ශී‍්‍ර ලංකාවේ පාසැල් ලමුන් තිස් ලක්ෂයකට අවම සනීපාරක්ෂක පහසුකම්වත් නෑ
පානිනී විජේසිරිවර්ධන විසිනි, 2013 නොවැම්බර් 16
ශී‍්‍ර ලංකාවේ පාසැල් ලමුන් තිස් ලක්ෂයකට, එනම් සමස්ත පාසැල් ලමුන් සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවකට, තම පාසැල් තුල අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැති බව එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ප්‍රාදේශීය තොරතුරු ජාලය (අයිආර්අයිඑන්) පසුගිය ඔක්තෝබර් 28 වන දා නිකුත් කල වාර්තාවකින් හෙලිදරව් කෙරේ.
9,500 ක් වන සමස්ත ප්‍රාථමික හා ද්විතීයික පාසැල් සංඛ්‍යාවෙන් තෝරාගත් පාසැල් 1,300ක් හා පවුල් 18,000ක් ඇසුරෙන්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය විසින් 2011 වර්ෂයේදී කරන ලද සමික්ෂනයක් මත පදනම් වන වාර්තාව, දිවයිනේ දරිද්‍රම ජන කොටසක් වන වතුකම්කරුවන් බහුතරයක් වාසය කරන මධ්‍යම හා ඌව පලාත්වල පිහිටි වතු පාසැල්වල තත්වය මේ අතරින් ඉතාමත් නරකම තත්වයක ඇතැයි පෙන්වා දෙයි. "මේ පාසැල්වල දැඩි වැසිකිලි ඌනතාවක් පවතිනවා, තිබෙන වැසිකිලි වලටත් ජලය නෑ” යි ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ ලේකම් අමරානන්ද අබේගුනසේකර පැවසූ බව වාර්තාව තවදුරටත් සඳහන් කරයි.
නේපාලයේ, කත්මන්ඩුහි දී ලඟදී පැවැත්වීමට නියමිත දකුනු ආසියානු ජල සහ සනීපාරක්ෂක සමුලුවට ඉදිරිපත් කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන මන්ඩලය විසින් සම්පාදිත ලේඛනයක් හරහා මෙම තොරතුරු එලිමහනට එනතෙක් මෙම තොරතුරු ශී‍්‍ර ලංකාව තුල ප්‍රසිද්ධියට පත් නොකෙරුනි. කෙසේ නමුත්, රජයේ සෑම සමීක්ෂන වාර්තාවකින්ම පාහේ සැබෑ තත්වය වසන් කෙරෙන තතු තුල යථා තත්වය ජලාපවහන මන්ඩලය විසින් ඉදිරිපත් කරන චිත්‍රයට වඩා දරුනු විය යුතුය. තතු මෙසේ වුවද, රටේ සමස්ත ජනගහනයෙන් සියයට 89 ක් ආවරනය වන පරිදි සනීපාරක්ෂක පහසුකම් සපයා ඇති බවට ද, දකුනු ආසියානු රටවල් විසින් 2015 වන විට සපුරාලියයුතු සහශ්‍ර සංවර්ධන ඉලක්කය වන සියයට 84.5 ශී‍්‍ර ලංකාව දැනටමත් සපුරා ඇති බවට ද රාජපක්ෂ ආන්ඩුව පම්පෝරි ගසයි.
අයිආර්අයිඑන් වාර්තාවේ සඳහන් වන පරිදි, රාජ්‍ය නොවන සංවිධානයක් වන නෙට්වෝටර් හි සභාපතිනි කුසුම් අතුකෝරලට අනුව, පාසැල් සනීපාරක්ෂාව තුල මෙතෙකුදු "නිහඬ අර්බුදයක් පවතී”. ඇය මෙසේ ද පවසයි: "සිසුන් වැසිකිලි යාමෙන් වැලැක්වීම සඳහා ජලය පානය නොකරන ලෙස උපදෙස් දෙන පාසැල් තිබෙනවා. වසර 13 ක් වූ පාසැල් දිවිය අවසන ඔවුන් ලබා ගන්නේ අධ්‍යාපනය නොව වකුගඩු දුර්වලතාවන්ය”.
