සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන පේරාදෙනිය සරසවියේදී සිසුන් අමතයි
අපේ වාර්තාකරු විසිනි, 2015 ජනවාරි 06
2015 ජනවාරි 08දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයේ අපේක්ෂකයන් හා ඔවුන්ගේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දෙසැම්බර් 29 දා සවස පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල පැවැත්වූ සංවාදයකට සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂක පානි විජේසිරිවර්දන සහභාගි විය. ඔහු සමග සංවාදයට සම්බන්ධ වුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ (පෙසප) අපේක්ෂකයාගේ නියෝජිතයෙකු වූ චමීර කොස්වත්ත හා එක්සත් සමාජවාදී පක්ෂ (එසප) අපේක්ෂකයාගේ නියෝජිතයෙකු වූ ශ්‍රීනාත් පෙරේරා ය.
අපේක්ෂකයන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති පිලිබඳව පැවැත්වූ මෙම සංවාදය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසින් සංවිධානය කර තිබුනි. පේරාදෙනිය සරසවි සිසුන්ට අමතරව, ශී‍්‍ර ජයවර්ධනපුර, රජරට හා තවත් සරසවි කීපයක සිසුන් 500ට අධික පිරිසක් එයට සහභාගී වූහ,
එහිදී මුලින්ම කථා කල පෙරේරා “අධ්‍යාපනය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නීති පොතට ඇතුල් කිරීම” තම පක්ෂයේ “ආසන්න” පිලිවෙත බව කියා සිටියේය. “එය ජාත්‍යන්තර වශයෙන් පිලිගත් ප්‍රතිපත්තිය යි. එහෙත් ආන්ඩුවට අධ්‍යාපනය පිලිබඳව ප්‍රතිපත්තියක් නැහැ” යි ඔහු පැවසීය.
විජේසිරිවර්දන තම කතාව ආරම්භ කලේ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) තුවක්කුකරුවන් විසින් 1988‐89 සමයේදී ඝාතනය කල, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පී. ගුනපාල සහ වැලිමඩ ආර්. පිටවල යන සහෝදරවරුන් සිහිපත් කරමිනි. ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගය මත නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වැද සිටි ගුනපාල සහ පිටවෙල යන දෙදෙනාම සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සමාජිකයන් වූහ.
අවිශිබමයේ දේශපාලනය පිලිබඳව තම පක්ෂයට ගැඹුරු මතභේද තිබියේවී නමුත් මෙම විවාදයට තමන්ට ද ආරාධනය කිරීම පිලිබඳව විජේසිරිවර්දන ඔවුන්ට ස්තුති කලේය.
අධ්‍යාපනය මූලික සමාජ අයිතියක් ලෙස සලකන තම පක්ෂය, සියලු දෙනාටම සමානතාවයෙන් යුත් ඉහල ගුනාත්මක අධ්‍යාපනයක් නොමිලයේ ලබා ගත හැකි විය යුතු බව ඔහු පැවසීය. ශී‍්‍ර ලංකාව තුල සීමිත රාජ්‍ය අධ්‍යාපනයක් පවා තහවුරු කෙරුනේ 1940 ගනන් වල ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය කම්කරු පන්තිය ධනේශ්වරයෙන් ස්වාධීනව සමාජවාදී වැඩපිලිවෙලක් මත බලමුලුගැන්වීම සඳහා ගෙනගිය අරගලයේ අතුරු ඵලයක් ලෙස බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ධනවාදය දැන් ගමන් කරන්නේ ප්රසාරනයක් තුලින් නොව බිඳවැටීමක් තුලින් බැවින් එම සීමිත නිදහස් අධ්‍යාපනය පවා විනාශ කෙරෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. “ධනවාදය මර ලතෝනි දෙන මෙම කාලය තුල පවා අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගත හැකි බව මට පෙර කථාකල පෙරේරා පැවසුවා. ඔහු වැනි ව්‍යාජ වම්මුන්ට ප්රතිකූලව සසප කියා සිටින්නේ ධනවාදය පෙරලා දමා ගොඩනඟන සමාජවාදී ක්‍රමයක් තුල පමනක් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කල හැකි බවයි.”
ඉන් පසුව කථා කල පෙසපයේ චමීර කොස්වත්ත, තම පක්ෂයේ ව්‍යාජ වාම පිලිවෙත් ප්‍රකට කරමින්, අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ අරගලය තුල කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාව යටපත් කලේ ඊනියා ශිෂ්‍ය ව්‍යාපාරය උත්කර්ෂයට නංවමිනි.
