රොබර්ට් සර්විස් ට ප්‍රශ්න නවයක්
Nine questions for Robert Service
ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2014 පෙබරවාරි 11
බි්රතාන්ය ලේඛක රොබර්ට් සර්විස් ඔහුගේ ජාත්‍යන්තරව අපකීර්තියට පත් ට්‍රොට්ස්කි චරිතාපදානය ගැන පෙබරවාරි 12 වෙනිදා බර්ලිනයේ හම්බෝල්ඞ්ට් විශ්වවිද්‍යාලයේ දී කතා කිරීමට නියමිතය.
රොබර්ට් සර්විස් කතා කරන්නේ මහාචාර්ය ජෝර්ග් බාබෙරෝස්කිගේ ආරාධනයකට අනුවය. සර්විස්ගේ කෘතිය කර්කශ හෙලා දැකීමකි; එය විද්‍යාත්මක ඥානයේ මූලික ප්රමිතීන් සහ නීතීන් උල්ලංඝනය කරන අතර ඓතිහාසික මුසාකරනයන් සහ යුදෙව් විරෝධී ව්‍යංගාර්ථ පවා එහි අඩංගු වේ; සමාජවාදී සමානතා පක්ෂය මේ ලිපියක් බාබෙරෝස්කිට යවා ඇති අතර පහත සඳහන් ප්‍රශ්න නවය රොබර්ට් සර්විස් වෙත ඉදිරිපත් කර ඇත. වැඩි විස්තර සඳහා trotzki.de.වෙබ් අඩවියට පිවිසෙන්න.
1. එක්සත් ජනපදය තුල ඉතිහාසය පිලිබඳව වඩාත් අධිකාරවත් සඟරාව වන ඇමරිකන් හිස්ටෝරිකල් රිවීව් 2011 ජුනි මාසයේ දී ඔබගේ ට්‍රොට්ස්කි චරිතාපදානය ගැන ප්‍රබල විවේචනයක් පලකලේ ය.
ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බට්රන්ඩ් එම්. පැටෙනෝඞ් ඔහුගේ විචාරයේ දී ”ඓතිහාසික වාර්තාවේ බොහෝ විකෘති කිරීම් සහ සමස්ත ව්‍යාපෘතිම ප්‍රශ්නයට බඳුන් කෙරෙන බුද්ධිමය අවංකත්වයට කිසිසේත් ම නොගැලපෙන මුලුමනින් ම වැරදි සාධක තිබෙන” බව පෙන්වා දෙයි. The American Historical Review (ද ඇමරිකන් හිස්ටෝරිකල් රිවිව්) වෙලුම 166, අංක 3 ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2011 ජුනි පිටු 900-902)
ඔහුමත් දුසිම් හතරකට වඩා වැරදි ගනන් කල බව සඳහන් කරමින් ඔබගේ කෘතියේ ”වැරදි සිද්ධිවාචකයන්ගේ සංඛ්‍යාවල තමන් විස්මයට පත්කරන බව පැටෙනෝඩ් කියයි. “සර්විස්ගේ පොත පරිශීලනය සඳහා කිසිසේත් ම සුදුසු නැත. විටෙක වැරදි පුදුම එලවන සුලු” බව ඔහු නිගමනය කරයි.
ජර්මන් භාෂාවෙන් මිල දී ගත හැකි ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම නමැති ඔහුගේ කෘතියේ දී ඔබගේ ට්‍රොට්ස්කි චරිතාපදානයට එරෙහිව ඩේවිඩ් නොර්ත් විසින් ඉදිරිපත් කල පෘථුල විවේචන සමග මෙම සුප්‍රසිද්ධ ඇමරිකානු සඟරාව කොන්දේසි විරහිතව එකඟ වෙයි. නොර්ත්ගේ දෘඩතර ට්‍රොට්ස්කිවාදී මතවාදය නිසා අතිශයොක්තීන් ලෙස විශ්වාස කිරීමට යමෙකු පෙලඹුනත් ඒවා සවිස්තරාත්මක, සුපරික්ෂාකාරී, හොඳින් තර්ක කරන ලද හා ප්‍රබල බව පැටෙනෝඞ් ලියයි.
