ජර්මනියේ පශ්චාත් යුද්ධ දේශපාලන ප්රභූවගේ නාසි අතීතය
The Nazi past of Germany’s post-war political elite
වෙරෙනා නීස් විසිනි , 2015 ජූලි 07
Brown Book (දුඹුරු පොත): ෆෙඩරල් සමූහාන්ඩුවේ යුද අපරාධකරුවන් හා නාසීන්-ආන්ඩුව, ව්‍යාපාර, පරිපාලනය, හමුදාව, අධිකරනය හා විද්‍යාව තුල යන කෘතිය පනස් වසරකට පෙර, 1965 ජූලි 02දා ප්‍රකාශයට පත් විය.
දුඹුරු පොත මුල් සංස්කරනය තුල, ව්‍යාපාරික නායකයින්, දේශපාලඥයින් හා ජර්මානු ෆෙඩරල් සමූහාන්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 1800ක්, හිටපු නාසි හා එස්එස් සාමාජිකයින් ලෙස ලැයිස්තුගත කලේය. එහි 1968 සංස්කරනයෙහි මෙම සංඛ්‍යාව 2300 ඉක්මවා ගියේය. ඊට ඇමතිවරු හා රාජ්‍ය ලේකම්වරු 15, බුන්ඩෙස්වර් හි (ජර්මානු හමුදාව) ජෙනරාල්වරු හා අද්මිරාල්වරු 100, විනිසුරුවන්, රාජ්‍ය නීතිඥයින් හා ඉහල අධිකරන නිලධාරීන් 828, විදේශ කාර්යාලයේ ප්රමුඛ නිලධාරීන් 245, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා බුද්ධි අංශ සේවකයින් 297ක් ඇතුලත් විය. නිරතුරුව සාපරාධීවූ ලේඛනවල පිටපත් සමග අධිකරන, මිලිටරි හා ගෙස්ටාපෝ ලේඛනාගාරවලින් ගත් සවිස්තරාත්මක ප්‍රකාශන හා උපුටනයන්ගෙන්, දත්තවල සත්‍යතාවය සනාථ කෙරී ඇත.
එවක පැවති ජාත්‍යන්තර මාධ්‍ය සමුලුවකදී පොතේ ප්‍රකාශක ඇල්බට් නෝර්ඩන් පැවසුවේ, “සමස්ත පද්ධතියම නාසීන්ගෙන් ගහන විය.” යනුවෙනි. දුඹුරු පොත ගැඹුරු දේශපාලන අර්බුදයක් ඇවිලවූ අතර විවිධ නිලධාරීන් හා ආන්ඩුවේ ඇමතිවරුන්ට ඉල්ලා අස්වීමට බල කෙරුනි.
එය 1960 ගනන්වල විරෝධතා ව්‍යාපාරය තුල වැදගත් ක්රියාකලාපයක් ඉටු කලේය. හදිසියේම පැහැදිලි වුනේ, කොන්රඩ් ඇඩිනොර්ගේ ආන්ඩුව විසින් නිවේදනය කල ආකාරයට, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ජර්මානු සමාජයේ නව ආරම්භයක් ලෙස හඳුන්වන ලද “ශුන්‍ය පැයක්” කිසිවිටෙක නොපැවති බවයි. ජර්මානු ව්‍යවස්ථාවේ මූලික නීති බලගැන්වුව ද නිල ප්රතිනාසිකරනයේ ව්‍යාපාරයක් පැවතුන ද ආන්ඩුවේ හා රාජ්‍යයේ මූලික තනතුරු හා එහි විදේශීය නියෝජිතයින්ගේ තනතුරු ද අරා සිටියේ ප්රධානකොටම හිටපු නාසීන් විසින්ය.
දුඹුරු පොත ක්‍රියාවලියක් පනගැන්වීය. 1965න් පසුව, ජර්මානු සිවිල් සේවයේ සිටි තවත් බොහෝ හිටපු නාසි අපරාධකරුවන්ගේ වෙස් මුහුනු ගලවා දැමුනි. 1978 වන තෙක්ම වසංවී සිටි, යුද්ධයේ අවසන් දින දක්වාම නාවික විනිසුරු වරයෙකු ලෙස සේවය කල, මරනීය දන්ඩනය නියම කිරීමට මුල්වූ, බේඩන් වුර්ටෙන්බර්ග්හි ඇමති සභාපතිව සිටි හැන්ස් ෆිල්බින්ගර් ගැන යමෙක් සිතනු ඇත.
