රාජපක්ෂ ආන්ඩුව රජයේ සේවකයන්ගේ විශ්‍රාම අයිතීන් කැපීම අරඹයි
සමන් ගුනදාස විසිනි, 2014 අපේ‍්‍රල් 26
විශ්‍රාම වැටුප් පාරිතෝෂික දීමනාව කපා හැරීම මගින් මහින්ද රාජපක්ෂ ආන්ඩුව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතියට ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම පාරිතෝෂික දීමනාව බි්රතාන්ය යටත් විජිත පාලන සමයේ ආරම්භ කෙරුනු අතර දශක ගනනාවකට ඉහතදී කම්කරුවන් විසින් අයිතියක් ලෙස තහවුරු කර ගන්නා ලදි .
විශ්‍රාම ගන්නා අවස්ථාවේදී පාරිතෝෂිකයක් ලෙස රාජ්‍ය සේවකයන් මාස 24ක වැටුපට හිමිකම් ලබයි. එම ගනනින් සියයට 60ක් පොලී රහිතව වසර 10ක් තුලදී විශ්‍රාම වැටුපෙන් අඩු කරගනු ලැබේ.
මාර්තු 26 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිකුත් කල චක්‍රලේඛයට අනුව පාරිතෝෂිකය වෙනුවට ඊට සමාන බැංකු නය මුදලක් රජයේ සේවකයන්ට ලැබේ. “විශ්‍රාමලාභියාට ගෙවනු ලබන පාරිතෝෂිකය වසර 18ක් තුලදී පොලී රහිතව ආපසු අය කර ගනු ලබන” බව එය පවසයි. භාන්ඩාගාරයට බරක් යැයි ආන්ඩුව විසින් අවධාරනය කෙරෙන විශ්‍රාමික වැටුප් සඳහා වියදම කපා හැරීමේ පලමු ප්‍රහාරය බවට මෙම පියවර පත්වීමට නියමිත ය.
පාරිතෝෂිකය වෙනුවට දෙන නය සඳහා බැංකුවට පොලී ගෙවන්නේ කවුරුද යන්න පැහැදිලි නැත. රාජ්‍ය සේවකයන්ගේ ඉහත අත්දැකීම් අනුව මාසික වාරිකයන්ගෙන් පොලිය අය කර ගැනීම සිදු වීමට ඉඩ ඇත. වසර කිහිපයකට ඉහතදී ආන්ඩුව රාජ්‍ය සේවකයන්ගේ නිවාස නය සඳහා පොලී ගෙවීම බාර ගත් නමුත් එය පැහැර හැරීම නිසා බැංකු නය දීම අත් හිටුවීය.
රාජපක්ෂ ආන්ඩුව දේශීය හා විදේශීය නය මත වාරුවී සිටින අතර සුබ සාදන අරමුදල් හා සහනාධාර කපා හැරිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග කි‍්‍රයාවට දැමීමට බැඳී සිටියි. විශ්‍රාම වැටුප් අරමුදල් වලට එල්ල කෙරෙන මෙම ප්‍රහාරය ජාමූඅහි හා යුරෝපීය මහ බැංකුවේ නිර්දේශ මත මෑත වසර වලදී ග්‍රීසිය, ස්පාඤ්ඤය හා යුරෝපීය සංගමයේ අනෙකුත් රටවල ක්රියාවේ යෙදවූ කප්පාදු ක්‍රියාමාර්ග සිහි ගන්වයි.
ලංකාවේ විශ්‍රාම වැටුප් ගෙවීම් අධිකතර බව පවසමින් රාජපක්ෂ ආන්ඩුව විසින් විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කල යුතු බවට ජාමූඅ හා ලෝක බැංකුව දිගින් දිගටම කියා සිටියේ ය. ජාමූඅ ප්‍රකාශ කරන්නේ රාජ්‍ය සේවකයින් තමන් දායකත්වයක් ලබා නොදෙන බදු රහිත විශ්‍රාම වැටුපක් බදු ගෙවන්නන්ගේ වියදමෙන් බුක්ති විඳින බවයි. මෙම කතාව විකාරයකි. ආන්ඩුව ආදායමේ වැඩි කොටස උපයා ගන්නේ රජයේ සේවකයන් ද ඇතුලූ වැඩ කරන ජනයා ගෙවන බදු මුදලිනි. පාරිතෝෂිකය පිනට දෙන මුදලක් නොවේ. ජාමූඅට අවශ්‍යව ඇත්තේ විශ්‍රාම වැටුප් අරමුදල් සඳහා රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය ලැබෙන ක්‍රමයක් ඇති කිරීමය.
