සිරිසේන ආන්ඩුවට විරුද්ධව පන්ති අරගල පුපුරායාමේ කොන්දේසි වර්ධනය වෙයි
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 අපේ‍්‍රල් 02
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, බලයට පත් වී මාසතුනක් ගත වීමටත් පෙර සිය ජීවන තත්වයන්ට හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව ආන්ඩුව සමග මුහුනට මුහුන ගැටෙන වැඩකරන ජනයාගේ දැවැන්ත අරගල පුපුරායාමේ පසුබිම සැකසෙමින් තිබෙන බව පසුගිය සති කිහිපය තුල පැන නැගුන විරෝධතා ව්‍යාපාර මගින් පෙන්නුම් කෙරෙයි.
වැටුප් ඉල්ලීම් මත පෙබරවාරි 25 දා නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන් 1000 ක් පමන සහභාගි වූ විරෝධතා උද්ඝෝෂනයක් කටුනායක දී ද, මාර්තු 4 දා රැකියා ස්ථිර කිරීමේ ඉල්ලීම පදනම් කරගෙන 4000 කට වැඩි මිනිස් බල සමාගම් කම්කරුවන්ගේ විරෝධතා පා ගමනක් සහ පිකට් උද්ඝෝෂනයක් කොලඹදී ද පැවැත්වුනි. අනතුරුව, මාර්තු 12 දා, රැකියා විරහිත සහ කොන්ත්‍රාත් පදනමේ සේවය කරන උපාධිධාරීන් ගේ උද්ඝෝෂනයක් සහ පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ විරෝධතා පා ගමනක් සහ රැලියක් ද කොලඹදී පැවැත්වුනි.
මීට අමතරව මෙම මාස දෙක තුල, දිනකට නෙලිය යුතු තේ දළු ප්‍රමානය කිලෝ දෙකකකින් ඉහල දැමීමට විරුද්ධ ව මස්කෙලිය ඩීසයිඩ් වත්තේ කම්කරුවන් තෙදින වර්ජනයක යෙදුනු අතර පොලිස් අත් අඩංගුවේ සිටිය දී තරුනයකු මිය යාමට විරෝධය පාමින් තලවකැලේ ප්‍රදේශයේ දහස් ගනනක් වතු කම්කරුවෝ විරෝධතා උද්ඝෝෂනයක යෙදී ගත්හ. වී සඳහා සාධාරන මිලක් ඉල්ලමින් අනුරාධපුර සහ කොලඹ දී ගොවි උද්ඝෝෂන දෙකක් ද සිදුවිය.
පෙබරවාරි 25 කටුනායක නිවෙක කම්කරුවන්ගේ උද්ඝෝෂනය සංවිධානය කලේ ඇන්ටන් මාකස් නායකත්වය දරන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය (නිවෙක හා පොසේසේසං) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේසං) විසිනි. මාර්තු 12 වෙනිදා මුත්තයියා පිටියේ පැවති පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැලිය සංවිධානය කලේ නිවෙක හා පොසේසේසං, අසසේසං, නව සමාජ පක්ෂයට සම්බන්ධ වානිජ හා කාර්මික සේවක සංගමය (වා හා කාසේසං) ඇතුළු වෘත්තීය සමිති 10 ක් සම්බන්ධ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතුව විසිනි.
මෙම උද්ඝෝෂන දෙකේ ම ප්‍රධාන ඉල්ලීම වූයේ පුද්ගලික අංශයේ වැටුප රුපියල් 2500 කින් වැඩිකරන ලෙස මුදල් ඇමති රවී කරුනානායක හාම්පුතුන්ගෙන් කල ඉල්ලීම පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමයි.
