ජර්මානු ඉතිහාසඥයින්ගේ සමුලුවේදී පැවැත්වූ ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා රැස්වීම
Meeting in defense of Leon Trotsky at German Historians Conference
By our correspondents , 29 September 2012
තුන්දහසක් දෙනාගේ සහභාගිත්වයෙන් වර්ෂයකට දෙවරක් පැවැත්වෙන සමුලුව යුරෝපයෙහි එම වර්ගයේ විශාලතම විද්‍යාත්මක සහභාගිත්වයක් සහිත සමුලුවයි. වෘත්තීය ඉතිහාසඥයින්, ඊට සම්බන්ධ ශික්ෂාවන්ට සම්බන්ධ විශේෂඥයින්, ගුරුවරුන් හා සාමාන්‍ය ජනතා සාමාජිකයින් මෙ මගින් එකට එක්කරයි.
නොර්ත් හා මහාචාර්ය කෙස්ලර් විසින් අමතන ලද රැස්වීමේ මාතෘකාව ඉමහත් උනන්දුවක් ජනිත කලේය. දේශනා ශ්‍රවනය කිරීම පිනිස, ඉතිහාසඥයින්ගේ සමුලු නියෝජිතයින් ද ඇතුලු ජර්මනියේ විවිධ ප්‍රදේශ වලින් ඇදී ආ 150ක් පමන අයගෙන් "මස්චෙල්” හෙවත් කටුව යන ඊනියා අර්ථයක් ඇති පේ්රක්ෂකාගාරය පිරී තිබුනි.
මේරිංග් ප්‍රකාශකයින් විසින් සංවිධානය කරන ලද රැස්වීම සාර්ථක කර ගැනීම සඳහා අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් හඳුන්වාදීමේ කථාව කල වොල්ෆ්ගෑන්ග් වෙබර් ජර්මානු ඉතිහාසඥයින්ගේ සංවිධානයට හා ජර්මානු ඉතිහාසඥයින්ගේ සමුලුවට ස්තුතිය පුද කලේය. මේන්ස් නගරයේ විප්ලවවාදී ඉතිහාසය වෙබර් සිහිපත් කලේය. 1793දී ප්රන්ස විප්ලවයෙන් උද්යෝගිමත් කල ජර්මානු භූමිය මත පලමු ධනේශ්වර ප්රජාතන්ත්රවාදී රාජ්‍යය එහි ස්ථාපනය කෙරුනි. මේන්ස් සමූහාන්ඩුවේ ප්‍රථම කැපී පෙනෙන පුද්ගලයා වූයේ ජෝර්ජ් ෆොස්ටර්ය. ඔහු ජීවිත කාලයක් පුරා සත්‍යය ගවේෂනය සඳහා වෙහෙස වූ අයෙක් බව වෙබර් පැවසීය.
රැස්වීමේ පලමු කථිකයා වූයේ ඩේවිඩ් නෝර්ත්ය. 2010දී ප්‍රකාශයට පත්කලIn Defense of Leon Trotsky ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා යන ඔහුගේ ඉංග්‍රීසි කෘතිය හා එහි දෙවන ජර්මානු සංස්කරනය සමුලුවට ඉදිරිපත් කරන ලදී. මෙම කෘතිය, කතුවරයා "ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලය” ලෙස සඳහන් කල ප්රවනතාවයේ කොටසක් ලෙස පල කරන ලද, ඉයන් තැචර්, ජෙෆ්රි ස්වේන් හා රොබට් සර්විස් යන බි්රතාන්ය මහාචාර්ය වරුන් විසින් රචිත ට්‍රොට්ස්කිගේ මෑත චරිතාපදානයන්ට එරෙහි විවාදයකි.
නෝර්ත් පැහැදිලි කල පරිදි මෙම කෘතීන්, ලියොන් ට්‍රොට්ස්කි ගැන ලොව පුරා අලුතෙන් දැල්වුනු උනන්දුව කෙරෙහි පලවූ ප්‍රතිචාරයක් වන අතර එය දියකර යටපත්කර දැමීමට මනාප වූ අයගේ දෘෂ්ටි ආස්ථානයෙන් රචනා කර තිබේ. නෝර්ත් ලේඛනගත කල පරිදි, මේ අරමුන ඇතිව කතුවරු, මඩගැසීම්, විකෘතීන් හා අමූලික ඓතිහාසික මුසාකරනයන්ගේ පිහිට පැතූහ.
