හිටපු හමුදා නායකයා ශ්‍රී ලංකාවේ පාලන තන්ත්ර වෙනසක් ඇති කලයුතු යයි කියාසිටී
Ex-army chief calls for regime change in Sri Lanka
By Nanda Wickramasighe, 23 July 2012
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය හෙලීමට වැඩපිලිවෙලක් දියත්කිරීමට පසුගිය ජනාධිපති වරනයේ දී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ ද හිටපු යුද හමුදාපති වූ ද සරත් ෆොන්සේකා මේ මාසයේ දී පොරොන්දු විය. ඔහු ජුලි 8 දා බි්රතාන්ය ඩේලි ටෙලිග්රාෆ් පුවත් පතට මෙසේ කීය: ”මම නිශ්චිතව ම මහජනයාට නැගීසිට ආන්ඩුව ප්රජාතන්ත්ර ආකාරයකින් පෙරලා දමන ලෙස කියා සිටිමි”.
ලිබියාවේ නේටෝ ආක්රමනය සහ සිරියාවේ ආන්ඩුව පෙරලා දැමීමට ඇමරිකාව දරමින් සිටින ප්රයත්නයට සමාන මැදිහත්වීමක් ලංකාවට ද කරන ලෙස ෆොන්සේකා බටහිර බලවතුගෙන් ඉල්ලා සිටියේ ය. රාජපක්ෂ "ඒකාධිපතියෙක්” යයි පහර දුන් ඔහු මෙසේ ද කී ය: ”ආන්ඩුව පලිගැනීම නැවැත්විය යුතු ය; මහජනයාට ආරක්ෂාව දිය යුතුය. තම මහජනතාව ගේ මානව අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රය උල්ලංඝනය කරන ඒකාධිපතියෙක් ඉන්නා කල්හි, ලෝකය එය බලාගත යුතු යයි මම සිතමි.”
"ප්රජාතන්ත්ර ක්‍රම” ගැන කතා කරන අතරම, ෆොන්සේකා වෙනත් ක්‍රම ද යෝජනා නොකර සිටියේ නැත. "මෙය වෙනත් රටවල සිදුවූ ආකාරය සහ ඒ රටවල මිනිසුන් අත්තනෝමතික පාලන තන්ත්රයන් ගෙන් බේරා ගත්තේ කෙසේ ද යන්න ඔබ දැක තිබේ. මෙය ලිබියාවේ මෙන් නොවේවායි මම අපේක්ෂා කරමි. යාඥා කරමි.”
දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධව නිර්දය වර්ගවාදී යුද්ධයේ දී හමුදාව මෙහෙය වුයේ ෆොන්සේකා ය. රාජපක්ෂ ද ඔහුගේ ආන්ඩුව ද සමග එක්ව දහස් ගනන් සිවිල් වැසියන් මරා දැමීම ද ඇතුලූ යුද අපරාධවලට ඔහු ද වග කිව යුතු ය. ඔහු 2009 මැයි මාසයේ දී එල්ටීටීඊ යේ පරාජයෙන් පසු රාජපක්ෂ සමග ගැටුනි. හමුදාවෙන් අස් වූ ඔහු ට, 2010 ජනාධිපති වරනයේ දී ප්‍රධාන විරුද්ධ පක්ෂ, ඔවුන්ගේ ඒකාබද්ධ ජානාධිපති අපේක්ෂකයා ලෙස ආධාර කලේ ය.
මැතිවරනය පැරදුනු ෆොන්සේකා, කුමන්ත්රනයකින් බලය අල්ලා ගන්නට තැත් කලේ ය යන ඔප්පු නොකෙරුනු චෝදනා උඩ, සහකරුවන් ගනනාවක් ද සමග අත් අඩංගුවට ගනු ලැබීය. අන්තිමේ දී හමුදා නිලධාරියෙකුව සිටිය දී දේශපාලන කටයුතු කිරීම සහ දුෂනය පිලිබඳ ගොතන ලද චෝදනා උඩ වැරදි කරු කරනු ලැබූ ඔහු ට තනතුර ද විශ්‍රාම වැටුප් හා පහසු කම් ද 2010 මැතිවරනයේ දී දිනාගත් පාර්ලිමේන්තු ආසනය ද අහිමි කරන ලදී.
ෆොන්සේකා සිරේ දැමීම රාජපක්ෂ ආන්ඩුව යුද්ධය සමයේ ද ඉන් පසුව ද ප්රජාතන්ත්ර අයිතීන්ට එරෙහිව ගෙනගිය පුලූල් ප්‍රහාරයේ කොටසක් විය. පුවත් පත් කලාවේදීන් ද විවේචකයන් ද සිය ගනන් මිනිස්සු ද ආරක්ෂක හමුදා සමග එක්වූ ආන්ඩු පාක්ෂික ඝාතක කල්ලි විසින් මරා දමන ලද හ.
එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන මාස කිහිපය දක්වා ම, ඊට ආධාර දෙමින් හමුදාවේ යුද අපරාධ නොදුටු ඇසින් සිටි ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය සගයෝ දැන් රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා මානව අයිතිවාසිකම්” ප්රශ්නය අදිති. වොෂින්ටනයේ විරුද්ධත්වය ප්රජාතන්ත්ර අයිතීන් උඩ නොවේ: රාජපක්ෂ චීනය සමග සම්බන්ධතා ඇති කර ගැනීම ගැන ය.
බටහිර බලවතුන් ඊනියා මානව අයිතිවාසිකම් මෙහෙයුමට ප්‍රතිචාර හැටියට මෑත මාසවල දී රාජපක්ෂ ඔවුන් සමග සම්බන්ධතා පිලිසකර කර ගැනීමට උත්සාහ කර තිබේ. මැයි මාසයේ දී රාජපක්ෂ ෆොන්සේකාට ජනාධිපති සමාවක් දුන්නේ ජාත්‍යන්තර විවේචන මගහැර ගැනීම ට උත්සාහයක් වශයෙනි. හිටපු හමුදාපති නිදහස් වුව ද, උසාවියේ වැරදි කරුවෙකු ව ඇති හෙයින් ඔහුට මැතිවරනවලට ඉදිරිපත් විය නොහැකිය.
ෆොන්සේකා ඩේලි ටෙලිග්රාෆ් පත්‍රයට දුන් සම්මුඛ සාකච්ඡාව තහවුරු කරන්නේ ඔහු කරබාගෙන ඉන්න ට යන්නේ නැති බවය. ඒ වෙනුවට ඇත්ත වශයෙන් ම රාජ්‍ය පාලනය වෙනස් කිරීමේ මෙහෙයුමක හී මුන ලෙස වැඩට බැස සිටින ඔහු එසේ කිරීමට බටහිර බලවතුන් ගේ සහය ඉල්ලන බව එය තහවුරු කරයි.
ඔහු උත්සාහ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන් ට අනුව ආන්ඩුව පටවන දරුනු කප්පාදුවල බර ට එරෙහිව වැඩකරන ජනයා තුල වැඩෙන විරෝධය ගසා කෑමට ය. පසු ගිය පෙබරවාරියේ පොලීසිය ඉහල යන ඉන්ධන මිල ට එරෙහි පෙලපාලි යමින් සිටි ධීවර කම්කරුවන්ට වෙඩිතබා එක අයෙකු මැරීම ගැන ෆොන්සේකා සිය පුවත් සාකච්ඡාවේ දී විශේෂයෙන් ම සඳහන් කලේ ය. ශ්‍රී ලංකාව කෙරේ "ජාත්‍යන්තර ප්‍රජාවගේ” විශ්වාසය දුබල වන පරිදි කටයුතු කිරීම ගැන 2010 ජනාධිපති වරන ව්‍යාපාරය තුල දී රාජපක්ෂ විවෙචනය කල ෆොන්සේකා තම බටහිර ගත ආස්ථානය ඇඟවුම් කලේ ය.
ෆොන්සේකා නිදහස් කිරීමෙන් පසු, එක්සත් ජනපදය ඔහු ට යම් තරමක සහායක් දක්වමින් ජුලි 4 එක්සත් ජනපද නිදහස් දින කොලඹ ඇමරිකානු තානාපති නිල නිවසේ පැවැත්වුනු උත්සවයට ආරාධනය කලේ ය. එදින පැවැත්වූ කතාවේ දී ”දේශපාලන පෙරමුනේ යම් මතභේද තිබුනත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දිගින් දිගටම යෙදී සිටින” බව එක්සත් ජනපද තානාපතිනි බුටෙනිස් කාවදින ලෙස කියා සිටියා ය.
දැනට රාජපක්ෂ ඉවත් කිරීමට එක්සත් ජනපදය විවෘත සහයක් දක්වා නැති නමුත් ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා මානව අයිතිවාසිකම් ප්රශ්නය පාවිච්චි කරමින් සිටී. අපේ‍්‍රල් මාසයේ දී එක්සත් ජනපදය සහ එහි සගයෝ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මන්ඩලය (UNHRC ) තුල, යුද්ධය පිලිබඳ රාජපක්ෂ ආන්ඩුව මත කර ඇති පරීක්ෂනයේ ඉදිරිපත් කල සීමිත නිර්දේශ ක්‍රියාත්මක කරනසේ ශ්‍රී ලංකාවේ ආන්ඩුවට නියම කරන යෝජනාවක් සම්මත කල හ.
