පලමුවන ලෝක යුද්ධයෙන් සිය වසරක්
One hundred years since the outbreak of World War I
සියලූ යුරෝපානු අධිරාජ්‍යවාදී බලවතුන් පලමු වන ලෝක යුද්ධයට ඇතුලුවීම සම්පූර්න කරමින් බි්රතාන්යය ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර සියවන වසර සලකුනු වූයේ ඊයේ ය.
බි්රතාන්යය යුද්ධ ප්‍රකාශ කලේ, තමන් බෙල්ජියමේ අපක්ෂපාතිත්වය ආරක්ෂා කිරීමට ගිවිසගෙන සිටි තතු තුල, අගෝස්තු තුන්වන දින ප්රන්සයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කල ජර්මනිය, ඒ සමගම බෙල්ජියමේ භූමියට උඩින් (ප්රන්සයට) හමුදා යැවූයේය යන කරුන ව්‍යාජයක් ලෙස යොදාගෙන ය.
ප්රන්සයේ සගයා වූ රුසියාව සිය හමුදා බලමුලු ගැන්වීම සිදු කරන තෙක්, එරට ට එරෙහි යුද්ධ ප්‍රකාශ නොකරන්නට ජර්මනිය ප්‍රවේශමෙන් සැලසුම් කර තිබුනි.
රුසියාව හමුදා බලමුලු ගැන්වීම සිදු කිරීමට උත්සුක වූයේ ජුලි 28 දා ඕස්ටි්රයාවට සහ සර්බියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමග ය. අග්නිදිග යුරෝපයේ සිය බලය පතුරුවා ගැනීම සඳහා රුසියාව සර්බියාව ආරක්ෂා කරන බවට පොරොන්දු දී තිබුනි.
ඊලඟ අවුරුදු හතර ඇතුලත බලවත්තු සිය සැබෑ යුද අරමුනු වසන් කිරීම සඳහා ප්රචාරක යන්ත්‍ර මුවහත් කර ගත්තෝය. බි්රතාන්ය ප්‍රචාරය වූයේ “හන්” වරුන්ගේ (ජර්මනුන් ම්ලේච්ඡයන් යයි හැඳින්වීමට යොදා ගත් පදයක් - පරිවර්තක) කෲර ක්‍රියා වැලැක්වීම සඳහා ද “සුලු ජාතීන් ගේ අයිතිවාසිකම්” ආරක්ෂා කිරීම සඳහා ද යුද්ධයට මැදිහත් වූ බවකි. මෙ ලද්දේ “කුඩා බෙල්ජියම” අප්‍රිකාව තුල විජිත ගනනාවක් යටත් කර ගෙන සිටි, අධිරාජ්‍යවාදී බලවතෙකු ය යන්න වසන් කරමිනි.
ප්රන්ස දේශපාලකයන් කියාසිටියේ තමන් ප්‍රශියානු (ජර්මානු) යුද වාදයට එරෙහිව, නිදහසේ සහ ප්රජාතන්ත්රවාදයේ සාරධර්ම රැක ගැනීමට සටන් කරමින් සිටි බවකි. එහෙත් ඔවුන් එසේ කීවේ රුසියාවේ ඒකාධිපති, ලේ නාගත් සාර් පාලනය සමග සන්ධානගතව, එරට මර්දනකාරී රාජ්‍ය යුද තන්ත්රය පවත්වාගැනීමට විශාල නය දෙන ගමන් ය.
ජර්මනිය කියා සිටියේ තමන් යුද්ධයට ඇද දැමුනේ අනෙකුත් යුරෝපානු බලවතුන්ගේ ක්‍රියාවන් විසින් බව ය. යුරෝපය තුල ආධිපත්‍යය අත්පත් කරගනිමින් ලෝක බලවතෙකු ලෙස තමන්ටත් “සුව පහසු තැනක්” අත්පත් කර ගැනීම සඳහා දඟලමින් සිටි ජර්මනිය තමන් රුසියානු අශිෂ්ටත්වයට එරෙහිව යුරෝපා ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීම සඳහා සටන් කරන බවක් කියා පෑවේය.
