මහජනතාවට එරෙහි ප්‍රහාර සාධාරන කිරීමට ජනාධිපති රාජපක්ෂ "ආර්ථිකයේ කඩාවැටීම” ඉදිරිපත් කරයි
සමන් ගුනදාස විසිනි, 2013 මැයි 16
"රජය විදුලි බිල ඉහල නොදැමුවා නම්, ආර්ථිකය කඩා වැටෙන්නට තිබුනා” යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ කල ප්‍රකාශයක් අපේ‍්‍රල් 28 සන්ඬේ ටයිම්ස් කතුවැකිය උපුටා දක්වා තිබුනි. සන්ඬේ ටයිම්ස් ඇතුලු ජාතික පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී කල එම ප්‍රකාශය පිලිබඳ ඊට වඩා යමක් රාජපක්ෂ පැවසුවේ නැත. සාකච්ඡාවට සහභාගි වූවන් ඒ ගැන ප්‍රශ්න කලේ ද නැත. දෙපාර්ශ්වයට ම අවශ්‍යව තිබුනේ විදුලි ගාස්තු වැඩි කිරීම ධනපති ක්රමයේ අර්බුදය කම්කරුවන් හා දුගීන් මත පැටවීමේ එක ප්ර්රකාශනයක් පමනක් බව වසං කිරීමයි.
රාජපක්ෂගේ ප්‍රකාශයට දිය හැකි මූලික ම පැහැදිලි කිරීම නම් ආර්ථිකය කඩා වැටීමට ආසන්නව පවතින බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන්ට අනුව විදුලි බිල වැඩි කිරීම ද ඇතුලු කම්කරුවන්ගේ හා දුගීන්ගේ රැකියා හා ජීවන කොන්දේසි කප්පාදු කරන ආර්ථික ප්රතිසංස්කරන කි‍්‍රයාවට දැමීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.
ආර්ථික හා මූල්‍ය අංශයේ කඩාවැටීම් ගැට ගසා ගැනීම සඳහා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට ගැට ගැසී සිටින අයුරු ටයිම්ස් කතුවරයා පිලිගෙන තිබුනේ මෙසේ සඳහන් කරමිනි: "වොෂින්ටනයේ නය දෙන දෙබෑයන් වන ජාමූඅ සහ ලෝක බැංකුවේ වැඩෙන පීඩනය යටතේ (මෙමගින් තවත් නය සඳහා මොවුන් සුදුසුකම් ලබනු ඇත), එහි අනිවාර්ය ගොදුර වන පාරිභෝගිකයා වෙත මෙම තික්ත බෙහෙත නිර්දේශ කෙරින.”
රාජපක්ෂ ආන්ඩුව විසින් මෑත දී ඉල්ලන ලද ඩොලර් බිලියනයක නය ප්‍රතික්ෂේප කරමින් ජාමූඅ කියා සිටියේ ප්රතිව්යූහකරනයන් ඇතුලු තම විධානයන් කි‍්‍රයාත්මක කිරීමේ වේගය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි. ආන්ඩුව දැන් ජාමූඅ සෑහීමකට පත් කිරීමේ වැඩ වේගවත් කර ඇත. අපේ‍්‍රල් 20 දා සිට විදුලි බිල සියයට 68කින් ඉහල දැමීම මෙහි ආරම්භක පියවරක් පමනි.
දැනටමත් තම ජීවිත ගැටගසා ගැනීමේ අරගලයක නිරත කම්කරු ජනතාවගේ අධික කෝපයට මෙම ඉහල දැමීම හේතු වී ඇත. ස්වාධීන සමීක්ෂනයකට අනුව, ගිය වසරේදී නාගරික ප්‍රදේශ තුල භාන්ඩ හා සේවා මිල ඉහලයාම් සියයට 20කට වැඩි විය.