එහෙත් එම කෘතිය, පශ්චාත් යුද්ධ බටහිර ජර්මනියේ නාසි කල්ලි පිලිබඳව අඛන්ඩව සොයා බලන ලද ඓතිහාසික නිර්මානයක් පමනක් නොවේ. එය අද දිනට ද කැපී පෙනෙන හෙලිදරව්වකි. මක්නිසා ද යත්, එය වත්මන් ජර්මානු විදෙස් පිලිවෙතේ සම්ප්‍රධායන් ද ලොමුදැහැ ගන්වන ආකාරයෙන් හෙලිදරව් කරයි. එනම් දැවැන්ත ජර්මානු මිලටරිකරනය හා රුසියාවට එරෙහි නේටෝවේ යුද ව්‍යායාමයට එහි මැදිහත් වීමයි.
දුඹුරු පොත හුදෙක් නම් හා වෘත්තීන් පිලිබඳ ලැයිස්තුවක් නොවේ: එය විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය අවධියේ නාසි ක්රියාකාරිකයින්ගේ උපුටා දක්වන නිල නිවේදන තුලින් ප්‍රකාශයට පත්වන, ජර්මානු අධිරාජ්‍යවාදයේ ආක්රමනික අරමුනු මත ද ආලෝකය විහිදුවයි. මෙම බොහෝ ප්‍රකාශනයන්හි ධ්වනිය, ජර්මනිය ලෝකයේ වඩා විශාල මිලිටරි වගකීම් භාරගත යුතු බවට අද දිනයේ කෙරෙන ඉල්ලීම්වල ස්වරූපයට කැපී පෙනෙන සමානකම් දක්වයි.
ඉහල අනදෙන මන්ඩලය තවමත් ක්ෂනික ජයග්රහනයක් අපේක්ෂා කල, සෝවියට් සංගමයට පහර දුන් මුල් අදියර වලදීම, ලෝක ආධිපත්‍යය සඳහාවූ පුලුල් සැලසුම් සාකච්ඡා කරමින් සිටියේය. රිබන්ට්‍රොප්ගේ විදේශ කාර්යාලයේ විශේෂ කාර්ය බලකා, එංගලන්තය හා ප්රන්ස විජිත බලවතුන්ගේ පාලනයට යටත්ව තිබුනු අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් අල්ලා ගැනීමේ ව්‍යාපෘතියක් භාරව කටයුතු කලහ. “මෑත නැගෙනහිරින් එංගලන්තය සදහටම පිටමං කර, එහි තෙල් සම්පත් ජර්මානු පාලනය යටතට ගැනීම” එම අරමුනු අතර විය. 1941 නොවැම්බර් 6 දින දරන, ෆ්රිට්ස් ග්රොබ්බාගේ විශේෂ කාර්ය බලකායන්ගේ කටයුතු සම්බන්ධයෙන්, එවක නියෝජ්‍ය රාජ්‍ය ලේකම්ව සිටි අර්නස්ට් වෝරමාන් විසින් තබා ඇති වාර්තා ඊට නිදසුනකි. එම කාර්ය බලකායේ බොහෝ සාමාජිකයින්, 1945න් පසුව විදේශයන්හි ජර්මානු සමූහාන්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික දූත මන්ඩලවල යලි සේවයේ යොදවා තිබුනි.
දැන් හම්බෝල්ට් විශ්විද්‍යාලය නමින් හඳුන්වන, ෆ්‍රෙඩි‍්‍රක් විල්හෙල්ම් විශ්වවිද්‍යාලයේ “නැගෙනහිර පිලිබඳ පරියේෂකයෙකු” හා නාසි නීති මහාචාර්යවරයෙකුව සිටි විල්හෙල්ම් ග්රීවි, යුරෝපයේ පමනක් නොව ලෝකය පුරාම ජර්මානු ආධිපත්‍යය සඳහා කැඳවුම් කරමින්, විවිධාකාර දේශපාලන සඟරාවන්හි සිය අදහස් පලකලේය. International Journal of Political Science (දේශපාලන විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර සඟරාවේ) (103 වෙලුම) ඔහු මෙසේ පවසන බව දුඹුරු පොත සඳහන් කරයි. “දැන් අරගලය සිදුවන්නේ, ලෝකයේ පාලනය එක්සත් ජනපදයට හිමිවන ‘ඇමරිකානු සියවසක්’ තුලට අප ඇතුලූවී සිටිනවා ද නැතිනම්, නව ලෝක පර්යාය නියෝජනය කිරීම, ත්‍රෛපාර්ශවික බලවතුන්ට අයත්වනවා ද යන්න මත පමනකි.”