ඇමරිකන් හිස්ටෝරිකල් රිවීව් සඟරාව මෙසේ නිගමනය කරයි: “සර්විස්ගේ චරිතාපදානය කුලී රචනාවක් බව නොර්ත් කියයි. ඒ වචන දෘඩතර නමුත් මුලුමනින් ම යුක්තිසහගතය. ඓතිහාසික ඥානයේ මුලික ප්රමිතීන් සපුරාලීමට අසමත් වූ කෘතියකට හාවර්ඩ් විශ්වවිද්‍යාලය සිය අනුමැතිය දී ඇත.
ඉතිහාසය පිලිබඳ ලෝකයේ ප්‍රධාන සඟරාවක් විසින් ඉතා බලගතු විවේචනයක් කිරීම සිතා ගැනීමට අපහසුය. එමෙන් ම කීර්තිමත් යුරෝපීය ඉතිහාසඥයන් හා විද්‍යාඥයන් දාහතරදෙනෙකු විවේචනවලට සහයෝගය පලකර ඇති අතර සුර්කාම්ප් වර්ලැග් විසින් කෘතිය ජර්මන් භාෂාවෙන් පලකිරීම අධෛර්යමත් කර තිබේ. මේ සියල්ල තිබියදී ම, විවේචනවලට ප්‍රතිචාර දැක්වීමට හා ඔබගේ කීර්තිය ආරක්ෂා කර ගැනීමට කිසිම ප්රයත්නයක් දරා නැත.
ඒ ඇයි? මේ සම්බන්ධයෙන් ඔබට කීමට ඇත්තේ කුමක් ද? ඔබගේ ප්‍රතික්‍රියාවෙන් යමෙකුට නිගමනය කල හැක්කේ ඔබට පිලිතුරු දීමට නොහැකි බව සහ ඔබගේ කෘතියට එරෙහි චෝදනා නිවැරදි හා නිෂ්ප්රභා කල නොහැකි බවයි.
2. ද ලන්ඩන් ඊව්නින් ස්ටෑන්ඩර්ඩ් 2009 ඔක්තෝබර් 23 පහත සඳහන් වචන සහිතව ඔබව උපුටා දක්වයි: ”ට්‍රොට්ස්කි තවමත් පන ගසයි. හිම පොරවෙන් නොකෙරුන දේ මගේ පොතෙන් කෙරෙනු ඇතැයි මම අපේක්ෂා කරමි” මෙම ප්‍රකාශය ඔබ පැහැදිලි කරන්නේ කෙසේ ද? එම ප්‍රකාශයෙන් හා ඔබේ කෘතියෙන්මත් පෙන්නුම් කෙරෙන්නේ බැරෑරුම් චරිතාපදානයක් නොව: චරිත ඝාතනයක් කිරීමට ඔබට බල කෙරුන බවයි.
3. ට්‍රොට්ස්කිගේ පුද්ගලික චරිතයට හානි අරමුනු කර ගත් සැහැසිකම් මාලාවක් හා ඓතිහාසිකව සාවද්‍ය ප්‍රකාශයන් ඔබේ කෘතියේ අඩංගු වේ: උදාහරනයක් ලෙස ඔහුගේ පලමු බිරිඳ වු අලෙක්සන්ඩ්‍රා සොකොලොව්ස්කායා ට ‘අශෝබන’ ලෙස සැලකු (පිටුව 4) ට්‍රොට්ස්කි ඔහුට දාව ඇයට දරුවන් දෙදෙනෙකු ලැබුන පසු ඔහු ඇයව “අත හැර යාමට තීන්දු කල” (පිටුව 67) බව ඔබ ප්‍රකාශ කරයි. (සියලූම උපුටනයන් රොබර්ට් සර්විස්ගේ ට්‍රොට්ස්කි: චරිතාපදානයක්, කේම්බි්රජ් ඇන්ඞ් ලන්ඩන්, 2009 නම් වූ රොබර්ට් සර්විස්ගේ කෘතියෙනි)
ඇත්ත වසයෙන් ම, උපයෝගී කර ගත හැකි සියලුම මුලාශ්‍රයන් පෙන්නුම් කරන්නේ දේශපාලන වැඩකටයුතු අඛන්ඩව කරගෙන ඔහුගේ එකල බිරිඳගේ පූර්න අනුමැතිය ඇතිව සයිබීරියාවේ පිටුවහලෙන් ඔහු පලා ගිය බවය. ජීවිතාන්තය දක්වා ම ඔවුන් දෙදෙනා ඔවුන්ගේ බුද්ධිමය සම්බන්ධතාවය හා මිත්‍රත්වය පවත්වා ගෙන ගියහ. ට්‍රොස්ට්කිගේ දෙමව්පියන් විසින් ඇලෙක්සැන්ඩ්රා සොකොලොව්ස්කායාට සහ ඇගේ දරුවන් දෙදෙනාට මුල්‍යමය ආධාර සපයන ලදී. දෙදෙනා අතර මිත්‍රත්වය සිඳලන ලද්දේ ස්ටාලින්ගේ ත්‍රස්ත සංවිධානය විසින් ම පමනි. ට්‍රොට්ස්කි සමග පැවති ඇගේ මිත්‍රත්වය නිසා ඇලෙක්සැන්ඩ්රා සොකොලොව්ස්කි 1938 දී ඝාතනය කරනු ලැබීය.
