මධ්‍යධරනී මුහුදේ සංක‍්‍රමනිකයින් පිලිබඳ ඛේදවාචකය හා අධිරාජ්‍යවාදයේ අපරාධ
The tragedy of Mediterranean migrants and the crimes of imperialism
ජූලී හයිලන්ඩ් විසිනි, 2015 මැයි 9
බි‍්‍රතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ජුලී හයිලන්ඩ් විසින් මෙම කථාව පවත්වන ලද්දේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි 03දා සංවිධානය කර තිබූ අන්තර්ජාල ජාත්‍යන්තර මැයි රැලිය වෙනුවෙනි.
දෙසතියකට පෙර සංක‍්‍රමනිකයින් 800කට වැඩි සංඛ්‍යාවක් මධ්‍යධරනී මුහුදේදී දියේ ගිලී මියයෑම පිලිබඳ සිත් සසල කරවන සිද්ධියක් වාර්තා විය.
මසුන් මරන යාත‍්‍රාවකට ගාල්කරනු ලැබ මුහුදුබත්වූ ඔවුන් උත්සාහ කලේ, ලිබියාවේ සිට යුරෝපය බලා යාමටයි. පන බේරාගත්තේ 28 දෙනෙක් පමනි. කොටුකර සිටි සියගනනක් අතර කාන්තාවන් හා ලමුන් ද වූහ.
සිය පෙනහලු ජලයෙන් පිරීයද්දී ඔවුන් තුල හටගත් මරන බියේ බිහිසුනු අත්දැකීම යමෙකුට සිතාගැනීමට පවා නුපුලුවන.
සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන මධ්‍යධරනී මුහුද සිය සොහොන් බිම බවට පත්වූ සංක‍්‍රමනිකයින් අතරින්, බොහෝ කොටම නමක් ගමක් නැති නන්නත්තාරවූ මොවුන්, සුලු සංඛ්‍යාවක් පමනි. මෙම චාරිකාවේ ම යෙදීමට උත්සාහ කල මිනිසුන් 27,000ක් වසර 2000 සිට මේ දක්වා දියේ ගිලී මරුමුවට පත්ව ඇත. සෑම වසරකම මෙම බිහිසුනු ඉරනමට මුහුනපෑ සංඛ්‍යාව ඉහල යන අතර පසුගිය සිව් මාසයේදී පමනක් මිනිසුන් 1700කගේ දිවි අහිමිවිය.
සාමාන්‍ය ජනතාව අතර මෙම ඛේදවාචකය පිලිබඳ ප‍්‍රවෘත්තිය ඇති කලේ පිලිකුලක් හා අනුකම්පාවකි. මෙම ජීවිත හානි සම්බන්ධයෙන් කිසිදු අහම්බයක් ඇත්තේ නැති බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මේවා වනාහි, දෙවන ලෝක යුද්ධයේ තැන් පටන්, මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාව තුල, ඇමරිකා හා යුරෝපීය බලවතුන් ගෙන ගිය සාපරාධී යුද පිලිවෙත් මගින් මහා ජන සංක‍්‍රමන කරා තල්ලුවී ගිය මිලියන ගනනකගෙන් කිහිපයක් පමනි.
රටින් පලායාමට උත්සාහ කල බහුතරයක් පැමිනියේ සිරියාවෙනි. ගමනාරම්භක ස්ථානය ලිබියාව විය. ව්‍යාජ වාම සංවිධානවල සහාය අතිව, මෙම රටවල් තුල ගෙන ගිය ඊනියා “මානවවාදී මැදිහත්වීම් වල” යථාර්තය මෙයයි.
තමන් අනතුරකට මුහුන දුනහොත් නිදහස් කර ගනු ඇතැයි යන විශ්වාසය, මෙම අනතුරුදායක තරනය සඳහා මිනිසුන් දිරිගන්වන “සාධකයක්” වනු ඇතැයි යන තර්කය මත, පරීක්ෂාවේ හා ගලවා ගැනීමේ මෙහෙයුම් අතහැර දැමීමට, පසුගිය වසරේදී යුරෝපීය සංගමය විසින් ගත් තීරනය, ඉහත කියාපෑම් වඩාත් අසික්කිත තැනකට පත් කලේය.
එසේම සුරක්ෂිත යුරෝපයක් පිලිබඳ ආප්ත වාක්‍යය, “ඔවුන් දියේ ගිලීමට අත හැරපන්” යන්න බවට පත්ව තිබේ.
මෙම රුදුරු සංක‍්‍රමන පිලිවෙත, යුරෝපයේ කම්කරු පන්තිය හා තරුනයන් කෙරේ පාලක පන්තියේ සතුරුකමෙහි පැතිකඩකි. එම පලායන දුගී, පීඩිතයින් කෙරෙහි දක්වන සාහසිකත්වය පෙන්නුම් කරන්නේ, යුරෝපීය සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිමක් නැති කප්පාදුවට ගොදුරු කර ඇති ග‍්‍රීක කම්කරුවන් හා තරුනයින් කෙරෙහි දක්වන ආකල්පයමයි.
