යුරෝ කලාපයේ නය බර වැඩි වීමට පටන්ගෙන ඇත
Euro zone debt burden continues to rise
ස්ටෙෆන් ස්ටේන්බර්ග් විසිනි, 2013 ජූලි 24
යුරෝස්ටැට් සංඛ්‍යාලේඛන ආයතනයේ නවතම සංඛ්‍යාවන්ට අනුව, වසර තුනක සූක්ෂම කප්පාදු වැඩසටහනෙන් පසුව ද යුරෝ කලාපය පුරා නය බර වැඩි වීමට පටන්ගෙන ඇත.
22දා නිකුත්කල දත්ත වලට අනුව යුරෝ කලාපයේ රටවල් 17ක නය බර මේ වසරේ පලමු කාර්තුව අවසානයේ වාර්තාගත ඉහල මට්ටම් කරා ලඟාවී ඇත.
එම ආයතනයේ වාර්තාවන්ට අනුව යුරෝ කලාපයේ වාර්ෂික දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය නය 2013 පලමු කාර්තුව තුල වාර්තාගත සියයට 92.2 දක්වා ඉහල ගියේය. එය ඊට පෙර කාර්තුවේ සියයට 90.6ක් ලෙස ද වසරකට පෙර එම කාර්තුවේදී 88.2ක්ව ද පැවතුනි.
2008 අර්බුදයෙන් පසුව දරුනුම කප්පාදු වලට මුහුන දුන් පලමු යුරෝ කලාපීය රට වන ග්‍රීසියේ ඉහලම නය බරක් පවතින අතර මෑතකදී ඇතන්ස් පාලනය එහි හත්වන කප්පාදු අයවැය සම්මත කලේය. දදේනි සාපේක්ෂව එරට රාජ්‍ය නය සියයට 160.5කි. එය පසුගිය කාර්තුවේ පැවතුනේ 156.9ක් ලෙස ය. වසරකට පෙර එය පැවතුනේ සියයට 136.5ක් ලෙස ය.
ඊලඟට කලාපයේ ඉහලම නය බර පවතින ඉතාලියේ එය දදේනි සාපේක්ෂව සියයට 130.3කි. යුරෝපීය සංගමයේ සමස්ත රාජ්‍ය නය ද ඉහල ගොස් ඇත. රටවල් 21ක දදේනිට සාපේක්ෂව රාජ්‍ය නය වැඩිවී ඇති අතර පහත වැටී ඇත්තේ රටවල් 6ක පමනි.
නය අනුපාතය වැඩියෙන්ම ඉහල ගිය අයර්ලන්තය හා ස්පාඤ්ඤය යුරෝපීය සංගමයේ කප්පාදු හා ඇපදීම් වලට මුහුනපෑ රටවල් දෙකකි. දෙරටේ නය වර්ධන අනුපාතය පිලිවෙලින් සියයට 7.7ක් හා 4.0ක් වන අතර බෙල්ජියමේ එය සියයට 4.7කි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මහ බැංකුව හා යුරෝපීය කොමිසම යන ත්‍රිත්වය විසින් 2009 පටන් අනවන ලද කප්පාදු පියවර, යුරෝපියානු ආර්ථිකයන්හි මූල්‍ය හා අයවැය යථාවත් කිරීමේ එහි ප්‍රකාශිත අරමුනට කිසිදු සම්බන්ධයක් නැති බව මෙම සංඛ්‍යා මගින් තහවුරු කරයි. ඒ වෙනුවට රැකියා හා සමාජ සහන කප්පාදුව, යුරෝපය පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් විරැකියාවට හා දුප්පත් කමට ඇද දමනු ලැබ තිබේ. එය පන්ති සම්බන්ධතාවන් ප්‍රතිසංවිධානය කිරීමේ දැනුවත් වැඩපිලිවෙලකි. එක් ප්‍රතිපලයක් වශයෙන් බැංකුවල ධනය හා බලය ශක්තිමත් කර තිබේ.