ඔහුගේ රුදුරු ම සතුරා වූ ස්ටැලින්වාදී තන්ත්රය විසින් ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ වගකීම ට්‍රොට්ස්කි මත පැටවීමට ඔබ උත්සාහ කරන්නේ ඇයි?
4. ට්‍රොට්ස්කිගේ දේශපාලන ආනුභාවය අන් සියල්ලටමත් වඩා ඔහුගේ ලිපි ලේඛන තුල පවතින අතර දැවැන්ත ලේඛන සමුදායකට ඔහු උරුමකම් කියන නමුත් දේශපාලන සමාජ හා සංස්කෘතික ප්‍රශ්න ගැන ඔහුගේ අසංඛේය ලිපි, රචනා හෝ පොත් එකක් ගැනවත් බැරෑරුම් ලෙස සලකා නොබලන චරිතාපදානයකි ඔබ ලියා ඇත්තේ. අදහස් තුලින් වැඩ කල මිනිසෙකුගේ මෙම අදහස්වලින් එක් තනි අදහසක් ගැනවත් විස්තර නොකරන චරිතාපදානයක් ඔබ ලියා ඇත.
හැඳින්වීමේදී ඔබ මෙසේ කියයි: “ඔහුගේ ලිඛිත උරුමයට සමස්ත කතන්දරය වීමට ඉඩ නොදිය යුතුය... ට්‍රොට්ස්කි නිහඬ වුයේ කුමක් ගැන ද මෙන් ම ඔහු කතාකිරීමට හා ලිවීමට තෝරාගත්තේ කුමක් ද යන්න ගැන නිවැරිදිව පෙන්නාදීම වැදගත්ය. ඔහුගේ අප්රකාශිත මූලික උපකල්පනයන් ඔහුගේ ජීවිත සංයෝගයට බද්ධ වී තිබුනි”. (5)
මෙය ඇත්තෙන් ම හාස්‍යජනකය. ඔහු ඇත්තටම ලියු දේවල් අධ්‍යයනය නොකර ට්‍රොට්ස්කිගේ අප්රකාශිත මුලික උපකල්පනයන් ගැන ඔබ දැන ගත්තේ කෙසේ ද? එමෙන් ම මෙම “අප්රකාශිත උපකල්පනයන් මොනවා ද?
5. ට්‍රොට්ස්කිගේ ලිපිලේඛන ඔබ නොතකා හරින අතර ඔබේ පොත ලේඛකයෙකු ලෙස ටෝහුව අවඥාවට ලක් කිරීම් වලින් ගහනය. සෙසු කරුනු අතර ඔබ පහත සඳහන් අදහස දරා සිටී: “ඔහු හැමවිටම ලියුවේ ඔහුගේ ඔලුවට ආ දේවල්ය”. (පි79) ඔබ මෙසේ ලියයි: “පක්ෂයේ බුද්ධිමය ප්රභූව විසින් වර්තමානයේ කරදර වන බොහෝ ප්‍රශ්න ගැන ගැඹුරට විමසා බැලීම ඔහු ප්‍රතික්ෂේප කළේය.” (පි 109* එමෙන් ම ”ඔහුගේ චින්තනය ව්‍යාකුල වූ සහ ව්‍යාකුල කරවන කුනු මල්ලකි”. (පි. 353 ). ලැයිස්තුවේ කෙලවරක් නැත.