යුරෝපයේ තත්වය වඩ වඩාත් 20 වන සියවසේ ප‍්‍රථම භාගය තුල තත්වයට සමානකම් දක්වයි. අධිරාජ්‍යවාදය පිලිබඳව හතරවන ජාත්‍යන්තරයේ ප‍්‍රකාශනය තුල 1940දී මෙසේ ලියා ඇත. “දිරාපත්වන ධනවාදී ලෝකය ජනාකීර්නවී ඇත. එක්සත් ජනපදය වැනි ලෝක බලවතෙකුට තවත් අතිරේක සරනාගතයින් සීයක් පිලිගැනීම ප‍්‍රමුඛ ගැටලුවක් බවට පත්ව තිබේ.
දිරාපත්වන ධනවාදය යුදෙව් ජනතාව එහි සියලු සිදුරු තුලින් මිරිකා හැරීමට උත්සාහ දරන අතර ලෝකය වාසස්ථාන කරගත් බිලියන දෙකක් වන ජනතාවගෙන් සියයට එකකටත් අඩු මිලියන 17ක් ජනතාවට (යුදෙව්) තවදුටත් පෘතුවි ගෝලය තුල වාසය කිරීමට තැනක් සොයාගත නොහැකිව ඇත!
පැතිරගිය දැවැන්ත භූස්කන්ධයන් ද පෘතුවිය මෙන්ම ගුවන ද මිනිසා සඳහා ජයගෙන ඇති තාක්ෂනයේ විස්මිත දස්කම් ද මධ්‍යයේ ධනේශ්වරය සමත්ව ඇත්තේ අපගේ ලෝකය දූෂිත සිරගෙයක් බවට පත් කිරීමට පමනි.”
අඟහරු වෙත ගවේෂන චාරිකාවන්හි යෙදෙන හා අන්තර්ජාල යුගයක් තුල, අද දිනයේ, එක් යතුරු පහරකින් ලෝකය පුරා ඩොලර් ටි‍්‍රලියන ගනන් හුවමාරු කරන ධනවාදය, යලිත් වෑයම් කරන්නේ, තමන් නිර්මානය කර තිබෙන සමාජ ව්‍යසනයේ ගොදුරු තම සිදුරු තුලින් මිරිකා හැරීමට ය.
ඒ සමගම ඔවුන්ගේ දුක් වේදනා, සිය කොල්ලකාරී අවශ්‍යතා පෙරට ගැනීම සඳහා කඩතුරාවක් ලෙස පාලක පන්තිය විසින් ප‍්‍රයෝජනයට ගනියි. තමන්ගේ පැරනි යටත් විජිතවල පාලනය යලි සියතට ගැනීමට දරන උත්සාහයේදී යුරෝපීය ධනේශ්වරය, යුද නැව්, හෙලිකොප්ටර්, ඩ්‍රෝන් යානා හා විශේෂ කාර්ය බලකායන් ද ඇතුලු දැවැන්ත පොලිස්/මිලිටරි මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇත.
සෑමතැනකදීම මෙම කඩාපැනීම් සුජාත කරන්නේ, වර්ගවාදී හා ජාතිකවාදී කුනුකන්දල් පෙරටු කර ගෙන ය. දිලීරයක් ලෙස සලකා යුදෙව්වන් කායිකව විනාශ කරන ලෙස අන කරමින් හා යුදෙව් විරෝධී හා වර්ගවාදී විකට රූප පෙරටු කර ගත් නාසි ප‍්‍රචාරනය ඉෂ්ඨ කල ක‍්‍රියාකලාපය නියුරම්බර්ග් නඩු විභාග වලදී ගෙනහැර දක්වා තිබේ.
දැන් චාලි හෙබ්ඩෝගේ ඉස්ලාම් විරෝධී ප‍්‍රකෝපකරන, “අදහස් පල කිරීමේ නිදහස” යයි හුවා දක්වන අතර රූපට් මර්ඩොක්ගේ සන් පුවත්පතේ තීරු රචක කැටී හොප්කින්ස්, මධ්‍යධරනී සංක‍්‍රමනිකයින් “නොහික්මුනු මිනිස් වසංගතයක් හා කැරපොත්තන්” ලෙස හංවඩු ගසමින්, “ඔවුන් යලි සිය රටවලට හරවා යැවීම පිනිස ප‍්‍රහාරක නැව්” යෙදවිය යුතු බව කියා සිටියි.
සමාජ අර්බුදයේ සැබෑ මූලයන් වසං කිරීමට උත්සාහ දරමින් පාලක පන්ති ආක‍්‍රමනිකත්වයේ නව යුද්ධ සුජාත කරන අතර යලි වතාවක් අන්ත දක්ෂිනාංශික වාං මාලාව නිල භාෂාව බවට පත්කරගෙන ඇත.
අනෙක් පසින් බි‍්‍රතාන්‍යයේ නිදහස් පක්ෂය, ජර්මනියේ පැගිඩා සංවිධානය හා ප‍්‍රන්සයේ ජාතික පෙරමුනට දැවැන්ත මාධ්‍ය ආවරනයක් සපයන අතර වගකීමෙන් ආවරනය කෙරේ.