දකුනු පලාතේ මාතර දිස්ති‍්‍රක්කයට අයත් පාසැල් 35 ක් සමීක්ෂනයට ලක්කල බව පවසන ඇය කියා සිටින්නේ ඉන් පාසැල් 23 කම පිරිසිදු ජලය නොමැති බවයි. වැසිකිලි භාවිතයේ දී ගැහැනු ලමුන් ඉතා පසුබට බවත් මාසික ශුද්ධිය සිදුවන දිනවලදී බොහෝ ගැහැනු ලමුන් පාසැල් නොපැමිනෙන බවත් ඇය සඳහන් කරයි. මධ්‍යම පලාතෙන් වාර්තාවූ සිද්ධියක් මතකයට නංවමින් ඇය කියා සිටින්නේ වැසිකිලි නොමැති පාසැල්වල වසර පහකටත් අධික කාලයක් එක දිගට සේවයේ යෙදෙන ගුරුවරියන්ට අවසානයේ වකුගඩු රෝග වලට මුහුන දීමට සිදුවන බවයි. "සියලුම බාලිකා පාසැල්වල පාහේ සබන් හා ජලය සහිත බැහැර කිරීමේ පහසුකම් සහිත ගැහැනු ලමුන්ට හිතකර වැසිකිලි නැතැ” යි ඇය වැඩි දුරටත් පවසයි.
එක්සත් ජාතීන්ගේ ලමා අධ්‍යාපන අරමුදලේ (යුනිසෙෆ්) දත්තයන් උපුටා දක්වමින් අතුකෝරල පවසන්නේ ශී‍්‍ර ලංකාවේ පාසැල් වලින් සියයට 20 කම ආරක්ෂාව සහිත ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති බවයි. ජාත්‍යන්තර සම්මතයන්ට අනුව සෑම ලමුන් 25 දෙනෙකුටම, සබන් සහ ජලය ඇතුලු සනීපාරක්ෂක පහසුකම් සහිත වැසිකිලිය බැගින් සම්පාදනය කල යුතු නමුදු මෙම සම්මතයන්ට අනුව සනීපාරක්ෂාව සම්පාදනය කරන පාසැල් නැති තරම්ය. ඇතොත් ඒ ඉතාමත් අල්පයකි.
සනීපාරක්ෂාව පිලිබඳ ප්රශ්නය පාසැල් වලට පමනක් සීමා වූවක් නොවේ. ජලාපවහන මන්ඩලයේ ඉහත වාර්තාවට අනුව මහජනතාවගෙන් මිලියන 2.3 කට, එනම් මිලියන 21 ක්වූ රටේ මුලු ජනගහනයෙන් සියයට 11 කට, 2012 වන විටත් නිසි සනීපාරක්ෂක ප්රවේශයන් නොමැත.
අයිආර්අයිඑන් වාර්තාවට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන මාධ්‍යයට පවසා ඇත්තේ 2011 න් පසු තත්වය දැවැන්තව වෙනස්ව ඇති බව හා පසුගිය දෙවසර තුල පාසැල් 7,000 කට ජලය සහ වැසිකිලි සපයා ඇති බවයි. එනමුදු දිවයිනේ විවිධ පලාත්වල පිහිටි පාසැල් වල සිසුන් හා ගුරුවරුන් පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසුවේ ගුනවර්ධන කියන ආකාරයේ දැවැන්ත ප්‍රගතියකට විපරීතව තත්වය වඩාත් නරක අතට හැරී ඇති බවයි.
ඉහලම පහසුකම් ඇති රජයේ පාසැල් ලෙස සැලකෙන ජාතික පාසැල් ප්‍රවර්ගයට අයත් පුත්තලම ආනන්ද විදුහලේ සිසු පිරිසක් තම පාසැලේ සනීපාරක්ෂක පහසුකම් පිලිබඳව විස්තර කලේ මෙසේය: "අපේ පාසැල මිශ්‍ර පාසැලක්. මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 1,300 ක් පමන වෙනව. 6 ශ්‍රේනියේ සිට 13 ශ්‍රේනිය දක්වා පිරිමි සිසුන් 400 කට වැඩි ගනනකට තියෙන්නෙ, මුත්‍රා කිරීමේ පහසුකම් පමනක් ඇති ජල පහසුකම් නැති එකම වැසිකිලියක් විතරයි. ඒකට එක් වරකට යා හැක්කේ තුන් දෙනෙකුට විතරයි”.
පාසැලට සනීපාරක්ෂක කම්කරුවන් නොමැති බැවින් වැසිකිලි ඉතා අපිරිසිදු මට්ටමේ පවතින බවද පිරිමි ලමුන්ට මල පහ කිරීම සඳහා වැසිකිලියක් නොමැති බැවින් ඒ සඳහා ගුරුවරුන්ගේ වැසිකිලි 2 හෝ 10 ශ්‍රේනියේ සිට 13 ශ්‍රේනිය දක්වා ගැහැනු ලමයි සඳහා වෙන් කර ඇති වැසිකිලි දෙක භාවිතා කරන බවද ඔවුහු පැවසූහ. මෙම පාසැලේ, 6 ශ්‍රේනියේ සිට 9 ශ්‍රේනිය දක්වා ශිෂ්‍යාවන් 200 ට පමන ඇත්තේ වැසිකිලි දෙකක් පමනක් වන අතර 2 ශ්‍රේනියේ සිට 5 ශ්‍රේනිය දක්වා ශිෂ්‍යාවන් සඳහා ඇත්තේ වහලක් නොමැති එක් වර 4 දෙනෙකුට මුත්‍රා කල හැකි එක් වැසිකිලි පද්ධතියක් පමනි.