මෙම මතය අනේක විශේෂඥයන්ගේ හා සමකාලීනයන්ගේ විනිශ්චයට ඉඳුරාම ප්‍රති විරුද්ධ එකකි. උදාහරනයක් ලෙස, “ශ්‍රේෂ්ඨතම ජීවමාන යුරෝපීය ලේඛකයා ට්‍රොට්ස්කි බව සිතීමට සෑහෙන හේතු පවතින බව” ට 1931 දී බර්ටෝල් බ්‍රෙෂ්ට් ට්‍රොට්ස්කි ගැන කල තක්සේරුව වෝල්ටර් බෙන්ජමින් ඔහුගේ සඟරාවේ උපුටා දක්වයි.
ජාතික සමාජවාදයේ අනතුර වෙනත් කිසිවෙකුටත් වඩා පැහැදිලිව පෙරදුටු බවත් ස්ටැලින් හා සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයන් විසින් තරයේ ප්‍රතික්ෂේප කල පිලිවෙතක් වූ නාසීන්ට විරුද්ධව සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ හා කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුනක් සඳහා ට්‍රොට්ස්කි කල කැඳවුම නිවැරිදි වූ බවත් ඔහුගේ බොහෝ දේශපාලන සතුරන්ට පවා අද පිලිගැනීමට සිදු වී තිබේ. 1971 ජර්මන් භාෂාවෙන් පල වූ පිටු 800 ක් පමන වන (මුළු ප්‍රමාන ය ම නොවේ* ජාතික සමාජවාදය ගැන ඔහුගේ ලිපිලේඛන මෙම මාතෘකාව ගැන ලියා ඇති හොඳම ලිපිලේඛන අතරට දැනටත් ගැනේ.
එහෙත්, ජර්මනියේ සිද්ධීන් සඳහා ඔබ ඒවෙනුවට “ට්‍රොට්ස්කි හිට්ලර්, මුසෝලනී හෝ ෆ්රන්කො ගැන අධ්‍යයනය කිරීමට උනන්දු නොවූ” (පි 474) බව ඔබ සාවද්‍ය ලෙස ප්‍රකාශ කරයි. හැඳින්වීම තුල ඔබ මෙසේ ප්‍රකාශ කරයි: ස්ටාලින් වෙනුවට ට්‍රොට්ස්කි ප්රමුඛ නායකයා ලෙස සිටියේ වී නමුත් යුරෝපයේ ලේ හැලීමක් පිලිබඳ අන්තරාය බෙහෙවින් ඉහල යනු ඇත”.(පි 3)
ඔබ කියන්න උත්සාහ කරන්නේ කුමක් ද? දෙවන ලෝක යුද්ධයේ දී මිලියන 80 ක් මරනයට පත් වීම සහ මහා යුදෙව් සංහාරය රුධිරස්නානයක් නො වූයේ ද? ස්ටැලින්වාදී නිලධරය විසින් කම්කරු පන්ති ව්‍යාපාරය පක්ෂඝාත කිරීමට හා අවමන්ගත කිරීමට එරෙහිව නාසීන්ට විරුද්ධව එය බලමුලූ ගැන්වීමට සටන් කල ට්‍රොට්ස්කි ඊට වඩා විශාල රුධිරස්නානයක හේතුවක් විය හැක්කේ කෙසේද?
6. ඔබේ පොත ට්‍රොට්ස්කිගේ යුදෙව් උරුමය ගැන අත්‍යාධික සැලකිල්ලක් දක්වන අතර යුදෙව් විරෝධී හැඟීම්වලට ඇල්මක් දක්වයි. සෙසු දේවල් අතර ඔබ මෙසේ ලියයි. “රටේ උත්සුකතාවයන් ආරක්ෂා කිරීමට වඩා ලෝක සමාජවාදී විප්ලවය පැතිරවීමට වඩාත් උනන්දු අයෙකු ආන්ඩුවක විදේශ ඇමති වීම මගින් ට්‍රොට්ස්කි “යුදෙව් ප්රශ්නය” ගැන පෘථුල ආකෘතියක් තහවුරු කරමින් සිටියේ ය. (පි 192).
