යුරෝපයේ මැතිවරනය හා යුරෝපා සංඟමයේ අර්බුදය
The European elections and the crisis of the EU
පසුගිය සතියේ යුරෝපීය මැතිවරන ප්‍රතිපල පෙන්නුම් කලේ යුරෝපීය සංඟමය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමකි. මස්ට්රිච් ගිවිසුමෙන් වසර විසි දෙකකටත්, බොහෝ නැඟෙනහිර යුරෝපීය රටවල් ඒකාබද්ධ කර ගැනීමේ දස වසරකටත් පසුව ජනගහනයේ බහුතරයක් යුරෝපා සංඟමය දැකගන්නේ, බලගතු ධනේශ්වර අවශ්‍යතාවන්ගේ උපකරනයක් ලෙසටය.
2008 මූල්‍ය අර්බුදයේ තැන් පටන් බ්රසල්ස්හි ආයතන, මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යුරෝපය යලි හැඩගැස්වීම සඳහා මූලික ක්රියාකලාපයක් ඉටුකර තිබේ. ඒවා ධනපතියන්ගේ වාසිය පිනිස බැංකු වලට බිලියන ගනනින් අරමුදල් හරවා යවා, රුදුරු කප්පාදු පියවරයන් උපයෝගී කරගනිමින් ශුභ සාධක රාජ්‍යය කොල්ලකා, වැටුප් පහත හෙලා සූරාකෑම හා විරැකියාව ඉහල නැංවීමට වග බලා ගත්තේය. එක්සත් ජනපදය සමග එක්ව යුරෝපා සංඟමය, මැතිවරනයට සති කිහිපයකට පෙර රුසියාව සමග මිලිටරි ගැටුමක අද්දරට යුරෝපය තල්ලු කල, ආක්රමනකාරී අධිරාජ්‍යවාදී විදේස් පිලිවෙතක් අනුගමනය කලේය.
මෙම තතු හමුවේ බොහෝ දෙනෙක්, යුරෝපා සංඟමය යහ පැවැත්මේ හා සාමයේ නියෝජිතයාය යන නිල ප්‍රචාරය අමූලික කුහකත්වයක් ලෙස සලකති. එහෙත් මෙම අසන්තෘෂ්ටිය, වෘත්තීය සමිති හා “වමේ” යයි කියාගන්නා පක්ෂ විසින් සියලු විරෝධතාවන්ට හා ජනතා මැදිහත්වීම් වලට වල කැපූ තත්වය හමුවේ කිසිදු සාධනීය ප්රකාශනයක් අත්කර ගත්තේ නැත. එබැවින් ජනතා විරෝධය ප්‍රකාශිත වූයේ, නිෂේධනීය හා යම් ආකාරයක ප්රතිගාමීවූ පවා රූපාකාරයකිනි.
යුරෝපයේ සියලු ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් අඩකටත් වැඩියෙන් (සියයට 57ක්) මැතිවරනයට සම්බන්ධ වූයේම නැත. පසුගිය දස වසර තුල යුරෝ සංඟමයට ඒකාබද්ධවූ නැඟෙනහිර යුරෝපීය රටවල මෙම අප්‍රසාදය විශේෂයෙන්ම ඉහල මට්ටමක පැවතුනි. ස්ලොවේකියාවේ ඡන්දපොලවලට පැමිනියේ සියයට 13ක් පමනි. චෙක් සමූහාන්ඩුවේ, ස්ලෝවේනියාවේ, පෝලන්තයේ හා ක්‍රොඒෂියාවේ එය සියයට 25ට අඩුවෙන් පැවතුනි.
බොහෝ රටවලදී ඡන්දදායකයෝ බලයේ ඇති ආන්ඩුවලට දඬුවම් කලහ. ප්රන්සය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ග්‍රීසිය හා නෙදර්ලන්තය ආන්ඩු තුල විකල්පයන් ලෙස හෝ එක්ව පාලනය කල සමාජ ප්රජාතන්ත්ර හා තත්වාරක්ෂක (කොන්සවේටිව්) පක්ෂ, විනාශකාරී පරාජයන්ට මුහුන පෑවේය.
සංස්ථාපිත පක්ෂවල ජරපත්වීම, සමහර අවස්ථාවලදී විසකුරු හා අනතුරුදායක රූපාකාරයන් ගෙන තිබේ. තත්වාරක්ෂක, ලිබරල්, හරිත, සමාජ ප්රජාතන්ත්ර හෝ“වාම” යන කවරක් වුවත්, සංස්ථාපිත පක්ෂ, යුරෝපීය සංඟමයට සහාය දී ඇති තත්වය තුල, අන්ත දක්ෂිනාංශික හා විවෘතවම ෆැසිස්ට් පක්ෂ මෙම අසංතෘෂ්ඨියෙන් වාසි ලබාගෙන ඇත.
