ශ්‍රී ලංකාව: කුනාටුව ධීවරයන් දුසිම් ගනනක් මරාදමයි
Sri Lanka: Storm kills dozens of fishermen
අප වාර්තා කරුවන් විසිනි, 2013 ජූනි 14
පසුගිය සෙනසුරාදා (8) ශ්‍රී ලංකාවේ නිරිත දිග වෙරල තීරය හරහා හමා ගිය කුනාටුවෙන් අවම වශයෙන් ධීවරයන් 50 ක් පමන මිය ගියේය. මියගිය ධීවරයන් වැඩි දෙනෙකුගේ සිරුරු අඟහරුවාදා මුහුදෙන් සොයා ගත්තේය. බදාදා වන විටත් පුද්ගලයන් 17 දෙනෙකු අතුරුදහන්ව සිටි හෙයින් මිය ගොස් ඇති සංඛ්‍යාව තවත් ඉහල යා හැකිය.
දකුනු පලාතේ බේරුවල, හික්කඩුව සහ බලපිටිය යන ප්‍රදේශවල ද බස්නාහිර පාලාතේ දෙහිවල, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල ද ධීවර නිවාසවලට බරපතල හානි සිදු විය. ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුවට අනුව පුද්ගලයින් 1,433 දෙනෙකු අවතැන්වී, නිවාස 107ක් සම්පූර්නයෙන්ම විනාශ විය. තවත් නිවාස 2,228කට හානි සිදු විය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකල කෝපාවිෂ්ඨ ධීවරයෝ නිසි පුර්ව අනතුරු ඇඟවීම් පද්ධතියක් සහ ආරක්ෂක පහසුකම් නොසැපයීම සම්බන්ධව රජයට චෝදනා කලහ. කුනාටුව ස්වාභාවික විපතක් වුව ද, කල් ඇතිව ජනතාව දැනුවත් කර තිබුනේ නම් බොහෝ ජීවිත බේරාගත හැකිව තිබුනි.
පසුගිය සෙනසුරාදා කාලගුන තත්ත්වය පිලිබඳව සිය ආයතනය විසින් අදාල සියලු ආයතනවලට අනතුරු ඇඟවීම් යැවූ බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සුනිල් ජයසේකර වාර්තා කරුවන්ට පැවසුවේ ය. නමුත් කාලගුනයේ ක්ෂනික වෙනස්වීමක් පිලිබඳව නිරීක්ෂනය කිරීමට තරම් නවීන තාක්ෂනික පහසුකම් දෙපාර්තමේන්තුවේ නැති බව ඔහු පිලිගත්තේය. දෙපාර්තමේන්තු කාර්ය මන්ඩලයේ කාලගුන විද්‍යාඥයන් 17ක් හා තාක්ෂන නිලධාරීන් 77 දෙනෙකුගේ හිඟයක් පවතින නිසා කුනාටු තත්වන්හි දී නිසියාකාරව කටයුතු කිරීමට අපහසු බව ඔහුගේ නියෝජ්‍ය අධ්යක්ෂ ලලිත් චන්ද්‍රපාල ප්‍රකාශ කලේ ය.
වහාම කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා කල ආන්ඩුව වගකීමෙන් සිය අත් සෝදා ගත්තේය. ආන්ඩුවේ පැහැර හැරීම කිසිම විලි ලජ්ජාවක් නැති එකක් බව දී අයිලන්ඩ් පත්‍රයේ කතුවැකියක් තුල සඳහන් විය: "රාජ්‍ය නිලධාරීන්ගේ වියදමෙන් හා පටු විමර්ශන වාර්තා මගින් මහජන කෝපය සමනය කිරීමට හා අපසරනය කිරීමට දේශපාලනඥයෝ එවන් උපක්‍රම යොදා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන දෙයයි.” තීව්ර වන ආන්ඩු විරෝධී අතෘප්තියට මෙම ව්‍යසනය ද එකතු වී තිබීම ගැන මාධ්‍ය සංස්තාපිතය සැලකිලිමත් ය.
ආන්ඩුව සිය මුහුන බේරා ගැනීමේ සමහර මවා පෑම් කලේය. විනාශය ගැන සහ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැහර හැරීමක් සිදු වී ඇති දැයි විමර්ශනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු පරිදි කොමිටියක් පත් කලේ ය. අවමංගල්‍ය වියදම් සඳහා රුපියල් 15,000 සහ රුපියල් 100,000 ක වන්දියක් මිය ගිය අයගේ පවුල් වලට දෙන බව ද ආන්ඩුව නිවේදනය කලේය.
