දැඩි මහජන විරෝධය හමුවේ උමා ඔය ව්‍යාපෘතිය තාවකාලිකව අත් හිටුවයි
එස්. කේ. අයිරාංගනී විසිනි 2015 මාර්තු 06
බන්ඩාරවෙලට ආසන්න හීල්ඔය, වෙහෙරගලතැන්න, මකුල්ඇල්ල, බොරලන්ද, එගොඩගම, උඩපේරුව, මැදපේරුව හා පල්ලෙපේරුව ආදී ගම්මාන රැසක ගම්වාසීන් මුහුන දී ඇති උග්‍ර ජල හිඟයට ප්‍රමුඛතම හේතුව උමා ඔය ව්‍යාපෘතිය බවට චෝදනා කරමින් මහජනතාව ගෙනයනු ලබන බලගතු උද්ඝෝෂනය හේතුවෙන් වත්මන් රජය එකී ව්‍යාපෘතිය තාවකාලිකව නතර කොට ඇත.
නියෝජ්‍ය වාරිමාර්ග ඇමති වසන්ත අලුවිහාරේ පෙබරවාරි 12 වෙනි දා ප්‍රකාශ කලේ “බහුකාර්ය ව්‍යාපෘතිය නිසා හිංසාකාරී බලපෑම් ඇති වී තිබෙන” බැවින් එය “තාවකාලික ව” නතර කරන බව හා “ව්‍යාපෘතිය පිලිබඳ ව පර්යේෂන පවත්වා නියම පින්තූරය අවබෝධ කරගෙන ඒ පිලිබඳ තීන්දුවක් ගන්නා” බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩජෙයින් අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව 2008 අපේ‍්‍රල් මාසයේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අරඹන ලදී.
ව්‍යාපෘතිය සඳහා වියදම ඩොලර් මිලියන 529කි. ඉන් 85%ක් සම්පාදනය කරනු ලබන්නේ අපනයන සංවර්ධන බැංකුව හරහා ඉරාන රජයෙන් සම්පාදනය කෙරෙන නයක් ලෙස ය.
ව්‍යාපෘතියේ සැලැස්ම වන්නේ උමා ඔය, වැලිමඩ පුහුල්පොල දී හා මාතැටිල්ලේ දී හරස් කර ජලාශ දෙකක් ඉදි කර පුහුල්පොල ජලාශයේ ජලය කිලෝ මීටර් 4ක උමගක් ඔස්සේ මාතැටිල්ල ජලාශයට රැගෙන විත් මාතැටිල්ල ජලාශයේ සිට ඇල්ල කරඳගොල්ලේ ඉදිවන භූගත විදුලි බලාගාරයට කි.මී 15.2ක් දිග උමගක් හරහා ජලය සැපයීම ය. අවසානයේ බලාගාරයෙන් බැහැර වන ජලය හම්බන්තොටට රැගෙන යන අතරමැද දී මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් හා ජලාශ කිහිපයකට ජලය සැපයීම ද අරමුනු කරගෙන ඇත.
ව්‍යාපෘතිය අවසානයේ මෙගා වොට් 120ක් විදුලි උත්පාදන පද්ධතියට එක්වීමෙන් වාර්ෂික බලශක්ති උත්පාදනය ගිගා වොට් 230 දක්වා ඉහල යනු ඇතැයි ද දකුනේ හා නිරිතදිග වියලි කලාපයේ ඉඩම් අක්කර 5000කට ජලය සම්පාදනය කෙරෙනු ඇතැයි ද ගනන් බලා තිබේ.
උමා ඔය යනු මහවැලි ගඟේ අතු ගංගාවකි. එය කුඹුරු අක්කර දහස් ගනනකට ජලය සපයයි. උමා ඔය හරස් කර උමං මාර්ග හරහා දකුනට ජලය සැපයීම මුල්වරට යෝජනා වූයේ 1970 ගනන්වල ය. එ වක දී ශක්‍යතා අධ්‍යයන වාර්තාවලින් පෙන්වා දුන් එහි අසමත් බව හා මහජන විරෝධය හමුවේ ව්‍යාපෘතිය ලත් තැන ම ලොප් විය.