ලංකාව සම්බන්ධ වොෂිංටනයේ ක්‍රියාවලිය ආසියාව පුරාම චීනයේ ආර්ථික සහ මූලෝපායික බලපෑම හීන කිරීමට එක්සත් ජනපදය දියත් කර ඇති රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමට අනුකුල වේ. ඔබමා පාලනාධිකාරය ජපානය, ඔස්ටේ්රලියාව සහ දකුනු කොරියාව වැනි රටවල් සමග ද මුලූ ප්‍රදේශයේ ද යුද්ධමය සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් මුලූමහත් ප්‍රදේශය පුරාම හුමුදා බලය සහ සන්ධාන ගොඩනගා ගනිමින් බුරුමය වැනි බෙයිජිනය සමග සමීප සම්බන්ධතා පවත්වන රටවලට එම සම්බන්ධතා ලිහිල් කිරීමට බල කර සිටී.
ෆොන්සේකා නියෝජනය කරන්නේ එන්නෙන්නම වැඩිවැඩියෙන් සමීප නෑසියන්, යුද හමුදා ප්‍රධානීන් සහ ඉහල රාජ්‍ය නිලධාරීන් ද සහිත දේශපාලන-මිලිටරි කල්ලියක් මගින් සිය පාලනය ගෙනයන රාජපක්ෂ විසින් කොන් කරනු ලැබූ ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ කොටස්ය. ඔහු සිංහල ජාත්‍යෝත්තම වාදයේ කරවටක් ගිලී සිටී. හිටපු-ජනරාල් ප්රජාතන්ත්ර වාදියෙක් නොවේ; ෆොන්සේකා රාජපක්ෂ "ඒකාධිපත්යෙක් ය”යි දැන් හෙලාදකින නමුත් අවුරුදු ගනනාවක්ම ජනාධිපාතිගේ බල කල්ලියේ ප්‍රධාන එකෙකුව සිටියේ ය.
පොන්සේකාට ප්රජාතන්ත්ර අයිතීන්ගේ ආරක්ෂකයෙකු හැටියට රඟ පාන්නට හැකිවී තිබෙන්නේ විපක්ෂයේ පක්ෂවල සහයෝගය නිසා ය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සහ සිංහල ජාත්‍යොත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන 2010 මැතිවරනයේ දී ඔවුන්ගේ පොදු අපේක්ෂකයා ලෙස ඔහුට ආධාර කලහ.
බලයේ සිටිය දී ප්රජාතන්ත්ර අයිතීන් උල්ලංඝනය කිරීම ගැන නම්දරපු යූඇන්පීය ට ප්රජාතන්ත්රවාදී අක්තපත්‍ර ලබාගැනීම සඳහා නව සමසමාජ පක්ෂය (නසසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි හිටපු වාමාංශික සංවිධාන වල ආධාරය උඩ රැඳෙයි.
ජනතා විමුක්ති පෙරමුනෙන් බිඳීගිය කන්ඩායමක් වන සමාජ වාදීන් ලෙස වෙස් පාන පෙරටු ගාමී සමාජවාදී පක්ෂය ද දක්ෂිනාංශික ජනරාල් ට හිතවත් ආකල්පයක් දරයි. ජනරල පුවත්පත මැයි 27 කලාපය "ෆොන්සේකා අනිවාර්යයෙන්ම රාජපක්ෂ ආන්ඩුවට එරෙහි විරෝධයේ සංකේතය බවට පත්වනු ඇති ය”යි ප්‍රකාශ කලේ ය. ෆොන්සේකා ආන්ඩුවට එරෙහිව මහජනයා ආන්ඩුවට විරුද්ධව මෙහෙයවීම සඳහා ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන තෙක් බලා සිටින බව ද එය ප්‍රකාශ කලේය.
කම්කරුවන් තරුන ජනයා එම ප්‍රෝඩාව ප්‍රතික්ෂේප කල යුතු ය. 2010 ෆොන්සේකා සිය මැතිවරන ව්‍යායාමය තුලදී පැහැදිලි කල පරිදි, ඔහු ජාත්‍යන්තර මූල්‍ය අධිකාරයෙන් නියම කරන කප්පාදු වැඩසටහන ජනතාව මත පැටවීමේ දී රාජපක්ෂට නොදෙවෙනිව නිර්දය වනු ඇත. එවන් වැඩසටහනක් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කල නොහැකිය. වත්මන් ආන්ඩුව මෙන්ම හිටපු ජෙනරල් ද, දිගු කාලීන ව සිවිල් යුද සමයේ ගොඩනගාගත් පුලුල් පොලිස්-රාජ්‍ය තන්ත්රය ඕනෑම විරෝධයක් තලා දැමීම සඳහා යොදා ගැනීමට පසුබට වනු නැත.
Follow us on