ප්රන්සයේ, බ්‍රිතාන්‍යයේ හා ඩෙන්මාර්කයේදී එවන් අන්ත දක්ෂිනාංශික පක්ෂ ශක්තිමත්ම බලවේගය බවට පත්ව තිබේ. ඔස්ට්‍රියාවේ, බෙල්ජියමේ, නෙදර්ලන්තයේ, ෆින්ලන්තයේ හා හංගේරියාවේදී ඔවුහු, ඉලක්කම් දෙකේ ප්රමානයන්ගෙන් ඡන්ද ලබාගත්හ. ස්වීඩනයේ ප්රජාතන්ත්රවාදීහු හා ග්‍රීසියේ ෆැසිස්ට් ගෝල්ඩන් ඩෝන් (ස්වර්නමය උදෑසන) සියයට දහයක් තරම් ඡන්ද ලබාගත්හ.
මෙම දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලවේග හිස එසවීම අන්තරායක් මතු කරයි. ඔවුන් සිය ප්රතිගාමී න්යායපත්රය සාක්ෂාත්කර ගැනීමට අදිටන් කරගෙන සිටින අතර රාජ්‍යයේ , ආරක්ෂක යාන්ත්රනයේ මෙන්ම පාලක පන්තියේ වැඩෙන කොටස් අතරින් ද සහයෝගය ලබා ගනියි. කෙසේ වෙතත් ඔවුන්ගේ වර්ධනය, ඒවායේ ස්වෝත්තමවාදී, වර්ගවාදී හා අත්තනෝමතික වැඩසටහන සඳහා මහජන සහාය පලවීමේ ප්‍රතිපලයක් ලෙස අර්ථ දැක්වීම වරදක් වනු ඇත. ඡන්දදායකයින් ඔවුන්ගේ තුරුල්ලට තල්ලුකර ඇත්තේ සමාජ මංමුලාව හා අපේක්ෂා භංඟත්වය මගිනි.
දක්ෂිනාංශයේ වර්ධනය පිලිබඳ මුඛ්‍ය වගකීම රැඳී ඇත්තේ යුරෝපීය වාම පක්ෂ හා ඒවායේ වාටියේ හා කක්ෂයේ කරක්ගසන ව්‍යාජ වාම කන්ඩායම් මතය. මොවුන් තුල ඇති එකම “වම” නම් ඒවායේ නම පමනි. ඔවුන් කම්කරු පන්තිය වෙනුවෙන් නොව කථා කරන්නේ, කුඩා වරප්‍රසාද සහිත ඉහල මධ්‍යම පන්තික ස්ථරයක් වෙනුවෙනි. තමන්ගේ වඩාත්ම වැදගත් කර්තව්‍ය, ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවහිර කිරීම ලෙස සලකන ඔවුන්, ඒ වෙනුවෙන් වෘත්තීය සමිති හා සමාජ ප්රජාතන්ත්රවාදීන් සමග සමීපව වැඩ කරයි.
ඔවුහු යුරෝපා සංඟමය හා නිදහස් වෙලඳපොල ආරක්ෂා කරති. ඔවුන් ධනවාදය විවේචනය කරනවා නම් ඒ, තමන්ට වඩා අති විශාල ධනයක් පොදිගසා ගන්නා සමාජයේ ධනවත්ම සියයට එක හෝ 0.001 දෙස ඊර්ශියාවෙන් බලන පොහොසත්ම සියයට 10 වෙනුවෙන් කතාකිරීමේදීය. කම්කරු පන්තිය කෙරෙහි ඔවුන් දක්වන්නේ නොසැලකිලිමත් හා සතුරු ආකල්පයකි. ජර්මනියේ වාම පක්ෂය, රුදුරු කප්පාදු පියවර ගනිමින් සිටින රාජ්‍ය විධායකය තුල අවස්ථා ගනනාවකදීම මෙය පෙන්නුම් කර ඇත.
දක්ෂිනාංශකයින් හා ෆැසිස්ට්වාදීන් සමග එකඟත්වයක් ඇතිකර ගැනීමට සූදානම් වන අතරතුර කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් කෙරෙහි ව්‍යාජ වම්මු දක්වන්නේ භීතියකි. රට යුරෝපීය සංඟමයට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලට යටත් කිරීමේ අරමුනෙන් හා ෆැසිස්ට්වාදීන් මත රඳාපවතින ව්‍යාපාරයක් වූ “ප්රජාතන්ත්ර විප්ලවය” හුවාදක්වමින් ඔවුහු යුක්රේනයේදී මෙය පෙන්නුම් කලහ.
