එක්සත් ජනපදය: මිසෝරි ප්‍රාන්තයේ ෆර්ගියුසන්හි මයිකල් බ්‍රවුන් ඝාතනය හා යුද්ධය සියරට පැමිනීම
Ferguson: Missouri War comes home
13දා එක්සත් ජනපදය හා ලෝකය පුරා ජනතාව, ෆර්ග්‍යුසන් නගරයෙන් ලැබෙමින් තිබූ රූපරාමු දැකීමෙන් කම්පාවට පත් විය.
අවුරුදු18ක් වන මයිකල් බ්‍රවුන් පොලීසිය විසින් ඝාතනය කිරීමට එරෙහිව පලවූ මහජන කෝපය හමුවේ, ශාන්ත ලූවී නගරාසන්න ප්‍රදේශය යුද පිටියක් බවට පත් විය. යුද ඇදුම් හා ආරක්ෂක කන්නාඩි ඇඳපැලඳගත් ස්වැට් කන්ඩායම් [ස්වැට් - එෆ්බීඅයි යටතේ පවතින කැරලි මර්දන කන්ඩායම්- පරිවර්තක] අධිබලති තුවක්කු හා ස්වයංක්‍රීය රයිෆල් අතැතිව සන්නද්ධ ප්‍රහාරක වාහන ද සමග වීදි අරක්ගත්තේය. සාමකාමී විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන්ට තුවක්කු එල්ල කල අතර, කඳුලු ගෑස්, රබර් උන්ඩ, රයිෆල්වලින් නිකුත් කල බීන් බෑග් නම් උන්ඩ හා ප්ලෑෂ් බෑන්ග් [පහර කන අයගේ සන්වේදන අඩපන කරන නමුත් මාරක නොවන- පරිවර්තක] අත්බෝම්බවලින් පහරදුනි. පොලීසිය අත්තනෝමතික ව ඇඳරිනීතිය පැන වූ අතර කිසිදු නීතිමය පදනමක් නොමැතිව ජනතාව විසුරුවා හැරීමේ නියෝග නිකුත් කලේ ය.
ප්‍රායෝගිකව ගත් කල මැදිහත්වුනේ ප්‍රාදේශීය පොලීසිය විය හැකි නමුත් ඔවුන් නිරායාසයෙන්ම සිදුකලේ මිලිටරි වාඩිලාගැනීමකි. ඔවුන් මිලිටරිය ලෙස දිස්වන අතර මිලිටරිය ලෙස ක්‍රියාකරමින් මිලිටරියට සමීප සම්බන්ධකම් ඇති බව පෙන්නුම් කලේය. පොලිසිය මිලිටරි ආම්පන්න වලින් සන්නද්ධව සිටියා පමනක් නො ව ඔවුන්ට නව නීති මාලාවක් ද සපයා තිබුනි. එජ හා එහි සහචරයන්, ඇෆ්ගනිස්තානය, ඉරාකය, ගාසා හා යුකේ‍්‍රනයේ දී පාවිච්චි කරන ක්රමවේදයන්ම යොදා ගැනීමට ඔවුන් පුහුනු කෙරේ.
නගරය හමුදා කඳවුරක් බවට හැරවීම හුදෙක් ෆර්ගියුසන්සම්බන්ධ කාරනයක් පමනක් නොවේ. එය සමස්ත එක්සත් ජනපදයේම සමාජ හා දේශපාලන සම්බන්ධකම්වල ස්වභාවය සම්බන්ධ කාරනයකි. ප්රජාතන්ත්රවාදයේ බොරු ඔපය පසෙකට අතුගා දමා ඇත. මෙය සමාන වන්නේ මාෂල් නීතියට යි.
සාපේක්ෂව කුඩා ශාන්ත ලුවිස් උපනගරයේ සිදුවීම්, පසු ගිය අවුරුදු 15 තිස්සේ එජ තුල හැඩ ගැස්වී ඇති යතාර්ථය හදිසියේ ම එලිමහනට ගෙනැවිත් ඇත. සොරාගත් 2000 මැතිවරනයෙන් පසුව පාලක පන්තිය, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාර හා “ත්රස්තවාදයට එරෙහි යුද්ධය” සෑම මූලික ප්රජාතන්ත්රවාදී අයිතියක් ම අතු ගා දැමීමේ කඩතුරාවක් ලෙස යොදාගෙන තිබේ.
නියමිත පටිපාටියකින් තොර ව අත්අඩංගුවට ගැනීමට පමනක් නො ව එජ පුරවැසියන් ඝාතනය කිරීමේ අයිතිය ද ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කර යි. එක්සත් ජනපද ඔත්තු සේවාව, එෆ්බීඅයි හා ප්‍රාදේශීය පොලීසිවල සහයෝගය ද ඇතිව සෑම ඇමරිකානුවෙකුගේ ම දේශපාලන හා සමාජ සම්බන්ධතා අධීක්ෂනය කර යි.
ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එජ උතුරු ආඥා බලය ස්ථාපිත කිරීම සමග මෙම පියවර අත්වැල් බැඳගෙන ඇත. 2002 වසරේ දී දෙවැන්න පිහිටුවන ලද්දේ, එජ තුල මිලිටරි මෙහෙයුම් අධීක්ෂනය කරන පලමු ආඥා බලය ලෙස ය.
එජ තුල මිලිටරි මෙහෙයුම් සඳහා වන සැලැසුම් බොහෝ දියුනු ය. 14දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි, නාගරික යුද්ධය පිලිබඳ පෙන්ටගනයේ මූලෝපායික සටහන් වලට, නිව් යෝක් නගරයේ මැදිහත්වීම පිලිබඳ සිද්ධි අධ්‍යයන ද ඇතුලත් ය. මිලිටරිය සඳහන් කල “අස්ථාවරත්වයේ ප්‍රධාන ධාවකය” නම්, පන්ති ගැටුම සඳහා පේ‍්‍රරකයක් වන “උග්‍ර ආදායම් අසමානතාව යි.” පූර්න පරිමානයේ මිලිටරි පාලනයක් සඳහා රූපාකාරය හා යාන්ත්‍රනය පිලිබඳව හොර රහසේ බොහෝ සාකච්ඡා පැවත්වෙනවා ඇත.
එජ තුල ආධිපත්‍යය දරන්නේ නව වංශාධිපතිත්වයේ සමාජ හා දේශපාලන අවශ්‍යතාවන්හි ආරක්ෂකයා ලෙස ක්‍රියා කරන, දැවන්ත හා වගකීමට බැඳී නැති මිලිටරි - ඔත්තුසේවා - පොලිස් සංවිධාන ය. නිල දේශපාලන සංස්ථාපිතය, කිසි දු පුලුල් සමාජ පදනමකින් තොර හිස් කෝම්බ බවට පත්ව තිබේ.
බලගතු සංගත හා මූල්‍ය උත්සුකයන්ගේ රැකවලා ලෙස සේවය කරන ජනාධිපතියෙක් මේ සියලු දේ අධීක්ෂනය කරයි. බ්‍රවුන්ගේ ඝාතනයෙන් දින පහකට පසුව ඔබාමා, තවත් නො සැලකිලිමත් ප්‍රකාශයක් කිරීම සඳහා ඔහු නිවාඩුව ගත කරමින් සිටි මාර්තා වින්යාඩ්හි සිට පෙරට ගෙන එන ලදී. කලුජාතිකයන්ට සෙත සැලසීම සඳහා වන ජාතික සංවිධානය තුල ඔහුගේ ආධාරකරුවන් හා බැප්ටිස්ට් පූජකයෙකු වන අල් ෂාප්ටන් වැනි දේශපාලන සහචරයින් විසින් ෆර්ග්‍යුසන් හි තත්වය තමන්ගේ පාලනයෙන් පිටත සර්පිලාකාරව ඉහල නගිමින් හා රටේ අනෙකුත් ප්‍රදේශවල සමාජ විරෝධතා ඇවිලවීමට තර්ජනය කරමින් තිබීම පිලිබඳව අනතුරු ඇඟවූවා නිසැකය.
“දැන් ෆර්ගියුසන්හි වීදිවල සාමය හා සන්සුන් බව සඳහා කාලය යි” යනුවෙන් පවසමින් ඔබාමා, නිරායුධ තරුනයකු මරනදන්ඩනයට පමුනුවන ආකාරයේ ඝාතනයකට ලක්කිරීමට එරෙහිව පැනනැගුන විරෝධතාව, මේ වන විටත් පුද්ගලයන් ගනනාවක් අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇති පොලිස් මර්දන රැල්ල හා සමාන කලේ ය.
ඔහුගේ පාලනාධිකාරය සංලක්ෂනය කෙරෙන අසීමිත කුහකත්වය ද සමග ඔබාමා “අපි සියල්ලන් එක ම ඇමරිකානු පවුලක කොටසක් බව මතක තබා ගන්න” යයි සෑම අයෙකුගෙන් ම ඉල්ලා සිටියේය. ඔහු මෙසේ ද පැවසී ය: “අපි පොදු වටිනාකම්වල දී එක්සත් වෙමු, නීතිය යටතේ සමානතාව, මහජන සාමය හා සාමකාමී මහජන විරෝධාතාවන් සඳහා මූලික ගෞරවය, සෑම තනි පිරිමියෙකුගේ, ගැහනියකගේ හා ලමයෙකුගේ අභිමානයට ගෞරව කිරීම ද අපගේ ආන්ඩුව සම්බන්ධයෙන් ගත් විට වගකිවයුතු වීමේ අවශ්‍යතාව ද එයට අයිති ය.”
ෆර්ගියුසන්හි සිදුවීම් තුල හෙලිදරව් වුන ඇමරිකානු ජීවිතය පිලිබඳ යතාර්ථය, ඔබමාගේ පැනි තැවරූ කයිවාරුවලින් වැසිය නො හැක. “එක ම ඇමරිකානු පවුලක්” ඇත්තේ නැත, පවතින්නේ පන්ති බෙදීම්වලින් දෙකඩ වුනු සමාජයකි. “නීතිය යටතේ සමානතාව” ද නැත, ඊට වෙනස් ව පොහොසතුන් සඳහා එක් නීතියක් ද දුප්පතුන් සඳහා තව නීතියක් ද පවතී.