මෙම සැලසුම යලි ඉදිරිපත් කෙරුනේ රාජපක්ෂ පාලන සමයේ වාරිමාර්ග අමාත්‍යව සිටි චමල් රාජපක්ෂ විසිනි. සැලසුමට එරෙහිව පරිසර සංවිධානවල ද මහජනයාගේ ද විරෝධය ද නැගෙන්නට විය. නිතර නාය යාමට ලක් වන රාවනා ඇල්ල ආසන්න භූ පැලූම් සහිත ප්‍රදේශයක් බැවින් ඒ හරහා උමං මාර්ගයක් තැනීම ශක්‍යතා අධ්‍යයන වාර්තා අනුව ද නුසුදුසු විය.
විරෝධතා නොතකා ව්‍යාපෘතිය ඇරඹුනේ පුහුල්පොල හා මාතැටිල්ලේ ජනයාගේ ඉඩම් වෙනුවට නව ඉඩම් ලබා දෙන්නේ යැයි ප්‍රකාශ කරමින් පාරම්පරික ඉඩම්වලින් ඔවුන් බලහත්කාරයෙන් පලවා හරිමිනි. පුහුල්පොල කුඹුරු ඉඩම් අහිමි වූවන්ට මෙතෙක් විකල්ප ඉඩම් ලැබී නැත.
තමා මුහුන දී තිබෙන තත්වය පැහැදිලි කරමින් හීල්ඔය පදිංචි චන්ද්‍රාවතී රත්නායක ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කලාය:
“ලිං 300කට වැඩිය හිඳිල ගිහිල්ලා. මේ ගම්වල බහුතරයක් ජීවත් වෙන්නෙ වී, එලවලු, තේ වවලා. අපේ ජීවිතේ කවදාවත් අත් විඳපු නැති විනාශයක් මේ ව්‍යාපෘතිය අපිට අත් කරල දීල තියෙන්නෙ. ගිය අවුරුද්දෙ දෙසැම්බර් 26 වෙනිද තමයි මේ විනාශෙ පටන් ගත්තෙ. අපේ ලිං හිඳිල වතුර නැත්තට ම නැති වුනා. කුඹුරු වේලුනා. ගෙවල්වල බිත්ති පිපිරුව. මේ හැම එකක් ම අපේ ජීවිත පැවැත්මට බලපානවා ඇස් ඉස්සරහ පෙනි පෙනී අප ලතවෙනවා. මර බයත් ඇවිල්ල. අපේ ජීවිත කාලෙ හැම සතයක් ම හොයා ගත්ත කුඹුරුයි, ඒ සල්ලිවලින් උපය ගත්ත දේපලයි නැති වෙනව කියන්නෙ අපි ඉවරයි කියන එක නේ ද? වෙහෙරගලතැන්නෙන් පටන් ගත්ත ලිං හිඳිල්ල, ගෙවල් පැලිල්ල ගම් ගානක් පුරා යන්න පටන් ගත්තා. මේ ව්‍යාපෘතිය නිසා තමයි මේ විනාශෙ. මේ ගම්වලට වතුර ප්‍රශ්න තිබුනෙ නැහැ. මෙහෙ ලිංවලින් වතුර පොම්පකරල ජල ව්‍යාපෘති හදල වෙන ගම්වලටත් වතුර දුන්න. ආර්ථික ප්‍රශ්න, රස්සා ප්‍රශ්න නම් කෙලවරක් නෑ.”