ග්රීවි 1940දී, Journal for Politics දේශපාලනය සඳහා සඟරාව (මානව සම්පත් කලමනාකරනයේ පරියේෂන පිලිබඳ ජර්මානු සඟරාව, ZFP,233 පිටුව) තුලින්, “යථාර්තවාදී චින්තනයේ ප්‍රතිපල වන පැරිසියේ පල්ලි, මාලිගා, නෘත්‍යාගාර, රෝහල්, ශාස්ත්රාල, සංරක්ෂනාගාර, අධිකරන ශාලා, මහජන ශාලා, ජයග්‍රහනයේ ආරුක්කු, ස්ථම්භ, කොටස් හුවමාරුව, බැංකු, නගර ශාලාව හා පාලම් විනාශ කිරීම” සඳහා උද්ඝෝෂනය කලේය. 1941දී ඔහු එම සඟරාව (749 පිටුව) තුලම, සෝවියට් සංගමය ආක්රමනය කිරීම, “ලෝක ඓතිහාසික දූතමෙහෙවරක්” ලෙස සැමරීය. 1945න් පසුව ග්රිවි, නීති දෙපාර්තමේන්තුවේ ද පසුව බොන් නගරයේ විදේශ කාර්යාලයේ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ද ප්‍රධානියා ලෙස සේවය කල අතර පසුව එක්සත් ජනපදයේ බටහිර ජර්මානු තානාපති හා අවසානයේ පැරිසියේ නේටෝ නියෝජිතයා ලෙස ද සේවය කලේය.
දුඹුරු පොත සංස්කරනය කලේ, 1953-55 දක්වා හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ නූතන ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරයා ද නැගෙනහිර ජර්මනියේ කලින් පැවති ස්ටැලින්වාදී සමාජවාදී එක්සත්කමේ පක්ෂයෙහි (එස්ඊඞී) දේශපාලන කමිටුව සඳහා සිදුකල, යුද්ධය හා නාසි අපරාධ පිලිබඳ පරීක්ෂනයේ ප්‍රධානියා ද වූ ඇල්බට් නෝඩ්න් විසිනි. නෝඩ්න්, රයිස්ටෑග් හෙවත් ජර්මානු පාර්ලිමේන්තුව ගිනිතැබීම හා 1933 තරම් ඈත කාලයක හිට්ලර්ගේ ත්‍රස්ත රෙජිමය සම්බන්ධයෙන් දුඹුරු පොතට ප්රතිපදාන කලේය. බටහිර ජර්මනියේ නොයෙකුත් නාසි විරෝධී ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් නමක් දිනා සිටි ෆ්‍රෙඞ්රික් කාල් කවුල් යන නැගෙනහිර බර්ලිනයේ නීතිඥයෙක් සමග ද ඔහු සමීපව කටයුතු කලේය. එම නාසි විරෝධී ක්‍රියාවලීන් අතර, දුඹුරු පොත ප්‍රකාශයට පත් කිරීමට සම්පාත වූ ෆ්රෑන්ෆර්ට් ඕක්විට්ස් නඩු, එසන්හි ඩෝරා අධිකරන පරීක්ෂනය, ඩසල්ඩෝෆ්හි ටි්රබ්ලින්කා විභාග ආදිය විය. දුඹුරු පොත සඳහා පරියේෂන වලින් වැඩි කොටස ඉටු කලේ, පසුගිය වසරේදී මියගිය, හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සිසුවෙකුව සිටි නෝබට් පොඩ්වින් විසිනි. දුඹුරු පොත හි දිගුව 2008දී ප්‍රකාශයට පත් කලේ ද පොඩ්වින්ය.