“සාමකාමී මහජන විරෝධාතාවේ අයිතියට” ගෞරව කිරීම පිලිබඳ ඔබාමාගේ මවාපෑම, ප්‍රාදේශීය හා ශාන්ත ලුවී මහනගර කලාපයේ පොලිස් බල ඇනි මිලිටරීකරනය සඳහා පෙන්ටගනයේ බිලියන ගනනක වැඩසටහන් ඔහු යටතේ තව තවත් පුලුල් කිරීම මගින් මුසාවාද බවට පත් කෙරේ. ෆර්ගියුසන්පොලිස් දෙපාර්තමේන්තුව, 2013දී පමනක් ප්‍රාදේශීය පොලිස් හමුදාවන්ට ඩොලර් මිලියන 450ක උපකරන බෙදාදුන් 1033 නමින් හැඳින්වූනු මධ්‍යම ආන්ඩු වැඩසටහනේ හවුල්කරුවෙකි.
ආන්ඩුවේ “වගකීමට බැඳීම” සම්බන්ධයෙන් ගත් විට ඔබාමා නායකත්වය දරන්නේ, ගනන් නැති නීතිවිරෝධී ක්‍රියා - ආක්රමනකාරී යුද්ධවල සිට දේශීය ඔත්තු බැලීම හා වධ බන්ධන දක්වා - සිදු කර ඇති ආන්ඩුවක ය. මෙම අපරාධ සම්බන්ධයෙන් හෝ, බැංකු හා ප්‍රධාන සංගත විසින් සිදුකරන ලද ආර්ථිකය කොල්ලකෑම සම්බන්ධයෙන් හෝ වගකීමට බැඳීමක් ඇත්තේ නැත.
ඔබාමාගේ ප්‍රකාශ, ඇමරිකාව තුල සමාජ සම්බන්ධතාවන්ගේ තත්වය පිලිබඳව ඉහල මට්ටමේ පවතින චකිතය සලකුනු කලේය. කෙසේ නමුත්, ෆර්ගියුසන් හා රට පුරා පැතිර ඇති මහජන කෝපය යටින් පවතින මංමුලා සහගත ආර්ථික තත්වය පිලිබඳව ඔහු එකදු සඳහනක්වත් කලේ නැත. ඔහුට හෝ ඇමරිකානු පාලක පන්තියේ වෙනත් කිසිම නියෝජිතයෙකුට හෝ දරිද්‍රතාව, සාගින්න හා ආර්ථික අනාරක්ෂිත බවේ වර්ධනයට විසඳුම් සඳහා - වඩ වඩා මර්දනය හැර - යෝජනා කිරීමට කිසිවක් නැත.
ඇමරිකාව පවතින්නේ පිහි තුඩක ය. දීර්ග කාලයක් මර්දනය කෙරුනු සමාජ ආතතීන් විවෘත හා පුපුරුනසුලු රූපාකාරයන් ගැනීමට පටන්ගෙන ඇති අතර පාලක පන්තිය හෙලිදරව් වී ඇත.
පසු ගිය වසරේ බොස්ටන් මැරතන් තරගයට බෝම්බ ගැසීමෙන් පසුව බොස්ටන් නගරය සැබවින්ම මාෂල් නීතිය යටතේ තැබුනු අවස්ථාවේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ඓතිහාසික එලිපත්ත පැන ඇති බවට අනතුරු ඇඟවීය. නගරය කොටුකිරීම “එජ තුල ඒකාධිපති පාලන රූපාකාරයන් පිහිටුවීම සඳහා වන (පාලක පන්තියේ) උපාය මාර්ගය අනාවරනය කලේ ය”යි ලෝසවෙඅ සඳහන් කලේ ය.
සමහර විට මෙම ඇගයීම අධි ප්‍රතිචාරයක් ලෙස සමහරුන් සිතන්නට ඇත. ඇත්තට ම දේවල් මේ තරම් දුර ගොස් තිබෙනව ද? ෆර්ගියුසන්හි වීදිවල පෙන්නුම් කලේ, ඔව්, සැබවින් ම ඒවා එතරම්ම දුරට ගොස් ඇත යන්නයි.
පසු ගිය සතියේ සිදුවීම් දැකිය යුත්තේ තවත් තියුනු අනතුරු ඇඟවීමක් ලෙස ය. ප්රජාතන්ත්රවාදී පාලන රූපාකාරයන්, ධනේශ්වර පද්ධතියේ හා එහි අනිවාර්ය නිපැයුම්වල, එනම් යුද්ධ හා සමාජ අසමානතාවේ අඛන්ඩ පැවත්ම සමග නො පෑහේ. කම්කරු පන්තිය ඉදිරියේ ඇති තෝරාගැනීම යුද්ධය හෝ ඒකාධිපතිත්වය යි.
ජෝසෆ් කිෂෝර්
Follow us on