පසුගිය වසර කීපය තුල සෑම අයවැයකටම පෙරාතුව වෘත්තීය සමිතිවල ඉල්ලීම වුයේ පුද්ගලික අංශයේ සේවකයන් සඳහා රුපියල් 10,000 ක වැටුප් වැඩි වීමකි. එම ඉල්ලීම අයවැයෙන් කුනු කුඩයට දැමුනු සෑම වතාවකම ආන්ඩුව දෙන සොච්චම් දීමනාවක් පිලිගෙන වැටුප් අරගලය අත හැර දැමීම වෘත්තීය සමිතිවල කුප්‍රකට පිලිවෙත වූයේ ය. මෙවර ද අයවැයට පෙර පුද්ගලික අංශය සඳහා රුපියල් 10,000 වැටුප් වැඩිවීමක් සමිති නායකයෝ ඉදිරිපත් කලහ. ආන්ඩුව එය ඉවත දැමුවේය. මුදල් ඇමති රවී කරුනානායක ප්‍රකාශ කලේ වැටුප් වැඩිකරන ලෙස පුද්ගලික අංශයේ කර්මාන්ත කරුවන්ට බල කලොත් ඔවුන් කම්හල් වසා දමීමට ඉඩ ඇති බවය.
කෙසේ වුව ද, පුද්ගලික අංශයේ කම්කරුවන් අතර ආන්ඩුව කෙරෙහි වර්ධනය වන අප්‍රසාදය සහ කෝපය සමනය කිරීම සඳහා කරුනානායක රුපියල් 2,500 වැටුප් වැඩි කිරීමක් ගැන සලකා බලන ලෙස කර්මාන්ත කරුවන්ට ආයාචනය කලේ ය. ඉල්ලීම ප්‍රතික්ෂේප කල කර්මාන්තකරුවන් පඩි පාලක සභා සමග සාකච්ඡාවකින් පසු තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කර තිබේ.
වැටුප් ඉල්ලීම සියයට 75 කින් කප්පාදු කල සමිති නායකයෝ ආන්ඩුවේ යෝජනාව පිලිගෙන, කර්මාන්තකරුවන් එය නො කරන නිසා පාර්ලිමේන්තු පනතකින් රුපියල් 2,500 යේ වැටුප් වැඩි වීම නීති ගත කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටිති.
නිතිපතා ඉහල යන ජීවන වියදම හමුවේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් සඳහා අරගලය කිරීමේ දැවෙන උවමනාවක් කම්කරුවන්ට තිබේ. එහෙත් උද්ඝෝෂනයන් සංවිධානය කල වෘත්තීය සමිතිවල සැබෑ අරමුන කම්කරුවන්ගේ අරමුනට හාත්පසින් ම වෙනස් එකකකි. එනම් කම්කරුවන් තුල ආන්ඩුවට එරෙහිව වර්ධනය වන අතෘප්තිය හා කෝපය පුහු විරෝධතා වලින් සමනය කිරීමයි. දශකයකට වැඩි කාලයක් නිසි වැටුප් වැඩි වීමක් නොලත් පුද්ගලික අංශයේ කම්කරුවන් අතර මෙන් ම රාජ්‍ය අංශයේ කම්කරුවන් අතර ද පැසවන නුරුස්නාව සටන්කාමිත්වයක් දක්වා වැඩී ඇත.
රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් තුබුන මෙම පැසවීම සහ සටන්කාමිත්වය යටපත් කිරීමට සහ ඡන්ද කොල්ල කෑමට පසුගිය ජනාධිපතිවරනයේදී සිරිසේන‐එජාප කඳවුරෙන් ඉදිරිපත් කෙරුනු ඊනියා දින සියයේ වැඩ පිලිවෙලට රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩිකිරීම සහ නව රැකියා 10,0000 ක් නිර්මානය කිරීම ඇතුළු විවිධ පොරොන්දු ඇතුලත් විය. එම පොරොන්දුවල ප්‍රෝඩාකාරී බව කම්කරු පන්තියට දැන් වැටහී ඇත.
ජවිපෙ සහ වැටුප් ඉල්ලීම් මත උද්ඝෝෂනයේ යෙදී සිටින සමිති නායකයෝ නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම පක්ෂ සමග පෙල ගැසෙමින් රාජපක්ෂ පරාජය කොට සිරිසේන බලයට ගෙන ඒමට ඍජුව සහ වක්‍රව කි‍්‍රයා කලහ.
