ලංකාව තුල පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කිරීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනී
සුරංග සිරිවර්ධන විසිනි, 2013 ඔක්තෝබර් 22
පසුගිය සැප්තැම්බර් 22 දින ආන්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූ පුද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ලංකාව තුල නීතිගත කෙරෙන ගැසට් නිවේදනය ඔක්තෝබර් 9 වන දින පැවති පාර්ලිමේන්තු විවාදයක් අවසානයේදී සම්මත කරගන්නා ලදී. විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) ගැසට් නිවේදනයට පක්ෂව ඡන්දය දුන් අතර ව්‍යාජ විවේචන ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුන තම පක්ෂපාතිත්වය පෙන්නුම් කලේය.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතක් ලෙස නිකුත් කල මෙම අති විශේෂ ගැසට් නිවේදනය, පසුගිය වසරේදී ඉදිරිපත් කරනු ලදුව සිසුන්ගේ හා වැඩකරන ජනයාගේ විරෝධය හමුවේ හකුලා ගනු ලැබූ පුද්ගලික විශ්ව විද්‍යාල පනත වෙනත් ආකාරයකින් කි‍්‍රයාවේ යෙදවීමකි.
නව ගැසට් නිවේදනය ආන්ඩුව ගෙන එනු ලැබුවේ ලැන්කැෂයර් විශ්වවිද්‍යාලය වැනි විදේශ ආයතනවලට හා දැනටමත් ඉදිකොට ඇති මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට හා එහි උපාධිවලට පැවති බාධා අහෝසි කොට ඒවායේ නෛතික තත්වය තහවුරු කිරීමේ අරමුනින් ය. ඒ සඳහා දැන් "උසස් අධ්‍යාපන ආයතන වල පුර්වාවශ්යතා රාමුව සහ තත්ව සහතිකය සහ නිල පිලිගැනීම ලබා දීම සඳහා වන මූලික කමිටුවක්” ද තවත් "පාලක සභා” දෙකක් ද දැන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ස්ථාපිත කරන බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ආන්ඩුව වෙනුවෙන් පෙනී සිටි එහි ආයෝජන ප්‍රවර්ධන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන විවාදය ආරම්භ කරමින් කියා සිටියේ බි්රතාන්යයේ ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් මීරිගම ඉදිවන නව ආයෝජන ප්‍රවර්ධන කලාපය තුල ආරම්භ කිරීමට තීරනය කොට ඇති බවත් ඒ සඳහා අක්කර 120 ක භූමි ප්‍රමානයක් පිරිනමන බවත් ය. මෙහි වැඩකටයුතු පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුලුවට සමගාමීව ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
"රාජ්‍ය සරසවි තුල දැනට වසරක් පාසා අවස්ථාව හිමි වන්නේ 25,000ක් පමන පිරිසකට පමනයි. ධනපති පන්තියේ අය ඔවුන්ගේ දරුවන් පිටරට අධ්‍යාපනයට යැවුවත් බහුතරයකට එසේ කල නො හැකි යි. මෙම සරසවිය ආරම්භ කිරීමෙන් එම සිසුන්ගේ උසස් අධ්‍යාපනයට හොඳ අවස්ථාවක් උදාවනවා” යයි කියමින් අබේවර්ධන ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් මෙරට ස්ථාපනය කිරීමේ වැඩකටයුතු සාධාරනීකරනය කිරීමට ආන්ඩුවේ හා ඔවුන්ගේ අටුවාකරුවන්ගේ සුපුරුදු බේගල් තර්කය ගෙනහැර පෑවේ ය.
