ආසියානු සංචාරයේදී ක්ලින්ටන් චීනය සමග ආතතීන් අවුලුවයි
Clinton stokes up tensions with China on tour of Asia
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇගේ මෑතම ආසියානු සංචාරය නිමා කලේ, නාවික ක්ෂේත්රයේ විවිධාකාර ආරවුල් මුල්කරගෙන කලාපය පුරා පැනනැඟී ඇති ආතතීන් නිමාකර ගැනීම පිනිස කෙරුනු නරුම ආයාචනයක් සමගිනි. මධ්‍යස්ථභාවයේ හඬක් නැඟීම වෙනුවට ක්ලින්ටන් සිය දින දහයක සංචාරයේ සෑම අදියරක දී ම යෙදී සිටියේ චීනය හුදෙකලාකොට වැටලීමේ ඔබාමා පාලනයේ උත්සාහය ඉදිරියට ගැනීමට ය. විශේෂයෙන් දකුනු චීන මුහුදු ප්‍රදේශයේ ආරවුල් ඇවිස්සීමට ඇය සිතාමතාම මැදිහත් විය.
ව්ලැඩිවොස්ටොක්හි පැවති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා (ඒපෙක්) සමුලුවේදී පසුගිය සති අන්තයේ මාධ්‍යකරුවන් වෙත ඇය මෙසේ පැවසීය. "අප කතාකරන්නේ දකුනු චීන මුහුද හෝ නැගෙනහිර චීන මුහුද යන දෙකෙන් කවර දේ ගැන වුවත් සෑම දෙනා වෙත කෙරෙන මගේ පනිවිඩය එකක්මය. ආතතීන් අවම කර ගැනීමට සෑම දෙනෙකුම වෑයම් කල යුතු කාලය මෙයයි.” කලාපීය ප්‍රශ්න වඩාත් බැරෑරුම් ගැටලු බවට පත් නොවීම සහතික කිරීමට සහාය වීම සඳහා ආසියානු රටවල් සමග සමීපව වැඩ කිරීමට ඇය පොරොන්දු වූවාය.
පසුගිය තුන් වසර තුල එක්සත් ජනපදය කර ඇත්තේ හරියටම එහි අනෙක් පැත්තයි. ඔබාමා පාලනයේ ඊනියා ආසියාවට හැරීම යන පිලිවෙතේ රාජ්‍ය තාන්ත්‍රික හී තුඩ වූයේ ඇයයි. 2009 මැද භාගයේ ආසියානු ඇමතිවරුන්ගේ සමුලුවක දී ඇය කියා සිටියේ එක්සත් ජනපදය "යලිත් ගිනිකොනදිග ආසියාවට පැමින සිටින” බවයි. ඊට පසු වර්ෂයේ මැද ක්ලින්ටන්, දකුනු චීන මුහුදේ "නාවික ගමනාගමනයේ නිදහස” සුරක්ෂිත කර ගැනීම වොෂින්ටනයේ "ජාතික අවශ්‍යතාවක්” බව කියා සිටියාය. කලින් කලාපීය ප්රශ්නයක්ව තිබූ මෙම කාරනයට ඇගේ ඇඟිලිගැසීම "මුලුමනින්ම චීනයට එල්ල කල ප්‍රහාරයක්” ලෙස හැඳින්වීමට චීන විදේශ ඇමති යැන් ජිචී පෙලඹවීය.
ඇගේ මෑතම සංචාරයේදී ක්ලින්ටන්, දකුනු චීන මුහුදේ ආරවුල් නියාමනය පිනිස "චර්යාධර්ම පද්ධතියක්” වෙනුවෙන් චීනයට බලකිරීම පිනිස එක්සත් වන ලෙස ආසියාන් රටවලින් යලි යලිත් ඉල්ලා සිටියාය. නාවික ගමනාගමනය පිලිබඳව ගිනිකොනදිග ආසියානු රටවල් සමග තම අයිතිවාසිකම් පෑම ගැන පැනනැඟී තිබෙන ගැටුම් ද්විපාර්ශවිකව සාකච්ඡා කල යුතු යයි චීනය කරන අවධාරනය එක්සත් ජනපදයේ යෝජනා නිසා කෙලින්ම අභියෝගයට ලක් වෙයි. ක්ලින්ටන් යලිත් මෙම ප්රශ්නය බීජිනයේදී මතුකල විට රාජ්‍ය මාධ්‍යයන් තුල සතුරු ප්‍රතිචාර පැනනැංවීය.