විශ්‍රාමික සහනයන් දිනා ගනු ලැබ ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ අරගලයන් තුලිනි. විශ්‍රාම ගැනීමේදී ඔවුන් නය ආපසු ගෙවීමට හා අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා යොදා ගැනීමට දහසක් බලාපොරොත්තු තබා ඇත්තේ පාරිතෝෂිකය මත ය. යන්තම් අවශ්‍යතා ඉටු කර ගැනීමටවත් සරිලන වැටුපක් රාජ්‍ය අංශයට නොලැබෙන තතු යටතේ ආන්ඩුව ගන්නා පියවර රජයේ සේවකයන්ගේ ජීවන කොන්දේසි කපාදැමීමකි.
පුද්ගලික අංශයේ හා රාජ්‍ය සංස්ථාවල දශ ලක්ෂ 6.5ක් සේවකයන්ගේ වැටුප් කැපීම හා විශාල වශයෙන් සහන කප්පාදු කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව 2011 දී විශ්‍රාම පනතක් ගෙන ආවේය. කම්කරුවන් තුලින් පැන නැගුනු දැවැන්ත උද්ඝෝෂන මධ්‍යයේ ආන්ඩුවට පනත අකුලා ගැනීමට සිදුවිය. කටුනායක නිදහස් වෙලඳ කලාපය තුල 40,000ක් පමන කම්කරුවන් උද්ඝෝෂනයට එක්වුනු අතර එය මැඩ පැවැත්වීමට පොලීසිය යෙ¥ අන්ඩුව එක් කම්කරුවෙකු මරා දැම්මේය.
පාරිතෝෂිකය වෙනුවට නය මුදලක් දීමේ ක්‍රමය ඇති කිරීමට පෙර ම රජයේ භාන්ඩාගාරය මේ සඳහා වෙන් කල මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේතුවට ගෙවීම නැවැත්වූවේය. මෙලෙස අරමුදල් නැවැත්වීම නිසා පාරිතෝෂික ගෙවීම් දීර්ග වශයෙන් පමා කෙරුනි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මාධ්‍ය සාකච්ඡාවකදී එය පිලි ගත් අතර නය ක්‍රමය මගින් එම පමා වීම් වැලකෙන බව කියා ආන්ඩුවේ ප්‍රහාරය යුක්තිසහගත කිරීමට උත්සාහ දැරීය. “13,200ක් විශ්‍රාමිකයන් පාරිතෝෂික ලබා ගැනීම සඳහා පෙල ගැසී සිටියි. මේ සඳහා වසරකට අවශ්‍ය රුපියල් බිලියන 7ක මුදල ගෙවීමට භාන්ඩාගාරයට මුදල් නැත”යයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න පැවසීය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්.එස්. හෙට්ටිආරච්චිට අනුව 535,000ක් වූ විශ්‍රාමිකයන් සඳහා ආන්ඩුව වසරකට රුපියල් බිලියන 140ක් වියදම් කරයි.
මෙම ප්‍රහාරය එල්ල වන්නේ අය-වැය හිඟය පසුගිය වසරේ පැවති දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 5.9 සිට මෙම වසරේ දී සියයට 5.2 දක්වා කප්පාදු කිරීමට රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක වන පසුබිමක ය. ආන්ඩුවේ ඉලක්කය වන්නේ 2016 වන විට දදේනි න් සියයට 3.8 දක්වා අය-වැය පරතරය තව දුරටත් අඩු කිරීම ය.
ආන්ඩුව අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා කෙරෙන වියදම් ද කපා හරිමින් සිටියි. 2007 දී අධ්‍යාපනය සඳහා දදේනි න් සියයට 2.59ක මුදලක් වෙන් කෙරිනි. 2013 දී මෙම මුදල දදේනි න් සියයට 1.8 දක්වා තියුනු ලෙස කපා හැරිනි. ආන්ඩුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ තුල පුද්ගලික ආයෝජන දිරි ගැන්වීමේ පිලිවෙතක යෙදී සිටියි.