ෆෙඩරල් සමූහාන්ඩුව පිහිටුවීමෙන් පසුව ඇඩිනෝර් ආන්ඩුව විසින්, නාසි අතීතය යටින් ඉරක් ඇඳීමේ අවශ්‍යතාවය පිලිබඳ පදනම මත ප්රතිනාසිකරනයේ ක්‍රියාවලිය අත්හිටුවන ලදී. 1949 හා 1954 ක්ෂමා නීති මගින් දස දහස් ගනනක් නාසි අපරාධකරුවන්ට සමාව ලබාගැනීමේ හැකියාව ඇති කලේය. මෙම නීති කෙටුම්පත් කරන අවධියේදී, නාසි “අධිරාජ්‍යය” ලෙස සලකන ලද, හිට්ලර්ගේ රීකයේ අධිකරන අමාත්‍යාංශයෙහි හිටපු විධායක නිලධාරීන්වූ, වර්නර් බෙස්ට් හා විවිධ යුද හා විශේෂ අධිකරන විනිසුරුවන් ඊට සම්බන්ධ විය. ඊට අමතරව ෆෙඩරල් පාර්ලිමේන්තුව, තමා හුදු නාසි අනුගාමිකයෙකු පමනක් වූ බව, ප්රතිනාසිකරන ක්‍රියාවලිය අවධියේදී කියා සිටි ඕනෑම අයෙකුට රාජ්‍ය අංශයේ රැකියාවක නිරත වීමේ අයිතිය ප්රදානය කල ඊනියා 131වන රෙගුලාසිය නීතිගත කලේය.
දුඹුරු පොත පල කිරීම කෙරෙහි මාධ්‍ය හා දේශපාලන කවයන් උන්මාදනීය ප්‍රතිචාරයක් දැනවීය. 1966 මහා සභාගයේ නායකයා වූ, චාන්සලර් ධුරයට ද පත්වූ, දුඹුරු පොතහි ප්රමුඛ නාසියෙකු ලෙස හෙලිදරව්කර තිබුනු කූට් ජෝර්ජ් කීසිංජර්, එය “කොමියුනිස්ට් ප්රචාරනයේ වැඩක්” ලෙස හෙලාදුටුවේය. එසේම ඔහු 1967 ෆෑන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනයේදී පොතේ දෙවන මුද්‍රනය ප්‍රදර්ශනය කිරීම වැලැක්වීමට සුවිශේෂී පොලිස් මෙහෙයුමක් දියත් කිරීමට ද පියවර ගත්තේය. රිබන්ට්‍රොප් හා ගොබෙල්ස් යන දෙදෙනාගේම සමීපතමයෙක් වූ කීසින්ජර්, 1945 වසර දක්වාම, යටත්කරගෙන සිටි ප්‍රදේශවල විදේශ ප්‍රචාරනය භාරව කටයුතු කලේය. ඔහුගේ නාසි අතීතය හෙලිදරව් කිරීම, මහා සභාගයේ හදිසි නීති වලට අභියෝග කල විරෝධතා ව්‍යාපාරය තුල ප්රමුඛ ක්රියාකලාපයක් ඉටුකලේය.
දුඹුරු පොත මගින් සම්පාදනය කල තොරතුරු සියයට 100ක්ම නිවැරදිබව පසුව සනාථ විය. එය ඉදිරිපත් කල කරුනු බටහිර මාධ්‍ය විසින් නිල වශයෙන් හෙලාදකිනු ලැබූ නමුත් ලිප්සිග්හි නාසි අධිකරනයේදී පැනවූ මරනීය දන්ඩන 50ක් සඳහා වගකිවයුතු යයි දුඹුරු පොතෙන් සනාථ කල අයෙකු වූ ඇටර්නි ජෙනරාල් වොල්ෆ්ගෑන්ග් ප්රෑන්කෙල් හා පෝලන්තයේ කොජ්නීස්හි නාසි විනිසුරුවරයෙකු ලෙස සිය ලේවැකි වාර්තාව හෙලිදරව් කරනු ලැබ තිබුනු, අවතැන්වූවන් පිලිබඳ ඇමතිවූ හෑන්ස් ක්රූජර් ද ඇතුලූ බොහෝ නිලධාරීහු සිය ධුර වලින් ඉල්ලා අස්වූහ.
