සුලු ජාතීන්ට එරෙහි මර්දනය නව ආන්ඩුව යටතේ ඉදිරියටම
චානක ද සිල්වා විසිනි, 2015 මාර්තු 23
ප්රජාතන්ත්රවාදී හා දූෂන විරෝධී වෙස්පාමින් බලයට පැමිනි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, සුලු ජාතීන්ට එරෙහිව රාජපක්ෂ තන්ත්රය ගෙනගිය මර්දන වැඩපිලිවෙල ඉදිරියටම ගෙන යමින් සිටී. ඇමෙරිකානු පිටුබලය සහිත තන්ත්ර මාරුවකින් ස්ථාපිත කෙරුනු සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුව, තම ඊනියා “දින සියය” නිම කරන්නටත් පෙර, සුලු ජාතීන්ට එරෙහි මර්දනය ගැඹුරු කොට ඇත්තේ ඉදිරියේදී අනිවාර්යයෙන් ම පැන නැගීමට නියමිත කම්කරු පීඩිත මහජනතාවගේ අරගල වර්ගවාදී මංපෙත් හරහා දියකර හැරීමේ එල්ලය ඇතිවයි.
2014 මාර්තු 13 දින අත්අඩංගුවට ගෙන කිසිඳු විභාගයකින් තොරව වසරකට ආසන්න කාලයක් පුරා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ රඳවා සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි පසුගිය මාර්තු 10 දා නිදහස් කරනු ලැබුවේ රුපියල් ලක්ෂ දෙකක ඇප හා තවත් දරුනු ඇප කොන්දේසි යටතේය. ඇයට එරෙහිව එල්ල කරන ලද චෝදනා ඔප්පු කිරීමට කිසිඳු හෝ සාක්ෂියක් සොයා ගත නොහැකි තැන, රටින් පිටවීම තහනම් කරමින් හා සැම මසකම අවසන් ඉරිදා තමන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වර්තා කිරීමේ කොන්දේසි මත ඇයව නිදහස් කොට හැරියද ඇය සමඟ පරිවාස භාරයට පත්කල ඇගේ දියනිය තවමත් නිදහස් කර නොමැත. ඒ සඳහා ඔවුන් දක්වන්නා වූ හේතු නම්, තමාගේ දියනිය බවට සනාථ කිරීමට තරම් සාක්ෂි ජෙයකුමාරි සතුව නොමැති බවකි.
ත්‍රස්ත විමර්ශන අංශය විසින් ජෙයකුමාරි අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇගේ හැඳුනුම්පත ඇතුලු සියලු ලිපි ලේඛන ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර ඇප මත මුදා හැරීමේදී අදාල ලියකියවිලි පෙරලා ලබා දීමට පියවර ගෙන නොමැත.
සිය අනන්‍යතා සහතික නොමැතිව ඕමන්තේ මුරපොල හරහා ඇයට කිලිනොච්චි බලා යෑමට නොහැකි හෙයින් සිය අනන්‍යතා ලියකියවිලි පෙරලා තමාට ලබා දෙන මෙන් ඇය මාර්තු 12 දින සිය නීතිඥයන් මාර්ගයෙන් කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස අදාල ලේඛන ඇය වෙත ලබා දී ඇත.
ජෙයකුමාරි සිදුකල එක ම “අපරාධය” නම් ඇගේ පහලොස් හැවිරිදි පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා උද්ඝෝෂනය කිරීම යි. 2009 මැයි මාසයේ දී හමුදාවට භාර වූ ඔහු ආගිය අතක් නොමැත. යුද්ධය පැවති කාලයේ දිනෙක පාසැල ඇරී නිවස බලා එමින් සිටිය දී ජෙයකුමාරිගේ වැඩිමහල් පුතා වෙඩි තබා මරා දමන ලදී.
පසුගිය මාර්තු 2 දා 41 වියැති හිටපු මුහුදු කොටි නායිකා මුරුගේසු බහීරතී හා ඇගේ දියනිය හා ප්රන්සය බලා යාමට කටුනායක ගුවන්තොටුපලේ සිටියදී ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 1997-2000 කාලයේදී මුහුදු කොටි නායිකාව ලෙස කටයුතු කර ඇති ඇය 2005දී ප්රන්සය බලා ගොස් ඇති අතර පසුගිය පෙබරවාරි 3 දා නැවත ශී‍්‍ර ලංකාවට පැමින ඇත.
ඊට පලමු දිනයේ බහීරතී හා ඇගේ ඥාතීන් පිරිස ගුවන් තොටුපල කරා නික්ම යාමට සැරසී සිටියදී ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ලැබී ඇති අතර ඊට පසු දින එනම් මාර්තු මස 2 දා පෙ.ව. 9 ට කොලඹ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තු කාර්යාලයේ පෙනී සිටින ලෙස එමගින් ඇයට දන්වා ඇත.
එයට ප්‍රතිචාර ලෙස ඇය පසු දිනයේ තමන් ප්රන්සය බලා යාමට සැරසී සිටින බවත්, තමන්ට නව ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීමට හැකිනම් තමන් 2 දා උදෑසන ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිනීමට සුදානම් බවත් බහීරතී දන්වා ඇති අතර ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. අනතුරුව සිය ඥාතීන් සමග ප්රන්සය බලා යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිනීමෙන් අනතුරුව ඇය හා ඇගේ අට හැවිරිදි දියනිය ත්‍රස්ත විමර්ශන නිලධාරින් විසින් පෙ.ව.2.30 සිට පෙ.ව.8.30 දක්වා ගුවන්තොටුපලෙහි රඳවා තබා ගෙන ඇත.