ඔබ තවදුරටත් මෙසේ කියයි: “ඔහු ඔහුගේ දක්ෂතාවයන් ගැන උවමනාවට වඩා හිතට ගත්තේය. ඔහුගේ අදහස් ඔහු විවෘතව ඉදිරිපත් කලේ ය. කිසිවෙකුට ඔහුව බිය ගැන්වීමට නොහැකි විය. වෙනත් බොහෝ යුදෙව්වන්ට වඩා ට්‍රොට්ස්කිට මේ ගුනාංග තිබුනේ ය..... නමුත් ප්‍රසිද්ධ ස්වයං ඉස්මතුවීම සඳහා අවස්ථාවන් භුක්ති විඳි එක ම යුදෙව්වා ඔහු නො වුයේය. (202)
එමෙන් ම කෙස් පැලෙන තර්ක මාක්ස්වාදයට සහ යුදෙව්වාදයට පොදු වුයේ ය.(පි 202) “පක්ෂයේ නායකත්වය යුදෙව් කල්ලියක් ලෙස පලල් ලෙස අනන්‍යව සිටියේ ය” (පි 205)
ඉංග්‍රීසි මුද්‍රනයේ ට්‍රොට්ස්කිගේ නාසි කාටුනයක් (මූලාශ්‍රයක් රහිත) දැකිය හැකිය. එයට මෙබඳු මාතෘකාවක් යොදා ඇත: යථාර්ථයේ දී ඔහුගේ සැබෑ නාසය මෙතරම් දිගු හෝ නැමී නො තිබුනු අතර ඔහු ඔහුගේ කුඩා යටි රැවුලට විසිරෙන්ට හෝ ඔහුගේ හිස කෙස්වලට අවුල් වෙන්නට කිසිසේත් ඉඩ නො දුන්නේ ය.
ඇයි ඔබ යුදෙව්වන්ගේ එවන් විකට රූප යොදා ගෙන තිබෙන්නේ? ඇයි ඔබ ට්‍රොට්ස්කිට යුදෙව් ගති ලක්ෂන ආරෝපනය කරන්නේ?. ඔහුට විරුද්ධව යුදෙව් විරෝධී අගතීන් සංවිධානය කලේ ට්‍රොට්ස්කිගේ සතුරන් පමනක් බව හොඳින් දැන දැනම ඔබ මෙය කරන්නේ ඇයි?
ට්‍රොට්ස්කිගේ යුදෙව්භාවය උලුප්පා දැක්වීම සඳහා ඔබ ඔබේ ම කතාව පවා ගොතා ඇත. ඔහු මෙම යුදෙව් නම දරා සිටියේ හෝ පාවිච්චි නොකලේ වුව ද ඔබේ පොතේ පලමු පිටු 40 පුරා ම ඔබ නිරන්තරව ම ඔහුව අමතන්නේ ලීබා නමිනි. ඇයි ඔබ මෙහි දී නැවතත් ඔහුගේ ස්ටැලින්වාදී හා ෆැසිස්ට් සතුරන් විසින් ඇඳි යුදෙව් විරෝධී විකට රූප මත පදනම් වුනේ?.
7. ලාවට වසන් කල ප්‍රසංසනීය ඇගයීමක් ඔබේ පොත ස්ටැලින් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරයි. ඔබ මෙසේ ලියයි: “ස්ටාලින් දෙවන ගනයේ පුද්ගලයෙකු නොවූ අතර තීරනාත්මක නායකත්වයක් සඳහා සිත් ගන්නාසුලු දක්ෂතාවයන් මෙන් ම හැකියාවන් ද තිබුනේය. (පි 3) එමෙන් ම ට්‍රොට්ස්කි පරාජයට පත් වූයේ “නිලධරය අතින්” නොවේ: සෝවියට් ජන ජීවිතය පිලිබඳ සුවිශේෂ අවබෝධයක් සහිත කන්ඩායමකට සහ මිනිසෙකුට ය.(පි 4)
ආර්ථික ජීවිතයේ අභ්‍යන්තර ගතිකය, ජර්මනියේ ෆැසිස්ට් අන්තරාය සහ ජර්මානු ආක්රමනයක අනතුර ගැන සැලකීමේ දී ඇත්ත වසයෙන් ම, 1920 සහ 1930 ගනන්වල ස්ටාලින්ගේ පිලිවෙත්වල අඩංගු වුයේ: නිමක් නැති විනාශකාරී වැරදි තීන්දු මාලාවකි.