දෙවන වටයේදී අපේක්ෂකයින්ගෙන් හා නියෝජිතයින්ගෙන් ප්‍රශ්න ඇසීමට සිසුන්ට අවස්ථාව ලැබුනි. වමේ පක්ෂවලට එකතුවිය නොහැක්කේ මන්දැයි එක් සිසුවෙක් ප්‍රශ්න කලේය.
විජේසිරිවර්දන මෙසේ පිලිතුරු දුනි. “වම යනු ධනවාදයට එරෙහිව සමාජවාදය සඳහා සටන් වැදි ව්‍යාපාරයන්ගේ සමස්තය පොදුවේ හැඳින්වූ නමයි. මෙම වම, යම් කාල පරිච්ඡේදයක කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් ද එම පන්තියේ ස්වාධීනත්වය වෙනුවෙන් ද සටන් කලා. ජාතික හා ලෝක පරිමානව අද එවන් ව්‍යාපාරයක් නැහැ. අද වම ලෙස පෙනී සිටින්නේ කම්කරු අරගල හා පන්ති ස්වාධීනත්වය පාවා දෙමින් ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට කැපවන ව්‍යාජ වාම සංවිධාන රොත්තක්. එසප සහ පෙසප එවැනි ව්‍යාජ වාම සංවිධාන දෙකක්. ඔවුන් සමග අපේ කවර හෝ පයුරු පාසනයක් නැත්තේ ඒ නිසයි.”
“ධනපති පන්තියේ පක්ෂ වලින් හා ඔවුන් පසුපස යන සංවිධාන වලින් කම්කරු පන්තිය ස්වාධීන කර ගැනීමකින් තොරව ධනවාදයට එරෙහිව සටන් කල නොහැකියි. එසප සහ අවිශිබමට නායකත්වය දෙන පෙසප එයට සතුරුයි.”
සිසුන් හැරිය යුත්තේ කම්කරු පන්තිය වෙතට බවත්. එහි අර්ථය කම්කරු පන්තියේ සහ මාක්ස්වාදයේ අතීත උරුමය නියෝජනය කරන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කි‍්‍රයාමාර්ගය හා ඉදිරිදර්ශනය වෙත යොමු වෙමින් සසප ත් එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාතශි) ගොඩනැගීමට කැපවීම බවත් පවසමින් ඔහු තම පිලිතුර අවසන් කලේය.
අනතුරුව පේ‍්‍රක්ෂාගාරයෙන් යොමුවූ ප්‍රශ්න සියල්ල පාහේ යොමුවූයේ සසප අපේක්ෂකයාට ය. එම ප්‍රශ්න යොමු කලේ අවිශිබමයේ ප්‍රධාන කි‍්‍රයාකාරිකයන් හෝ පෙසප විසින් නායකත්වය දෙන අවිශිබම දේශපාලනයෙන් අවමංගතවූවන් බව පැහැදිලි ය.
එක් පේ්රක්ෂකයෙකුගේ ප්රශ්නය වූයේ “සසප ශිෂ්‍ය ව්‍යාපාරය ගැන තමන් කිසිවක් නොදන්නා බව හා ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඔවුන් මැදිහත්ව සිටින්නේ කෙසේද?” යන්නයි.
මෙයට පිලිතුරු දෙමින් විජේසිරිවර්දන මෙසේ පැවසීය. “අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට එරෙහි ප්රහාරයන්ගේ මූලය සහ එහි පරාජය කිරීමේ විද්‍යාත්මක ඉදිරි දර්ශනය ඉදිරිපත් කිරීම විප්ලවවාදී ව්‍යාපාරයක මූලික වගකීමක්. සසජාතශිට එරෙහිව අවිශිබම ගෙනයන ප්රජාතන්ත්ර විරෝධී බාධාවන්, පහරදීම් නොතකා සසජාතශි මෙම වැඩපිලිවෙලෙහි දිගටම නිරත වෙනවා. ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල පලවන අපේ විශ්ලේෂන දහස් ගනන් සිසුන් සහ කම්කරුවන් අතර බෙදා හරිනවා. ලෝක යුද්ධයට සහ සමාජප්රතිවිප්ලවයට එරෙහිව ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා සසජාතශි ගෙනයන අරගලය ඒ අතර ප්රමුඛයි.”
ජර්මනියේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ සසජාතශි, ජර්මානු ෆැසිස්ට්වාදයේ හිස එසවීම හා ලෝක යුද තර්ජනය පිලිබඳව සංවිධානය කල රැස්වීම එහි පාලනාධිකාරය මැදිහත්වී කඩාකප්පල් කිරීමට උත්සාහ කල ද සිසුන්ගේ බලගතු සහයෝගයෙන් එය පරාජය කල බව විජේසිරිවර්දන පැවසීය.