යුරෝපීය සංඟමය ආරක්ෂා කිරීම මගින් ව්‍යාජ වාම කන්ඬායම් වලට, දක්ෂිනාංශය හා ෆැසිස්ට්වාදීන් රැඩිකල් විපක්ෂයක් ලෙස පින්තාරු කිරීමේ හැකියාව ලැබී ඇත. මෙය විශේෂයෙන්ම ප්රන්සයේදී පැහැදිලිව දිස්වේ. දශක ගනනාවක් තිස්සේ මෙම සංවිධාන ඉටු කල දුෂ්ඨ භූමිකාව විමසා බැලීමෙන්, ප්රන්සය තුල ශක්තිමත්ම පක්ෂය බවට පත්ව තිබෙන ජාතික පෙරමුනේ නැඟීම වටහාගත හැකි වනු ඇත.
1968දී ප්රන්ස ධනපති පාලනය හිසේ සිට දෙපතුලටම සොලවාලූ මහා වැඩවර්ජනයට සුලු ධනපති වම ප්‍රතිචාර දැක් වූයේ, හතරවන සමූහාන්ඩුවේ ඇමතිවරයෙක් හා විචි තන්ත්රය්යේ හිටපු ක්‍රියාකාරිකයෙකු වූ ද සමාජවාදී පක්ෂයේ නායක ප්රන්සුවා මිතරොං හා එම පක්ෂය වෙත බියගුලු හැරීමක් ගනිමිනි. අද මේ දක්වාම යමෙකුට, එල්සීආර් හෙවත් විප්ලවවාදී කොමියුනිස්ට් ලීගයේ ද ඕසීඅයි හෙවත් ජාත්‍යන්තර කොමියුනිස්ට් සංවිධානයේ ද අනෙකුත් ව්‍යාජ වාම සංවිධානවල ද හිටපු සාමාජිකයින් සමාජවාදී පක්ෂ නායකත්වය තුල තවමත් සොයාගත හැකිය. ඔසීඅයිහි සාමාජිකයෙකුව සිටි ලයනල් ජොස්පින් එවන් එක් පුද්ගලයෙකි. 1990 ගනන්වල ඔහු අගමැති තනතුරට පත් විය.
සමාජවාදී පක්ෂයේ අනුහස වසර 15කට පෙර බිඳ වැටුනු කල එය ව්‍යාජ වාම කන්ඩායම්වල වාසියට හේතු විය. 2002දී එල්සීආර් හා කම්කරු අරගල පක්ෂය ජනාධිපති මැතිවරනයේ පලමු වටයේදී ඡන්ද සියයට 10ක් දිනාගත්තේය. සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ලයනල් ජොස්පින් සිටියේ, කොන්සවේටිව් ජැක් චිරාක්ට එරෙහිව දෙවන වටය තරඟ කල, ජාතික පෙරමුනේ අපේක්ෂිකා ජීන් මේරි ලේ පෙන්ට ද පසු පසින් ය.
ලේ පෙන්ට විරුද්ධව මිලියන ගනනක් වීදිවලට පැමිනි විට ව්‍යාජ වම්මු, චිරාක් පසු පසින් පෙල ගැසෙමින් ඔහු තෝරාගන්නා ලෙස ඉල්ලා සිටියහ. එතැන් පටන් ඔවුහු, සමාජවාදී පක්ෂයට සහාය දුන් අතර අද එය කම්කරු පන්තියට එරෙහිව රුදුරු ප්‍රහාර එල්ල කරමින් සිටියි. වාසි ලබාගත්තේ ජාතික පෙරමුනයි. පසුගිය සතියේ යුරෝපීය මැතිවරන වලදී එය ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 25ක් දිනාගත් අතර සමාජවාදී පක්ෂයට ලැබුනේ සියයට 14ක් පමනි. වාම පෙරමුන සියයට 6.3ක් ද එල්ඕ සියයට 1.2ක් හා නව ධනේශ්වර විරෝධී පක්ෂයට යන්තම් සියයට 0.3ක් ද ලැබුනි.
ජාතික පෙරමුනේ ඡන්ද ඉහල නැඟීමට ප්‍රතිචාර වශයෙන් ව්‍යාජ වම්මු සමාජවාදී පක්ෂයට තවත් කිට්ටු වෙයි. කොමියුනිස්ට් පක්ෂය, “21 වන සියවසේ ජනතා පෙරමුනක්” ගොඩනැඟීම සඳහා එක්වන ලෙස සමාජවාදී පක්ෂය ද ඇතුලු සියලු “වාම” බලවේග වලට “සංවේගාත්මක ආයාචනයක්” නිකුත් කලේය. වාම පෙරමුන, සමාජවාදී පක්ෂය ද ඇතුලත් “සමාජ හා දේශපාලන වමේ සංවිධාන වලට, අන්ත දක්ෂිනාංශයේ වර්ධනයට” එරෙහිව එක්සත් වන ලෙසට කැඳවුමක් කර ඇත.