පසුගිය ආන්ඩුව යටතේ මෙන් ම නව ආන්ඩුව යටතේ ද තම ජීවන තත්වයන්ට පහර එල්ල වන තතු තුල කම්කරු පන්තියේ පුළුල් අරගල මෙන්ම කම්කරු පන්තිය හා පාලක පන්තිය අතර බරපතල දේශපාලන ගැටුමක් ද පුපුරායාමට ඇති ඉඩකඩ ගැන සමිති නායකයෝ බියට පත්ව සිටිති. එහෙයින් එවැනි තත්වයක් උද්ගත වීම වලක්වා ධනපති පන්ති පාලනය රැක දීම සඳහා කම්කරු පන්තියේ අරගල සීමා සහිත හා පුහු විරෝධතාවලට කොටු කර වර්ධනය වන අරගලකාරිත්වය පුර්වභංග කිරීමට සමිතිනායකයෝ වැඩට බැස සිටිති. වැටුප් ඉල්ලීම් නොලැබුනහොත් “දැවැන්ත අරගල” කරන බවටත් රාජපක්ෂ ආන්ඩුව මෙන් ම සිරිසේන ආන්ඩුවත් “පෙරලා දමන” බවට සමිති නායකයෝ කරන පූච්චානම් කතා මෙම වැඩකටයුතුවලම එක් අංගයකි.
මාර්තු 12 දා මුත්තයියා පිටියේ පැවති රැස්වීම ඇමතූ අසසේසං යේ ප්‍රධාන ලේකම් වසන්ත සමරසිංහ, මහින්ද රාජපක්ෂ ආන්ඩුව පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ අයිතීන් ගැන නොතැකූ නිසා එයට ගෙදර යාමට සිදු වූ බවත් මෙම ආන්ඩුවත් එය ම කලොත් “දින සියයෙන් පසු ගෙදර යායුතු” බව ට බොරු තර්ජනයක් කලේ ය.
ඇන්ටන් මාකස් ගේ කතාව ද එවැනි ම වාචාලවලින් පිරුනු එකකි. “පනත ඉදිරිපත් කිරීම සඳහා අපි මේ ආන්ඩුවට දෙන්නේ තව සති දෙකයි. ආන්ඩුව එහෙම කරන්න අසමත් වුනොත් රටේ පුද්ගලික අංශයේ සියලුම ආයතනවල වැඩ නතර කරනව” පසුගිය වසර කිහිපය පුරාවට සමිති නායකයන්ගේ මේ ජාතියේ පුරාජේරු කතා කම්කරුවන්ට හොඳින් හුරු පුරුදුය. ප්‍රායෝගික ව සිදු වී ඇත්තේ කම්කරුවන්ගේ අරගල හුදු විරෝධතාවලට කොටුකර ඔවුන් දේශපාලනිකව අවමංගත කිරීමයි.
ඒ අතර මාර්තු 6 දාතමින් සමිති එකතුව අගමැති රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියක රුපියල් 2,500 යේ වැටුප් වැඩිවීම නීතිගත කරන ලෙස අපි ඔබට “ආයාචනය කරන” බව කියා ඇත. මාර්තු 12 වෙනිදා සමිති නායකයන් මුන ගැසුනු වික්‍රමසිංහ “මම හාම්පුතුන්ගේ සම්මේලනය මුන ගැසුනා. ඔවුන් යමක් කිරීමට සැලසුම් කරමින් සිටින” බව ප්‍රකාශ කර ඇත. වික්‍රමසිංහ කියා ඇති පරිදි හාම්පුතුන් සැලසුම් කරමින් සිටින්නේ “යමක්” කිරීමට මිස රුපියල් 2,500 වැටුප් ඉල්ලීම දීමට නොවේ. අනෙක් අතට සමිති නායකයන් ඉල්ලන ආකාරයට පනතකින් එය නීතිගත කිරීමට ආන්ඩුව එකඟ බවට වික්‍රමසිංහ කිසිදු සහතිකයක් දී නැත.
මෙම තතු තුල ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් කි‍්‍රයාවට දමමින් තිබෙන්නේ වැටුප් සහ සේවා පහසුකම් පුලුල් කිරීම නො ව, ඒවා හැකිතාක් දුරට කප්පාදු කරමින් ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමේ සහ ලාභ ඉහල දමා ගැනීමේ කප්පාදු පිලිවෙත් ය.
