කාලෝ ෆොන්සේකා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට පත්කලේ සෞඛ්‍ය සේවාවේ කප්පාදු පුලුල් කිරීමට යි
By Sujeewa Amaranath , 16 January 2012
වෛද්‍ය වෘත්තිකයන්ගේ බරපතල විරෝධය මධ්‍යයේ සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරට ආන්ඩුවේ අත්ගෙඩියක් ලෙස කි‍්‍රයා කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා පත් කරනු ලැබ තිබේ. අත්තනෝමතික හා බියගැන්වීමේ විධික්රම ඔස්සේ සිදුකල මෙම පත්කිරීම සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල ආන්ඩුවේ න්‍යාය පත්‍රය කි‍්‍රයාවට දැමීමට මග පාදාගැනීමකි.
ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව රටෙහි වෛද්‍ය වෘත්තිය හා වෛද්‍ය අධ්‍යාපනය අධීක්ෂනය කරන්නා වූ ද සෞඛ්‍ය සේවය කලමනාකරනයේ සැලකිය යුතු කොටසක් භාරව සිටින්නා වූ ද ප්‍රමුඛතම සංස්ථාවක් ලෙස සැලකුනි. සෞඛ්‍ය ඇමති විසින් එහි සභාපති පත් කෙරෙන අතර එහි සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙකු වෛද්‍ය වෘත්තියේ හා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ නියෝජිතයන්ගෙන් සමන්විත වේ.
වෛද්‍ය සභාව හා ආන්ඩුව අතර ගැටුම තියුනු වූයේ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව ලංකාවේ ව්‍යාපාරිකයන් ද සම්බන්ධ වී පිහිටුවන ලද, රුසියානු වෛද්‍ය විද්‍යාලයකට අනුබද්ධ යයි ප්‍රසිද්ධ කෙරුනු මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය පිලිගැනීම වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග යි. වෛද්‍ය සභාවේ තීන්දුව ආන්ඩුව විසින් සලකන ලද්දේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයේ කොටසක් ලෙස පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගනනාවක් ද පිහිටුවීමට එය ගෙනයන වැඩපිලිවෙලට හරස් කැපීමක් ලෙස ය.
වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය එන්. ජේ. නෝනිස් මාලබේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් විද්‍යාලය සතුව සායන පහසුකම් නැතැයි ප්‍රකාශ කලේ ය. උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මාලබේ වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය සභාව විසින් පිලි නො ගන්නේ නම් එය විසුරුවා හරින බවට තර්ජනය කලේ ය. මෙම තත්වයන් මධ්‍යයේ, ඔක්තෝබර් 4 දා ලේඛකාධිකාරී නෝනිස් "හඳුනා නො ගත්” මැරයන්ගේ කායික ප්‍රහාරයකට ලක්විය. හිටපු ගුවන් හමුදා භටයෙකු අත්අඩංගුවට ගැනුන ද ප්‍රහාරය පිලිබඳ පරීක්ෂනය යට ගැසුනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධ වී කි‍්‍රයාකරන "ස්වාධීන ආයතනයක්” ලෙස සැලකුනු වෛද්‍ය සභාව රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවක් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලැයිස්තු ගත කිරීමට නොවැම්බර් මාසයේ ආන්ඩුව පියවර ගත්තේ ය. එම පියවර වෛද්‍ය සභාව ආන්ඩුවේ පාලනය ගැනීමකි. පසුගිය නොවැම්බර් අග වෛද්‍ය සභාව අභියාචනා උසාවියේ ගොනුකල නඩුවකින් ප්‍රකාශ කර සිටියේ ආන්ඩුවේ පියවර බලධාරීන්ගේ අවශ්‍යතා මත ගත් එකක් බව හා එහි කි‍්‍රයාකාරීත්වයට හා ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් බව ය.
දෙසැම්බර් මාසයේ 31 දා වෛද්‍ය සභාවේ සභාපතිනි මහාචාර්ය ලලිතා මෙන්ඩිස් වර්ධනය වූ පීඩනයන් මධ්‍යයේ ඉල්ලා අස්වූවා ය. "ආන්තික මානසික පීඩනයන්ට ලක්වන තතු යටතේ මම ඉල්ලා අස්වීමට තීන්දු කලෙමි” යයි මහාචාර්ය මෙන්ඩිස් ප්‍රකාශ කලා ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති උපුල් ගුනසේකර ඉරිදා ලක්බිම පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ ලංකාවේ රෝහල්වලට පැමින සේවය කරන සුදුසුකම් නැති විදේශීය වෛද්‍යවරුන් ලියා පදිංචි කිරීමට වෛද්‍ය සභාවට බල කෙරුනු බවත් මහාචාර්ය මෙන්ඩිස් එය ප්‍රතික්ෂේප කලවිට "විපාකවලට මුහුන දීමට [ඇයට] සිදුවනු ඇත” යි තර්ජනය කෙරුනු බවත් ය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරට පත්කිරීමට අවස්ථාව සලසා ගැනුනේ මෙවන් තර්ජනයන් මගිනි.
ආන්ඩුව වෛද්‍ය සභාව මත බලපෑම තහවුරු කරගත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම් ඕඒ) හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (එස්එල්එම්ඒ) -බටහිර වෙදකම භාවිතා කරන වෛද්‍යවරුන්ගේ ප්රමුඛ සංගමය- එම පියවර විවේචනයට ලක් කරමින් තිබිය දී ය. ජීඑම්ඕඒය ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් වෛද්‍ය සභාව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ලැයිස්තු ගත කිරීම ඇතුලු ප්‍රශ්න ගැන සාකච්ඡාවක් ඉල්ලූ නමුත් එය තවමත් ප්‍රතික්ෂේප වී තිබේ.