සිය කරුනු දැක්වීමේ දී නෝර්ත්, දැනටමත් තම කෘතිය දෙවන සංස්කරනයට එලඹ තිබීමේ කාරනයෙහි වැදගත්කම ගැන සඳහන් කලේය. "වාසනාවකට මෙන් ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා කෘතිය බෙහෙවින්ම මූලධර්මාත්මක විද්වතුන් ගනනාවකගේ අවධානය දිනාගෙන ඇති” බව ඔහු පැවසීය.
"මහාචාර්ය බර්ට්‍රන්ඩ් පැටිනෝඩි, 2011 ජූනි මාසයේදී American Historical Review හි (ඇමරිකානු ඓතිහාසික විමර්ෂන) මාගේ කෘතිය හා රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය පිලිබඳව ඒකාබද්ධ විමර්ෂනයක් පලකල අතර එය මහත් අවධානයක් දිනාගත්තේය.” ඉන් පසුව ප්රමුඛ යුරෝපීය ඉතිහාසඥයින් හා දේශපාලන ශාස්ත්රඥයින් 14 දෙනෙක් ඉදිරිපත් කල ලිපියකින් "ඔහුගේ කෘතිය ඓතිහාසික ලේඛන කලාවේ විකාරයක්” යන පදනමෙන් සර්විස්ගේ පොත පලකිරීමෙන් වලකින ලෙස සූර්කාම්ප් නම් ජර්මානු ප්‍රකාශන ආයතනයෙන් ඉල්ලා සිටියහ.
මහාචාර්ය කෙස්ලර් ද ඇතුලු එම අයගේ ලිපිය තුල, "රුසියානු විප්ලවයේ ස්වභාවය, 1917 බොල්ෂෙවිකයන්ගේ නායකත්වයෙන් සිදුවූ නැගිටීම, සෝවියට් තන්ත්රයේ ස්වභාවය ද දේශපාලන සංකල්ප හා ලියොන් ට්‍රොට්ස්කිගේ ඓතිහාසික ක්‍රියාකලාපය පිලිබඳව ද තියුනු ලෙස විසංවාදී දෘෂ්ටීන් අන්තර්ග වී යයි” නෝර්ත් පැවසීය. ඔහු හා කෙස්ලර් ලියොන් ට්‍රොට්ස්කිගේ චරිතාපදානයන් රචනා කලේ නම්, නිසැකවම ඒවා වෙනස්වූ කෘතීන් වනු ඇතැයි හෙතෙම පැවසීය. "එහෙත් අප දෙදෙනාම කටයුතු කරනු ඇත්තේ සැබෑ ඓතිහාසික වාර්තාවට අනුකූලවය.”
එතරම්ම සංකීර්න හා වැදගත් චරිතයකින් හෙබි ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳව චරිතාපදානයක් ලිවීමේ කර්තව්‍යය තුලදී ඉතිහාසඥයා විසින් එම පුද්ගලයා හා ඔහු ජීවත්වූ යුගය වටහා ගැනීම පිනිස අවශ්‍ය කාලය කැපකල යුතුයයි ඉල්ලා සිටිනු ලබන බව නෝර්ත් අවධාරනය කලේය. වෛෂයික වර්ධනය සමග පොරබදන ලේඛන රාශියක් හැදෑරීම පිනිස ඔහුව කැඳවනු ලබයි. සාධක එහෙන් මෙහෙන් හෝ පක්ෂග්රාහී ආකාරයකට තෝරාගැනීමේ හැකියාවක් නොමැති අතර ඒවා සත්‍යවාදීව ඉදිරිපත් කල යුතුය.
රොබට් සර්විස්ගේ චරිතාපදානය පිලිබඳ තමන්ගේ විශ්ලේෂනය පෙන්නුම් කර ඇත්තේ එය, ඓතිහාසික පරියේෂනයේ විකාරයක් නිරූපනය කරන්නේය යන්නයි. ඉතිහාසඥයින් 14 දෙනාගේ ලිපිය ඉතා නිවැරදිව පෙන්නුම් කරන ආකාරයකට එම චරිතාපදානය "අපභාෂනයකි.”