ආන්ඩුවේ ප්රයත්නය ගම්බද දිලිඳු දරුවන් සඳහා අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීම නොව ලෝක ආර්ථික අවපාතයක කොන්දේසි යටතේ නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිර්දේශ ක්‍රියාවට දැමීමයි. ලෝක පරිමානව වර්ධනය වන අර්බුදය තුල ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනය ආයෝජන බිම්, සේවා හා සම්පත් ලාභ ගැරීමට විවෘත කර දෙන ලෙස හැම රටකට ම වඩවඩාත් බල කරයි. සෑම රටකම ආන්ඩු අධ්‍යාපනයට වෙන් කරන මුදල් කපා හරිමින් ඒවා ආයෝජකයන්ට විවෘත කර දෙන්නේ මෙම තතු තුල ය. එමගින් රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට ද ලංකාවේ ධනපතියන්ට ද ලාභ සූරා ගැනීමට අවස්ථා සලසා ගැනීමට ද ආන්ඩුව බලාපොරොත්තුවේ.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පිටින් මෙම සාකච්ඡා සඳහා ආයෝජන ප්‍රවර්ධන ඇමතිගේ මූලිකත්වය ගැනීමෙන් පෙන්නුම් කෙරුනේ අධ්‍යාපනය ලාභ ගැරීමේ කර්මාන්තයක් බවට පත් කිරීමට ආන්ඩුව ගෙනයන සැලැස්ම යි. තවත් එබඳු විදේශීය විශ්වවිද්‍යාල පහක් ඇති කිරීමට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානයක කි‍්‍රයාකරගෙන යන බව අබේවර්ධන සඳහන් කලේ ය. මෙම විශ්වවිද්‍යාල බදු සහන සහිතව ආයෝජන කලාප තුල පිහිටුවීමට බලාපොරොත්තුවේ. ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයට අවුරුදු 15ක බදු සහන පිරිනැමෙන බව ආන්ඩුව කලින් ප්‍රකාශ කර තිබින.
මෙතෙක් බලයට පත් සෑම ආන්ඩුවක් විසින් ම සිදුකල, දැන් රාජපක්ෂ ආන්ඩුව විසින් වඩාත් නිර්දය අයුරින් වේගවත් කොට ඇති රාජ්‍ය අධ්‍යාපන කප්පාදු වැඩපිලිවෙල යටතේ මෙරට සිටින උසස් පෙල සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි සියයට 85කට අධික ප්‍රමානයකට එම අවස්ථා ලබා ගැනීමට පුද්ගලික විශ්වවිද්‍යාල මගින් ඉඩ සැලසෙන බැව් කීම පට්ටපල් බොරුවකි.
දැනටමත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායකමත් මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත්තේ මෙම යෝජිත විශ්වවිද්‍යාලය තුල කලමනාකරන උපාධියක් රු. ලක්ෂ 4ත් 5ත් අතර මුදලකට අලෙවි කරන බවත් පුද්ගලික විශ්වවිද්‍යාල අතර ඇති වන තරගයකින් මෙම මිල ගනන් තව දුර අඩු විය හැකි බවත් ය. කෙසේ නමුත්, මෙම මිල ගනන් යටතේ උසස් පෙල සමත් බහුතර ගම්බද දුගී දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාගත හැකිය යනුවෙන් පැවසීම මත් හාස්‍යජනක ය.
විශ්වවිද්‍යාල ප්‍රවේශ පහසුකම් ඌන වීම මත පසුගිය වසරේ පමනක් 16,510ක සිසුන් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වී ඇති බැව් යුනෙස්කෝ තොරතුරු හුවා දක්වමින් අබේවර්ධන පැවසුව ද උසස් පෙල සමත් මුත් සරසවි වරම් නොලද දෙලක්ෂයකට අධික පිරිස සමග සන්සන්දනය කිරීමේ දී මෙම ප්‍රතිශතය සියයට 8.2 ක් පමනි. ඉන් ද බහුතරය තම ඉඩකඩම් විකුනා හෝ නය වීමෙන් එම අවස්ථාව උදා කර ගන්නා මධ්‍යම පන්තික දෙමාපියන්ගේ දරුවන් ය.
වැඩිවන අවශ්‍යතාවයට සාපේක්ෂව පවත්නා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අලුතින් විශ්ව විද්‍යාල එක් කිරීම හෝ පවත්නා විශ්ව විද්‍යාලයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර මෙතෙක් පැවති ආන්ඩු මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ද කිසිදු මූලික පියවරක් ගෙන නැත. ශී‍්‍ර ලංකාව "දැනුමේ කේන්ද්‍රස්ථානයක්” බවට පත්කරන බවට ආන්ඩුව පම්පෝරි ගසනුයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා විදේශීය ආයතනයන්ට බදු සහන පිරිනමන අතරතුරම රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය සඳහා දල ජාතික නිශ්පාදිතයෙන් වෙන්කෙරෙන පංගුව මේ වසරේ දී සියයට 1.51 දක්වා කප්පාදු කරමිනි.