අධ්‍යාපනය ඇතුලු අනෙකුත් සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප්රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසි දහස් සංඛ්‍යාත කම්කරුවන්, ආන්ඩුවට බලපෑම් දැමීමේ කි‍්‍රයාමාර්ග තුල කොටු කොට ඔවුනගේ සටන්කාමිත්වය දිය කර දැමූ වෘත්තීය සමිති නිලධරය සහ ව්‍යාජ වම්මුන් කම්කරුවන්ට එරෙහිව අවලාද නගමින් සිටී. ඔවුන් අනුයන අවිශිබම, කම්කරු පන්තිය සටන් වැද ස්ථාපිත කල, ධනේශ්වර පද්ධතිය අභියෝගයට ලක් කරන ක්‍රමවේදයන්ගෙන් වඩවඩාත් ඉවත් වෙමින්, සත්යග්රහ වැනි සාමවාදී සහ ගාන්ධිවාදී ක්‍රමවේදයන්හි සිසුන් නිරත කරමින් සිටී. මෙම දේශපාලනයෙන් උත්තේජනය වූ පේ්රක්ෂකයෙක් මෙසේ ප්‍රශ්න කලේය: "මෑත කාලයේ කම්කරුවන් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් නොකල තතු යටතේ ශිෂ්‍යයන් තනිව සටන් කොට ජයග්‍රහනය කොට නොමැති ද?" යනුවෙන් ප්‍රශ්න කලේය.
"අතීතයේ ශිෂ්‍ය සටන් දිනා ඇත්තේ සිසුන් කම්කරු පන්තියේ නායකත්වය වටා ඒකරාශි වෙමින් සමාජවාදය සඳහා කල අරගලයේදී. ආන්ඩුව සමහර විට ශිෂ්‍ය උද්ඝෝෂන හමුවේ තාවකාලික උපාමාරුවක් ලෙස අඩිය පස්සට ගන්නවා වෙන්නට පුලුවන්. නිදසුනක් ලෙස එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව 1980 මුල ගෙනා අධ්‍යාපන ධවල පති‍්‍රකාවට විරුද්ධව පැනනැඟි විරුද්ධත්වය හමුවේ අඩිය පස්සට ගත්තා. එහෙත් මේ වන විට එහි ඉලක්කය ද ඉක්මවා යන දැවැන්ත ප්‍රහාරයකට අධ්‍යාපනය යටත් කොට තිබෙනවා. ජයග්‍රහනය කලා නම් එහෙම වෙන්නෙ කොහොමද?”
මේ ප්‍රශ්න වලට පිලිතුරු දුන් අනෙක් දෙදෙනා මතුකර තිබෙන ප්‍රශ්න වලට තම විරුද්ධත්වය පල කල ද මේ ප්‍රහාරයේ මූලයන් පැහැදිලි කලේ නැත. ශිෂ්‍ය සටන් ජයගත හැක්කේ ඒවා පොදු ජනතාව අතරට ගෙනයාමෙන් යයි කොස්වත්ත කියා සිටියේය. පන්ති රේඛා මකා දමමින් ඔහු ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නැංවීය.
2008 ආරම්භ වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව බිඳ වැටෙන බැංකු ගලවා ගැනීම පිනිස ඩොලර් බිලියන ගනනින් මුදල් සම්පාදනය කරන ඇමරිකාව සහ යුරෝපය ඇතුලු සෑම රටකම පාලක පන්තීන් කම්කරු පන්තිය පූර්ව දශක ගනනාව තුල දිනාගෙන ඇති අධ්‍යාපන අයිතිය ඇතුලු සියලු සමාජ අයිතීන් විනාශ කරමින් සිටියි.
රට තුලදී සමාජ ප්‍රතිවිප්ලවයෙන් ද විදේශයන්හිදී සිය ප්රතිමල්ලවයන්ගේ වියදමින් ද තම අර්බුදය ජය ගැනීමට අධිරාජ්‍යවාදීන් දරන උත්සාහය ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි සමස්ත මානව වර්ගයාම විනායශට ඇද දමන න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනය මතුකරයි.
ඇමරිකාව සිය බිඳවැටෙන ලෝක ආධිපත්‍යය යලි පිහිටුවා ගැනීමේදී වඩ වඩාත් ප්රචන්ඩ ලෙස සිය මිලිටරි බලය මත වාරුවී සිටියි. මිලිටරිමය වශයෙන් චීනය වැටලීම කරා යොමුවූ ඔබාමා පාලනයේ මූලෝපාය වන "ආසියාවට හැරීම” යටතේ මෙරට ද ඇතුලු ආසියාකරයම මෙම යුද වාසුලිය තුලට ඇදගනිමින් තිබේ. යුද විරෝධී කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනගමින්, ලාභය මත පදනම්වූ ධනවාදය ලෝක පරිමානව පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීමට කෙරෙන අරගලයෙන් පමනක් ලෝක යුද තර්ජනය පරාජය කිරීම සහ අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් ද මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ද රැකගත හැකි බව විජේසිරිවර්දන පැහැදිලි කලේය.