පිටු 500න් සමන්විත සර්විස්ගේ කෘතියෙහි පිටු හතරක් තුල සොයාගත හැකි ඓතිහාසික මුසාකරනයන් පිලිබඳ නිදසුන් ගනනාවක් නෝර්ත් ගෙනහැර දැක්වීය. ඓතිහාසික මුසාකරනයන්හි සුලභත්වය, ට්‍රොට්ස්කිගේ "සැබෑ ඓතිහාසික පෞරුෂය පිලිබඳ දැවැන්ත සරදමක්” නිර්මානය කිරීමට සේවය කර තිබේ. වත්මන් ප්‍රති කොමියුනිස්ට්වාදීන්ගේ දේශපාලන අවශ්‍යතාවන්ට මුලුමනින්ම අනුකූල වන "ට්‍රොට්ස්කි” කෙනෙක් පාඨකයාට මුනගැසෙනු ඇත. නෝර්ත් පෙන්වා දුන්නේය.
නිව් සූචර් සේටුං පුවත්පත තුල සර්විස්ගේ කෘතිය ආරක්ෂා කල ඉතිහාසඥ උල්රිච් ස්කිමිඩ් පිලිබඳව ද නෝර්ත් කරුනු දැක්වීය. "ස්කිමිඩ් තර්ක කරන්නේ ඉතිහාසඥයෙක් ලෙස නොව සුලු ධනපති සදාචාරවාදියෙක් ලෙස” යයි නෝර්ත් පැවසීය. උමතු සහගත ලෙස ට්‍රොට්ස්කි හෙලාදැකීමේදී සර්විස්ගේ පරිසිද්ධිමය දෝෂ හෙලිදරව් කිරීම සාරධාර්මික පදනමක සිදුවිය නොහැකිය යන්න ඔහුගේ ආස්ථානයයි.
"බැරෑරුම් ඉතිහාසඥයෙක් සදාචාරමය ප්‍රශ්න පිලිබඳව නොතකා සිටින්නේ නැත. එහෙත් සදාචාරමය හෙලාදැකීම නියමයක් බවට පත්වන විට එය, වෘත්තාන්තයේම තර්කනයක නොවැලැක්වියහැකි බලයකින් මතුවී ආ යුතුය. ඉතිහාසඥයාට ඔහුගේ ‘සදාචාරමය’ තර්කය ගොඩනැගීමේ අරමුනෙන් ඓතිහාසික වාර්තාව සැඟවීමේ හෝ විකෘති කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගියි.”
සර්විස්ගේ චරිතාපදානය තුල මුසාකරනයේ හේතු මේවාය. එනම්, "ට්‍රොට්ස්කි නින්දිත නැත්නම් සාපරාධී දේශපාලන චරිතයක් ලෙස නිරූපනය කිරීමේ ඔහුගේ වෑයම තිරසාර කිරීමේ අවශ්‍යතාවය සඳහා ඓතිහාසික වාර්තාවෙන් ආම්පන්න සපයා ගැනීමට ඔහුට නුපුලුවන් වීමයි. එබැවින්, 1930 ගනන්වල ස්ටැලින් කලාක් මෙන්, ඔහුගේ අරමුන මුදුන්පත් කර ගැනීමට පටබැඳීම්, අර්ධ සත්‍යයන් හා අමූලික මුසාවාදවල පිහිට පැතීමට ඔහුට සිදු විය.”
ලෝක සමාජවාදී වෙබ් අඩවිය නෝර්ත්ගේ කරුනු දැක්වීම ඉදිරියේදී සම්පූර්නයෙන් පලකරනු ඇත.
සිය ප්රතිපදානයේදී මහාචාර්ය කෙස්ලර් සර්විස්ගේ චරිතාපදානය පිලිබඳ නොර්ත්ගේ විවේචන පිලිබඳව සිය පූර්න එකඟතාවය පල කලේය.
එවන් කෘතියක් එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රනාලය, එක්සත් රාජධානියේ මැක්මිලන් හා වඩාත් මෑතකදී ජර්මනියේ සූර්කාම්ප් වැනි ප්රමුඛ පෙලේ ප්‍රකාශකයින් විසින් පලකරන්නට යෙදුනේ කුමක් නිසා ද යන ප්‍රශ්නයට කෙස්ලර් යොමු විය. දැනට තෙවසරකට පමන පෙර තමන් එක්සත් ජනපදයේදී එම කෘතිය කියවන කල, එය එතරම් තියුනු දේශපාලන ප්‍රශ්නයක් වනු ඇතැයි කියා හෝ පලමුව ඇන්ග්ලෝ සැක්සන් ලෝකයේ ද දැන් ජර්මනියේ ද මෙතරම් ආන්දෝලනයකට තුඩුදෙනු ඇතැයි කියා හෝ ඔහුට සිතාගත නොහැකිවූ බව කෙස්ලර් පැවසීය.
