ශ්‍රී ලංකා ආන්ඩුව ගැඹුරුවන මූල්‍ය අර්බුදයකට මුහුනපා සිටියි
Sri Lankan government facing deepening financial crisis
සමන් ගුනදාස විසිනි , 2015 ජූනි 08
2015 ජූනි 8දා බලයට පැමින යන්තම් මාස හයක් ගත වන විට, එක්සත් ජාතික පක්ෂයේ සුලුතර ආන්ඩුව, භාන්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හරහා රුපියල් බිලියන 378 (ඇ. ඩොලර් බිලියන 2.8) ක් නයට ගෙන ඇති අතර, එය පසුගිය මුලු වර්ෂය සඳහා එකතුව වූ රුපියල් බිලියන 260ට වඩා වැඩිය. ඊට අමතරව, වසරකට සියයට 5.26 ක පොලී අනුපාතයකට දස අවුරුදු ස්වෛරී සහ සංවර්ධන බැඳුම්කර නිකුත් කරමින් රජය ගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1 නය ලබා ගත්තේය.
මැයි 29 දා පැවති මාධ්‍ය හමුවකදී, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා මුදල් ඇමති රවි කරුනානායක පාරම් බෑවේ, කෙටි කාලයක් තුල බැඳුම්කර අලෙවි කිරීමට හැකිවීම, “ආන්ඩුව කෙරෙහි ඇති විශ්වාසනීයභාවය ගැන ප්රකාශනයක්” බවය.
ඇත්ත මෙය නොවේ. රජය එම බැඳුම්කර නිකුත්කෙරුවේ ආන්ඩුවේ වියදම් පියවා ගැනීම සඳහාය. බැඳුම්කරවලින් සියයට 75 කට වඩා මිලදී ගෙන ඇත්තේ, ප්රධානකොටම එක්සත් ජනපද, යුරෝපා හා ආසියානු ගෝලීය අරමුදල් වලින් වන අතර ඒ සාපේක්ෂව ඉහල ප්රතිලාභ අපේක්ෂාවෙනි. අතීතයේ සිදුවූ ආකාරයටම ආයෝජකයන්, වඩා ලාභදායී අවස්ථා දකින විට, ආර්ථිකය හරහා කම්පන රැල්ලක් නිර්මානය කරමින්, අරමුදල් ඉවත් කර ගැනීමට පුලුවන.
මෙම මෑත කාලීන නය ගැනීම් බහුල ලෙස යොදවන්නේ නය වාරික සහ පවතින නය සඳහා පොලිය ආපසු ගෙවීමටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පසුගිය ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය සඳහාත් 2009 දී එල්ටීටීඊයේ පරාජයෙන් පසුව දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහාත් අති විශාල ලෙස නය ගත්තේය.
2013 දී රුපියල් ටි්රලියන 6.79 ක් වූ ආන්ඩුවේ නය පසුගිය වසරේදී ටි්රලියන 7.39 ක් දක්වා ඉහල ගිය බව මෑතකදී නිකුත් කල 2014 මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. 2013 දී රුපියල් ටි්රලියන 2.96 ක් වූ සමස්ත විදේශ නය 2014 දී ටි්රලියන 3.33 දක්වා ඉහල ගියේය. රටෙහි නය වාරික හා පොලී ගෙවීම් “ඉතා ඉහල අගයක්” - එනම් ආන්ඩුවේ ආදායමෙන් සියයට 95.4 කට සමාන බව කරුනානායක මෑතකදී පිලි ගත්තේය.
ඉහල යන නය මගින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව දරුනු මූල්‍ය අර්බුදයකට මුහුන දෙමින් සිටින බවය. “රාජ්‍ය අංශයේ සියල්ලන්ට වැටුප් ගෙවීමට” රජයට නොහැකි බව පසුගිය මාසයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අනතුරු ඇඟවීය.
වැඩි ප්රතිලාභ පොරොන්දුවෙමින්, තම මුදල් ලංකාවට එවන ලෙස ගිය සිකුරාදා කරුනානායක අපනයනකරුවන්ට හා විදේශගත ශ්‍රමිකයන්ට මංමුලාසහගත ආයාචනයක් කලේය. ගිය සඳුදා සිට බල පවත්වන පරිදි, දින 90 කට වඩා සිය ඩොලර් මුදල් විදේශයන්ගේ තබාගන්නා අපනයනකරුවන්ට සියයට 5 ක දඩයක් මහ බැංකුව නියම කල අතර ඊට පසුව මාසයකට සියයට 2 ක දඩයක් පැනවීය.
