කැලනි සරසවි සිසු අරගලයේ පාඩම්
චානක ද සිල්වා සහ කපිල ප්‍රනාන්දු විසිනි, 2013 නොවැම්බර් 2
නිරන්තරව එල්ල වන මැර ප්‍රහාර නතර කොට, තම ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලා කැලනිය සරසවියේ ශිෂ්‍යයන් ගෙන ගිය අරගලය අධිකරන නියෝගයකින් කෙලවරකට පැමින ඇත්තේ, රාජපක්ෂ ආන්ඩුවේ මර්දනකාරී පොලිස් මිලිටරි ක්‍රමවේදයන් හමුවේ, අරගලය මෙහෙය වූ මහා ශිෂ්‍ය සංගමයේ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) දේශපාලන බංකොලොත්බව නැවත වරක් සනාථ කරමින් සිසුන් ආවෘත අන්තයකට ඇද දමමිනි.
පසුගිය දා කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්ථානය වාඩිලා ගැනීමට එහි නේවාසිකව සිටි ශිෂ්‍යයන් මෙහෙය වූ මහා ශිෂ්‍ය සංගමය, "ආරක්ෂාව තහවුරු කෙරෙන තෙක්” සිසුන් නැවත නේවාසිකාගාරයට නොයවන බව පරිපාලනයට දැන්වීය. කෙසේ නමුදු, ඔක්තෝබර් 4 වන දා දුන් අධිකරන නියෝගය මත නැවත නේවාසිකාගාරයට යාම හැර අන් විකල්පයක් නොමැති තැනට ශිෂ්‍ය සංගම් විසින් සිසුන් පත් කොට ඇත.
නිදහස් අධ්‍යාපන කප්පාදුව හා අධ්‍යාපන පුද්ගලීකරනයට එරෙහිව අඛන්ඩව වර්ධනය වන ශිෂ්‍ය විරෝධතා මැඩීම සඳහා රාජපක්ෂ ආන්ඩුව පොලිස් මිලිටරි කි‍්‍රයා මාර්ගයන් වෙත මුලුමනින්ම හැරී ඇති ආකාරය කැලනිය සරසවියේ සිසු අරගලය මැඩීම සඳහා ගත් පියවර මගින් පෙන්නුම් කෙරේ.
කැලනිය මහා ශිෂ්‍ය සංගමයට අනුව 2010 සිට මේ දක්වා 100 වතාවක් පමන, ආන්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැර කල්ලි විසින් එල්ල කල ප්‍රහාරවලට සිසුන් ගොදුරු වී ඇත. මේ අතර බරපතල තුවාල ලැබූ සිසුන් ද සිටී. සිසුන් පොලීසියට කර ඇති පැමිනිලි මත කිසිවෙකු අත්අඩංගුවට ගෙන හෝ පරීක්ෂන පවත්වා හෝ නොමැත. කන්නන්ගර නේවාසිකාගාරයේ සිසුන් ට සැප්තැම්බර් 17 එල්ල වූ මැර ප්‍රහාරයේදී සිසුන්ගේ දේපල විශාල ප්‍රමානයකට හානි සිදු වූ අතර සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරින.
ශිෂ්‍ය විරෝධය රටපුරා වර්ධනය වන තතු යටතේ කැලනිය සරසවි බලධාරීහු ඔක්තෝබර් 4 වන දා පැවති ශිෂ්‍ය විරෝධතාවයක් තහනම් කරමින් මහර කඩවත මහේස්ත්‍රාත් අධිකරයෙන් නියෝගයක් ලබා ගත්හ. මහජනයාට බාධා වන හා මහජන සාමයට බාධා වන විරෝධතාවලට සම්බන්ධවීමෙන් වැලකීම, අනෙක් ලමුන්ගේ අධ්‍යාපනයට බාධා කිරීමෙන් වැලකීම, සවස 8 න් පසු සරසවි භූමියේ රැඳී නොසිටීම හා කන්නන්ගර නේවාසිකාගාරයට නැවත වාර්තා කිරීම ආදී වූ දරුනු කොන්දේසි එම නියෝගයට ඇතුලත් කොට තිබුනි. විරෝධතාවයට පෙර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් එම උසාවි නිවේදනය ප්‍රචාරය කරමින් සරසවි පරිපාලනය ගෙන ගිය බිය වැද්දීම් නොතකා විරෝධතාවයට සිසුන් 3,000 ක් පමන සහභාගී වූහ.