ප්‍රධාන නලුවා වන ලියොන් ට්‍රොට්ස්කි ගැන හෝ ඔහුගේ ඓතිහාසික අවධිය ගැන බැරෑරුම් යමක් පැවසීම සඳහා චරිතාපදානය තුලින් අවස්ථාවක් සලසා ගැනීමට රොබට් සර්විස් අසමත්වී තිබේ යයි කෙස්ලර් පැවසීය. හේතුව අති සරලය. සර්විස්ට ට්‍රොට්ස්කි පෙනී ගියේ, ප්‍රථම ලෝක සංග්‍රාමය වැනි ම්ලේච්ඡත්වයේ යුගයකට දොර විවෘත කල හා සමාජ ගැටලු වලට ද යුද්ධය හා සාමය පිලිබඳ ප්‍රශ්නවලට ද විසඳුමක් ඉල්ලා සිටි, සමාජ වෙනස්කම් සහිත යුගයක පාර්ශවකරුවෙකු ලෙස නොව කොමියුනිස්ට්වාදී කුමන්ත්රනයක කොටස්කරුවෙකු ලෙසයි.
සර්විස්ගේ අවධාරනයන්ට විපරීතව, ට්‍රොට්ස්කි ගැන චරිතාපදානයක් ලිවූ ට්‍රොට්ස්කිවාදියෙකු නොවූ පලමුවැනියා සර්විස් නොවීය. බරුක් නේ පැස් වැනි ට්‍රොට්ස්කිවාදීන් නොවන බොහෝ දෙනෙක් ඔහු පිලිබඳව ලියා ඇත.
1950 ගනන් මුල පටන්, ඊ.එච්. කාර් විසින් ලිවූ සෝවියට් රුසියාවේ ඉතිහාසය (The history of Soviet Russia), ලෙනාඩ් ෂාපිරෝ විසින් රචිත සෝසකොප ඉතිහාසය History of the CPSU හා ඉන් පසුව පලවූ වෝල්ටර් ලැකුඅර්ගේ පොත්පත් වැනි බහු වෙලූම් කෘතීන් එංගලන්තයේදී ද එක්සත් ජනපදයේදී ද පලවී තිබේ. සර්විස් මෙන් නොව මේ සියලු කතුවරු "රුසියානු විප්ලවය වැනි පුලුල්ව පැතිරගිය විප්ලවයක් පිලිබඳ ප්රශ්නය, යමෙකුට විස්තර කලහැකි වන, යමෙකුගේ පශ්චාත්තාපයට හේතුවන හා යමෙකුට එය හෙලාදැකීමට පවා හැකිවන බව වටහාගත් බව කෙස්ලර් පැවසීය. එහෙත් එවන් විප්ලවයකට සුවිශේෂී සමාජ මූලයන් පවතින්නේය. කුමන ආකාරයක හෝ මානවවාදී මගකින් සමාජ ප්‍රශ්න විසඳීමට බලයේ සිටින අයගේ නොහැකියාව හා නොකැමැත්ත තුල මෙම මූලයන් රැඳී තිබේ.
රොබට් සර්විස්ගේ කෘතිය වැනි පොත පත වැඩි කලක් නොපවතින ජයග්රහන අත්කර ගැනීමට සමත්ව ඇති තැනකට "බුද්ධිමය සංස්කෘතිය” ගිලාබැස ඇත්තේ කුමක් නිසා ද යන ප්රශ්නය ගැන කෙස්ලර් කතා කලේය. සච්සෙන්හෝසෙන් යන නාසි වධක කඳවුරේ සිට දිවි ගලවාගත් සූර්කාම්ප් වර්ලෙග් හි නිර්මාතෘවරයා වූ පීටර් සූර්කාම්ප් නිසැකවම සර්විස්ගේ වැනි කෘතියක් පලකිරීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඔහු පැවසීය. කෙස්ලර්, සංස්කෘතියේ මෙම පරිහානිය, වත්මන් ශාස්ත්රාලික පරම්පරාවේ බොහෝ දෙනෙක් පුහුනුව ලැබූ එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් හා බි්රතාන්ය අගමැති මාග්‍රට් තැචර් සමග ආරම්භවූ අවධියේ ප්රතිගාමී නැඹුරුව වෙත පැවරීය.