ඉකුත් වසරේ රුපියල් බිලියන 2 කට වැඩි සමාගම් ලාභාංශ මත පැන වූ සියයට 25 බද්ද හා ජංගම දුරකථන සමාගම් මත පැන වූ රුපියල් මිලියන 250 බද්ද, ඇතුලත් පෙබරවාරියේ අතුරු අයවැයෙන් ඉදිරිපත් කල සමහර බදු යෝජනාවලට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ එරෙහි වූහ. මෙම “එක් වරක් පමනක් අයකරන බදු” ප්‍රධාන කොටම හිටපු ජනාධිපති රාජපක්ෂගේ මහා ව්‍යාපාරික ආධාරකරුවන් ඉලක්ක කොට පැනවිනි.
සුලුතර ආන්ඩුව “බහුතර විපක්ෂයේ ප්‍රාන ඇපයට නතු වී” ඇති බව කරුනානායක ගිය සතියේ වාර්තාකරුවන්ට පැවසීය. රුපියල් බිලියන 400 කින් රජයේ නයගැනීම් සීමාව ඉහල දමන්නට අපේ‍්‍රල් මාසයේදී කරුනානායක කල යෝජනාව, උද්ධමනය වැඩිවිය හැකි බව පවසමින් විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
රුපියල මත ඇතිකල බලවත් යටි තෙරපුම මගින් ගිය සතියේදී, සියයට 4 කට ආසන්න අගයකින් රුපියල අව ප්‍රමානය වීම ආන්ඩුවේ අර්බුදය උග්‍ර කලේය. රුපියලට මුක්කු ගසන්නට මහ බැංකුව ගත් උත්සාහය මධ්‍යයේ පසුව ඩොලරය රුපියල් 135 ට නැවත පැමිනියත්, ගිය සඳුදා ඩොලරය රුපියල් 138 දක්වා ඉහල ගියේය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල හා අපනයනකරුවන් “වඩා යථාර්තවත් විනිමය අනුපාතයක්” සඳහා සෑහෙන කාලයක් පුරා බල කරමින් සිටී. කෙසේ වුව ද එලඹෙන මාස කීපය තුල පවත්වන්නට යන මහ මැතිවරනයට පෙර, රුපියල තවදුරටත් අවප්රමාන වීම වලක්වා ගන්නට ආන්ඩුව බලාපොරොත්තු වේ.
රුපියලේ අගය පහත වැටීම මිල ගනන් ඉහල යාමට තුඩු දෙනු ඇති අතර ජනවාරි 8 ජනාධිපතිවරනයෙන් මෛත්‍රීපාල සිරිසේන ජය ගැනීමෙන් පසු ඇටවූ එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුවට එරෙහි විරුද්ධත්වය තව දුරටත් ඉහල නගිනු ඇත.
ව්‍යාපාරික සුපිරි පන්තියේ කොටස්, දේශපාලන අස්ථාවර භාවය හා උග්‍ර වන ආර්ථික ගැටලු පිලිබඳව සිය ගැඹුරු වන කනස්සල්ල ප්‍රකාශයට පත් කර ඇත. රැකියාවන්, වැටුප් හා කම්කරුවන්ගේ හා දුගීන්ගේ මිල සහනාධරයන් ට තදින් බලපාන්නාවූ ප්‍රධාන ආර්ථික ප්රතිසංස්කරන සිදු කරන ලෙස ඔවුහු බල කරති.
මහා ව්‍යාපාරික දෘෂ්ටි මන්ඩලයක් වූ “පාත් ෆයින්ඩර්” ආයතනයේ නියෝජ්‍ය සභාපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැයි අගදී මාධ්‍ය සම්මන්ත්‍රනයක් අමතා කියා සිටියේ “බලා සිටීමේ කාලය වැඩි වන තරමට වේදනාවද වඩාත් ඉහල යන බැවින් මැතිවරනය අවසන් වීමත් සමගම සර්ව ආර්ථික ස්ථාවරත්වය අත් කර ගත යුතුය...සුලු වෙනස්කම් කිරීම නොසෑහේ. අපට අවශ්‍ය ප්‍රධාන ප්රතිසංස්කරනයන්ය.”
