පලාත් සභා බලතල කප්පාදු යෝජනා තුලින් ආන්ඩුව වර්ගවාදී ආතතියක් උසිගන්වයි
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2013 ජූලි 10
ජූනි 27 දා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) මන්තී‍්‍රන්ගේ හදිසි රැස්වීමක් කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ 13 වන ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආන්ඩුවේ ස්ථාවරය ආරක්ෂා කිරීමට පක්ෂයේ සියලුම මන්තී‍්‍රන් වග බලා ගත යුතු බවට නියෝග කලේ ය. ඔහු තර්ජනාත්මකව ප්‍රකාශ කලේ වෙනත් මත දරන්නන් සිටී නම් පක්ෂයෙන් ඉවත් වන ලෙස ය. ස්ථාවරය පලාත් සභා වලට පොලිස් හා ඉඩම් බලතල කිසිසේත්ම නොදෙන බව රාජපක්ෂ කියා සිටියේ ය.
රාජපක්ෂගේ හදිසි රැස්වීම පලාත් සභා බලතල එලෙස කප්පාදු කිරීමේ වර්ගවාදී උද්ඝෝෂනයට ද එම බලතල ඉවත් නොකල යුතු යයි ඉන්දියාවෙන් එන බලපෑම ප්රතිමුඛ කිරීමට ද පක්ෂය පෙල ගස්වා ගැනීම ඉලක්ක කර ගති. පලාත් බලතල අඩු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ද රාජපක්ෂ සැලසුම් කලේය.
එම රැස්වීමට දින දෙකකට පෙර පාලක සභාගයේ ඇමතියන් පස්දෙනෙක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා 13වන ව්‍යවස්ථා සංශෝධනය ට තමන් විරුද්ධ බව ප්‍රකාශ කිරීම රාජපක්ෂ කෝපාවිෂ්ට කලේ ය. ඔවුන් අතර වුයේ, ශී‍්‍රලනිප, ලංකා සම සමාජ පක්ෂය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා ප්රජාතන්ත්රවාදී වාම පෙරමුනට (ප්‍රවාපෙ) අයත් ඇමතියන් කීප දෙනෙකි.
ශ්‍රීලනිප මන්ත්‍රීන් රැස්වීමේදී රාජපක්ෂගේ තරවටුව මැද තම "විරුද්ධත්වය" අකුලා ගත්හ. ස්ටලින්වාදී පක්ෂ නායක ඩිව් ගුනසේකර හා ප්‍රවාපෙ නායක වාසුදේව නානායක්කාර ජූනි 28 දා කැඳවූ රාජපක්ෂ ඔවුන්ට ද තරවටු කර විනය ගත කර ගත්තේය. ඉඩම් සහ පොලිස් බලතල උතුරු පලාත් සභාවට දීමෙන් "ජාතික ආරක්ෂාවට” ඇති විය හැකි හානිය ගැන ඔවුන්ට "ඒත්තු ගැන්වීම” සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පොලිස්පති හා හමුදා ප්‍රධානින් ද එම රැස්වීමට සහභාගි වූ බව වාර්තා විය.
ලසසප, කොප, ප්‍රවාපෙ හා ශ්‍රීලනිප ඇමතියන් උත්සුකව සිටින්නේ දෙමල ජාතියේ ප්රජාතන්ත්රවාදී අයිතීන් පාගා දැමීම ගැන නොවේ; යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ දේශපාලන අස්ථාවරත්වය වඩා ගැඹුරු වීම හා ශ්‍රී ලංකාවේ ධනපති ආන්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම්, විශේෂයෙන් ම ඉන්දියාව, සමග තදුරටත් පලුදු වීම කෙරෙහි ය.