අනතුරුව ඔවුන් මහේස්ත්‍රාත් උසාවිය වෙත යොමු කර ඇත්තේ බහීරතීගේ ඥාතින් විසින් ඇය වෙනුවෙන් නීතිඥයෙකු ඉදිරිපත් කරගැනීමට ගත් උත්සාහයට කිසිදු හෝ අවකාශයක් ලබා නොදී අතිශය විමතියට පත් කරනවනසුලු කඩිමුඩියකිනි. ඒ ඇගේ ඥාතින් විසින් සිය නීතිඥයා පැමිනෙන තුරු බහීරතී උසාවියට ඉදිරි පත් කිරීම මිනිත්තු 30කින් ප්‍රමාද කරන ලෙස කල ඉල්ලීම්ද ඉවත ලමිනි. අවසානයේදී උසාවියෙන් එලියට පැමිනි බහීරතී සිය ඥාතීන්ට පවසා ඇත්තේ තමාට හා දියනියට තව දුරටත් ත්‍රස්ත විමර්ශන අංශය භාරයේ රැඳී සිටීමට උසාවියෙන් උපදෙස් ලබා දුන් බවයි.
බහීරතී ට අවශ්‍ය ඇඳුම් ආදිය රැගෙන ඇය හා දියනිය හමුවීමට පැමිනි ඇගේ ඥාතීන් හට එහි සිටි නිලධාරියෙකු පවසා ඇත්තේ කොටි සංවිධානයේ සිටි ප්‍රධාන පෙලේ කි්රයාකාරිකයෙකු වූ ඇගේ ස්වාමි පුරුෂයා ලංකාවට ගෙන්වා ගැනීමට ඇයව රඳවා තබා ගන්නා බවයි. නමුදු මේ විනවිට බහීරතී ගේ ස්වාමි පුරුෂයා ඇගෙන් දික්කසාද වී සිටී.
මේ පරිද්දෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමකින් හෝ විභාගයකින් තොරව, බොහෝවිට චෝදනා සනාථ කිරීමට කිසිදු හෝ සාක්ෂියක් නොමැතිව, අති විශාල දමිල ජාතිකයින් පිරිසක් මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, මිලිටරි ය හා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටී.
මඩකලපුව ප්‍රදේශයේ වාසය කල විසිතුන් හැවිරිදි සින්නතම්බි උදේනි නමැති තරුනිය සිය නොදැනුවත් කම මත සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑම හේතුවෙන් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමකට යටත් කිරීමට උසාවිය නියෝග කොට ඇත. ඇය ඇඟලුම් කම්හලක සේවය කල සේවිකාවකි. ඇගේ මව මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනේ, එම කි‍්‍රයාව නොදැනුවත්බව නිසා කල වරදක් බවත් සිංහල බසින් එය පැහැදිලි කර දීමට නොහැකි වීම හේතුවෙන් අදාල නිලධාරින් ඇය වරදකාරිය කොට ඇති බවත්ය.
මේ අතර වලික්කාමම් ප්‍රදේශයේ භුමි භාග රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන උතුරු අධි ආරක්ෂිත කලාපය ලෙස නම්කොට ඇත්තේ තවමත් අවතැන් වූවන් ඇති විශාල ප්‍රමානයකට පදිංචි වීම සඳහා නිශ්චිත භුමි ප්‍රදේශයන් ලබාදී නොමැති තතු යටතේය. යාපනය අර්ධද්වීපයෙන් සියයට 18 ක භුමි ප්‍රදේශයක් මිලිටරිය යටතේ පවත්නා අතර එම ප්‍රදේශය සාමාන්‍ය ජනයාට මෙතෙකුදු තහනම් කලාපයක් ලෙස පවතී. නිවාස 30,000ක්, පාසල් 30ක්, කර්මාන්තශාලා 30ක්, හා වගාබිම් 40,000ක් වර්ග කිලෝමීටර් 160 කට අධික වන මෙම අධි ආරක්ෂිත කලාප යටතේ පවතී.
යුද්ධයේ අවසාන භාගයේ දී මිලිටරිය විසින් කරන ලද ඝාතන, යුද අපරාධ හා අනෙකුත් අපචාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී එක්සත් ජනපදයේ අනුග්‍රහයලත් යෝජනාවකට ආන්ඩුව මුහුනපා සිටින අතර තුර මෙම නව මර්දනය ආරම්භවී ඇත. එක්සත් ජාතීන්ගේ විශේෂඥ කන්ඩායමක් ඇස්තමේන්තු කර ඇත්තේ අවසාන මිලිටරි ප්‍රහාරය අතරතුර දී සිවිල් වැසියන් 40,000ක් පමන මරා දමන ලද බව යි.
එල්ටීටීඊයේ ශේෂයන් තවමත් උතුරේ ක්‍රියාත්මක වන බව ප්‍රදර්ශනය කිරීම සඳහා, “ත්රස්තවාදීන් ලෙස සැකකටයුතු පුද්ගලයන්” අත්අඩංගුවට ගැනීමේ රැල්ලක් දියත් කොට ඇති වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පිලිතුරු දීමට, රාජපක්ෂ ආන්ඩුවේ මුසාවාද යන්ත්රයම උපයෝගී කරගෙන තිබේ.
දෙමල ජනයාට එරෙහි මර්දනය මගින් ආන්ඩුව සමස්ත කම්කරු පන්තිය වෙත බලගතු පනිවුඩයක් නිකුත් කරයි. ගැඹුරුවන ආර්ථික අර්බුදය මධ්‍යයේ ආන්ඩුව කි‍්‍රයාවට දමන කප්පාදු පියවරවලට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප්රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන උතුරේත් දකුනේත් කම්කරු පන්තියට එරෙහිව රුදුරු මිලිටරි පොලිස් කඩාපැනීමක් සඳහා තමා පසුබට නොවනබව එම පනිවුඩයයි.
Follow us on