“සර්ව ආර්ථික ස්ථාවරත්වය” යනු වැඩ කරන ජනයාට පහර වදින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් ක්රියාවේ යෙදවීම මගින් අයවැය පරතරය පහත හෙලීමය. දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 6 ක්වූ පසුගිය වසරේ අය වැය පරතරය ජාමූඅ ඉලක්කය වූ සියයට 5.2 ඉක්මවීය. බදු ඉහල දැමීම සඳහා කෙරෙන ප්‍රබල උත්සාහයකින් තොරව මෙම වසරේ අය වැය පරතර ඉලක්කය වන දදේනියෙන් සියයට 4.4 අත් කර ගත නොහැකි වන බවට ජාමූඅ අනතුරු ඇඟවීය.
පිම්බෙමින් තිබෙන රාජ්‍ය නය ප්‍රතිව්‍යුහගත කිරිම සඳහා සිරිසේන ආන්ඩුව විසින් ඉල්ලා සිටිනු ලැබූ ඇ. ඩොලර් බිලියන 4 ක නය මුදල ලබා නොදීම මගින් ජාමූඅ ගෙන ආවේ වියදම් කැපීමට ආන්ඩුවේ පවතින නොසමත් බව පිලිබඳ විශ්වාසය බිඳ වැටීමයි.
තව දුරට නය ගැනීම නවත්වන ලෙස කුමාරස්වාමි ආන්ඩුවට කියා සිටියි. “නය යාන්ත්‍රනය ප්‍රබල ලෙස වෙනස් වී ඇති අතර රජයට නය ගැනීමට පවතින හැකියාව තව දුරටත් නොපවතී” යයි ඔහු පැවසීය. “මෑත අතීතයේ අප විසින් දක්නා ලද අරමුදල් රහිත ‘අය වැය දීමනා’ නිසා අය වැය පරතරය වැඩිවීමට ඉඩ ඇත... බදු වැඩිවීම්, වියදම් කප්පාදු, පොලී රේට්ටු ඉහල දැමීම් හා මුදල අවප්රමානය වීම හෝ මෙම වට්ටෝරුවේ යම් සංකලනයක් ක්‍රියාවට නැංවීම හුදු කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි”.
පාත්ෆයින්ඩර් ආයතනයේ විධායක අධ්යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන කම්කරුවන්ට හා දුගීන්ට පහර දෙමින් හා ආර්ථික අර්බුදයට හේතුව ලෙසින් ඔවුන්ට දෝෂාරෝපනය කරමින් කප්පාදු න්‍යාය පත්‍රය එලිපිටම යුක්තිසහගත කලේය. “කිසිවක් නොකර ඔහේ ඉඳගෙන සිටින මිනිසුන් රුපියල් 10,000ක වැටුප් වැඩි වීමක් ලබා ගැනීම සාධාරනද?...අයිතිවාසිකම් පිලිබඳ මනෝගතිය අප වෙනස් කල යුතුයි” යැයි ඔහු ප්‍රකාශ කලේය.
ඉල්ලා සිටිනු ලබන කම්කරු පන්ති විරෝධී න්‍යාය පත්‍රය පිලිබඳව දක්ෂිනාංශික එජාප ආන්ඩුවට මූලධර්මාත්මක නොඑකඟතාවක් ඇත්තේ නැත. කෙසේ වෙතත් මහ මැතිවරනයක් එලඹෙන බැවින් පාර්ලිමේන්තුව තුල බහුතරයක් ලබා ගැනීමේ අරමුන ඇතිව ජීවන කොන්දේසි මත තියුනු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එය වැලකී සිටී.
කුමන පක්ෂ විසින් මීලඟ ආන්ඩුව තනනු ලැබුව ද මැතිවරනයට පසුව ඉක්මනින්ම ඔවුන්ගේ පොරොන්දු වල දමා කම්කරු පන්තියේ ද නාගරික හා ගම්බද දුගීන්ගේ ද සමාජ කොන්දේසි හා ප්රජාතන්ත්ර අයිතීන් මත දරුනු ප්‍රහාරයක් දියත් කිරීමට පියවර ගනු ඇත.
Follow us on