ඇත්ත වශයෙන්ම යුද්ධය කරන ලද්දේ “ප්රජාතන්ත්රය” හෝ සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් සඳහා හෝ, ඒකාධිපතිත්වය පැරදවීමට හෝ නොවේ. වෙලඳ පලවල් ද ලාභ ගැරිල්ල ද, යටත් විජිත ද බල වැයික්කි ද සඳහා ය. එවකට බි්රතාන්යයේ නාවුක හමුදාව බාර ඇමතිව සිටි වින්ස්ටන් චර්චිල් පැහැදිලි කල පරිදි බි්රතාන්ය සතුව බලයෙන් අත්පත් කර ගත් අධිරාජ්‍යයක් තිබුනි. එය බලෙන් උදුරා ගැනීමට සෙස්සෝ උත්සාහ කරමින් සිටියහ.
එකල පැවති යුරෝපයේ දේශපාලන උපරිව්‍යුහය අද දින පවත්නා තත්වයට වඩා බෙහෙවින් වෙනස් විය - ජර්මනියේ රජ කලේ කයිසර් රජුය. රුසියාවේ සාර් අධිරාජයා රජ කල අතර ඕස්ටි්රයාව පාලනය කලේ ද අධිරාජයෙකි. ඒ අතර යුද්ධයේ මුල් පැවතුනේ ධනේශ්වර ආර්ථිකය තුල ය. ලියොන් ට්‍රොට්ස්කි, ගෝලීකෘත නිෂ්පාදනයෙන් සමන්විත වර්තමානයේ අතිශයින් බලගතු ලෙස නින්නාද වන අන්දමින්, පැහැදිලි කල පරිදි, ඊට පෙර සතලිස් වසර තුල සිදුව තිබුනු අති මහත් ආර්ථික ප්රසාරනය විසින් පොලෝ තලය ද පොලෝ කුස ද සාගරය ද ඇතුලු මුලු ලෝකයම (අද දින නම් අභ්‍යාවකාශය ද මීට එකතු කලයුතු ය) - තනි ආර්ථික වැඩ බිමක් බවට පත් කොට තිබුනි. ජාතික රාජ්‍ය වෙනුවට සමස්ත ලෝක ආර්ථිකය ම වර්ධන කේන්ද්‍ර ය බවට පත් වී තිබුනි. එහෙත් ලෝකය අධිරාජ්‍ය බලවතුන් අතලොස්සකට යටත් ජාතික රාජ්‍ය ක්‍රමය ලෙස බෙදී පැවතුනි.
කොටින් කිවහොත්, ලෝක ජනතාවගේ දියුනුවෙහි පදනම වන මානව නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය සුරාකන ධනේශ්වර පද්ධතිය මුල් බැස පවත්නා ජාතික රාජ්‍ය රාමුව සමග ඝට්ටනයට එලඹ තිබුනි.
මෙම ඝට්ටටනය විසඳාලීමට අධිරාජ්‍යවාදය සූදානම් වන්නේ, ධනේශ්වර බලවතුන් අතුරෙන් කවරෙක් මහාධිපතියා වේ ද යන්න තීන්දු කිරිම සඳහා එකා අන් සියල්ලට ම එරෙහිව කරන ලේ හැලෙන අරගලයකින් බව ට්‍රොට්ස්කි පෙන්වා දුනි. මෙම ඝට්ටනයේ මුදුන් කුල වන්නේ මෙම අසාධ්‍ය ප්රතිඝතිතාවය විසඳා ලනු වස් ධනවාදය විසින් යොදාගනු ලබන්නා වූ යුද්ධය ය.
එකම ප්රගතිශීලී විසඳුම නම් ඒ හෝ මේ අධිරාජ්‍ය බලවතා ගේ විජයග්රහනය නොව අධිරාජ්‍ය ප්රචන්ඩයේ සහ විනාශයේ උල්පත වන්නාවූ මුලුමහත් ධනේශ්වර පද්ධතියම පෙරලාදැමීමයි. ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයාමාර්ගය දවසේ පර්යාය බවට පත් ව තිබුනි.