කෙසේ නමුත් උසාවි නියෝගය කඩ කලේ යයි පවසමින් සිසුන් 23 දෙනෙකු පොලීසිය විසින් මේ මස 07 දා උසාවියට ඉදිරිපත් කල අතර එදින සවස් වන තුරු ඔවුන් උසාවි සිරකුටියේ රඳවා තබා ගත්හ. "මොකද දැන් කියන්නේ නේවාසිකාගාරවලට යනවද නැද්ද” යනුවෙන් තර්ජනය කොට ඔවුන් ඇප මත නිදහස් කල මහේස්ත්‍රාත්වරයා, මෙම සිසුන් 23 දෙනා අතර සිටි ශිෂ්‍යාවන් දෙදෙනාට එරෙහි පුරුෂෝත්තමවාදී දේශනයක් කරමින් "මෙවැනි දේවලට සම්බන්ධවන බව දෙමාපියන් දන්නේ දැ” යි ප්‍රශ්න කර තිබේ.
මෙම අධිකරන නියෝගය ශිෂ්‍යයන්ගේ මූලික ප්රජාතන්ත්රීය අයීතීන්ට එල්ල කර ඇති දරුනු ප්රහාරයකි. නියෝගය මගින් තහනම් කර ඇත්තේ තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට හා විරෝධතා දැක්වීමට සිසුන්ට ඇති මූලික ප්රජාතන්ත්රවාදී අයිතියයි. මෙය, තම කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව පැන නගින කවර හෝ විරෝධතාවයකට ප්‍රතිචාර දක්වන්නේ මේ අන්දමින් බවට ආන්ඩුව විසින් කම්කරු පන්තියට සහ අවශේෂ පීඩිතයනට කරන අනතුරු ඇඟවීමකි.
සරසවි සිසුන්ගේ ජීවිතවලට එල්ල වී ඇති මැර තර්ජන සම්බන්ධව කිසිදු පරික්ෂනයක් පැවැත්වීම යටගැසූ අධිකරනය කන්නන්ගර නේවාසිකාගාරය තුල පොලිස් මුරපොලක් ඉදි කිරීමට ද නියෝග කලේය. පොලිස් මුරපොල ඉදි කෙරෙන්නේ සිසු ආරක්ෂාවට නොව, ඔවුන් තව දුරටත් මර්දනය කිරීමට බව ඉතා පැහැදිලිය. මෙම මර්දනයේ කොටසක් ලෙස, 2011 වසරේ සිට සරසවි ආරක්ෂක අංශ සියල්ල ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ‘රක්නා ලංකා’ හා තවත් ආයතනයකට භාර දී ඇත.
ශිෂ්‍ය මර්දනය කැලනිය සරසවියට පමනක් සීමා වී නොමැති අතර ඌන පහසුකම් වලට හා අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහිව අරගලයට පිවිසි සිටින ජයවර්ධනපුර, සබරගමුව, රජරට, රුහුනු හා පේරාදෙනිය ඇතුලු සෑම සරසවියකම සිසු විරෝධතා මැඩීම සඳහා ආන්ඩුව මේ ආකාරයෙන්ම කටයුතු කරමින් සිටී.
පසුගිය ජුලි මාසයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙන ගිය විරෝධතාවයන් දෙකක් උසාවි නියෝග මගින් නවතා දැමු අතර, විරෝධතාවලට සම්බන්ධ වීම හේතුවෙන් පෙර අවස්ථාවක පැනවූ ඇප කොන්දේසි කඩ කර ඇතැයි චෝදනා කරමින් අවිශිබමයේ කැඳවුම්කරු සංජීව බන්ඩාර අත්අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් සිර ගත කලේය. ඔහු මෙවර ඇප මත නිදහස් කිරීමේ දී සරසවිවලට ඇතුලත් වීම වලක්වා ලන තවත් ප්රජාතන්ත්ර විරෝධී නියෝගයක් පැනවීය.
ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුව හා ශිෂ්‍ය මර්දනය සමස්තයක් ලෙස කම්කරු පන්තිය මත එල්ල කරමින් පවත්නා ප්‍රහාරයේ කොටසකි. ලොව පුරා සිය පාලක සහචරයන් සේම, රාජපක්ෂ ආන්ඩුව ද ලෝක ධනේශ්වර අර්බූදයේ බර කම්කරු පීඩිත මහජනයා මත පටවමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නංවා ඇති ආන්ඩුව, එයින් පැන නගිමින් පවත්නා කම්කරු හා තරුන අරගල මැඩීම සඳහා රුදුරුතම ප්රහාරයන් කරා යාමේ තම සූදානම පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු වැලිවේරිය ජනයාට එල්ල කල ම්ලේච්ඡ මිලිටරි ප්‍රහාරයෙන් පැහැදිලි වේ. මෙම ප්‍රහාරයේ දී තිදෙනකු ඝාතනය කෙරුනු අතර තිස් දෙනෙකුට අධික සංඛ්‍යාවකට තුවාල කෙරින.