ජනාධිපති රාජපක්ෂ විසින් "ආර්ථිකය කඩාවැටීම” ගැන මෙසේ ප්‍රකාශ කරනු ලැබීමට යන්තම් සති දෙකකට ඉහත දී, අපේ‍්‍රල් 9 දා, ජනාධිපතිගේ සමීපමතමයකු වන මහ බැංකු අධිපති, අජිත් නිවාඞ් කබ්රාල් ශ්‍රී ලංකා ආර්ථිකය ගැන පෙන්වූයේ රෝස සිතුවමකි. ජනාධිපති රාජපක්ෂ වෙත 2012 ප්‍රථම වාර්ෂික මහ බැංකු වාර්තාව පිලිගැන්වීමේ අවස්ථාවේදී, ආර්ථිකයේ අඩිතාලම ශක්තිමත් බැවින් "දැන් අප ඉදිරියේ තිබෙන්නේ එම වාසි ප්‍රයෝජනයට ගනිමින් දිගින් දිගටම මේ රට සංවර්ධනය කිරීමයි” යනුවෙන් ඔහු පැවසීය. එම අවස්ථාවට ම සහභාගී වූ භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ඇමති ලෙස "ආර්ථිකයට ස්ථාවරත්වය සහ ශක්තිමත්භාවය ගෙන ඒම” ගැන ජනාධිපති රාජපක්ෂට ප්‍රශංසා කලේය.
"මහ බැංකුව විසින් වාර්ෂික වාර්තා හරහා නිරන්තරව පින්තාරු කරන ආර්ථිකයේ රෝස සිතුවම තිබිය දී වුවද ..........ජනාධිපතිට ඇත්තේ වෙනත් මතයකැ”යි සන්ඬේ ටයිම්ස් කතුවැකිය පැවසීය.
"ආර්ථිකයේ කඩා වැටීම” පිලිබඳ සැබෑ තත්වය වහංගු කිරීම සඳහා මේ ප්‍රකාශය තොරොම්බල් කරන රාජපක්ෂ හා මෙම රාජ්‍ය නිලධාරීන් අතර මතභේදයක් නැත. ඔහු හිටි ගමන් මෙම ප්‍රකාශය දුන්නේ අර්බුදයේ බර මහජනතාව මතට පැටවීම යුක්ති සහගත කිරීමට ය.
කෙසේ නමුදු, සන්ඬේ ටයිම්ස් කතුවැකියෙන් ප්‍රකාශයට පත් වන්නේ මහජනයා මුහුන දෙන දරුනු ආර්ථික පීඩනය පිලිබඳ කනස්සල්ලක් නොව, සමාජ පිපිරීමක් පිලිබඳව ධනපති සංස්ථාපිතයේ සමහර කොටස් අතර වැඩෙන භීතිය යි. කතුවැකියේ පහත ප්‍රකාශය මගින් එය පැහැදිලිව ඉඟි කෙරේ.
"අවම ලෙස පවසනවා නම් ආර්ථිකයේ අස්ථාවරත්වයත්, තම මාසික බිල්පත් සඳහා වැඩි වැඩියෙන් ගෙවීමට සාමාන්‍ය රටවැසියාට තම මුදල් පසුම්බියේ පතුලටම බහින්නට බලකිරීමත් සමග, ජනතා නැගිටීම් මෝදු වීම පෙනෙන්නට තිබේ.”
විදුලි බිල වැඩි කිරීම ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර උසි ගැන්වී ඇත්තේ ලෝකය සිසාරා යන ධනවාදී අර්බුදය ලංකාවේ ආර්ථිකයේ තත්වය දරුනු ලෙස ඔද්දල් කර තිබීමයි.