ශී‍්‍ර ලංකාව වඩ වඩා ගැඹුරු වන ලෝක ධනවාදයේ අර්බුදය තුලට ගිලා බසිමින් ඇත. රටේ නය ගැතිකම ඉහල නැග ඇති අතර අපනයන හා විදේශ ආදායම් පහත වැටී ඇත. විදේශ නය ගෙවීම පැහැර හැරීමේ අද්දර ට ම රට තල්ලු වී ඇති තතු තුල එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමුඅ) ඇමරිකානු ඩොලර් බිලියන 4 ක නයක් ඉල්ලූ නමුත් (ජාමුඅ) එය ප්‍රතික්ෂේප කර ඇත. එපමනක් නොව රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 වැටුප් දීමනාවට ද, අධි සුඛෝපභෝගී භාන්ඩවලට බදු පැන වීම ට ද ජාමූඅ විරුද්ධ වී ඇත. රාජ්‍ය වියදම් කපා හැර, 2016 වන විට අයවැය පරතරය දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 3.8 දක්වා අඩු කිරීම ඇතුළු කලින් යෝජිත කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමෙන්නේ නම් මේ වසර අග දී ඉල්ලා ඇති නය මුදල දීමට “සලකා බලන” බව ජාමුඅ කියා ඇත.
මෙහි තේරුම වන්නේ කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය අනිවාර්යයෙන් ම තීව්ර කලයුතු බවයි. ආයෝජක හිතැති ආර්ථික පිලිවෙත් සහ කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමේ දී රාජපක්ෂ ආන්ඩුවටත් වඩා සිරිසේන ආන්ඩුව නිර්දය වනු ඇත. දිස්ති‍්‍රක්ක 25 තුලම පොලිස් බලතල සහිතව හමුදාව සීරුවෙන් තබා සිය ආර්ථික හා දේශපාලන පිලිවෙත් වලට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් ලෙයින් මැඩීමට සිරිසේන ආන්ඩුව වේවා යෝජිත ධනපති ජාතික ආන්ඩුවක් වේවා නොපැකිලෙනු ඇත.
ඒ සමග ම ගැඹුරු වෙමින් පවත්නා ජාත්‍යන්තර භූ-දේශපාලන වාසුලිය තුලට ශී‍්‍ර ලංකාව වේගයෙන් ඇදගනිමින් තිබේ. සිරිසේන බලයට ගෙන ඒම වනාහි, ශී‍්‍ර ලංකාව එක්සත් ජනපදයේ “ආසියාවට හැරීමේ” මුලෝපායාත්මක පිලිවෙත සමග පෙල ගස්වා ගැනීමට වොෂින්ටනය තිරයට පිටු පසින් සිට සිදුකල දේශපාලන කුමන්ත්රනයක ප්රතිඵලයකි. එමගින් ශ්‍රී ලංකාව මත පවතින චීන බල පෑම කපා හැර චීනය හුදකලා කිරීමේ හා මිලිටරිමය ලෙස වටලෑමේ එක්සත් ජනපදයේ මූලෝපායික කක්ෂය තුලට ශී‍්‍ර ලංකාව රුවා ගැනීම එහි එල්ලය වුයේය. එක්සත් ජනපදයේ මෙම පිලිවෙත තුන්වන ලෝක යුද්ධයක් සඳහා ධාවනයේ කොටසකි. එය ශී‍්‍ර ලංකාවේ, ආසියානු කලාපයේ මෙන් ම ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ බරපතල අන්තරායක් මතු කරයි.
කම්කරු පන්තිය ඉදිරියේ මතු කර ඇති මෙම තීරනාත්මක ආර්ථික දේශපාලන ප්‍රශ්න සමිති නායකයෝ දැනුවත් ව ම යට ගසති. නසසප, එසප, සහ පෙසපෙහි බැකිම සහිත ව සමිති නිලධරය කි‍්‍රයාත්මක වී සිටින්නේ මෙම අන්තරායට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් පැන නැගීම වැලැක්වීමටයි.
යුද්ධයට හා සමාජ ප්රතිවිප්ලවයට එරෙහි ව සටන් කිරීමට නම් ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් අත්‍යවශ්‍යය. මේ සඳහා ප්‍රථමව සහ ප්රමුඛව, ධනපති පක්ෂ සහ ඔවුන්ගේ උපකරන ලෙස කි‍්‍රයාත්මකවන වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම පක්ෂ වලින් කම්කරු පන්තිය බිඳී වෙන්විය යුතුය.
Follow us on