විවිධ ආරවුල් පිලිබඳව තමන් මැදහත් ආස්ථානයක් ගන්නා බව ඔබාමා පාලනය කියා සිටිය ද එහි මැදිහත්වීම් ෆිලිපීනය හා වියට්නාමය සිය නාවික කටයුතු පිලිබඳ හිමිකම් වඩාත් ආක්රමනශීලී ලෙස ඉදිරියට ගැනීම සඳහා දිරිගැන්වීමක් විය. වොෂින්ටනයේ "මැදහ්භාවය” හුදු මවාපෑමක් පමනි. පසුගිය නොවැම්බරයේදී ක්ලින්ටන්, මැනිලාහි එක්සත් ජනපද යුද නැවක් මත පෙනී සිටිමින් එක්සත් ජනපදය හා ෆිලිපීනය අතර සවිමත් මිලිටරි බැඳීම් පිලිබඳව යලි අවධාරනය කලාය. එහිදී ඇය ප්රකෝපකාරී ලෙස දකුනු චීන මුහුද දේශීය නමකින් එනම්, "බටහිර ෆිලිපීන මුහුද” ලෙස හැඳින්වීය.
කලාපයේ මිලිටරි බලය තරකිරීමේ සිය උත්සාහය තුල වොෂින්ටනය, විශේෂයෙන්ම ෆිලිපීනයේ නාවික හමුදාව තර කිරීමේ අරමුනෙන්, එරටට ආරක්ෂක ආධාර සපයයි. එසේම දෙරට නව කඳවුරු පහසුකම් සැලසීම පිලිබඳව ද සාකච්ඡා කරයි. එය, එක්සත් ජනපදයට ඕස්ට්‍රේලියානු ගුවන් හා නාවික කඳවුරු පහසුකම් සැලසීම පුලුල් කිරීම ද ඩාවින්හි මැරීන් භටයින් ස්ථානගත කිරීම ද සම්බන්ධයෙන් පසුගිය නොවැම්බරයේදී ජනාධිපති ඔබාමා කැන්බරා වෙත පැමිනි අවස්ථාවේ ඇතිකරගත් ගිවිසුමට සමානවේ. පෙන්ටගනය සිංගප්පූරුවේ යුද නැව් ස්ථානගත කිරීම ද තායිලන්තයේ හා වියට්නාමයේ වරායන් හා කඳවුරු වෙත ලඟාවීමට ද උත්සාහ දරමින් සිටියි. මෙම පියවරයන්, මැදපෙරදිග හා අප්‍රිකාවේ සිට කෙරෙන සිය බලශක්ති හා අමුද්‍රව්‍ය ආනයනය මත රැඳී සිටින චීනයේ ගිනිකොනදිග ආසියාවේ වැදගත් නාවික මාර්ග මත ඇමරිකාවේ ආධිපත්‍ය සහතික කර ගැනීමේ පුලුල් මූලෝපායක කොටසක් වන්නේය.
එක්සත් ජනපදය හිතාමතාම ගිනි අවුලුවන එකම අනතුරුදායක ස්ථානය දකුනු චීන මුහුදු ප්‍රදේශය පමනක් නොවේ. ඔබාමා පාලනය චීනයට එරෙහිව භූමි භාගයන් පිලිබඳව ජපානයේ හිමිකම් පෑම් දැඩිකිරීමට එරට දිරිගන්වා තිබේ. එහි ප්‍රතිපල වශයෙන් චීනය ඩයෝයු යයි හඳුන්වන අර්බුදකාරී සෙන්කකු දිවයින් පිලිබඳ ආරවුල මත දෙරට අතර ආතතීන් උත්සන්න වනු ඇත. ජපානයේ වෙරලාරක්ෂක යාත්‍රාවක් සමග ගැටුනු බවට චෝදනා කරමින් එරට චීනයේ ධීවර යාත්‍රාවක කපිතාන් රඳවාගනු ලැබූ 2010 අගෝස්තුවේ, ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් පැනනැග්ගේය. භූමිභාගයන් පිලිබඳ මතභේදයන්හිදී "මැදහත් භාවය” ප්‍රකාශ කරන අතර ක්ලින්ටන් සිය ජපාන සහකරුවාට පැවසුවේ, චීනය සමග යුද්ධයකදී එක්සත් ජනපද-ජපාන ආරක්ෂක ගිවිසුම යටතේ එක්සත් ජනපදය එරටෙහි ආධාරයට පැමිනෙනු ඇති බවයි.
