ජපානයේ ගැඹුරුවන ආර්ථික අර්බුදය
Deepening economic crisis in Japan
විසි වසරකට මඳකට පෙර ජපානය, ගෝලීය ධනවාදයේ අනාගත රැල්ල වීමට නියමිත නව ආර්ථික මොඩලයක් ලෙස හුවා දක්වන ලදී. අද එය නැඟෙන ආර්ථික අර්බුදයකට මුහුනපා සිටින අතර චීනය හෝ වෙනත් ඊනියා "නැඟීඑන වෙලඳපොලවල්” ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වයක් සඳහා පදනම සපයනු ඇති බවට පලවූ ප්‍රකාශ දැඩි ලෙස බැහැර කරයි.
එක්සත් ජනපදය හා චීනය ලඟට ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන ජපානය මේ සතියේ නිවේදනය කලේ සිය ආර්ථිකය සියයට 3.5ක වාර්ෂික අනුපාතයකින් හැකිලී ඇති බවයි. එක දිගට රිනාත්මක වර්ධනයක් පෙන්වූ කාර්තු දෙකකින් පසුව නිගමනය කරන පරිදි එය දැන් පසුගිය වසර 15 තුල එලඹෙන පස්වන අවපාතයට ඇතුලුවෙමින් සිටියි.
අගමැති නෝඩා තත්වය "බැරෑරුම්” බවත් ආන්ඩුව එයට "අර්බුදයක හැඟීමක්” ඇතිව මුහුනදෙන බවත් අනතුරු ඇඟවීමක් ලෙස පැවසීය. එහෙත් ඔහුගේ වචන, 1990 ගනන් ආරම්භයේ හටගත් දේපල වත්කම් හා මූල්‍ය බුබුල පුපුරාගිය තැන් පටන් ජපාන ආර්ථිකය පුනර්ජීවනය කිරීමට බලයට පත්වූ ආන්ඩුවල පැවති අසමත්කම සටහන් කෙරුවා පමනි.
ජපානයේ පහල මන්ත්‍රී මන්ඬලය 16දා විසුරුවා හරින බව නෝඩා නිවේදනය කලේය. ඒ අනුව මැතිවරනය දෙසැම්බර් 16දා පැවැත්වෙන අතර බලාපොරොත්තු වන්නේ ඔහුගේ ප්රජාතන්ත්ර පක්ෂය බලයෙන් පහවනු ඇති බවය.
ගෝලීය මූල්‍ය අර්බුදය අරඹමින් 2008 සැප්තැම්බරයේදී ලේමන් බ්‍රදර්ස් බැංකුව බිඳවැටීමේ තැන් පටන් ඇතිවූ හත්වන කාර්තුගත හැකිලීම, අලුත්ම එකය. ජපාන ධනවාදය එහි පශ්චාත් යුද්ධ ඉතිහාසය පුරාවටම රැඳී සිටි නිර්යාත ආදායම ප්රධානකොටම සියයට 0.8න් පිරිහී යාමේ ප්‍රතිපලය වශයෙන් තුන් මසක කාලය තුල ආර්ථිකයේ සියයට 09ක හැකිලිමක් සිදුවීම සැලකිය යුත්තකි. පසුගිය විසි වසර තුල අවපාතය ජපාන "ආර්ථිකයේ නව සාමාන්‍යය” බවට පත්ව තිබේ. එහෙත් නවතම පිරිහීම පෙර ඇතිවූ ඒවාටත් වඩා වැදගත්ය. මක්නිසා ද යත්, 1985 වාර්තා තැබීම ආරම්භ කෙරුනායින් පසුව පලමු වතාවට රට සැප්තැම්බර් කාර්තුවේ ජංගම ගිනුමේ හිගයකට මුහුනපෑමයි. එය ජපාන ආර්ථිකයට පිටතින් ගලා එන හා ඉවතට ගලා යන මුදල් ප්රවාහයන්ගේ වෙනසයි. වසර ගනනාවක් අතිරික්තයක්ව පැවති මාසික වෙලඳ ශේෂය ද හිඟයකට පරිවර්තනය විය.
