කන්දකැටිය පොලිසිය පහරදී තරුනයෙකු ඝාතනය කරයි
ආර්. එම්. ගුනතිලක සහ වසන්ත රූපසිංහ විසිනි, 2014 ජූනි 9
පොලීසිය විසින් පසුගිය 7 දා බදුල්ල ප්‍රදේශයේ තරුනයෙකුට ම්ලේච්ඡ ලෙස පහරදී ඝාතනය කිරීම කම්කරු පීඩිත ජනයා ත්‍රස්ත කොට මැඩීම සඳහා රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දමමින් සිටින අවනීතික ඝාතන මාලාවක රුදුරුභාවය යලිත් ඉස්මතු කෙරේ.
බදුල්ල නගරයේ සිට කිමී 20ක් පමන දුරින් පිහිටි මීගහකිවුල නගරයේ අකුරුකඩුව කොස්මෝ ෆාම්හි පදිංචි තරුනයෙකු වූ 17 හැවිරිදි සඳුන් මාලිංග කන්දකැටිය පොලිසිය සිදුකල මෙම පහරදීමෙන් මරනයට පත්විය.
සිද්ධිය පිලිබඳව සැබෑ තතු සොයා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ පසුගිය දා මාලිංගගේ නිවසට ගියහ. ඔහුගේ පියාවන පී.එච් ගාමීනී ප්‍රියන්ත ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැවසූ අයුරු මාලිංග, ඔහුගේ සොහොයුරා හා තවත් ඥාතීන් තිදෙනෙකු ද ඇතුලු පස් දෙනෙකු පහරදීම සිදුකල දිනයේ උදෑසන ති‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිට ඇත. වෙනත් ති‍්‍රරෝද රථයක් මිල දී ගැනීමේ අරමුනෙන් රුපියල් 75,000ක මුදලක් ද රැගෙන ගිය කන්ඩායම නිවසින් කි.මී. 6-7ක් පමන දුරින් කැටවත්ත දෙසට ගමන් කරන අවස්ථාවේ පොලිස් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සිටි පුද්ගලයින් 7-8 දෙනෙකුගේ කන්ඩායමක් ඔවුන් නවතා ඇත. කිසිදු වගවිභාගයකින් තොරවම “නිධන් හෑරීමට යනවාදැ”යි ප්‍රශ්න කරමින් පොලිසිය සියලු දෙනාම රථයෙන් බිමට බස්සා බරපතල ලෙස පහරදී ඇත.
පහරදීමෙන් බරපතල ලෙස තුවාල වූ මාලිංග කන්දකැටිය රෝහලට ඇතුලත් කල පොලිසිය පසුව බලාත්කාරයෙන්ම ගෙන ගොස් පොලිස් රිමාන්ඩ් භාරයේ රඳවා තිබේ. පසුව තව දුරටත් පහරදීමෙන් අනතුරුව ඔහු බදුල්ල බන්ධනාගාරයට භාරදී ඇත.
පහරදීමෙන් ලත් තුවාලවල වේදනාව ඉවසා ගත නොහැකිව මාලිංග වේදනාවෙන් කෑ ගැසූ බව බන්ධනාගරයේ සැකපිට රඳවා ඇති සෙසු අය පවසා ඇත. මෙලෙස වේදනාවෙන් පසුවූ මාලිංග මැයි 8 දා උදෑසන ඔහු සමග සිරගත කර සිටි සිය සොහොයුරාගේ දෑත් මත අවසන් හුස්ම හෙලා තිබේ. පොලිසිය අනතුරුව මල සිරුර බදුල්ල මහරෝහලට ඇතුල් කර ඇත.
ඝාතනයෙන් කෝපයට පත්වූ මීගහකිවුල ජනයා සිය ගනනින් නගරයට රැස්ව පොලිසියට එරෙහිව පෙලපාලි ගොස් විරෝධතා දැක්වූහ. පෙලපාලි යාමට එරෙහිව පොලිසිය විසින් බදුල්ල උසාවියෙන් තහනම් නියෝගයක් ලබා ගෙන තිබේ. මහජන කෝපය පුපුරා යාමේ භීතියෙන් යුතුව, ඝාතනය කල තරුනයාගේ අවමංගල්‍යය සිදුකල 12දා පොලිස් ජීප් රථ 10ක් 12ක් හා පොලිස් ට්‍රක් රථයක් ද මාර්ගය අවහිර කර නවතා තිබිනි. බදුල්ල, පස්සර, ගිරාඳුරුකෝට්ටේ යන පොලිස් ස්ථාන නියෝජනය කල මෙම බලඇනියට සිවිල් ඇඳුමින් සැරසුනු භටයන් ද සහිත සන්නද්ධ පොලිස් භටයන් සියගනනක් ඇතුලත් වී තිබින.
