ශී‍්‍ර ලංකාවේ ධීවරයන්ට නැවත රැකියාවට යාමට බල කෙරෙයි
Sri Lankan fishermen forced back to work
By our correspondents , 6 March 2012
හානිකර තෙල් මිල ඉහල දැමීම ආපසු හකුලා ගන්නා ලෙස ඉල්ලා ශී‍්‍ර ලංකාවේ වයඹ දිග වෙරල තීරයේ ධීවරයන් ගෙන ගිය සති දෙකක උද්ඝෝෂනයෙන් පසු නැවත සිය ධීවර රැකියා සඳහා යෑමට බල කෙරී ඇත. ඔවුන්ගේ ඉල්ලීම් මුලුමනින් ම ප්‍රතික්ෂේප කල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ධීවරයන්ගේ විරෝධතා මැඩීම සඳහා පොලීසිය මුදා හැරියේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) මගින් නියෝග කර ඇති කප්පාදු වැඩපිලිවෙලේ කොටසක් ලෙස ආන්ඩුව සියයට 50 ක් දක්වා තෙල් මිල ඉහල දැමීමත් සමග ම පෙබරවාරි 13 දා ධීවරයන් කල්පිටියේ සිට මීගමුව දක්වා මහාමාර්ග අහුරා දමමින් විරෝධතාවයන් ආරම්භ කලේ ය. රුපියල අවප්රමානය කිරීම, ආන්ඩුවේ වියදම් කප්පාදුව සහ විදුලි හා ගමනාගමන ගාස්තු ඉහල දැමීම ජාමූඅ සෙසු කොන්දේසිවලට ඇතුලත්ව තිබේ.
ආන්ඩුව, විරෝධතා බිඳ දැමීම සඳහා සිය ගනනක් පොලිස් හා හමුදා භටයන් යෙදවිය. පෙබරවාරි 15 දා 4,000 ක් පමන සහභාගී වූ හලාවත ධීවරයන්ගේ උද්ඝෝෂනයට ජීව උන්ඩවලින් කල පොලිස් වෙඩි තැබීමකින් ඇන්ටනි වර්නකුලසූරිය ඝාතනයට ලක් වූ අතර තවත් තිදෙනෙක් තුවාල ලැබු හ. ඉන් පසුව රාජපක්ෂ හා ඔහුගේ ඇමතියන් "රට අස්ථාවර කරන ජාත්‍යන්තර කුමන්ත්රනයක” කොටසක් යයි පවසමින් ධීවරයන්ගේ උද්ඝෝෂනයට මඩ ගැසීමේ ප්‍රචාරයක් මුදා හලේ ය. ආන්ඩුවේ සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයට පෙබරවාරි 26 දා සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන කියා සිටියේ හලාවත උද්ඝෝෂනයට සහභාගී වූ සිය ගනනක් ධීවර පවුල් "නියම ධීවරයින් නො වන බවයි.” සිරිසේන තවදුරටත් කියා සිටියේ "කටුනායක වෙලඳ කලාපයේ සිද්ධියට ද සම්බන්ධ පූජකයෙක්” මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුනු බවයි.
මේවා පැහැදිලි ප්රලාපයන් ය. ධීවරයන්ගේ අරගලය ආන්ඩුවට එරෙහි පුලුල් කම්කරු පන්තික ව්‍යාපාරයක් ලෙස වර්ධනය වීම වැලැක්වීම සඳහා කල හැකි සියල්ල සිදු කරමින් ධීවර අරගලය කල් පමා කිරීමත් රඳවා තබා ගැනීමත් කතෝලික පූජකවරුන්ට පැවරී තිබු කාර්යය විය. වැටුප් සැලකිය යුතු ලෙස කප්පාදු කරන විශ්‍රාම වැටුප් පනතට එරෙහිව පසුගිය මැයි මාසයේ කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ උද්ඝෝෂනයටත් පොලීසිය කල වෙඩි තැබීමෙන් එක් කම්කරුවෙක් මරනයට පත් වූ අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබූ හ.
පසුගිය මාසයේ මෙම උද්ඝෝෂනවලට මුහුන දීමෙන් පසුව, ආන්ඩුව කුඩා බෝට්ටු වෙනුවෙන් භූමිතෙල් ලීටර් 250 කට රුපියල් 25 ක හා ලොකු බෝට්ටු වෙනුවෙන් ඩීසල් ලීටර් 2,000 කට රුපියල් 15 ක සහනාධාරයක් ලෙසත් ලබා දීමටත් පොරොන්දු විය. පසුගිය මස අග දී කුඩා බෝට්ටු සඳහා භූමිතෙල් ලීටර් 125 ක් හා ලොකු බෝට්ටු සඳහා ඩීසල් ලීට්ර් 100ක් ද වශයෙන් සහනාධාරය වැඩි කලේ ය. ධීවරයින් නැවත රැකියාව ආරම්භ කර තිබුන ද ඔවුන්ගේ ප්‍රශ්න කිසිවක් විසඳී නැති අතර අතෘප්තිය වැඩෙමින් පවතී.