අගෝස්තු හා සැප්තැම්බරයේ අලුත්ම දත්ත අනුව වාර්ෂික අනුපාතයකින් ජපානයේ අපනයන ප්රවර්ගයන් නවයෙන් අටක් පහත වැටුනි. එම කාර්තුවේ ව්‍යාපාරික ආයෝජන ද 2009 අප්‍රේල්-ජූනි වල සියයට 5.5න් තියුනු වැටීමක් සටහන් කලායින් පසුව සියයට 3.2න් පහත වැටුනි.
වරෙක අධිකාරවත් ගෝලීය තත්වයක් හිමිකරගෙන බැබලුනු වෙලඳනාමයන් සහිත රටේ ප්රමුඛ සමාගම් බොහොමයක සලකුනු වූයේ ආර්ථික හැකිලීමකි. දෙවන වසරටත් අලාභ ලැබීමෙන් පසුව තවදුරටත් ව්‍යාපාරයේ රැඳී සිටිය හැකි ද යන "ද්‍රව්‍යමය සැකයක්” පවතින බව පසුගිය මාසයේ මුල නිකුත්කල නිවේදනයකින් විදුලි භාන්ඩ නිෂ්පාදන ෂාප් සමාගම පැවසීය. සමාගමට සිය මූලස්ථාන ගොඩනැගිල්ල උකස් තැබීමටත් විදේශ කම්හල් විකුනා දැමීමට මෙන්ම 1950න් මෙපිට පලමු වතාවට වැටුප් හා රැකියා කපාහැරීමටත් බලකෙරුනි.
එක දිගට දෙවන වරටත් ඩොලර් බිලියන 10ක අලාභයක් පුරෝකථනය කිරීමත් සමග පැනසොනික් සමාගම ද අමාරුවේ වැටී සිටියි.
මෙම ඉලෙක්ට්‍රොනික යෝධයින් තරමටම නරක අඩියකට වැටී නොසිටිය ද සෝනි සමාගමේ නය වර්ගීකරනය මූඩීස් ආයතනය විසින් යන්තම් කසල තත්වයට මඳක් වැඩි මට්ටමකට පහත හෙලීය. සමතලා මුහුනත සහිත රූපවාහිනී හා අනෙකුත් පාරිභෝගික ගෘහ උපකරන මිල පහත වැටීමේ දරුනු බලපෑමට සමාගම් තුනම මුහුනපා ඇත. එහෙත් එක් විශ්ලේෂකයෙකුට අනුව ව්‍යාධිය, විදුලි උපකරන කර්මාන්තයට වඩා බොහෝ දුරට විහිදී ඇත. “කෙලින්ම කිවහොත් ජපාන සමාගම් සැබවින්ම මුදල් උපයන්නේ නැත.”
පිරිහීමේ හේතුවලින් කොටසක්, ප්‍රතිවාදී අඩු වියදම් නිෂ්පාදකයින් විසින් ජපානයේ සමාගම්, විශේෂයෙන්ම විදුලි උපකරන සමාගම්, අභිබවා යෑම පිලිබඳ කාරනයට බැරකල හැකි නමුත් සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයේම ප්රවනතා පිලිඹබිඹු කරන පුලුල් ක්‍රියාවලීන් දිගහැරෙමින් තිබේ.
1980 ගනන් අවසන් කාලයේ ලෝකයේ ඉහලින්ම අගය කලේ ජපන් වත්කම්ය. එහෙත් මෙය බොහෝකොටම දැවැන්ත නිෂ්චල දේපොල හා මූල්‍ය බුබුලක ප්‍රතිපල වශයෙන් සිදුවූවකි. 1990 ගනන් වලින් ඇරඹුනු එහි පිපිරීම නිකේ කොටස් වෙලඳපොල දර්ශකය ඒකක 39,000ක් තරම් ඉහල අගයක සිට අද පවතින ඒකක 9,000 මට්ටමට ඇද වැටුනි.