දේශන වලින් පසුව සජීවී සාකච්ඡාවක් ආරම්භ වූ අතර නෝර්ත් මෙන්ම කෙස්ලර් ද ශ්රවනාගාරයෙන් අසන ලද ප්‍රශ්න වලට පිලිතුරු දුන්හ. බලය යොදාගැනීම හා ප්රජාතන්ත්රවාදය පිලිබඳව ට්‍රොට්ස්කිගේ ආකල්පය කෙරෙහි බොහෝ ප්‍රශ්න යොමුව තිබුනි.
විප්ලවය හා ප්රචන්ඩත්වය පිලිබඳ ප්‍රශ්න වලට බොහෝ ඉතිහාසඥයින් පිවිසෙන්නේ සුලු ධනපති සදාචාරවාදියෙකුගේ දෘෂ්ටි ආස්ථානයෙන් බව නෝර්ත් පෙන්වා දුන්නේය. ඔවුන්ගේ ප්රවිෂ්ටය, "ට්‍රොට්ස්කි විප්ලවවාදියෙකු වූයේ කුමක් හෙයින් ද? ඒ වෙනුවට ඔහුට ලිබරල් වාදියෙකු විය නොහැකිවී ද යන තැනට ගමන් කලේය.
බොල්ෂෙවිකයින් සටන් වැදුනු යුගයේ යථාර්තය මෙම දෘෂ්ටිය මගින් මුලුමනින්ම නොතකා හරින බව නෝර්ත් පැවසීය. සිවිල් යුද්ධයට පෙරාතුව පවා රුසියාව පාරාදීසයක් වූයේ නැත. 1914ට පූර්වයෙන් රුසියානු සමාජය කෲරත්වයට පත්කොට තිබුනු අතර මෙම ක්‍රියාවලිය පලමු ලෝක යුද්ධය මගින් උත්සන්න කෙරුනි.
තම අසාර්ථකත්වය කුමන තත්වයකට තුඩුදෙනු ඇතැයි ද යන්න පිලිබඳව විප්ලවය අවධියේදී බොල්ෂෙවික් පක්ෂ නායකයෝ, බෙහෙවින් සාවධාන වූහ. පැරිස් කොමියුනයේ පරාජයෙන් පසුව 20,000ක් විප්ලවවාදී කම්කරුවන් ඝාතනය කිරීමට ලක්වීමේ මතකය තවමත් ජීවමානව පැවතුනි.
සුලු ධනපති ප්රජාතන්ත්රවාදීන්ගේ ඉදිරිදර්ශනයට අනුව බොල්ෂෙවිකයින් සිදුකල අපරාධ, ඔවුන් විප්ලවය සමග සෙල්ලම් නොකල බව හා එය බැරෑරුම්ව සැලකූ බව පිලිගැනීමකැයි නෝර්ත් පැහැදිලි කලේය. ඔවුන් 1973 චිලියේ සැල්වඩෝර් ඇලන්ඩේ මෙන් හැසිරුනේ නම්, එම විවේචකයින්ම අද දිනයේදී ඔවුන් "ශ්‍රේෂ්ඨ මිනිසුන්” ලෙස සලකනු නොඅනුමානය.
ඊට සමාන ආකාරයකින් ප්‍රතිචාර දැක්වූ කෙස්ලර් ද පෙන්වා දුන්නේ, ට්‍රොට්ස්කි හා බොල්ෂෙවිකයින් විසින් බලය යොදාගැනීම ඓතිහාසික සන්දර්භයෙන් වෙන්කල නොහැකි බවයි. විප්ලවයෙන් පසුව එලඹුනු සිවිල් යුද්ධයේ උච්ඡතම අවස්ථාවේදී පක්ෂය හා හමුදාව තුල ප්රජාතන්ත්රය අහෝසි කිරීම සම්බන්ධයෙන් ද එය අදාල වන්නේය.
රුසියාව තුල සාගතය හා විනාශකාරී තත්වයන් පැවතුනේ යුද්ධය හා සිවිල් යුද්ධය නිසා බව යමෙකු අමතක නොකල යුතුයයි කෙස්ලර් පැවසීය. මෙම සන්දර්භය තුල "යුද්ධය, ඊට නොදෙවෙනි ආකාරයෙන් සිවිල් යුද්ධය, මානවවාදයේ පාසැලක් ලෙස කිසිවෙකුත් කිසිවිටෙකත් සලකනු නැතැයි” ට්‍රොට්ස්කි ලියා ඇති බව ඔහු සිහිපත් කලේය.
Follow us on