රාජපක්ෂ යලි ආරම්භ කල යුද්ධයට ද එතුල සිදුකල සියලු යුද අපරාධවලට ද එමෙන්ම ජීවන හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට පහර දීමට ද මෙම පක්ෂ මුලුමනින් ම සහයෝගය දුන්හ. තමන් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ඉන් ඇතිවිය හැකි "අනිටු විපාක පිලිබඳ අදහසෙන්” බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත.
***පලාත් සභා බලතල කැපීමේ ප්රශ්නය නිසා පාලක සභාගය තුල විශේෂයෙන් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග්රසයෙන් මතු වී ඇති විරුද්ධත්වයත් යටපත් කර ගැනීමට ද රාජපක්ෂට උවමනා වී තිබේ.
පලාත් සභා බලතල ඉවත් කිරීමට ආන්ඩුව හදිසි වී ඇත්තේ ඉන්දියාවේ ත් ඇමරිකාව ඇතුලු අනෙකුත් මහ බලවතුන්ගේත් බලපෑම මත සැප්තැම්බර් මාසයේ උතුරු පලාත් ඡන්දය පැවැත්වීමට බල කෙරී ඇති තතු තුල ය. ඡන්දය ජය ගනු ඇතැයි සමපේක්ෂනය කෙරෙන දෙමල ජාතික සන්ධානය අතට පොලිස් හා ඉඩම් බලතල යාම දෙමල ප්රභූවට වරප්‍රසාදයක් වනු ඇතැයි ද එය වෙනම රාජ්‍යයක් කරා යනු ඇතැයි ද ආන්ඩු නායකයෝත් වර්ගවාදියෝත් ප්‍රචාරය කරති.
1987 ජූලි මස එවක ලංකාව හා ඉන්දියාව අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමේ ඉලක්කය වූයේ නව දිල්ලි ආන්ඩුවේ මැදිහත් වීමෙන් ලංකාවේ ධනපති රාජ්‍යය ආරක්ෂා කිරීම ය. බෙදුම්වාදී එල්ටීටීඊය නිරායුද කිරීමට ඉන්දියානු හමුදා එවුනු අතර දෙමල ධනපති පන්තිය සමග සම්මුතියක් සඳහා සීමිත බලතල පැවරුනු පලාත් සභා පිහිටුවීමට තීන්දු කෙරුනි. දෙමල ජනයා බහුතරයක් ජීවත් වූ උතුරු නැගෙනහිර එක් පලාත් සභාවකට එක් කර 1988 දී ඡන්දය පැවැත්වුනත් දෑවුරුද්දකින් එය විසිරුවා හැර කොලඹ ආන්ඩුව යලි යුද්ධය පටන් ගති. දකුනු පලාත්වල ජවිපෙ ගිවිසුමට එරෙහිව ගෙනගිය කැරලි මැඩීමට ද ගම්බද තරුනයන් ලේ විලක ගිල්ලීමට ලංකාවේ හමුදා යෙදුනි.
ඉන්දු-ලංකා ගිවිසුමට ප්රතිපත්තියානුකුලව විරුද්ධ වුයේ සමාජවාදී සමානාත්මතා පක්ෂයේ පුර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමනකි.
උතුරු-නැගෙනහිර ද ඇතුලුව ඇති කෙරුනු පලාත් සභා අටට කිසිදාක ඉඩම් හා පොලිස් බලතල පැවරුනේ නැත. 2006 දී යලි යුද්ධය ඇරඹීමත් සමග එවක ආන්ඩුවේ සෘජු මුක්කුවක් වූ ජවිපෙ පලාත් දෙක වෙන් කිරීමේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ලබා ගත්තේ ය. පලාත් සභා දැන් කි‍්‍රයාත්මකවන්නේ ආන්ඩු පක්ෂයේ දේශපාලන යන්ත්‍රයක් ලෙස ය.