එවන් සංවිධාන වලට මහජන පදනමක් ඇති බව කීමට පුලුවන්වී ඇත්තේ, පැරනි හා අපකීර්තියට පත් ඊනියා කම්කරු සංවිධානවල පාවාදීම හා පවත්නා පර්යායට ඔවුන් දෙන සහයෝගය ගසාකෑමට ඔවුන්ට හැකිවීම නිසා පමනි.
දක්ෂිනාංශය යලි නගා සිටුවීමට ප‍්‍රමුඛ දායකත්වය සපයන්නේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.
සමාජවාදී පක්ෂයේ ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද් ජාතික පෙරමුනේ නායක මැරින් ලේ පෙන් එලිසි මාලිගාවට කැඳවයි. ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර නායක සිග්මා ගේබි‍්‍රයෙල් කියන්නේ, “ජර්මානු ජාතිකවාදය හෙවත් දක්ෂිනාංශය” ප‍්‍රජාතන්ත‍්‍රවාදී දක්ෂිනාංශය බවය. බි‍්‍රතාන්‍යයේ කම්කරු පක්ෂය, තමන් සංක‍්‍රමනිකයින් පිලිබඳව දැඩි පිලිවෙත අනුගමනය කරන බව තහවුරු කිරීමට යූකේඅයිපී සමග තරග වැදී සිටියි.
වෘත්තීය සමිති සම්බන්ධයෙන් ගත් කල ඔවුන්, කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය දුබල කර ජාතික රේඛා ඔස්සේ බෙදීමට වැඩ කරයි. ඇමරිකානු හෝ බි‍්‍රතාන්‍ය, ජර්මානු, ප‍්‍රන්ස රැකියා ආරක්ෂා කල යුතු බව කියමින් ඔවුන් කිසියම් හෝ විරුද්ධත්වයක් දක්වන්නේ නම්, ඒ, රැකියා හා සේවා කොන්දේසි පතුලටම කපාහැරීමට උදව් කිරීම සඳහා ය.
ලෝකය යලි වතාවක් දූෂිත සිපිරි ගෙයක් බවට පත්ව තිබේ. එහෙත් මෙම තත්වය ගැන අප කරන පැහැදිලි කිරීම්, තමන්ගේම ප‍්‍රතිගාමී දේශපාලනය සුජාත කිරීමේ අරමුනින් ව්‍යාජ වම්මු ගෙනහැර දක්වන බෙලසුන් ව්‍යාපෘති සමග කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත.
ග‍්‍රීසියේදී සිරිසාව, තම කප්පාදු වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම යුක්තිසහගත කරන්නේ, එසේ නොකලහොත් ෆැසිස්ට්වාදීන් යලි බලයට පත්වනු ඇතැයි කියා සිටිමිනි! ඒ එක දිගටම ඔවුන්, ගෝල්ඩන් ඩෝන් ව්‍යාපාරයේ විදේශිකයින් නොරිස්සීමට ගැලපෙන පිලිවෙතක් අනුයන දක්ෂිනාංශික ස්වාධීන ග‍්‍රීකයෝ සමග හවුල්ව සිටින අතරතුරය.
එහෙත් ව්‍යාජ වම්මු, ඉදිරි මග ලෙස හුවා දක්වන්නේ “සිරිසාවේ ආකෘතිය” යි. “වම” හා “දකුන” අතර සම්ප‍්‍රධායික බෙදීමට තවදුරටත් අර්ථයක් ඇත්තේ නැතැයි කියා සිටිමින් ඔවුහු, යුරෝපය පුරා ජාතිකවාදී හා අන්ත දක්ෂිනාංශික සංවිධාන සමග සිය සන්ධාන හා යෝජිත සන්ධාන යුක්ති යුක්ත කිරීමට උත්සාහ කරති.
දක්ෂිනාංශය හා වාමාංශය අතර බෙදුම්කඩනය ව්‍යාජ වම්මුන්ට අදාල නොවෙතත් කම්කරු පන්තියට එය ඉමහත් වැදගත්කමක් දරයි. රෝසා ලක්සම්බර්ග් ඒ ගැන පැවසුවේ මෙසේය. “අලෙවියට තබා ඇත්තේ ඔවුන්ගේ හම ය.”
ජාතිකවාදයේ හා ෆැසිස්ට්වාදයේ වර්ධනය පෙන්නුම් කරන්නේ, ධනපති ජාතික රාජ්‍ය පද්ධතියේ අර්බුදය කෙරෙහි ධනේශ්වරය දක්වන ප‍්‍රතිචාරයයි. කම්කරු පන්තිය තමන්ගේම ප‍්‍රතිචාරය දැක්වීමට සූදානම් විය යුතුය. ඒ සමාජවාදී ලෝකයක් සඳහා අරගලය තුල වැඩකරන ජනතාව ජාත්‍යන්තරව සංවිධානය කිරීමේ පදනම මතය.
v
Follow us on