වෛද්‍ය සභාව ආන්ඩුවේ ග්රහනයට ගැනීම පිටුපසින් ඇත්තේ සෞඛ්‍ය සේවය කප්පාදු කිරීම හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කි‍්‍රයාවට දැමෙන වැඩපිලිවෙල යි. අධ්‍යාපනය මෙන් ම සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය පුලුල් කිරීමට රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයා කරගෙන යයි. ඒ පිලිබඳව මොනම සහනයකටවත් ඉඩක් නැති බව ආන්ඩුව ප්‍රදර්ශනය කර ඇත.
ජීඑම්ඕඒ හා එස්එල්එම්ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් කරන විවේචන සීමිත ය. වෛද්‍ය සභාවේ කලින් විවේචන ද එලෙස ම විය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ඔවුන් එකඟ ය. විවේචනය ඇත්තේ මාලබේ වෛද්‍ය විද්‍යාලය මනා පහසුකම් සහිතව නො පිහිටුවීම පිලිබඳව ය. මනා සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වල සේවයේ යෙදවීම ගැන මේ සංගම්වල විවේචනය ද සීමිත ය. එවැනි වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වල සේවයේ යෙදවීම රෝගීන් ගැන නො තකා ලාභ පොදිගසා ගැනීමේ ව්‍යායාමයේ කොටසකි.
මහාචාර්ය ෆොන්සේකා වෛද්‍ය සභාව මුදුනට දමා ගැනීම ආන්ඩුවේ මහජන විරෝධී න්‍යාය පත්‍රය පිලිබඳව උදාහරනීය ය. ෆොන්සේකා පරිහානිගත, සභාගවාදී සම සමාජ පක්ෂයේ ආධාරකරුවෙකු ලෙස වැඩ පටන්ගෙන, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිප) බිඳී ගිය විජය කුමාරතුංගගේ ශී‍්‍ර ලංකා මහජන පක්ෂය හරහා ඇවිත් රාජපක්ෂ ආන්ඩුව යටතේ ශී‍්‍රලනිපයේ ප්රමුඛ උපදේශකයෙක් බවට පත්ව සිටින්නෙකි.
ජාතිකවාදී පදනම් මත 1980 ගනන්වල දී උතුරු කොලඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට එක්වූ ඔහු අද නිදහස් අධ්‍යාපනයේ ගහලයන් සමග එක්වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයේ මහානිශංස පිලිබඳ රාජපක්ෂ ආන්ඩුවේ ප්රචාරයේ ප්රමුඛ හොරනෑවක් බවට පත්ව සිටී. ඔහු ද සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලයට යාමට නොහැකි සිසුන්ට පහසුකම් සැලසීම සඳහා මෙම පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවනු ලබන බවයි. එය පචයකි. මාලබේ වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය විද්‍යා පාඨමාලාව අවසන් කිරීමට රුපියල් ලක්ෂ 65ක් වැය වන බව ගනන් බලා තිබේ.
වෛද්‍ය සභාව පිලිබඳව ආන්ඩුවේ අත්තනෝමතික පියවර සෞඛ්‍ය සේවයේ කප්පාදුව තියුනු කිරීමේ අනෙකුත් ප්‍රහාර සමග බැඳී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයට සියයට 10.5ක් 2012 අයවැයේ මුලු වියදමෙන් වෙන් කර තිබුනත් සෞඛ්‍යයට වෙන් කර ඇත්තේ සියයට 1.8ක් පමනකි.
ලංකාවේ ජනගහනය මිලියන 20ක් පමන වෙතත් සියලු ක්ෂේත්රවල විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නේ 1,000ක් පමනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතයන්ට අනුව මිලියන 20ක ජනගහනයට මනෝ චිකිත්සක වෛද්‍යවරුන් 50,000ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 50ක් පමනි.
අත්‍යවශ්‍ය බෙහෙත් හා රසායනාගාර පහසුකම් රජයේ රෝහල්වල නොමැති තත්ත්වය තුල බෙහෙත් මිලට ගැනීමට හා වෛද්‍ය පරීක්ෂන අධික මිලකට පුද්ගලික රසායනාගාරවලින් කර ගැනීමට රෝගීන්ට බලකෙරී තිබේ.
මහජන සේවා කප්පාදු කිරීමේ පුලුල් වැඩපිලිවෙලක කොටසක් ලෙස සෞඛ්‍ය සේවාව වඩවඩාත් කපා හෙලීම හැර වෙනත් විකල්පයක් ලංකාවේ ආන්ඩුවට හා ධනපති පන්තියට නැත. 2008 සැප්තැම්බරයේ ඇමරිකාවේ මූල්‍ය බිඳවැටීම්වලින් ඇරඹී ලෝකය අලලාගෙන ඇති අර්බුදය 1930 ගනන්වල අවපාතයෙන් මෙපිට දරුනු ම අර්බුදය යි. ලංකාවේ ධනපති පන්තිය බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව දියත් කල යුද්ධයේ දැවැන්ත වියදම් හා ලෝක අර්බුදයේ බලපෑමෙන් උග්‍ර වූ ආර්ථික ප්‍රශ්න ගොහොරුවක නාසය දක්වා ම එරී සිටී.
වෛද්‍ය සභාව සම්බන්ධයෙන් ආන්ඩුව කි‍්‍රයාත්මක වූ මැර විලාසය කම්කරුවන් වෙත කෙරෙන රුදුරු කඩා පැනීමක තරම පිලිබඳ තවත් දර්ශකයකි.
Follow us on