2004 දෙසැම්බර් මාසයේ සිදු වූ ආසියානු සුනාමි විපතින් පසු, රාජපක්ෂගේ පූර්වගාමීයා වූ චන්ද්‍රිකා කුමාරතුංග කාලගුන අනතුරු ඇඟවීම් පද්ධතියක් ස්ථාපනය කිරීමට පොරොන්දු වුවා ය. කෙසේ වුවද, මෙම පද්ධතියේ කාර්යක්ෂමතාව තක්සේරු කිරීමට එය තවමත් පරීක්ෂාවට ලක් වී නැත. ශ්‍රී ලංකාවේ 40,000 කට ආසන්න පිරිසක් මිය ගිය සුනාමි රල පහර ධීවරයන්ට දරුනු ලෙස බලපෑවේය.
කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරනය කිරීම පිනිස ප්‍රතිපාදන ලබා දීමට ආන්ඩුව 2011 දී පොරොන්දු විය. එහෙත් මෙම සැලසුම 2014 දක්වා කල් දැමූ බව ආපදා කලමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර පිලිගත්තේය. මෙම කල් දැමීම ආන්ඩුවේ වියදම් කප්පාදුවේ ප්‍රතිපලයකි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සඳුදා දෙහිවල කඩමත්ත ප්‍රදේශයට යන විට තවත් මල සිරුරු සොයා ගනු ඇත්දැයි දැක ගැනීමට මිනිස්සු සිය ගනනක් රැස්ව එහි සිටියහ. කඩමත්ත පිහිටා තිබෙන්නේ දෙහිවල සිට මොරටුව දක්වා වූ කිලෝ මීටර් තුනක පමන පටු වෙරල තීරයක ය.
මෙම ප්‍රදේශයේ මුහුද සහ දුම්රිය මාර්ගය අතර පවුල් 1,000ක් පමන ජීවත් වෙති. නිවාස වලින් බොහොමයක් සාදා ඇත්තේ ලෑලි වලිනි. නල ජලය සහ සනීපාරක්ෂාව වැනි මූලික පහසුකම් ප්‍රමානවත් තරම් ඔවුන්ට නොමැත. බහුතරයක් ජීවන වියදම් සපයා ගනුයේ ධීවර කර්මාන්තය මගිනි. අන් අය එලවලු විකිනීම හෝ වෙනත් දෛනික රැකියා කරති.
ධීවරයන් ගැනෙනුයේ ශ්‍රී ලංකාවේ දුප්පත්ම සමාජ ස්ථරයන් අතරටය. එන්ජිමක් සවිකල කුඩා ෆයිබර් බෝට්ටුවක සාමාන්‍යයෙන් ධීවරයෝ තුන් දෙනෙක් පමන මුහුදු යති. ඉන්ධන සහ ආහාර වලට රු.7,000ක් පමන එක ගමනකට වැය කල යුතුය. ඉන්ධන, ධීවර ආම්පන්න සහ දැල් වලට ගෙවීමෙන් පසු බෝට්ටු හිමිකරුට දෛනික ආදායමින් බාගයක් යයි. මාලූ අස්වැන්න මත රඳා පවතින ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 10,000 සිට 12,000 දක්වා වෙනස් වේ.
කුනාටුවෙන් මියගිය සුදත් රෝහනගේ බිරිඳට අපි කතා කලෙමු. ඔවුන්ට ලමයි තිදෙනෙකු සිටිති. 2004 සුනාමියේදී රෝහනට ඔහුගේ නිවස අහිමි වූ අතර කිලෝමීටර අටක් පමන ඈතින් පානදුරේ පිහිටි කුඩා නිවසක ඔව්හු පදිංචි වූහ. රැකියාව සඳහා එදිනෙදා යාමට ඒමට අපහසු වූ නිසා පසුව ඔවුන් ජීවත් වූයේ ධීවර ගම්මානයේ පිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක කාමරයක් තුලය. ඔවුන් දුෂ්කර ජීවිතයක් ගෙවූ බවත් රෝහන මියගොස් ඇති හෙයින් අනාගතය දැන් වඩාත් නරක අතට හැරෙනු ඇති බවත් ඔහුගේ බිරිඳ කීවා ය.
විමලසිරි කුනාටුවෙන් ජීවිතය බේරා ගත් ධීවරයෙකි. "අපි යන්තම් ජීවිතය බේරගෙන වෙරලට ආවේ හරිම අමාරුවෙන්. බොහොමයක් අය මැරුනේ වෙරලෙන් ගැඹුරු මුහුදට ඇතුල්වෙන කඩමත්තේ ගල්පරවල ඔවුන්ගේ බෝට්ටු වැදුනු නිසා. ඒක පලල් කරලා දෙන්න කියල අපි අවුරුදු ගානක් තිස්සේ කියනවා. ධීවර ඇමති කාලේ අපි ජනාධිපති තුමාටත් මේ ඉල්ලීම ඉදිරිපත් කලා කිසිම පලක් වුනේ නැහැ”.යි ඔහු කීවේ ය.
"මේ ආන්ඩුව නගර අලංකාර කරන්න පාරවල් හදනව. ගුවන් තොටුපලවල් හදන්න මුදල් වියදම් කරනවා. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න මුකුත්ම කරන්නේ නැහැ." ඔහු තව දුරටත් පැවසුවේ ය.