වතුකරයේ පාසැල් වල තත්වය ද තවත් පහලට වැටී ඇත. උදාහරන ලෙස, නුවරඑලිය දිස්ති‍්‍රක්කයේ අප්කොට් හි ග්ලෙන්ගී දෙමල විද්‍යාලයේ පිරිමි සහ ගැහැනු ලමුන් 160 කටම ඇත්තේ ජලය නොමැති වැසිකිලි දෙකක් පමනක් වන අතර හැටන්හි කුවිල්වත්ත දෙමල මහා විද්‍යාලයේ සිසුන් 450 කට ඇත්තේ භාවිතා කල හැකි වැසිකිලි දෙකක් පමනි. පාසැල් තුලද ඔවුන් වාසය කරන නිවෙස් තුලද අවම සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති බැවින් වතුකරයේ දරුවන් නිරන්තරව ආසාදන වලට ගොදුරු වන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් පහසුකම් නොමැති බවත් එම පාසැල්වල ගුරුවරු පැවසූහ.
26 වසරක් පුරා කොලඹ ආන්ඩු විසින් ගෙන ගිය වර්ගවාදී යුද්ධය හේතුවෙන් විනාශයට පත් උතුරු නැගෙනහිර පාසැල් වල තත්වය වඩාත් දරුනු අතර එම පාසැල් වල වැසිකිලි හා ජලය පමනක් නොව ගුරුවරු, ගොඩනැගිලි හා ලී බඩු ඇතුලු අනෙකුත් සම්පත් වල ද දැඩි ඌනතාවක් පවතී.
පාසැල් තුල සනීපාරක්ෂාව ඇතුලු පහසුකම් මේ සා දරුනු තත්වයකට පත්වීම පසුගිය දශක තුන පුරා පැවති සෑම ආන්ඩුවක් විසින්ම අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන දැවැන්ත ලෙස කප්පාදු කිරීමේ සෘජු ප්රතිඵලයකි. 2008 න් ඇරැඹි ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයත් සමග, ලොවපුරා පාලක පන්තීන්ගේ පිලිවෙත වී ඇත්තේ එම මූල්‍ය අර්බුදයේ බර කම්කරුවන් හා පීඩිතයන් මත පටවනු වස් සමාජ සුබසාධන දැවැන්ත ලෙස කප්පාදු කිරීම සහ එම ප්රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්, තරුනයන්, සිසුන් හා අවශේෂ පීඩිතයන් පොලිස් මිලිටරි ක්‍රමවේදයන් මගින් මැඩලීමයි.
රාජපක්ෂ ආන්ඩුව එලි දක්වා ඇති විසර්ජන පනත අනුව එලැඹෙන 2014 වසරට අධ්‍යාපනය සඳහා වෙන් කොට ඇති මුදල දල ජාතික නිශ්පාදනයෙන් සියයට 1.5 ක් නැතහොත් රුපියල් බිලියන 38.8 ක් දක්වා කප්පාදු කොට ඇත්තේ ද රජයේ වියදමින් වැඩිම මුදල් ප්‍රමානයක් එනම් රු. බිලියන 253 ක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට වෙන් කොට ඇත්තේද එබැවිනි.
අනෙක් අතට, පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල වැලිවේරියේ නිරායුද මහජනයාට එරෙහිව මිලිටරිය යොදා පහර දී තරුනයන් තිදෙනෙකු ඝාතනය කිරීම මගින් තම අයිතීන් සඳහා සටන් වදින මහජනතාවට ආන්ඩුව දෙන පිලිතුර කුමක්ද යන්න පෙන්වා දී ඇත.
නගරවලින් දුගීන් පලවා හරිමින්, ධනපතියන්ගේ සුඛ විහරනය සඳහා අවශ්‍ය උද්‍යාන, ව්‍යායාම මංපෙත්, දියමත පාවෙන ආපනශාලා ගොඩ නගමින් ඊනියා නගර අලංකරනය සඳහා බිලියන සංඛ්‍යාත ධන ස්කන්ධයක් වියදම් කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, මනා සනීපාරක්ෂාවක් සහිත නිදහස් හා ගුනාත්මක අධ්‍යාපනයක් ලැබීමට කම්කරු පීඩිත මහජනතාවගේ දරුවන්ට ඇති අයිතිය මුලුමනින්ම නොතකා හැර සිටින බවට ප්‍රබල සාක්ෂියක් අයිආර්අයිඑන් වාර්තාව සම්පාදනය කරයි.
Follow us on