ලංකාවේ ප්‍රධාන අපනයන වෙලඳපලවල් වන ඇමරිකාවේ හා යුරෝපයේ වෙලඳපොල හැකිලී යාම ලංකාවේ ආර්ථික කඩා වැටීමට ඍජුව බලපා ඇත. "බොහෝ වෙනත් රටවල්වල ආර්ථික වර්ධනයන්ට විපත්කාරී ලෙස බලපෑ” මූල්‍ය අර්බුදයේ පහර වැදීමෙන් වසර හතරකට පසු, එනම් 2008 ඇමරිකාවෙන් ඇරඹුනු මූල්‍ය අර්බුදයෙන් පසු, "2012 දී ගෝලීය ආර්ථික වර්ධනය තවදුරටත් දුර්වල වූ බව” පවසමින් මහ බැංකු වාර්තාව ම මෙම තත්වය සඳහන් කර ඇත.
2012 තුලදී ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරු කරමින් රටෙහි නය තත්වය සියයට 17කින් ඉහල යමින් රුපියල් බිලියන 6,000 (එජඩො බිලියන 47) කට ලඟාවූ අතර එය ආසන්න වශයෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 80කි. 2012 දී රටෙහි නය වාරික හා පොලී ගෙවීමේ වියදම වාර්ෂික ආදායමට වඩා ඉහල ගිය අතර ආදායමෙන් සියයට 103කට ලඟාවිය. අපනයන සියයට 8 තෙක් ඇදවැටුනු අතර ආනයන සියයට 5කට වඩා පහත වැටී තිබේ. "දුර්වල බාහිර ඉල්ලුම සහ අන්තර්ජාතිකව වෙලඳ භාන්ඩ මිල පහල යෑම” හේතුවෙන් අපනයන පහල ගිය බව මහ බැංකු වාර්තාව පැවසීය.
2011 දී සියයට 8ක් වූ වර්ධන අනුපාතය 2012 දී සියයට 6.4 තෙක් පහත වැටුන අතර 2013 සඳහා ඇස්තමේන්තුගත වර්ධන අනුපාතය තවත් පහල යනු ඇත.
විදේශ වෙලඳාමේ ඇදවැටීම සහ ජනතාවගේ මිලට ගැනීමේ ශක්තියේ නිරන්තර වැටීම පිලිබිඹු කරමින් තොග සහ සිල්ලර වෙලඳාම වැනි අංශවල වර්ධනයේ සියයට 1ක අඩුවීමක් වාර්තා වේ. දේශීය සහ විදේශීය නය මත සම්පූර්නයෙන්ම රැකෙන ඉදිකිරීම් ක්ෂේත්රයේ පමනක් සියයට 1ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා වේ. 2012 දී රජය විදේශ ව්‍යාපෘති නය රුපියල් බිලියන 241ක් ලබාගත් අතර දේශීය බැංකු විසින් පුද්ගලික අංශය වෙත ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ලබා දෙන නය සියයට 23කින් ඉහල ගොස් ඇත.
සැබෑ වටිනාකම් නිර්මානය කිරීමේ ප්‍රධාන අංශය වන නිෂ්පාදන අංශය සියයට 0.2කින් පහල බැස ඇති අතර දෙවන අංශය වන කෘෂිකර්මය සියයට 0.1කින් පහත වැටී තිබේ. නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශ දැන් ශ්‍රී ලංකා දදේනියට එකතු කරන්නේ සියයට 40ක් පමනක් වීම මගින් දදේනියෙන් විශාල පදාසයක් අගය නිර්මානය කිරීමෙන් සැලකිය යුතු ලෙස ඈත් වී ඇති බව පෙන්වා දෙයි.
2011 දී දදේනියෙන් සියයට 42ක් වූ විදේශ නය 2012 දී සියයට 48 ට එනම් සියයට 14කින් පමන වැඩිවී තිබේ. රටෙහි විදේශ නය දැන් එජ ඩොලර් බිලියන 22ක් වන අතර නය මුදල් වලින් සමන්විත විදේශ සංචිතවල අගය එජ බිලියන 7ක් පමනි.
රජයේ ආදායම 2012 දී සියයට 13කට පහත වැටී තිබේ. රාජපක්ෂ ආන්ඩුව විසින් අය කෙරෙන ව්‍යාපාරික බදු, ලෝකයේ අවම මට්ටම්වලින් එකක් වන, සියයට 28 තෙක් පහත හෙලීම මෙයට හේතුවයි.