පලමුවන ලෝක යුද්ධය ධනේශ්වර පර්යායේ ඓතිහාසික අර්බුදය එලිදරව් කලා පමනක් නොවේ , එය ඊටත් බලගතු ලෙස, කම්කරු ව්‍යාපාරය අරක්ගත් ඝෝර අර්බුදය ද එලිදරව් කලේ ය. 1914 අගෝස්තු 4 වන දින, වෙඩි පහර ඇරඹෙනවාත් සමග ම ප්රන්ස - ජර්මානු සමජවාදී පක්ෂ - කම්කරුවන්ගේ (දෙවන) ජාත්‍යන්තරයේ ප්රන්ස කන්ඩායම වූ ( එස්එෆ්අයි ඕ )සංවිධානය සහ දෙවන ජාත්‍යන්තරයේ ජර්මානු ශාඛාව වූ සමාජ ප්රජාතන්ත්ර පක්ෂය (එස්පිඩී) තම තමන් ගේ ආන්ඩුවලට සහය දීමට ඡන්දය දුන්නෝය. දෙවන ජාත්‍යන්තරය ඊට පෙරාතු කාල පරිච්චේදයේ දී යුද්ධයේ අන්තරාය පෙන්නුම් කර දී තිබුනි. තම ශාඛාවන් යුද්ධයට එරෙහි අරගලයකට කැප කරන බවට 1912 බැස්ලේ වල පැවැත්වුනු ජාත්‍යන්තර සම්මේලනයේදී පොරොන්දු වී තිබුනි. යම් හෙයකින් යුද්ධය වැලැක්වීමට නොහැකි වී නම්, යුද්ධයෙන් පැනනගින තත්වය ධනවාදය පෙරලා දැමීම සඳහා යොදාගැනීමට එය පොරොන්දුවී තිබුනි. දැන් එම සපථය කීතු කීතු වී ගොස් තිබුනේ ය. දෙවන ජාත්‍යන්තරය සමාජවාදය සඳහා මලමිනියක් බවට පත්ව තිබුනි.
මෙහිලා වඩාත්ම දූරගාමි නිගමනය කරා එලඹුනේ එකල්හි එතරම් ප්‍රසිද්ධ නොවූ මාක්ස්වාදී නායකයෙකු වන ලෙනින් ය. පුද්ගලික දේශපාලන නායකයන්ගේ ජීවන චරිත කොතරම් වැදගත් වුවත් දෙවැනි ජාත්‍යන්තරය පාවාදීමේ හේතුව පිලිබඳ ප්‍රශ්නයට උත්තරය සොයාගත හැක්කේ සරලවම පෞද්ගලික හේතු තුල නොවන බව ලෙනින් පහැදිලි කලේ ය. මෙම පාවාදීම සලකුනු කලේ අන් සියල්ලටමත් වඩා, යුගයක අවසානයයි. එනම් දෙවන ජාත්‍යන්තරය අරඹා වර්ධනය වූ සමය වන ධනවාදයේ සාමකාමී ඓන්ද්‍රිය වර්ධනය අවසන්ව - යුද්ධ සහ විප්ලව සමන්විත අලුත් කාලපරිච්ඡේද යක් ආරම්භයයි.
ලෙනින්ට තීරනාත්මක ප්රශ්නය වූ යේ අනිවාර්යයෙන්ම යුද්ධයට එරෙහිව වර්දධනය වනු ඇති මහා ජන ව්‍යාපාරය උදෙසා උපායික සටන් පාඨ වර්ධනය කර ගැනීම නොව, එම ව්‍යාපාරය මෙහෙයවීම සඳහා ඉදිර්දර්ශනයයි. වටහාගත යුතු දෙය නම් සමාජවාදී විප්ලවය වනාහි, “කිසියම් ඉදිරි දවසක එලඹීමට නියමිත ඈත අනාගතයේ සිද්ධියක් නොව දැනුවත්ව සකස් කොට මෙහෙයවිය යුතු ඓතිහාසික සන්තතියකි” යන්න ය “අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයක් බවට හරවනු” යන ඔහු ගේ කැඳවුමේ අර්ථය වූයේ එයයි.