ක්රූජර්ගේ අනුප්‍රාප්තිකයාවූ තියඩෝර් ඔබර්ලැන්ඩර්, නැගෙනහිර පෘසියාවේ හිටපු ගෝලිටර් හෙවත් නාසි පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකි. ජර්මනියේ නැගෙනහිර සම්මේලනයේ රීක අධ්‍යක්ෂකවරයෙක් වූ ඔහු, පසුව බටහිර ජර්මන් මිලිටරියේ බුද්ධි නිලධාරියකු විය. ඔහු නැගෙනහිර ජර්මනියේ ස්ටැලින්වාදී ආන්ඩුව විසින් යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරු යයි ඔප්පු කිරීමෙන් පසුව 1960දී තනතුරෙන් නෙරපා හරින ලදී. එසේම ඔබර්ලැන්ඩර්, නැගෙනහිර යුරෝපයේ ලිවිව් හා තවත් නගර වලදී ද සෝවියට් සංගමය තුල ද දහස් ගනන් යුකේ‍්‍රනියානුවන් සමූලඝාතනය කල යුකේ‍්‍රන ෆැසිස්ට්වාදීන්ගෙන් සැදුම්ලත් “නයිටිංගේල්” නම් මිලිෂියා හමුදාවක් ද ගොඩනගා තිබුනි.
නැගෙනහිර ජර්මානු බලධාරීන් විසින් නියුරම්බර්ග් වර්ගවාදී නීති කෙටුම්පත් කිරීමට සම්බන්ධ චෝදනා එල්ලවී සිටි ඇඩිනෝර් ෆෙඩරල් චාන්සලර් කාර්යාලයේ ප්‍රධානී හැන්ස් ග්ලොබ්කි, දුඹුරු පොත ප්‍රසිද්ධ කිරීමට පෙරාතුව 1963දී ඉල්ලා අස්විය. 1945 සිට රෙසිස්ටන්ට් සටන්කරුවෙකුව සිටි බව කියන ලද, හිටපු ෆෙඩරල් ජනාධිපති හෙන්රික් ලියුබ්කි ද 1969දී තනතුරෙන් ඉල්ලා අස්විය. පීනිමුන්ඩි හමුදා පරියේෂන මධ්‍යස්ථානයේ වධකාගාරවල සැලසුම්කරුවෙකු හා ඉදිකිරීම් කලමනාකරුවෙකු ලෙස ද ගෙස්ටාපෝවේ සමීපතමයෙකු ද ලෙස දුඹුරු පොතෙන් ඔහු හෙලිදරව්කර තිබුනි.
දුඹුරු පොත තොරතුරු පිලිබඳ නියම ආකරයක් ලෙසත්, ඓතිහාසික ගවේෂනය සඳහා තීරනාත්මක මූලාශ්‍රයක් ලෙසත් දිගටම දායක වනු ඇත. “බොන් ආන්ඩුවේ විදේශ සේවය තුල රිබන්ට්‍රොප්ගේ තානාපතිවරු” පිලිබඳව උත්සුක වන දුඹුරු පොතේ එම පරිච්ඡේදය ඒ අනුව, විදේශ කාර්යාලය විසින්ම පත් කරන ලද ඓතිහාසික කොමිසමක් “රාජ්‍ය පාලනය හා අතීතය” යන නමින් එලිදුටු, 2010 පරීක්ෂනය තුලට අන්තර්ගතවී තිබේ. 2010දී සැලකිය යුතු තරමින් සනාථ කෙරුනු, මෙම පරිච්ඡේදයෙන් ආවරනය කල විස්තර අනාවරනය කලේ, ඉහල තනතුරු 30ක් ද ඇතුලුව බටහිර ජර්මානු සමූහාන්ඩුව වෙනුවෙන් නාසි තානාපතිවරු 520කට නොඅඩු සංඛ්‍යාවක් වැඩකර ඇති බවයි. එසේම හිටපු ගෙස්ටාපෝ සාමාජිකයින් නැගෙනහිර කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව භාරව සිටීමේ අපවාදය ද එයින් හෙලිකර තිබේ.