කැලනිය සරසවියේ අත්දැකීම් මගින් පෙන්නුම් කර ඇත්තේ ආන්ඩුවේ ප්‍රහාරයේ රුදුරු බව පමනක් නොවේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ ක්‍රියාත්මක වන අවිශිබමයේ බලපෑම් දැමීමේ ශිෂ්‍ය උද්ඝෝෂනවල බංකොලොත්භාවය ද එමගින් බලගතු ලෙස අනාවරනය වී ඇත. සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) සංවිධාත්මකව භේද වී සිටින පෙසපයේ මූලිකම කර්ත්‍යවය වී ඇත්තේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව වර්ධනය වන අව්‍යාජ ශිෂ්‍ය විරෝධය අපසරනය කිරීමයි.
කැලනිය සිසු අරගලය පුරා එහි මහා ශිෂ්‍ය සංගමය ගෙන ගිය ක්‍රියාමාර්ගය ඉහත කරුන සනාථ කරයි. අවිශිබමය සංවිධානය කරන අන් සෑම විරෝධතාවයක්ම මෙන්ම කැලනි සරසවි අරගලය ද කෙලවර වූයේ ආන්ඩුව සමග සම්මුතියක් දක්වා ගමන් කිරීමෙනි. අවසන්වරට පැවති පෙලපාලිය පවා සංවිධානය කර තිබුනේ, ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපති රාජපක්ෂ ට පෙත්සමක් භාර දීම සඳහා ය. අධිකරන නියෝගයෙන් කේවලය අන්තයකට පැමිනි පසු, සිසුන්ට එරෙහි දඩයම දුරදිගයාම වැලැක්වීම සඳහා යයි පවසමින් ශිෂ්‍ය සංගමය සිසුන් නැවත නේවාසිකාගාරයට පිටත් කොට යැවීය.
සිසු ජීවිත සම්බන්ධව මෙම ශිෂ්‍ය සංගම්වල නොතැකීම කෙතරම් ද යත්, ශිෂ්‍ය මධ්‍යස්ථානය වාඩිලා සිටි සිසුන්ට ඉන් ඉවත් වන ලෙස පරිපාලනය නිවේදනය කල පසු, ඕනෑම මොහොතක මැර ප්‍රහාරයකට ලක් විය හැකි ස්ථානයක් වන සරසවියේ ‘තෙල් බැම්ම’ නමින් හඳුන්වන ස්ථානයක රාත්‍රිය ගත කිරීම සඳහා සිසුන් යොමු කිරීමට මෙම සංගම් පියවර ගත්හ.
විශ්වවිද්‍යාල පරිපාලනය, ප්‍රතිපාදන කොමිසන් සභාව හා ආන්ඩුව යන සියලු දෙනා සිසුන් රවටා ඇති බවට අඳෙ ා්නා නගන මහා ශිෂ්‍ය සංගමය, සිසුන් තව දුරටත් උගුල් වල සිර කිරීමේ අරමුනෙන් දැන් පවසන්නේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වූ තම අරගලය අවසන් වී නොමැති බවයි.
කැලනිය ශිෂ්‍ය අරගලය මගින් තීරනාත්මකව යලි ඉස්මත්තට ගෙනවිත් ඇත්තේ සිසු අරගල මුදුනේ ලැග සිටින ශිෂ්‍ය සංගම්වල සහ ඒවායේ කි‍්‍රයා මාර්ගයන්හි බංකොලොත්බවයි. ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතාව මත රාජපක්ෂ ආන්ඩුව ගෙන යන කප්පාදු වැඩපිලිවෙල සහ එයට එරෙහිව වැඩෙන අරගලයන් මැඩීමේ අරමුනෙන් ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර, ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතාවන් මගින් පරාජය කල නොහැකි බව යලිත් වරක් සනාථ වී ඇත.
මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ ආන්ඩුවට එරෙහි දේශපාලනික ප්රතිප්රහාරයකිනි. ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙත හැරී, එම පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් මත, එනම් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත, මෙම ප්‍රතිප්‍රහාරය සූදානම් කල යුතුය. ඒ සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමේ දී ප්‍රධානතම බාධකයක්ව පවත්නා අවිශිබමයෙන් සහ පෙසපෙන් සිසුන් හා තැරනයන් බිඳී වෙන්වීම අත්‍යවශ්‍ය ය.
ඉහත වැඩපිලිවෙලට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය පමනි.
Follow us on