බැංකුවල ලාභය යලි වතාවක් දැවැන්ත ලෙස ඉහල නගින අතර යුරෝපය පුරා ප්රමුඛ ව්‍යාපාර වස්තු වෙලඳපොලවල් 2007-08 කාලයේ එහි වාර්තා ගත මුදුන් කරා එලඹෙමින් තිබේ. බැංකු විසින් සපුරා ගනු ලබන අලුත් වාසනාවේ මූලය වන්නේ, යුරෝපීය මහ බැංකුව ද ඇතුලු මධ්‍යම බැංකු විසින් ඔවුන්ට නොමිලයේම වාගේ සම්පාදනය කරනු ලබන නයයි.
යුරෝපයේ ගැඹුරු වන පසුබෑම පිලිබඳ තවත් ඇඟවුමක්, ව්‍යාපාරයන්ට බැංකු විසින් දෙන නය එන්ට එන්ටම අඩුවෙමින් තිබෙන බව පෙන්වන සංඛ්‍යා ලේඛනයන්හි දැකගත හැකිය. යුරෝ කලාපයේ පෞද්ගලික අංශයට දෙන බැංකු නය මැයි දක්වා වන මාස තුන ඇතුලත සියයට 1.1න් පහත ගියේය. සාමාන්‍ය වැටීම සියයට 3කි. බදු ආදායම පහත වැටෙන තතු හමුවේ යුරෝපයේ ජාතික අයවැය හැකිලී යන විට, ප්රසාරනය හා අනාගත නිෂ්පාදනය සඳහා සමාගම්වල නය අවශ්‍යතා සපුරාගත නොහැකිව ඇත.
යුරෝපීය මහ බැංකුවෙන් (යුමබැ) පොලී රහිතව මුදල් නයට ගැනීම වඩාත් වාසිදායක බව බැංකු විසින් වටහාගෙන තිබේ. ඉන්පසුව එම අරමුදල් සමහර අවස්ථාවලදී සියයට 6-7 අතර පොලියක් ලැබෙන ආන්ඩුවේ බැඳුම්කර මිලට ගැනීම හා විකිනීමට යොදාගනියි.
මෙම ක්‍රියාවලියේදී යුමබැට තමන්ගේ පැත්තෙන්, වැඩි ලාභයක් අපේක්ෂා කල හැකිව තිබේ. “ඇපදීම් මධ්‍යම බැංකුවල ලාභය සඳහා හැරවිය හැකිය” යන සිරස්තලය යටතේ ෆිනෑන්ෂල් ටයිම්ස්හි 23දා පලවූ ලිපියක්, මේ දක්වා දකුනු යුරෝපය තුල කල ආයෝජන සඳහා යුමබැට යුරෝ බිලියන 70-80 ප්‍රමානයක ප්රතිලාභ අපේක්ෂා කල හැකි යයි සඳහන් කලේය. ග්‍රීක රාජ්‍ය නය සඳහා කල ආයෝජනයෙන් පමනක් එයට යුරෝ බිලියන 9ක් පමන උපයාගත හැකිය.
යුරෝපයේ දැකගත හැකි අවධමනාත්මක ප්රවනතා එහි ලොකුම ආර්ථිකය තුල ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න මාධ්‍ය විසින් මුලුමනින්ම පාහේ නොසලකා හැර ඇත. මහ මැතිවරනය සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත අතර යුරෝ අර්බුදයේ අලුත් වටය ජර්මානු ජනතාව මත ඇති කරන පුපුරන සුලු ආර්ථික හා දේශපාලන ප්‍රතිවිපාක ගැන කථා කිරීමට කිසිදු ප්‍රධාන පක්ෂයක් ඉදිරිපත් වන්නේ නැත.
අනෙකුත් මාධ්‍ය තොරතුරු එතරම් ම පසුබට වන්නේ නැත. “යුරෝ කලාපය තුල පූර්න කුනාටුවක් මෝදු වන්නේ ද?” යන හිසින් සීඑන්බීසී හි මෑතක පලවූ ලිපියක් තුල, “මහාද්වීපයේ අස්ථාවරත්වය හමුවේ, සැප්තැම්බරයේ පැවැත්වෙන ජර්මානු මැතිවරනය නිමාවීමත් සමග ම, නව වටයක කුලල් කා ගැනීමක් ආරම්භ විය හැකි” ප්රමුඛ රටවල් ගනනාවක දේශපාලන අර්බුද මගින් යුරෝපීය ආර්ථික අර්බුදය උත්සන්න වීම ගැන සඳහන් කරයි.