හොංකොංහි චීන ජාතිකවාදීන් කන්ඩායමක් සෙන්කකු/ඩයෝයු දිවයිනකට ගොඩබැසීමේ සිද්ධිය මුල්කරගෙන දක්ෂිනාංශික ජපාන ක්‍රියාකාරීන් කන්ඩායමක් ද එයම කිරීම මත, ප්රශ්නය පසුගිය මාසයේදී යලිත් පැනනැංගේය. චීනය සමග ඝර්ෂනය වඩාත් සංකීර්න කරමින් ජපාන අගමැති යොෂිහිකෝ නෝඩා ප්රකෝපකාරී ලෙස ප්‍රකාශ කලේ, තම ආන්ඩුව ජපන් ජාතිකයින්ගේ පාලනයේ පවතින දිවයින් එහි පෞද්ගලික හිමිකරුවාගෙන් මිලට ගන්නා බවය. එය බීජිනය විසින් හෙලා දැක්කේය. නෝඩා හා චීන ජනාධිපති හූ ජින්ටාවෝ ඒපෙක් සමුලුවේදී කෙටි නිල නොවන සාකච්ඡාවක් පැවැත්වූ නමුත් කිසිවක් විසඳුනේ නැත.
මෙම ගැටුම් හමුවේ ක්ලින්ටන් කිසිදු මධ්‍යස්ථ භාවයක් පෙන්නීමට උත්සාහ නොකිරීම මවිතයට කාරනයක් නොවේ. ගිනිකොනදිග ආසියාවේ සිය ප්රමුඛ මිලිටරි බලවතුන් වන ජපානය හා දකුනු කොරියාව අතර ආතතීන් සමනය වීම ක්ලින්ටන්ගේ උන්නදුව දැක්වූ එකම කාරනයයි. “උනුසුම පහත හෙලා සහයෝගයෙන් එක්ව කටයුතු කිරීමේ මගක් සොයාගෙන” ඩොක්ඩෝ/ටකිෂීමා දිවයින් පිලිබඳ තම තමන්ගේ නොඑකඟතා විසඳාගන්නා ලෙස ඇය නෝඩා හා දකුනු කොරියානු ජනාධිපති ලී මියන්ග් බක්ගෙන් ඉල්ලා සිටියාය. පසුගිය මාසයේදී දිවයින් වෙත ජනාධිපති සංචාරයක යෙදෙමින් ලී හිතාමතාම ආතතීන් වැඩි දියුනු කලේය.
ඔවුන්ගේ අපකීර්තිමත් දේශීය ප්‍රතිපත්ති කෙරෙහි විරෝධය වෙනතකට හැරවීම පිනිස ලී මෙන්ම නෝඩා ද මෙම ප්රශ්නය මත ජාතිකවාදී මනෝගීන් උසිගන්වති. එහෙත් චීනය මැඬීමේ ඇමරිකානු උත්සාහයේ කොටසක් ලෙස සිය අනුචරයින් දෙදෙනා වඩාත් සමීප එකඟතාවකට ගෙනඒමේ වොෂින්ටනයේ උත්සාහයට, සියෝල් හා ටෝකියෝ අතර සිදුවන මෙම උනුසුම් වාද විවාද මගින් බාධා පමුනුවයි. එක්සත් ජනපදය රහස් තොරතුරු හුවමාරුකර ගැනීමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට දෙරට පොලඹවමින් සිටින අතර එය ජාතිකවාදී විරෝධතාවන්ට තුඩුදුන් කල ජූලි මාසයේදී, ලී ගිවිසුම අතහැර දැමීය. සම්බන්ධතා හරිගස්සා ගැනීමට ක්ලින්ටන්, ව්ලැඩිවොස්ටොක්හිදී ලී හා නෝඩා හමුවී කථාබස් කලාය.
ආසියාව තුලට කෙරෙන ක්ලින්ටන්ගේ අලුත්ම සංග්‍රාමය, සිය ආර්ථික පරිහානිය මගහරවා ගනිමින් ගෝලීය අධිපත්‍යය පවත්වා ගැනීමට ඇමරිකාවේ සුපිරි මිලිටරි ශක්තිය මත වාරුවී සිටින ඔබාමා පාලනයේ විදෙස් පිලිවෙතෙහි ගිනිගන්නා ස්වභාවය සලකුනු කරයි. ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේදී එක්සත් ජනපදය නව යටත්විජිත යුද්ධයන්ට මැදිහත්වූ අතර දැන් එම මධ්‍යම ආසියානු හා මැද පෙරදිග කලාපයේ සිට ආසියාව කරාවූ ඔබාමාගේ “හැරීම” හා චීනය සමග ගැටුමකට යාමත්, මානව වර්ගයාට දැවැන්ත අනතුරු ගෙන එයි. තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික අරමුනු වෙනුවෙන් දිවයින් ගැටුම් වැනි කලාපීය අර්බුද ගසාකෑම මගින් එක්සත් ජනපදය, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර විනාශකාරී ගැටුමකට මුලපුරා ඇත.
පීටර් සිමන්ඩ්ස්
Follow us on