මෙම ඝාතනය පිලිබඳ මහජනතාව තුල පැනනැගි දැවැන්ත විරෝධතාව යට ගැසීමේ පියවරක් ලෙස කන්දකැටිය පොලිසියේ උපපොලිස් පරීක්ෂකයෙකු, කොස්තාපල්වරුන් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අයෙක් ඇතුලු හය දෙනෙකු අත්අඩංගුවට ගැනින.
නීතියේ ආධිපත්‍යය පිලිබඳ නීතිඥ සංගමයේ විධායක කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඝාතනය හෙලා දුටුවේ ය. ”මෙම අවනීතික හා අමානුෂීය කි්රයාවන් හෙලා දකින අපි යුක්තියේ පරිපාලනය සඳහා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ පවත්නා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත් අපගේ රට කැලෑ නීතිය පැතිරුන යුගයකට ඇතුලත් නොවනු ඇති බව තහවුරු කිරීමටත් මැදිහත් වන ලෙසයි” යනුවෙන් එහි සඳහන් කෙරින.
පොලිසිය මාස තුනක් ඇතුලත සිදුකල තෙවන අවනීතික මිනිස් ඝාතනය මෙය යි. අපේ‍්‍රල් 6දා කුරුනෑගල ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් අයෙකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මැයි 18දා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේ ය.
රත්නපුර මැනික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කර මංකොල්ලකෑමේ සිද්ධියක ප්‍රධාන සැකකරුයැයි අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ද මාර්තු 11දා “ආයුධ පෙන්වීමට”යැයි කියා රැගෙන ගොස් මේ අයුරින්ම වෙඩි තබා මරා දැම්මේ ය.
පසුගිය කාලය තුල පොලිසිය මේ අයුරින් සිදුකල අවනීතික ඝාතන යුක්තිසහගත කිරීමට යොදා ගත් කුප්‍රකට ප්‍රබන්ධය මේ ඝාතන සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක යලි ඉදිරිපත් කලේය. එනම් ඝාතනයට සම්බන්ධ සැකකරුගේ ප්‍රකාශයකට අනුව ඝාතනයට සම්බන්ධ අවිය පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේ සැකකරු පොලිසියට අත් බෝම්බයක් විසි කිරීමට සූදානම් වූවිට, පොලිසිය “ආත්මාරක්ෂාව” සඳහා සැකකරුට වෙඩි තැබූ බව යි. එම කතාව මුසාවක් බව නොදන්නා කෙනෙක් නැති බව දැන දැනම එය ඉදිරිපත් කිරීමෙන් මහජනයා පිලිබඳව පවතින ජුගුප්සාජනක අවඥාව ඉස්මතු කරයි.
අනතුරුව පොලිසිය විසින් එලෙස මරා දමා ඇත්තේ “අයිආර්සීකාරයෙක් හෙවත් අංක එකේ නමගිය අපරාධකරුවෙක්” යැයි පෙන්වා දීමට සැකකරුවා වෙත නානා අපරාධ සියගනනක් ආරෝපනය කරන අතර මාධ්‍ය සංස්ථාපිතයේ පූර්න සහය ඒවාට පල වේ.
උදාහරනයක් ලෙස මෙම සිදුවීම් පිලිබඳව මාර්තු 10දා කතුවැකියක් ලියන දක්ෂිනාංශික දිවයින පුවත්පත එයට ලබා දුන් සිරස් තලය වූයේ, “ඌරා සහ සෞඛ්‍යය පාඩම” යන්න යි. පොලිසියේ අවනීතික ඝාතන ගැන උදම් ඇනූ කතුවැකිය මෙසේ ලීවේ ය: “එය පසුගිය කාලයේදී සාම්ප්‍රදායික පොලිස් විනෝද ගමනක් බවට පත්ව අද වනවිට සාමයට කැමැති සිවිල් ප්රජාවගේද හදවත් දිනූ සහනදායි කි‍්‍රයාකලාපයක් බවට පත්ව තිබේ. මේවා Extra judicial හෙවත් නඩු ඇසීමකින් තොරව කරන මිනීමැරුම් බව ඇම්නෙස්ට් ඉන්ටනැෂනල් වැනි සංවිධාන කියති. දරුනු අපරාධකාරයකු අධිකරන කි‍්‍රයාවලියකට යොමු කිරීම ඌරෙකුට සෞඛ්‍ය පාඩමක් කියාදීම වැනි නොගැලපෙන කි්රයාවකි.”
රාජපක්ෂ පාලනයේ මිලිටරි-පොලිස් පාලන පිලිවෙත්වලට පූර්න අනුබලය සපයන කතුවැකිය කිසිදු හිරිකිතියකින් තොරව මෙම ඝාතන යුක්තිසහගත කරන්නේ ධනපති නීති පද්ධතියේ පවා මූලික සිද්ධාන්තයක් වන අධිකරනයේ නඩු විභාගයකින් වැරදිකරුවෙකු කරනතෙක් යමෙක් වැරදිකරුවෙකු ලෙස නොසැලකිය යුතුය යන්න කුනු මුල්ලට දමමිනි.