එම ලිපිය ඉන් පසුව, දේශපාලන ප්‍රකම්පනයෙන් හා තම රටවල ජනතාවගේ වැඩෙන විරුද්ධත්වයෙන් විනාශ වන යුරෝපීය රටවල් ලැයිස්තුගත කරයි.
කොන්සවේටිව් අගමැති මරියානෝ රජෝයි හා ඔහුගේ මහජන පක්ෂය, රටේ අවශේෂ කොටස් මත රුදුරු කප්පාදු පටවන අතර නීති විරෝධී අරමුදල් පොදි ගැසීම පිලිබඳ සෝලියක් තුලට ඇදී යාම පිලිබඳ තොරතුරු හෙලිදරව් වන තතු තුල ස්පාඤ්ඤ ආන්ඩුවේ ඉරනම පවතින්නේ වැට උඩය.
“ජාතිය ගලවා ගැනීමේ එකඟත්වයක්” නොහොත් තව තවත් කප්පාදු පැටවීම සඳහා පෘතුගාලයේ පාලක සභාගය හා සමාජවාදී පක්ෂය අතර පැවති සාකච්ඡාා අසාර්ථකවීමෙන් පසුව ආන්ඩුව එල්ලී සිටින්නේ නූල්පටකය.
ග්‍රීක ආන්ඩුවට ද ඇත්තේ පටු ම බහුතරයකි. රාජ්‍ය අංශයේ දහස් ගනනක් රැකියාවලින් නෙරපීමට සකස් කර ඇති සැලැස්ම කෙරෙහි දිනෙන් දින වර්ධනය වන ප්රතිරෝධයට ආන්ඩුව මුහුනපා සිටියි. නරක අතට හැරෙන ආන්ඩුවේ නය බරෙහි අර්ථය, වසර අවසන් වීමට පෙරාතුව ආන්ඩුව යුසං අතිරේක අරමුදල් ඉල්ලා සිටිනු ඇත යන්නයි. සයිප්‍රසය ද ත්‍රිත්වයෙන් ලබාගෙන ඇති නය ආපසු ගෙවීමේ ගැටලුවලට මුහුනපා ඇත.
මාර්කෙල් ඇලෙක්සැන්ඩ්රොවිච් යන ජ්‍යෙෂ්ඨ යුරෝපීය අර්ථශාස්ත්රඥයෙක් සීඑන්බීසී පුවත්පතට පැවසුවේ, යුරෝපයේ තත්වය “කෘතීම වශයෙන් සන්සුන්” බවයි. තමා “වඩාත්ම කනස්සල්ලට පත්ව ඇත්තේ, ඉතාලියේ හා ස්පාඤ්ඤයේ ආන්ඩු කඩාවැටීමේ අවදානම පිලිබඳව” යයි ඔහු පැවසීය. එන්රිකෝ ලෙට්ටා විසින් නායකත්වය දෙන ප්රජාතන්ත්ර පක්ෂය හා සිල්වියෝ බර්ලුස්කෝනිගේ නිදහසේ ජනතා පක්ෂය ඇතුලත් මෑතකදී ඉතාලියේ පිහිටුවන ලද පාලක සභාගය, ගැටුම් වලින් හා තව තවත් කප්පාදු වෙනුවෙන් හඬ නගන බැංකුවල දැඩි පීඩනය හමුවේ ඉරිතලාගොස් ඇත.
ඉහත ලැයිස්තුගත කල රටවල් සමස්තය යුරෝ කලාපයේ දදේනි සියයට 50කට වැඩි ප්‍රමානයකට වග කියයි. මෙයින් එක් රටක හෝ ආර්ථික හා දේශපාලන අර්බුදය උත්සන්න වුවහොත්, අලුත් වටයකින් බැඳුම්කර පොලී අනුපාත ඉහල යාමට තුඩුදෙමින් සියලු දකුනු යුරෝපීය රටවල් මත රිනාත්මක බලපෑමක් ඇතිකිරීමේ අනතුර ගෙන එයි.
Follow us on