පොලීසිය විසින් මරා දැමූ වර්නකුලසූරිය ඇන්ටනි සිටි හලාවත වැල්ල ධීවර ගම්මානයේ ධීවරයන් මෑතක දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග සිය දරිද්‍ර කොන්දෙසි පිලිබඳව සාකච්ඡා කල අතර මෙම ධීවර ගම්මානය බලයට පැමිනි සෑම ආන්ඩුවකට ම එරෙහි දෝශාභියෝගයකි.
හලාවත වැල්ල පිහිටා තිබෙන්නේ හලාවත නගරයට කිලෝ මීටර් එකක් බටහිර දෙසින් ය. එය කලපුවෙන් හා මුහුදින් වටවූ පටු බිම් තීරුවකි. මෙහි ධීවර පවුල් ජීවත් වන්නේ පොල්අතු සෙවිලි කල කුඩා ගෙවල්වල හෝ උලු සෙවිලි කල අර්ධ වශයෙන් නිම කල කුඩා නිවාසවල ය. අපද්‍රව්‍ය බැහැර කිරීමට හෝ පානීය ජලය ලබා ගැනීම සඳහා සුදුසු පහසුකම් ඇත්තේ නැත. එය ලංකාවේ ධීවර ගම්මානවල දුප්පත්කම පිලිබඳ කටුක චිත්‍රයක් සම්පාදනය කරයි.
පසුගිය දශක දෙක තුල සිදු කෙරී ඇති ඉන්ධන මිල ඉහල යෑමට, ධීවර ආම්පන්න සඳහා දැරෙන අධික වියදම හා දිවයිනේ සුලුතර දෙමල ජනතාවට එරෙහිව ආන්ඩු විසින් ගෙන ගිය 30 අවුරුදු වර්ගවාදී යුද්ධය වකවානුවේ මිලිටරිය විසින් පනවා තිබු බාධාවන් මගින් මෙම ධීවරයන් දැනටමත් විශාල ලෙස බැට කා තිබේ. 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් වූ නමුත් සිදු වී ඇත්තේ ඉහත කොන්දේසි වඩාත් නරක අතට හැරීම පමනි.
මිය ගිය ඇන්ටනි සමග පොඩි බෝට්ටුවක රැකියාවේ යෙදුනු කි‍්‍රස්ටෝපර් රැකියාවේ කොන්දේසි විස්තර කලේ ය. "කුඩා බෝට්ටුවක දෙන්නෙක් රස්සාවේ යනවා. මහා රෑ එකට දෙකට විතර අපි රස්සාවට යන්නේ. සමහරදාට ඊටත් කලියෙන්. අපේ දැල්වලට අමතරව අපි ගෙනියන්නේ විදුලි පන්දමක් විතරයි. කිලෝ මීටර් 15 ක් විතර දියඹට ගිහිල්ලා විදුලි පන්දමේ ආධාරයෙන් අපි දැල් එලනවා. විදුලි පන්දම දල්වාගෙන ම ඉන්න ඕනා නැත්තං තව බෝට්ටු එක්ක හැප්පෙන්න වුනත් පුලුවන්. උදේ 9 ට විතර අපි ගොඩට එනවා. අපිට මාලු අහු නො වෙන දවස්වලට ඊට වැඩි වෙලාවක් මූදේ ඉන්නවා. අපේ අම්මලා නංගිලා දැල්වලින් මාලු බේරන්න උදව් වෙනවා. ඊට පස්සේ ඒවා විකුන ගන්න මාලු මාර්කට් එකට යන්න ඕනැ.”
කි‍්‍රස්ටෝපර් සිය රැකියාවේ දුෂ්කර ස්වභාවය මෙසේ පැහැදිලි කලේ ය. "දවල්ට කලා අපි පැයක් හෝ දෙකක් නිදා ගන්නවා. ඊට පස්සේ දැල්වල ඉරුම් බැඳලා බෝට්ටුවට තෙල් ගහගන්නවා. පහුවදාට මූදු යන්න අවශ්‍ය සියලුම දේ සූදානම් කරලා අපි 9.30 ට විතර නින්දනට යනවා. අපි දවසකට පැය පහක්වත් නිදා ගන්නේ නෑ. රටේ වැඩිහරියක් මිනිස්සු නිදාගන්න කොට අපි මූදේ.”