පසුගිය දශක දෙක පුරා බලයට පත් ජපන් ආන්ඩු, ජපාන මහ බැංකුව ද සමග එක්ව උත්තේජක හා ආන්තිකව පහත් නය පැකේජ සමගින් ආර්ථිකය පුනර්ජීවනය කිරීමට උත්සාහ දැරීය. කිසිවක් පල දැරුවේ නැත. ආර්ථිකය දැන් හුරු පුරුදු රටාවක් අනුව ගමන් කරයි. එනම්, කුමන හෝ ආර්ථික වර්ධනයක් ඉතා කෙටි කාලයකින් පසුව අවපාතයකට ලුහුටා යාමයි.
මෙහි ප්‍රතිපල වශයෙන් ජපානයේ දල දේශීය නිෂ්පාදිතය එකතැන පල්වෙයි. 2011දී එරට දදේනි 2005ට සමාන යෙන් ට්‍රිලියන 537ක රැඳී තිබුනි. දදේනි සංඛ්‍යා උද්ධමනයට ගැලපූ කල අද ජපාන ආර්ථිකය 1993 තිබූ මට්ටමේම පවතියි.
කෙසේ වෙතත් අද ආර්ථික තත්වය වඩාත් බරපතල ප්‍රශ්න මතුකරයි. මක්නිසා ද යත්, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා අවශේෂ ලෝකයේ ගැඹුරු වන පසුබෑම ජපාන අපනයනයන්ට පහර දෙන අතර ඒ නිසා ආන්ඩුවේ නය ආපසු ගෙවීම කෙරෙහි බලපාන බැවිනි.
ලෝකයේ වඩාත්ම නයගැති ආන්ඩුව ඇත්තේ ජපානයේය. එක්සත් ජනපදයේ ආන්ඩු නය දදේනි සියයට 100කි. ඉතාලියේ එය 120ක් ද ග්‍රීසියේ 150ක් ද වෙයි. එහෙත් ජපානයේ එය සියයට 230කි. එය යුරෝ කලාපයේ සාමාජික රටවල් 17ම ඒකාබද්ධ නය ප්‍රමානයට වඩා වැඩිය.
මේතාක් දුරට නය පියවීම සිදුවූයේ ජාතික සම්පත් යොදාගැනීමෙනි. එහෙත් වෙලඳ හා ජංගම ගිනුමේ ශේෂය හිගයක් ලෙස දිගටම පැවතුනෙහාත්, ගැඹරුවන ලෝක පසුබැම හා ලොව ප්‍රධාන අපනයන වේදිකාවන් බවට පත්ව තිබෙන චීනය හා අනෙකුත් අඩු පිරිවැය රටවල භූමිකාව හමුවේ, සිය මූල්‍ය ප්‍රතිපාදන සඳහා ජපානය එන්ට එන්ටම ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල පිහිට පැතීම බොහෝකොටම සිදුවිය හැකි තත්වයකි. අරමුදල් ගලාඒමේ හැකිලීමක් හෝ වර්තමානයේ ඓතිහාසික මට්ටමකින් පහත් පොලී අනුපාතික ඉහල නැඟීමක් හෝ මූල්‍ය අර්බුදයක් ලිහා හරිනු ඇත.
ජපාන ආර්ථිකයේ වර්ධනය වන අර්බුදය ගෝලීය වැදගත් කමක් දරයි. ඒ එය ලෝකයේ තුන්වන ලොකුම ආර්ථිකය වීම නිසා පමනක් නොවේ. එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකු විසින් ගෙනයනු ලබන "ප්රමානාත්මක ලිහිල්කිරීම්” හා එහි විවිධ පැති සහිත වැඩපිලිවෙල මුලින්ම වර්ධනය වූයේ ජපානයේය. එහෙත් ආර්ථික පුනරුදයක් ඇතිකරනවා වෙනුවට එය නිර්මානය කලේ ප්‍රධාන මූල්‍ය අර්බුදයක කොන්දේසිය.
ජපාන ආර්ථික අර්බුදයේ දේශපාලන මිම්මක් ද පවතියි. එය සලකුනු කරන්නේ, ජපාන කම්කරු පන්තිය ලොව පුරා සිටින සිය සහකරුවන් මෙන්ම එලඹෙන අවධියේදී ප්‍රධාන දේශපාලන හා සමාජ අරගලයන්ට ඇද දමන බවයි.
නික් බීම්ස්
Follow us on