ව්‍යාජ වම්මු අනෙකුත් යුරෝපීය රටවලදී ද ඒ සමාන භූමිකාවක් රඟ දක්වති. ජර්මනියේදී වාම පක්ෂය, ෆෙඩරල් ආන්ඩුවකට ඇතුලු වීම සඳහා සූදානම් වෙමින් සිටිති. එය සියලු විදේශ හා දේශීය ප්‍රශ්න වලදී නිල දේශපාලන පිලිවෙත වැලඳගෙන ඇත. මේ සම්බන්ධයෙන් ග්‍රීසියේ සිරිසා නායක අලෙක්සිස් සිප්රිස්, පෙනී යන පරිදි විශේෂත්වයක් නියෝජනය කරමින් යුරෝපා සංඟමයේ කොමිසමේ සභාපති තනතුරට යුරෝපීය වමේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඇත. කප්පාදු අවසන් කිරීමට පොරොන්දු දීම නිසා සිරිසා, ග්‍රීසියේ ශක්තිමත්ම පක්ෂය බවට පත් විය. කෙසේ වෙතත්, එයට තම මැතිවරන පොරොන්දු ඉටුකිරීමට හැකියාවක් හෝ අවශ්‍යතාවක් ද ඇත්තේ නැත. එහි ප්‍රතිපත්ති සමාජ ප්රජාතන්ත්රවාදීන්ට වඩා වෙනස් වන්නේ නැත. සිරිසාව, ගෝල්ඩන් ඩෝන් යන ෆැසිස්ට්වාදීන්ට තව තවත් වර්ධනය වීම සඳහා පසුබිම සකස් කරයි.
කම්කරු පන්තියේ සමාජ හා ප්රජාතන්ත්ර අයිතීන්ට එල්ල කෙරෙන අඛන්ඩ ප්‍රහාර, තියුනු පන්ති අරගල අනිවාර්ය යෙන්ම පැන නංවනු ඇත. දකුනේ නැඟීම ප්රතිරෝධයන්ට මුහුන දෙනු ඇත. ජාතික පෙරමුන ප්රන්ස කම්කරු පන්තියේ විශාල කොටසකගේ වෛරයට පාත්රවී ඇත.
බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂය හා ජර්මනියේ පීඑෆ්එස්ජී යුරෝපීය මැතිවරනයන්ට සහභාගී වූයේ, මෙම සටන් වලට සූදානම් වීමට හා ඒවාට ඉදිරිදර්ශනයක් සම්පාදනය කරමින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා යුරෝපය පුරා ගොඩනැඟීම සඳහා ද වේ. ෆැසිස්ට්වාදයට, යුද්ධයට හා ධනවාදයට එරෙහි අරගලයට නායකත්වය දිය හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට පමනි.
අපගේ මැතිවරන ව්‍යාපාරය කරුනු දෙකකට අවධානය යොමුකර තිබුනි. එනම්, යුද්ධයට එරෙහි අරගලය හා යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංඟමයක් සඳහා සටනයි. අපි කම්කරු පන්තියේ අරගලය වර්ධනය කල හැකි හා කල යුතු දේශපාලන පිලිවෙතක් සඳහා සටන් වැදුනෙමු. එනම්, යුරෝපීය සංඟමය ද ජාතිකවාදය හා ෆැසිස්ට්වාදය ප්‍රතික්ෂේප කරමින් සමාජවාදී යුරෝපයක් සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම සඳහා අරගලයයි.
අපගේ අරමුන වූයේ ජනප්‍රිය සටන් පාඨ තුලින් හැකිතාක් ඡන්ද ගරාගැනීම නොව, කම්කරු පන්තියට සත්‍යය පවසමින් එලඹෙන අරගලයන් සඳහා පන්තිය සූදානම් කිරීමයි. බෙහෝ කම්කරුවන් හා තරුනයින් එලඹෙන කාලපරිච්ඡේදයේදී වැදගත් දේශපාලන පාඩම් තුලින් ගමන් කරනු ඇත. සිය අවශ්‍යතා සඳහා සටන් කල හැකි ක්‍රියාමාර්ගයක් හා පක්ෂයක් ඔවුන් හජාජාක තුලින් සොයාගනු ඇත.
පීටර් ෂ්වාස්
Follow us on