එමතුද නොවේ, මහජන ව්‍යාපාරයක් ආරම්භ වනතෙක් බලා නොසිට කම්කරු පන්තියේ ජාත්‍යන්තර නායකත්වය ලෙස තුන්වැන් ජාත්‍යන්තරය ආරම්භ කලයුතු විය. එය වනාහි මහා ජනතාව යුද්ධයේ මුර්ගත්වයට එරෙහිව අරගලයට ඇද දමනු තතු තුල බලය අල්ලා ගැනීම ට කම්කරු පන්තියට අත්‍යවශ්‍ය ම වූ කොන්දේසිය යි.
ලෙනින් කියාසිටියේ තුන්වන ජාත්‍යන්තරය ගොඩනැගීම සිදු කෙරෙන්නේ සකලාකාර අවස්ථාවාදයන ට එරෙහිව - හුදෙක් දෙවන ජාත්‍යන්තරයට එරෙහිව පමනක් නොව, එය ආවරනය කරන “වම්මුන්ට ද” විරුද්ධ අරගලයක් තුලින් බව යි. ලෙනින් හා ට්‍රොට්ස්කි ගේ නායකත්වය යටතේ, බෝල්ෂෙවික් පක්ෂය ලෝක විප්ලවයේ ප්‍රථම වෙඩි පහර ලෙස 1917 දී ඔක්තෝබර් විප්ලවය සාක්ෂාත් කලේ මෙම පර්යාලෝකය මගිනි.
බෝල්ෂෙවික් පක්ෂය ගොඩනැගීම සඳහා ලෙනින් කලා වු සමස්ත අරගලය ම අවස්ථාවාදයට එරෙහිව එකක් වූ හෙයිනි ලෙනින් අනුපමේය භූමිකාවක් ඉටු කලේ. ඔහුගේ විරුද්ධවාදීන්ට “කට්ටිවාදය”, “පොතේගුරු වාදය” සහ ”කන්ඩායම් වාදී කෙස්පැලීම” ලෙස පෙනීගිය දෙය ට ඇත්තවශයෙන්ම ලෝක ඓතිහාසික අර්ථභාරයක් පැවතුනි. එලඹ තිබුනු නව යුගයේ කාර්ය භාරයන් ඉටු කිරීමට සමත් විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම සඳහා සාරභූත වශයෙන්ම අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසිය වුයේ එයයි.
පලමුවන ලෝක යුද්ධය පුපුරායාමේ ශතවර්ෂය පිරෙන දැන් අධිරාජ්‍යවාදී බලවතුන් මානව වර්ගයා තුන්වැනි ලෝක යුද්ධයක විනාශයට ඇද දැමීමට ක්‍රියා කරන තතු තුල මෙම පාඩම් දැවෙන යථාර්ථවත් භාවයක් අත් කර ගනී. සිරියාව, ඉරාකය, ලිබියාව, යුක්රේනය සහ ඉන් ඔබ්බට ද ඔවුන් අවූලුවා ඇති යුද්ධ රුසියාව, චීනය යන න්‍යෂ්ටික අවි දරන බලවතුන් සමග ඝට්ටනයක් පැන නැංගවීමේ ද තර්ජනය මතු කර සිටිනවා පමනක් නොවේ; “එම යුද්ධ අධිරාජ්‍යවාදී රටවල ව්‍යාජ වාම පාක්ෂිකයන් විසින් අනුමත කරනු ලැබ ද පවතී. මෙම යුද්ධ පැතිරී යන අතරතුරේ ම අධිරාජ්‍යවාදී රටවල් අතර ද ආතතිය ද උග්‍ර කිරීම අරඹා තිබේ.
ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ භූමිකාව වැටෙන්නේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය ලද හතරවන ජාත්‍යන්තරය මතට ය.
ජාත්‍යන්තර කමිටුව විසින් දශක හයකට වැඩි කාලයක් තිස්සේ සකල ආකාර ජාතිකවාදී අවස්ථාවාදයන්ට එරෙහිව කරන ලද දිග්ගැසුනු අරගලය වනාහි මෙම කර්තව්‍යය සඳහා වූ තීරනාත්මක සැරසීම යි.
නික් බීම්ස්
Follow us on