පලාත්සභා බලතල අඩු කිරීමට ඉන්දියාව විරුද්ධවීම ජනාධිපති රාජපක්ෂට මතුකර ඇත්තේ උභතෝකෝටියකි. නව දිල්ලිය දෙමල ජාතික සන්ධානයේ මන්තී‍්‍රන්ට ආරාධනා කර ගෙන්වා සාකච්ඡාවක් කිරීමෙන් පසු ඉන්දීය අගමැති මන්මෝහන් සිං පැවසුවේ කොලඹ ආන්ඩුවේ පියවර ගැන තමන් "සංතාපයට” පත්වූ බවයි.
ඉන්දියාවේ මැදිහත් වීම - අනෙකුත් බලවතුන් මෙන්ම - ලංකාවේ ප්රජාතන්ත්රවාදී අයිතීන් රැකීමට කෙරෙන එකක් නො ව තමන්ගේ තරඟ කාරයෙකු ලෙස සැලකෙන චීනය සමග රාජපක්ෂ ගොඩ නගන සම්බන්ධතා වලක්වා ගැනීමේ අරමුනෙන් කෙරෙන්නකි. ලංකාවේ දෙමල ජනයාට මුහුන දීමට සිදුව ඇති මර්දනය නිසා ඔවුන් සමග ජන වාර්ගික බැඳීමකින් යුතු දකුනු ඉන්දියානු තමිල්නාඩුවේ ජනයා අතර පවතින විරෝධය හා එහි පාලක පක්ෂය හා විපක්ෂය වර්ගවාදී ඇවිස්සීම්වලට එය ගසා කෑමට ගෙනයන උද්ඝෝෂන නිසා ඇතිවන අස්ථාවරත්වය ගැන මන්මෝහන් සිං ආන්ඩුව උත්සුක වී සිටී. දිල්ලියේ පීඩනය තුල රාජපක්ෂ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර එය සම්මත කර ගැනීම පසුවට කල් තැබීමට තීන්දු කලේ ය.
පලාත් සභා බලතල අඩුකිරීම දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක ගිවිසුමක් උල්ලංඝනය කිරීමක් බව ඉන්දියානු ආන්ඩුව ලංකාවෙන් දිල්ලියට ගිය ජනාධිපතිගේ විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂට දැනුම් දීමෙන් පසු රාජපක්ෂ ආන්ඩුව ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත් හිටුවා ඇති බව පෙනේ. එහෙත් වර්ගවාදී උද්ඝෝෂනය දිගටම කර ගෙන යෑමට පාලක සභාගය තුල ඇති පක්ෂවලට ද ඊට මුක්කුව දෙන ආන්ඩුවෙන් පිටත ඇති අන්තවාදී සංවිධානවලට ද රාජපක්ෂ උඩගෙඩි දෙයි.
ආන්ඩුවේ පාර්ශව කරුවන් වන ජාතික හෙල උරුමය සහ ජාතික නිදහස් පෙරමුනත් බොදු බල සේනා, සිංහල රාවය සහ රාවනා බලකාය ඇතුලු අනෙක් අන්තවාදී සංවිධානත් මෙම ප්රතිගාමී උද්ඝෝෂනයේ කසකරුවෝය. දහතුන් වන සංශෝධනය මෙන්ම ඉන්දියාවේ අත දැමීම ඔවුහු හෙලා දකිති. ගිය සතියේ බොදුබල සේනා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට පා ගමනින් ගොස් එම ව්‍යවස්ථා සංශෝධනය එපා යයි සන්දේශයක් බාර දුන්හ. ඉන් පසු
ජූලි 4 දා ඬේලි මිරර් පත්‍රයට දුන් සම්මුඛ සාකච්චාවක දී පලාත් සභා මුලුමනින් ම අහෝසිකලයුතු බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කලේය. සුලුතර ජනයා සිය ප්‍රශ්න ගැන කතා කිරීමෙන් "බහුතර ජනයා” තුල "අනාරක්ෂිතභාවයක්” නිර්මානය කරතැයි කී ඔහු වර්ගවාදී ප්රකෝපකරනයට ආවැඩුවේය .