විශේෂයෙන්ම දේශපාලනිකව ඇස් අරවන දෙයක් වන්නේ, අද දිනයේ දේශපාලඥයින් හා ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන්ගේ පියවරුන්ව සිටි අය ගැන කරන විස්තරය. නිදසුනක් ලෙස, ලොතාර් ඩොම්රොසිගේ පුතා වන වත්මන් ජර්මානු මිලිටරියේ ජෙනරාල් හැන්ස් ලොතාර්, රුසියානු දේශසීමාබද නැගෙනහිර යුරෝපයේ නේටෝ මෙහෙයුම්වල ප්‍රධානියා වේ. ඔහු යුද සූදානම හා මිලිටරිය යලි සන්නද්ධ කිරීම වෙනුවෙන් පෙනී සිටින්නෙකි. දුඹුරු පොත/em> හෙලිදරව් කර තිබෙන ආකාරයට ඔහුගේ පියා, 1945ට පෙර හිට්ලර්ගේ හමුදා නායකයාවූ ජෙනරාල් බ්ලූමෙන්ටි්රට්ගේ සහායකයෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු 1948 නියුරම්බර්ග් යුද අපරාධ විභාගයේදී හොර දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හර්මන් හොත් යන යුද අපරාධකාරයාට චෝදනා වලින් ගැලවී යාමට උදව් කර තිබේ. මේ සිද්ධිය නිසා, 1966දී ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ඔහු පත්කිරීමෙන් ෆෙඩරල් ආන්ඩුව වැලැක්වූයේ නැත.
එවැනිම තවත් සිද්ධියක් නම්, පොලිස් බලඇනි හා ඔත්තු සේවා මුලුමනින්ම යාවත්කාලීන කිරීම වෙනුවෙන් අඛන්ඩව පෙනී සිටින, වත්මන් අභ්‍යන්තර ඇමති තෝමස් ඩි මේසියරිගේ පියා වූ උල්රිච් ඩි මෙසියරි සම්බන්ධ ඉතිහාස කථාවයි. දුඹුරු පොත මෙසේ සඳහන් කරයි. “ඩි මෙසියරි හිට්ලර්ගේ ද ෆැසිස්ට් වේමාක්ට් හෙවත් ජර්මානු හමුදාවේ නායකත්වය ද අතර ලොකු විශ්වාසයක් දිනා සිටියේය. 1945 පෙබරවාරියේදී ඔහු ෆියුරර්බන්කර් හෙවත් බර්ලින්හි පිහිටි හිට්ලර්ගේ ගුවන් ප්‍රහාර ආරක්ෂක බංකරයේ සේවය සඳහා කැඳවනු ලැබිනි. මාන්ඩලික ප්‍රධානීන්ගේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මාන්ඩලික නිලධාරියෙක් හා ලුතිනන් කර්නල්වරයෙකුවූ ඔහු, පිරිහෙමින් පැවති තත්වය ගැන නිතිපතා හිට්ලර්ට වාර්තා කල අතර හිට්ලර්ගේ, බෝමන්ගේ හා ගොබෙල්ස්ගේ යුදවාදී ‘අනදෙන මධ්‍යස්ථානයෙහි’ කාර්යක්ෂම පරිපාලනය ගැන වගකීම දැරීය.”
1945න් පසුව ඩි මෙසියරිගේ පියා, අවසානයේදී 1955 වසරේ ආරම්භ කල, ෆෙඩරල් ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත පූර්වගාමියා වූ ඊනියා “ඔෆිස් බ්ලෑන්ක්” හි විධායකයෙක් විය. ජර්මානු හමුදාවේ යලි ඉපදීම හා යලි සන්නද්ධ වීම මුලින් සිදුවූයේ මෙම ඔෆිස් බ්ලෑන්ක්හි සිටය. උල්රිච් ඩි මෙසියරි මෙම ව්‍යාපෘතිය තුලට හිට්ලර්ගේ කුප්‍රකට ජෙනරාල්වරුන් වූ ඇඩොල්ෆ් හියුසිංගර් හා හැන්ස් ස්පීඩෙල් වැනි අය සම්බන්ධ කිරීමට සටන් වැදුනි.
දුඹුරු පොත ප්‍රකාශයට පත්කර පනස් වසරකට පසුව ද වත්මන් මිලිටරියේ ඉහල තට්ටුව හා දේශපාලන සංස්ථාපිතයේ සාමාජිකයින්, මානව වර්ගයාට එරෙහිව සිදුකල දරුනුම අපරාධ වලට ගැඹුරෙන්ම සම්බන්ධ මුතුන්මිත්තන් කුලයකගේ අධිකාරයට තවමත් හසුව සිටියි. මෙම බලවේගයන් තම මුතුන්මිත්තන්ගේ අඩිපාරේම ගමන් කිරීමට අදිටන්කර ගෙන සිටියි.
Follow us on