රාජ්‍ය විශ්විද්‍යාල පද්ධතියේ ගරා වැටීම සිදු වී ඇත්තේ බලයට පැමිනි සෑම ආන්ඩුවක් විසින් ම දිගින් දිගටම කරන ලද කප්පාදු හේතුවෙනි. විපක්ෂයෙන් විවාදයට සහභාගී වූ එජාපය බලයේ සිටින විට එලෙස කප්පාදු ක්‍රියාත්මක කල පක්ෂයකි.
එජාප ආන්ඩුව 1981 දී අධ්‍යාපන ධවල පති‍්‍රකාවක් හඳුන්වා දෙමින් අධ්‍යාපන පුද්ගලීකරනයට මුල පිරුවේ ය. විවාදයට සහභාගී වෙමින් එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් "පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරනවාට අපි විරුද්ධ නෑ. අපි විරුද්ධ මේ විශ්වවිද්‍යාල ඇතිකරන ක්රමවේදයටයි” යනුවෙන් ප්‍රකාශ කරමින් ආන්ඩුවට ආවැඩුවේ ය. විදේශ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ප්‍රථම රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ට පහසුකම් ලබා දිය යුතු යයි කාරියවසම් කිඹුල් කඳුලු හෙලූවේ සිසුන් සහ මහජනයා අතර අධ්‍යාපන කප්පාදුව කෙරෙහි බරපතල විරෝධයක් පවතින හෙයින් මූහුන බේරා ගැනීමට ය. විවාදය අවසානයේ එජාප මන්ත්‍රී ගැසට් නිවේදනයට පක්ෂව ඡන්දය දුන්හ.
ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ද වැඩ පිලිවෙල කෙරෙහි සෘජු විරුද්ධත්වයක් ප්‍රකාශ කලේ නැත. පාසල් අධ්‍යාපනයේ අර්බූදය ගැන සඳහන් කරමින් "මෙවැනි නිවේදනවලට පෙර ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුකූලව අධ්‍යාපනය ප්‍රමානවත් මුදලක් වෙන් කිරීම මගින් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීමට අවශ්‍යය” යි කියා සිටියේ ය.
සිංහල වර්ගවාදය මත පදනම් වූ ජවිපෙ සිය ධනපති ජාතිකවාදී වැඩපිලිවෙලට විදේශ ආයෝජන ගෙන්වා ගැනීම ඇතුලත් කර ගෙන ඇත. එහෙත් ව්‍යාජ විරුද්ධත්වය තබා ගැනීමට ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්දය දුන්නේ ය.
ආන්ඩුවේ වැඩපිලිවෙලට එජාපයේ හා ජවිපෙ දක්වන එකඟතාව තවදුරටත් ප්‍රකාශයට පත්ව ඇත්තේ අධ්‍යාපන පුද්ගලීකරනයට සමගාමීව ආන්ඩුව ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් මත දිගේලි කර ඇති රාජ්‍ය මර්දනය හා ප්රජාතන්ත්ර අයිතීන්ට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්ධව ඔවුන්ගේ නිහැඬියාව තුලිනි.
ශිෂ්‍ය සංගම් තහනම් කර ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කොට විශ්වවිද්‍යාල පරිපාලනය මුලුමනින්ම ශිෂ්‍යයන්ට එරෙහිව මෙහෙවා ඇති ආන්ඩුව වර්ධනය වන ශිෂ්‍ය රැඩිකලීකරනය මැඩීම සඳහා පොලීසිය හා අධිකරනය මෙහෙවා තිබීම සම්බන්ධව මෙම විවාදය මුලුමනින් නොතකා හැර තිබුනේ දැනුවත්වම ය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය මෙම ශිෂ්‍ය විරෝධය අපසරනය කර දැමීම සඳහා විරෝධතා මගින් ආන්ඩුව නම්මාගෙන අධ්‍යාපනය රැකගත හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරයි.
Follow us on