පෙරේරා කියා සිටියේ “සමාජවාදී සමාජයක්, නව මිනිසෙක්, නවීන රටක් වෙනුවෙන් අපි සංක්රමන කාලයක් සඳහා ආර්ථිකය දේශීය අවශ්‍යතා මත පවත්වාගන්නා ආර්ථිකයක් හැටියට වෙනස් කරන” බවයි.
ඒකාග්ර ගෝලීය ආර්ථිකයක් නිර්මානය වී ඇති තතු යටතේ දේශීය ආර්ථිකයක් යන සංකල්පයේ ඓතිහාසික අයථාභාවය විජේසිරිවර්දන පෙන්වා දුන්නේය. “තනි රටේ සමාජවාදය” නම් වු ජෝසෆ් ස්ටැලින්ගේ ප්රතිවිප්ලවවාදී න්‍යාය මත පදනම්වූ සෝවියට් සංගමය සහ යුරෝපයේ ස්ටැලින්වාදී රාජ්‍යයන් බිඳවැටුනේ ද, ඉන්දියාවේ ජාතික ආර්ථික පිලිවෙත ධනපති වෙලඳපොල ආර්ථිකය බවට හරවන ලද්දේ ද නිෂ්පාදනයේ ගෝලීයකරනයේ පීඩනය යටතේය.
කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට මෙම ව්‍යාජ වම්මුන් වින කටින ආකරය පිලිබඳ විජේසිරිවර්දන කල සැඳහුම සනාථ කරමින් පෙරේරා පැවසුවේ, සිසුන් ද ඇතුලු කම්කරු පීඩිත ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි සෑම සංවිධානයක් සමගම වැඩ කරන බව යි. ඔවුන් දක්ෂිනාංශික එජාප සමග ද එක වේදිකාවකට නැඟ ගත්තේ මේ සඳහා ය.
පෙරේරා සහ කොස්වත්ත ව්‍යාජ වම්මුන් ලෙස හඳුන්වමින් විජේසිරිවර්දන කල සඳහන ගැන උරනවූ පෙරේරා කෝපයෙන් කෑ ගැසීය. මාක්ස්වාදී විශ්ලේෂනයන් සම්බන්ධයෙන් මෙම ව්‍යාජ වම්මුන්ට ඇති පරම සතුරුබව ප්‍රකට කරමින් සසප සහ ජාත්‍යන්තර කමිටුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා කරන න්‍යායික සහ දේශපාලනික විශ්ලේෂන වලට පෙරේරා ගැරහුවේ තමන් අවකාශයේ නොව වැඩපොලේ, මහපාරේ සහ කම්කරු, ශිෂ්‍ය අරගල වලට සහභාගී වන බව පවසමිනි.
මේ සා පරිමාන ලෝක යුද අනතුරක් මානව වර්ගයාගෙන් වසන් කර අඳුරේ තැබීමට නිල දේශපාලන සංස්ථාපිතය ද ව්‍යාපාරික මාධ්‍යය ද ශාස්ත්රාලික කොටස් ද අනෙකුත් ව්‍යාජ වම්මුන් ද යෙදී සිටින භාවිතාව සමග එක පෙලට සිටින පෙසපයේ ප්රතිගාමී පිලිවෙත් ඉස්මතු කරමින් කොස්වත්ත නරුම ලෙස පැවසුවේ ලෝක යුද්ධය පිලිබඳ ප්රශ්නය සිත්ගන්නා සුලු කථාන්තරයක් බවයි.
1990 ගනන් වලදී අවිශිබමයේ කැඳවුම්කරුවෙකු වූ කොස්වත්ත, ජවිපෙහි කම්කරු විරෝධී සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය තුල සරසවි සිසුන් ගිල්වීම සඳහා ප්රමුඛ කි‍්‍රයා කලාපයක් ඉටු කල තැනැත්තෙකි. දෙමල ජනතාවට එරෙහිව කොලඹ පාලක පංතීන් විසින් ගෙනගිය කුරිරු වර්ගවාදී යුද්ධයේ කසකරුවෙකු වූ ජවිපෙහි සිසු නායකයෙකුව සිට දෑත් හි ලේ තවරා ගත් කොස්වත්තට ලෝක යුද්ධය ”රසවත්” වීම අරුමයක් නොවේ.
Follow us on