ඔබ මෙම නිගමනයන් ඉදිරිපත් කරන්නේ ස්ටාලින්වාදය පිලිබඳව ට්‍රොට්ස්කි 1923 සිට 1940 දක්වා වසර 17 ඉදිරිපත් කල කිසිදු විවේචනයක් සැලකිල්ලට නො ගෙන ය. ඇයි ඔබ 1920 ගනන්වල ස්ටාලින්ගේ ආර්ථික පිලිවෙත ගැන ඔහුගේ විවේචන අඩංගු Revolution Betrayed (පාවා දුන් විප්ලවය) කෘතිය, “තනි රටේ සමාජවාදය” පිලිබඳ ඔහුගේ විවේචන, බලහත්කාරී සාමුහිකකරනය ගැන ඔහුගේ විවේචන සහ සෙසු හැම දෙයක් ම ඔබ නොතකා හරින්නේ?. මේ ගැන ඔබේ පොතේ කිසිම සඳහනක් නැත.
8. ඇයි ඔබේ පොත තුල මෙවන් ප්‍රකට සහ නින්දිත වැරදි තිබෙන්නේ?
හුදෙක් ම American Historical Review (ඇමරිකන් හිස්ටෝරිකල් රිවීව්) උපුටා දක්වන්නේ නම්, ඔබ “ට්‍රොට්ස්කිගේ පුතුන්ගේ නම් පටලවයි, 1906 ඩූමාවේ සිටි විශාලතම දේශපාලන කන්ඩායම සාවද්‍ය ලෙස අනන්‍ය කරයි, සරජිවෝ හිදී ඝාතනය කල ඔස්ටි්රයානු ආදිපාදවරයාගේ නම වරද්දයි, දෙවන නිකොලස් ගේ ඉල්ලා අස්වීමට තුඩුදුන් හේතු වැරදි ලෙස අර්ථකථනය කරයි, දෙවන ලෝක යුද්ධයට එක්සත් ජනපදය ඇතුල්වීම සම්බන්ධ 1940 ට්‍රොට්ස්කිගේ ආස්ථානය ආපස්සට අදින අතර ට්‍රොට්ස්කිගේ වැන්දඹුවගේ මරනය සිදු වූ වර්ෂය වැරදි ලෙස සඳහන් කරයි.
අති මූලික ඓතිහාසික කරුනු මෙතරම් ප්‍රකට ලෙස වරද්දා ඇති පොතකට ඔබ කොතරම් කාලයක් මිඩංගු කලේ ද?
9. ශාස්ත්‍රීය සාකච්චාවට ඔබ කර ඇති එකතු කිරීමට යොදා ඇති මාතෘකාව “Trotzky—Problems of a Biography” (ට්‍රොට්ස්කි චරිතාපදානයක ගැටලු) වේ:
ඔබ දන්නා පරිදි ට්‍රොට්ස්කිගේ නම ලියා ඇති ආකාරය වැරදිය. ඉංග්‍රීසියෙන් ලිවීමේ දී ට්‍රොට්ස්කි යන්න සුපුරුදු ලෙස ලියුවේ “i” සමග ය. ඔක්තෝබර් විප්ලවයෙන් පසුව ට්‍රොට්ස්කිගේ නම ලිවීමේ දී “tzky” ලෙස අකුරු භාවිතා කලේ 1930 ගනන්වල දී ෆැසිස්ට්වාදීන් සහ ඇමරිකානු සහ බි්රතාන්ය ස්ටැලින්වාදීන් විසින් පමනි. ඔවුන් ට්‍රොට්ස්කිගේ නම “tzky” ලෙස ලියුවේ ඔහුගේ නම බෙහෙවින් තර්ජනාත්මක බව උලුප්පා දැක්වෙන ආකාරයටය.
ඇයි ඔබ එබඳු මූලික වැරැද්දක් කරන්නේ?.
Follow us on