දෙමල ජාතික සංධානය උත්සුක වන්නේ දෙමල ප්රභූවේ වරප්‍රසාද ගැන මිස සාමාන්‍ය දෙමල ජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ගැන නො වේ. ඉන්දියාවේ සහ අධිරාජ්‍යවාදී රටවල උදව් ඇතිව සිංහල ප්රභූව සමග බලය බෙදා ගැනීමක් ඔව්හු අපේක්ෂා කරති.
මුස්ලිම් කොංග්‍රසය ද යෝජිත සංශෝධනයට විරුද්ධ මුස්ලිම් ප්රභූවට වරප්‍රසාද ලබා ගැනීමේ කේවලයක යෙදී සිටින නිසාය. නැගෙනහිර වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා ගැනීමට මුස්ලිම් කොංග්‍රසය දිගුකාලයක සිට කොලඹ ආන්ඩුව සමග කේවලක යෙදී සිටී. එසේ වුවද ආන්ඩුව "අස්ථාවර කිරීමේ වුමනාවක්” තම පක්ෂයට කිසිසේත් නැති බවත් ආන්ඩුවෙන් ඉවත් නොවන බවත් ජුනි 30 වන දා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් ප්‍රකාශ කලේ ය.
යෝජිත සංශෝධනය නිසා උද්ගත වී දේශපාලන හා රාජ්‍යතාන්ති‍්‍රක අර්බුදය සමනය කර ගැනීමේ උපාමාරුවක ජනාධිපති රාජපක්ෂ නිරතව සිටී. ආන්ඩු පක්ෂයේ හා විපක්ෂයේ "මත විමසා” යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ගැන තීන්දු ගැනීමේ නමින් ඔහු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇත. එය මුලුමනින් ම දේශපාලන ප්‍රෝඩාවකි. 2006 සිට 2009 දක්වා වසර තුනක් දිග්ගැස්සුන සියලු පක්ෂවල කමිටුවක් පත් කල රාජපක්ෂ එහි වාර්තාව හමස් පෙට්ටියට දැමුවේය.
ඉන්දියානු විරෝධය ද ඇතුලු වාර්ගික උත්සන්නිය යලි ඇවිලවීමට රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත කි‍්‍රයාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙත් හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව වැඩකරන ජනතාව හා සෙසු පීඩිත ජන කන්ඩායම් අතර වර්ධනය වන විරෝධය භේද කර පොලිස් රාජ්‍ය මර්දනය තියුනු කිරීමටය. ආන්ඩුව වැඩ කරන ජනයාගේ අරගල පිපිරී ඒම ගැන බියට පත්ව සිටී.
රාජ්‍ය අංශයේ හෙද සේවකයන්, ගුරුවරු හා දුම්රිය සේවකයන්ගේ අරගල මෑත සතිවල ඇවිලී ගියේය. නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව දස දහස් ගනන් විශ්වවිද්‍යාල සිසුහු උද්ඝෝෂනවල නිරතව සිටිති. පොහොර සහනාධාරය කැපීමට එරෙහිව ගම්බද ගොවීන්ගේ විරෝධතා පැතිරෙමින් තිබේ. මේ සියලු අරගල පලල් සමාජ පිපිරීමක පූර්ව ඇඟවීම් ය.
ලංකාවේ ආන්ඩුවේද, ඉන්දියාව ඇතුලු මහා බලවතුන්ගේ ද ධනපති පක්ෂවල ද උපාමාරු දැමීම් ප්‍රතික්ෂේප කර සිංහල, දෙමල කම්කරුවන් කල යුත්තේ දකුනු ආසියානු කම්කරු පන්තිය සමග එකමුතු වී ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමුහාන්ඩුවකට ද දකුනු ආසියාවේ සමාජවාදය සඳහා ද සටන් කිරීමයි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි.
Follow us on