උමා ඔය ව්‍යාපෘතිය පටන් ගන්නා බවට ආරංචිය ලැබී බොහෝ කල් බවත් උමග කැනීම ආසන්න වකවානුවේ ගම්වලට පැමිනි නිලධාරීන් තැනින් තැන පොලොව විද බැලූ බවත් මැදපේරුවෙ කිරිබංඩා ජයසේකර පැවසුවේය. “අපි ඉතිං ඕව ගැන මොකුත් දන්නෙ නෑ. හෙව්වෙත් නෑ. එකපාරට ම ලිං හිඳෙන්නයි, කුඹුරු පැලෙන්නයි, ගෙවල් පැලෙන්නයි ගත්තට පස්සෙ තමයි අපි කලබල වුනේ. ග්‍රාම සේවක ලඟට, පොලිසිවලට, දන්න හැමෝම නිලධාරි ලඟට දුවන්න පටන් ගත්තා. පලක් වෙච්ච නැති නිසා තමයි අපි උද්ඝෝෂනය කරන්න පටන් ගත්තෙ.”
රජයේ සේවිකාවක් වූ එම්. රත්නාවතී මැනිකේ තම විරෝධය පලකලේ මෙසේය. “හිතේ හැටියට, ගානක් මිම්මක් නැතුව, නිදහසේ වතුර පාවිච්චි කරපු අපිට දැන් දවස් දෙකකට සැරයක් වෝටර් බෝඩ් එකෙන් බවුසර්වලින් ගෙනත් දෙන වතුර ටික ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න වෙලා. ඒව අපේ ලිංවල වතුර වගේ පිරිසිදු ද කියල කියන්න බෑ. මොනව කරන්න ද දෙන වතුර එපෑ පාවිච්චි කරන්න. පාරවල් නැති තැන්වල ඉන්න මිනිස්සු පාරෙ ඉඳන් හුඟක් දුරට වතුර උස්සන් යන්න ඕනෑ. වතුර ගේන්නෙ දවල්ට. රස්සාවල යන මිනිස්සුන්ට වතුර ගන්න වෙන්නෙ නෑ. වතුර බවුසර් එන යන වෙලාවක් හරියට දන්නව නං කුලියක් හරි දීල ලෑස්තිවෙලා ඉන්න පුලුවන්. වැඩ ඇරිල එන්නෙ මහන්සි වෙලා. ඒ වෙලාවට වතුර නැති වුනාම කේන්ති යනවා. ගෙවල්වල පාවිච්චියට කොච්චර වතුර ඕනැ ද? අල්ලපු ගෙවල්වලින් වතුර බාල්දියක් දෙකක් ඉල්ලගෙන ඇද්ද?”
වැඩෙන මහජන විරෝධය හමුවේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කල ද එහි සේවයේ යෙදී සිටි සුවිසල් පිරිසක් රැකියා අහිමිවීමේ තර්ජනයට මුහුන දී සිටී. මෙම තත්වය තුල මොනරාගල, වැල්ලවාය ප්‍රදේශවල තාවකාලික කම්කරුවෝ තම රැකියා ආරක්ෂා කර ගැනීමේ අරමුනෙන් “අපේ රස්සා නැති වෙනවා., උමා ඔය ව්‍යාපෘතිය ඕනෑ.” යයි උද්ඝෝෂනයේ යෙදෙමින් සටනට පිවිස සිටිති.
මේ කම්කරුවන්ගෙන් බොහොමක් දෙනා ජල හිඟයට හා ඉඩම් හිඟයට මුහුන දෙමින් ගොවිතැන් කල, ඉන් නයකරුවන් බවට පත්, විරැකියාවේ ගිලුනු ගොවි පවුල්වල තරුනයන් හා විරැකියාවෙන් හෙම්බත් ව සිටින පීඩිත පවුල්වල තරුනයන් ය. මොනරාගල ලංකාවේ ඉහල ම දරිද්‍රතාවක් හා විරැකියාවක් ඇති දිස්ත්‍රික්කවලින් එකකි.