එක් අතකින් වැඩකරන ජනතාව විසින් පාවිච්චි කෙරෙන සියලු අත්‍යාවශ්‍ය භාන්ඩ සහ සේවා මත වක්‍ර බදු ඉහල දැමීම සහ අනෙක් අතින් සහනාධාර කපාහැරීම් සහ රජයේ වියදම් අවම කිරීම් තුලින් මෙම පහත හෙලීම පියවා ගැනීම එල්ලය වී තිබේ. අයවැය හිඟය සියයට 5 දක්වා අඩුකිරීම ජාමූඅ හි නියමයයි.
2012 දී එජඩො බිලියන 6ක් එනම් සියයට 16ක ඉහලයෑමක් සහිත විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන විදේශ මුදල් එකම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කල ක්ෂේත්රය විය. ජීවන වියදම අහස උසට නගින අතරේ වැටුප් කැටිකොට තිබීම ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව රැකියා සඳහා විදේශ වෙත යොමුවීම ඉහලයාමට හේතු වී තිබේ. මහ බැංකු වාර්තාව මෙම වර්ධනය හිතකර තත්වයක් ලෙස ඔජ වඩවයි. එසේ වුවත් මැද පෙරදිග වර්ධනය වන්නාවූ යුද තත්වය විසින් මෙම රැකියා අවස්ථාවන් අවදානමට ලක්කර තිබේ.
"ආර්ථිකයේ කඩාවැටීම” ක් ගැන රාජපක්ෂ කතා කරද්දී මහා ව්‍යාපාර දැවැන්ත ලාභ කඳු ගොඩ ගසා ගනිමින් පවතී. මෑතකාලීන කොටස් වෙලඳපොල වාර්තාවකට අනුව, අනෙක්වා අතරින් වැවිලි කර්මාන්ත අංශය පමනක් 2012 දී සියයට 375 කින් තම ලාභ වැඩිකරගෙන තිබේ. (බලන්න; “ කම්කරුවන් දුගීභාවයේ ගිලෙද්දී ශ්‍රී ලංකා මහා ව්‍යාපාර වල ලාභ ඉහල නැගේ).
අනෙක් අතට, ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් ආන්ඩුව තම දේශපාලනික අවශ්‍යතාවන් සඳහා සිදු කරන අධිකතර වියදම් කිසිවක් අඩුකර හෝ අඩුකරන්නට වෑයම්කර හෝ නැත. උදාහරනයක් ලෙසට, රාජපක්ෂ ආන්ඩුවේ කුප්‍රකට ගුවන්සේවාව වන "මිහින් ලංකා” 2012 දී රුපියල් බිලියනයක් පාඩු ලබද්දී සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 20කට වඩා පාඩු ලබද්දී ජෙට් යානා හයක් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 315ක කැබිනට් අනුමැතියක් ගිය සතියේ ලැබුන බවට වාර්තා විය. එලැඹෙන පොදු රාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුලුව සඳහා ද ආන්ඩුව රුපියල් බිලියන ගනනක් වියදම් කරන්නට සූදානම්ව සිටී. මේ සියල්ල, තම වුවමනාවන් සහ මනාපයන් සන්තර්පනය කිරීමටත් රාජපක්ෂවරුන්ගේ ප්‍රතිරූපය වඩවන්නටත් රාජපක්ෂ ආන්ඩුව කරන අධිකතර වියදම් වලට අමතරව ය.
ආන්ඩුව ආරක්ෂක වියදම් තව තවත් ඉහල දමමින් මිලිටරි පොලිස් බලයන් තර කරන්නේ අර්බුදයේ බරට එරෙහිව කම්කරුවන්ගේ අරගල නිසැක ලෙස ම පැන නගින බව දැන ඒවා පොලිස් රාජ්‍ය ඒකාධිපතිත්වයකින් තලා දැමීම සඳහා ය.
Follow us on