පසුගිය සෙනසුරාදා මුහුදු ගොස් සිය ජීවිතය බේරා ගැනීමට හැකි වූ නමුත් ඔහු සමග ගිය ඔහුගේ මිතුරා තිලක් උපතිස්ස මිය ගිය බව තවත් ධීවරයෙකු වූ මුනසිංහ රාජපක්ෂ කීවේ ය. "අපි එදා එක මාලුවෙක්වත් ඇල්ලුවේ නැහැ. රැල්ල රලු වුනා. එකපාරටම අපේ බෝට්ටුව උඩ ගිහින් අනිත් පැත්ත පෙරලුනා. උපතිස්ස ඇතුල් පැත්තේ හිරවුනා”.
"සියලු ධීවරයන්ට ආරක්ෂක කබා සපයන බවත් අපි ඒවා ඇන්දේ නැත්තම් දඩ ගහනවා කියලත් ආන්ඩුව කියනවා. නමුත් අපට කිසිම සහනාධාරයක් ලැබෙන්නේ නැහැ. ඉන්ධන සහනාධාරෙත් කපලා” රාජපක්ෂ කීවේය.
ආන්ඩුව පසුගිය සිකුරාදා රාත්‍රියෙහි අනතුරු ඇඟවීම් කොට නිසි පියවර ගෙන තිබුනේ නම් බොහෝ ජීවිත බේරා ගත හැකිව තිබූ බව බලපිටියේ ධීවරයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කීහ. බොහෝ දෙනා මියගියේ ඔවුන් ආපසු පැමිනෙන විට වෙරල ආසන්නයේ දී ඔවුන්ගේ බෝට්ටු පෙරලී යාමෙනි.
"අපේ ඇස් ඉදිරිපිට ම ධීවරයින් හය දෙනෙක් මුහුදේ ගිලුන. ඊ ලඟට ආපු බෝට්ටු හතරක් වරාය ලඟදී අනිත් පැත්ත පෙරලුනා. තුන් දෙනෙකුට කොහොම හරි වෙරලට එන්න පුලුවන් වුන” බව බලපිටිය ග්‍රාමීය ධීවර සමිතියේ සභාපති ආර්.ජී කරුනාරත්න පැවසුවේ ය.
ආරක්ෂක උපකරන පවිච්චි නොකිරීම ගැන තමන්ට ආන්ඩුව චෝදනා කලත් ඒවා මිල දී ගැනීමට ඔවුන්ට හැකියාවක් නැති බව ධීවරයෝ කීහ. ධීවර කටයුතුවල දී යොදා ගනු ලබන සන්නිවේදන උපකරනයක් වන සෙට් ලයිට් එකක මිල මෑතක දී රු.17,000 සිට රු.30,000 දක්වා වැඩි වී ඇත.
දියුනු සන්නිවේදන උපකරන සහ පහසුකම් සහිත වරායක් නොමැතිකම මරන අනුපාතිකය ඉහල යාමට තුඩුදුන් තවත් හේතුවකි. රාජපක්ෂ ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේ, බලපිටියේ ධීවර වරායක් ගොඩනැගීමට ඔහු පොරොන්දු වූ නමුත් සිදු වුයේ මුල් ගල තැබීම පමනි.
දුප්පත්කම නිසා සිය ජීවිත පරදුවට තැබීමට ධීවරයින්ට බල කෙරී ඇත. සිය ස්වාමි පුරුෂයා කුනාටුවෙන් මිය යාමෙන් දරුවන් තිදෙනෙක් සමග දැන් වැන්දඹු වී සිටින නිල්මිනී නිලංකා ඒ දුක්ඛිත තත්වය මෙසේ පැහැදිලි කලාය: "මාස ගනනනක ඉඳල එයාට හරි රක්ෂාවක් තිබුනේ නැහැ. අපේ පවුල වැඩිකාලයක් හිටියේ හාමතේ. සමහර දවස් වලට එදිනෙදා වියදම්වලට අතමාරුවට සල්ලි ගත්ත. එහෙමත් නැති දවස් වලට වැඩි පොලියට නයට ගන්නවා. එයත් නැතිවුනාට පස්සේ දැන් ජීවත් වෙන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ.”
වැඩකරන ජනතාවගේ යහ පැවැත්ම පිලිබඳ ආන්ඩුවේ තුච්ච නොතැකීමේ ප්‍රධාන හේතුව වන්නේ සංගත ප්රභූව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා වූ එහි නැඹුරුවයි. කුනාටු අනතුරු ඇඟවීම් පද්ධතියක් ඇතුලු ධීවරයන් සඳහා සුදුසු ආරක්ෂක පියවරයන් නැතිකම, රැකියා සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ මහජන වියදම් කප්පාදු කිරීමේ එහි පලල් න්‍යාය පත්රයේම එක් අංශයකි.
Follow us on