ශී‍්‍ර ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගැනීමේ මංමුලාසහගත ප්රයත්නය තුල වර්ධනය කෙරෙන යටිතල පහසුකම් යටතේ කඩිනම් කෙරුනු උමා ඔය ව්‍යාපෘතිය කම්කරුවන්, ගොවියන් හා අවශේෂ පීඩිතයන් මුහුන දෙන බරපතල ප්‍රශ්නයක් බවට මේ වන විට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ පමනක් නොව ආයෝජක අවශ්‍යතා මත හිතූමතේ අරඹන මෙවන් ව්‍යාපෘතිවලින් ලොව පුරා මහජනතාවට ඉමහත් විනාශයන් අත් කර දී තිබේ.
ඉන්දියාවේ විශාලතම ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් වන නර්මදා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය නිසා ගුජරාට, මහාරාෂ්ට, මධ්‍ය යන ප්‍රදේශවල මිලියන 1.5ක් ජනයා අවතැන් වූ අතර ජල ගැලීම් මගින් කෘෂිකාර්මික හා කැලෑ ඉඩම් දහස් ගනනක් මෙන්ම ජෛව විවිධත්වය ද විනාශ විය. වේල්ලෙන් සිදුවන විනාශයට විරුද්ධ ව විශාල අරගල පැන නැගුනි. ඒවා පොලිස් පහරදීම්, අත්අඩංගුවට ගැනීම්වලින් මර්දනය කෙරුනි.
වාර්ෂික ජල ගැල්ම නවතා විදුලිබල උත්පාදනය ඉහල නංවන බව පවසමින් ඉතියෝපියානු ආන්ඩුව ගිබි(Gibi 111 Dam) යෝධ වේල්ල තැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කලේය. නමුත් එහි විනාශකාරිත්වයේ ප්‍රධාන ප්‍රතිඵලයක් වූයේ ඉතියෝපියාවේ අතිවිශාල වාරිමාර්ග පද්ධතිය ගිල දැමීම ය. එය ධීවර කර්මාන්තයේ හා කෘෂිකර්මාන්තයේ නියුතු ජීවිත බොහොමයකට බෙහෙවින් බලපෑවේ ය.
චීනයේ තී‍්‍ර ජෝර්ජ් වේල්ල (Three Jorge Dam) ඉදි කෙරුනේ ඇමරිකාවේ කොලරාඩෝහි ගතේ හූවර් වේල්ලට වඩා 8 ගුනයකින් විදුලි බලය සපයා ගත හැකි මෙගා වොට් 18,000ක් විදුලි ජනනය කිරීමේ හා ජල ගැලීම නවතා දැමීමේ අරමුනෙන් බව පවසමිනි. විද්‍යාඥයන්ගේ හා පරිසරවේදීන්ගේ අනතුරු ඇඟවීම් නොතකා ඉදි කල වේල්ල මධ්‍යම හා නැගෙනහිර චීනයේ නිඟයට හා කාලගුන වෙනස්කම්වලට තදින් බලපෑවේ ය.
මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය, විදුලිය ඇතුලු විවිධ ව්‍යාපෘති පුලුල් පරිමානයෙන් කි‍්‍රයාත්මක නල යුතු ය. නමුත් ඒවා කි‍්‍රයාත්මක කල යුත්තේ පරිසරයට හා ජන ජීවිතවලට ව්‍යසනකාරී බලපෑම් ඇති නොවන පරිදි මනා සැලසුම්කරනයක් යටතේය.
නමුදු ලාභය මූලික පදනම කොටගත් ධනේශ්වර නිශ්පාදන ආර්ථික කි‍්‍රයාවලිය තුල එවන් සැලසුම්කරනයක් කල නොහේ. නිශ්පාදන ආර්ථික ක්‍රියාවලිය සැලසුම්ගත ආකාරයට සංවිධානය කර ගත හැක්කේ, ලාභය වෙනුවට මිනිස් අවශ්‍යතාව නිශ්පාදනයේ පදනම බවට පරිවර්තනය කෙරුනු, සමාජවාදී සමාජයක් තුල පමනි.
Follow us on