවේ” -- යුරෝපා සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපීය මධ්‍යම බැංකුව -- නව නියෝජිත කන්ඩායමක්, රාජ්‍ය බංකොලොත්භාවයේ තර්ජනය යටතේ තව දුරටත් කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමන ලෙස ගී්රසියට බල කරනු පිනිස, මේ සතියේ දී ඇතැන්ස් වෙත ගමන් කරයි.
ගෝලීය මූල්‍ය ප්රභූව වැඩ කරන ජනතාවට එරෙහි සිය ප්‍රහාර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන අතර එහි සීමාවක් ද නොදකී.
සමස්ත යුරෝපයම ප්රචන්ඩ සමාජ ගැටුම් හා විප්ලවවාදී අරගල දෙසට ගමන් කරයි. අවශ්‍යතාව වන්නේ ඒවා සඳහා සූදානම් වීමයි. මූල්‍ය වංශාධිපතිත්වයේ බලය බිඳීමෙන්, ඔවුන්ගේ වස්තුව අත්පත් කරගැනීමෙන්, බැංකු හා විශාල සංගත ජනසතු කිරීමෙන් හා ඒවා ප්රජාතන්ත්රවාදී පාලනය යටතට පත් කිරීමෙන් තොරව, එකදු සමාජ ගැටලූවක් වත් විස\ලිය නොහැකිය. යුරෝපයේ කම්කරු පන්තිය එක්සත් වී ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා අරගලය සියතට ගත යුතුය.
පීටර් ෂ්වාර්ට්ස්
Follow us on