කම්කරුවන්ගේ සුබ සාධන ගෙවීම් මත මෙම ප්රහාරයන් එල්ල කෙරෙන්නේ මහා ව්‍යාපාරයන්ට හා විදේශ ආයෝජකයන්ට වඩ වඩාත් සහන පුදන අතරවාරයේදී ය. සමාගම් අය කෙරෙන ආදායම් බදු සියයට 28 දක්වා පහත හෙලා ඇති අතර විශේෂ සහනශීලී ආදායම් බදු සියයට 12 හෝ ඊටත් පහලට හෙලා තිබේ. විශේෂ සංවර්ධන ව්‍යාපෘති පනත (2008) ට අනුව විදේශ ආයෝජකයන් හට ඒ ඒ ව්‍යාපෘතියට අනුව දීර්ඝ බදු විරාම කාල පරිච්ෙඡ්ද ලබා දෙයි.
යුද්ධ සමයේ වෙන් කල මුදල ද ඉක්මවා යමින් 2014 සඳහා සන්නද්ධ හමුදාවන්ට රුපියල් බිලියන 253ක් අත දිග හැර වෙන් කිරීමට ආන්ඩුව ක්‍රියාත්මක වී තිබේ. ආන්ඩුව උතුරේ හා නැගෙනහිර මිලිටරි වාඩිලා ගැනීම දිගටම පවත්වා ගෙන යන අතරතුර එහි දරුනු කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව ප්‍රතිරෝධය දක්වන වැඩ කරන ජනයා මතට කඩා පැනීම සඳහා සූදානම් වෙයි. තමාව නඩත්තු කිරීම සඳහා මෙම වසර තුල රුපියල් බිලියන 5ක් රාජපක්ෂ වෙන් කරගෙන තිබේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 1901 සිට මේ දක්වා වසර 113ක් පාරිතෝෂික දීමනා සඳහා ආන්ඩුවේ මුදල් වැය කර තිබේ. මුලදී මෙම දීමනා කෙලින්ම රාජ්‍ය භාන්ඩාගාරයෙන් සිදු කල අතර 1971 දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිහිටුවා විශ්‍රාම වැටුප් ගෙවීම ක්රමික කිරීමට එවක ආන්ඩුවට සිදු වූයේ කම්කරුවන්ගේ උද්ඝෝෂන මධ්‍යයේ ය.
දක්ෂිනාංශික ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දරන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත පැවසුවේ ආන්ඩුව ඔවුන්ගේ “විරෝධතා” වලට ප්‍රතිචාර දනවන්නේ නැති බැවින් ඔවුන් අනෙක් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන බවයි. “මේ වනතෙක් ආන්ඩුවේ ක්‍රියාවට එරෙහිව අප වෙන්ව විරෝධතා පැවැත්වුව ද ඒවාට ආන්ඩුවේ ප්‍රතිචාරයක් නැත”යයි ඔහු පැවසීය.
රාජ්‍ය හා පුද්ගලික වෘත්තීය සමිති එකතුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂනයක යෙදිනි. “ආන්ඩුව ශුභදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් සිංහල හා දෙමල අලුත් අවුරුද්දෙන් පසුව විශාල වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අප අවතීර්න වන්නේයැ” යි එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මාධ්‍යයට පැවසීය.
ජාමූඅ විසින් විධාන කරනු ලැබ ඇති මෙම තීන්දු හකුලා ගැනීමට ආන්ඩුව සූදානම් නොමැති තතු යටතේ විරෝධතා හුදු පුහු ඒවා වෙති. මෙය ආන්ඩුවේ පුලුල් ප්රහාරයක කොටසකි.
වෘත්තීය සමිති හා ඊට සහාය දෙන ව්‍යාජ වම්මු එවන් දේශපාලන සටනකට සතුරු ය. පසුගිය වසර ගනනාව තුලදී මෙම වෘත්තීය සමිති විරෝධතාවන් යොදා ගෙන ඇත්තේ ආන්ඩුවේ ප්රහාරයන්ට එරෙහිව කම්කරුවන් අතරින් නැගෙන වෛරය පීලි පැන්නවීම සඳහා ය.
Follow us on