“ත්රස්තවාදයට එරෙහි යුද්ධය” යන ලේබලය යටතේ ඇමරිකාවේ ඔබාමා ආන්ඩුවේ සිට රාජපක්ෂ ආන්ඩුව දක්වාම ආන්ඩු ධනපති ප්රජාතන්ත්රවාදයේ අතිමූලික පදනම් පවා බිඳ දමා ඇත. රාජපක්ෂ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී වර්ධනය කරගත් මර්දන යන්ත්‍රය දැන් සමස්ත කම්කරු පීඩිත මහජනතාවටම එරෙහිව යොදා ගනිමින් සිටියි. යුද්ධය පැවැති සමයේදීත් ඉන් අනතුරුවත් විශේෂයෙන් දෙමල තරුනයින් හා දෙමල ජනයා ඉලක්ක කෙරුන අනේක වධ බන්ධන පැනවීම්, කෙලවරක් නැති අතුරුදහන් කිරීම් ඔස්සේ කොලඹ ආන්ඩුව මෙම මර්දන යන්ත්‍රය මුවහත් කර ගත්තේය.
කුරුනෑගල පොලිස් කොස්තාපල් ඝාතනය සිදුවීම සම්බන්ධයෙන් මැයි 22දා නීතිය හා සාමය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස්පති එන්. කේ ඉලංගකෝන් පැවසුවේ 2010 සිට මේ දක්වා මෙවැනි සිද්ධීන් 6ක් “පමනක්” වාර්තා වී ඇති බව ය. “පොලිසියට විතරක් නොවෙයි මහජනයාට සිදුවූ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් ද පොලිසිය සමඟ ගැටුම් ඇතිවී යම් යම් අවස්ථාවල මෙවැනි සිදුවීම් ඇති වී තිබෙන” බව ඔහු කීවේ මෙම ඝාතන මහජන ආරක්ෂාවට කරන බව හැඟවීමට ය. ඒවා කිසිසේත්ම නීති විරෝධී ඝාතනයැයි පොලිස්පතිවරයා සඳහන් නොකලේ ය. ඉන් පැහැදිලි වන්නේ මෙම ඝාතන ආන්ඩුවේ පූර්න පිටුබලය සහිතව කෙරෙන බව හා පොලීසියේ අත ශක්තිමත් කිරීම හා ජනයා ත්‍රස්ත කර පොලිස් රාජ්‍ය සැලසුම ස්ථාපිත කිරීම මෙම ඝාතන වල එල්ලය බව ය.
සඟවා ඇති ආයුධ පෙන්වීමට රැගෙන යන සැකකරුවෙකුගේ මාංචු ඉවත් කිරීම පිලිබඳ එහිදී මාධ්‍යවේදියෙකු නැ`ගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස් ප්‍රකාශක අජිත් රෝහන සඳහන් කර ඇත්තේ, අපරාධකරු විසින්ම තම ආයුධය රැගෙන අදාල ස්ථානයේදී පොලිසියට භාරදිය යුතු නිසා එලෙස කරන බවයි.
ද නේෂන් පුවත්පතේ පල වූ ලිපියකට අනුව, මානව හිමිකම් පිලිබඳ නීතිඥවරයෙකු වන ජේ.සී. වැලිඅමුන මෙම විකාර සහගත තර්කය අභියෝගයට ලක් කරයි: “පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ ගැටුමකදී සැකකරුවන් මියයාම පිලිබඳව සාමාන්‍යයෙන් පොලිසිය ඉදිරිපත් කරන කතාන්දර අමූලික මුසාවන්ය”. ඔහු තව දුරටත් කියා සිටින්නේ “සැකකරු විසින්ම ආයුධ රැගෙන දිය යුතුයැයි නීතියේ සඳහන්ව නැති” බවයි.
ආන්ඩුව මානව හිමිකම් ආරක්ෂා කරන බවට මවා පෙන්වීම සඳහා අටවා ඇති ශී‍්‍ර ලංකා මානව අයිතීන් පිලිබඳ කොමිසමේ ප්‍රධානියා වන ප්‍රතිභා මහානාම සඳහන් කර ඇත්තේ 1994 ශී‍්‍ර ලංකාව වධ බන්ධන පිලිබඳ සම්මුතියට අත්සන් කල තැන් පටන් මෙවැනි සිදුවීම් 50ක් පමන වාර්තා වී ඇති බවය. මෙය අඩු ලංසුවෙන් ඉදිරිපත් කල ගනනකි. ඊනියා මානව හිමිකම් කොමිසම කලේ කුමක් දැයි ඔහු කියා නැත.
පොලීසියේ මෙම මිනීමැරුම්, ත්රස්තය මගින් ගෙනයන පාලනයක ලක්ෂනයකි. එය කම්කරු පන්තියට එරෙහිව වර්ධනය කෙරෙන්නකි.
Follow us on