කි‍්‍රස්ටෝපර් තවදුරටත් පැහැදිලි කරමින්. "මගේ තාත්තා එයාට අවුරුදු 9 ඉඳලා මූදු රස්සාව කරනවා. මම තුන වසරට එනකං අපි හිටියේ පොල් අතු ගෙයක. ඊට පස්සේ වහලට තහඩු ගහපු ලෑලි ගෙයක. අපි සිමෙන්තියෙන් මේ ගේ හදලා අවුරුදු තුනක් වෙනවා. තාම වැඩ ඉවර නෑ.”
වර්නකුලසූරිගේ ඥාතියෙක් වන ඩබ්ලිව්. කුමාර් මෙසේ පැවසූවේ ය. "අපිත් මිනිස්සු අපිටත් සීතල, රස්නේ, පින්න, නිදිමත දැනෙනවා. අපට අඳින්න තියෙන්නේ බැනියමකුයි තොප්පියකුයි විතරයි. අපිටත් ලෙඩදුක් හැදෙනවා. අනික් රස්සා එක්ක බලද්දි අපේ රස්සාවේ අමාරුව කියන්න බෑ. අපි මුහුදේදි වැස්සට කුනාටුවලට මුහුන දෙනවා. මම විවාහකයි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපේ අම්මාලා බිරින්දැවරු බයෙන් ඉන්නේ අපි මූදු ගිහිං එනකං. ගිය මාසේ දැලක් කකුලේ පැටලිලා මූදට වැටුනු ධීවරයෙක්ව ගොඩ ගන්න කොට මැරිලා. ගිය සතියේ කලපුවේ රස්සා කරපු තරුන හාදයෙක් අකුනක් ගහලා මැරුනා.”
වයස අවුරුදු 19 වන ක්ලින්ටන් අදහස් දක්වමින්: "ආර්ථික දුෂ්කරතා නිසා අපිට වැඩිදුරට ඉගෙන ගන්න බැරු වුනා. මම ඉගෙන ගත්තේ 8 වසරට විතරයි. අපිට නිවාඩු දවසකට තියෙන්නේ ඉරිදා විතරයි. එදාටත් සමහර වෙලාවට ඉරුම් බඳින්න වෙනවා.”
තවත් ධීවරයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: "අවුරුද්දකට මාස හයක් විතර මූද වාරකන්. ඒ කාලේට අපි රස්සාව කරන්නේ කලපුවේ. ඒ දවස්වලට අපිට හරියට කන්නත් නෑ. එලවලු නැති දවසට අපි සෝයා මීට් හරි පොල් සම්බෝලත් එක්ක හරි බත් කනවා. ඒකත් කර ගන්න බැරි වූනහම ජීවිතේ ගැන හිතන්නේ නැතුව අපි වාරකනේටත් මූදු යනවා.”
අඹකදවිල කුඩා බෝට්ටු හිමියෙක් ලෝසවෙඅ මෙසේ පැවසුවේ ය: "අපිට තෙල් සහනාධාරයක් පොරොන්දු වූනාට ඒක කොච්චර කාලයක් දෙයිද කියලා අපිට විශ්වාසයක් නෑ. කලින් පාරත් දුන්නේ මාසයයි. මේ පාරත් මාස කීපයකින් එහෙමම වෙයි.”
තෙල් සහනාධාරය ලබා ගැනීම සඳහා ධීවරයන් මුහුන දෙන වෙහෙසකාරී කි‍්‍රයාදාමය ඔහු විස්තර කලේ ය. පරිපාලන නිලධාරීන් තුන් දෙනෙකුගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව දිගු සහනාධාර පෝලීමේ රැඳී සිටීමටත් සිදු වේ.
සහනාධාරයෙන් පසුවත් භූමිතෙල් ලීටරයක් සඳහා තවමත් රුපියල් 10 ක් වැඩියෙන් ගෙවන්න සිදුවන බව තවත් කුඩා බෝට්ටු හිමියෙක් ප්‍රකාශ කලේ ය. "දැන් තෙල් මිලට මාලු අහුවෙන්නේ නෑ. මේ විදහට අපිට ධීවර රස්සාව කරගෙන යන්න බෑ” යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.
ලියුම්කරු පහත සඳහන් නිර්දේශ කරයි
Follow us on