තුන්නාන කම්හල වසා දැමීමේ නියෝගය ආපසු හැරවීමේ තැතට ප්‍රදේශවාසීන් විරෝධය දක්වයි
ජෝතිපාල දැදිගම විසිනි, 2015 මැයි 30
තුන්නානේ පිහිටි, හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් සිදුවන පරිසර දුෂනය සැලකිල්ලට ගෙන එය වසා දැමීමට කරන ලද අධිකරන නියෝගය ආපසු හරවනුවස් පාලකයන් ඉදිරිපත් කල අභියාචනය විභාග කිරීමට නියමිතව තිබූ පසුගිය 25 දා, තුන්නාන ප්‍රදේශවාසීන් සිය ගනනක් තම විරෝධය දැක්වීම සඳහා අවිස්සාවේල්ල මහාධිකරනයට පැමිනියහ.
දින 14 ක් ඇතුලත කම්හල වසා දමන ලෙස අධිකරනය කල නියෝගයෙන් පසුවත් එය පවත්වාගන යෑම සම්බන්ධයෙන් බරපතල විරෝධයක් දක්වන ප්‍රදේශවාසීන් අතරින් 800 ක් පමනදෙනා පස්වරු 1.30 වන විට අධිකරනය වෙත පැමිනියෝය. නමුත් අධිකරනයට ඇතුලුවීමට ඉඩ ලැබුනේ 12 දෙනෙකුට පමනකි. කෙසේ වෙතත් පාලකයින් වෙනුවෙන් පැමින සිටි 30 ක පමන පිරිසකට ඇතුලුවීමට ඉඩ ලැබුනි. ප්‍රදේශවාසීන්ගේ පිරිසට පලාතේ පිරිමින් ද, ගෘහනීන් ද අත දරුවන් ඔසවා ගත් දෙමව්පියන් ද තරුන තරුනියන් ද කුඩා ලමුන් ද ඇතුලත් වූහ.
සීතාවක හන්දියේ සිට අධිකරන භූමිය දක්වා වූ ප්‍රදේශය අවට උදෑසන 9.00සිට පොලිසිය හා සිවිල් ආරක්ෂක භටයින් යොදා තිබූ අතර අධිකරන ගේට්ටුව මුර කිරීමට පොලිස් නිලධාරීන් 15ක් යොදා තිබුනි. කෙසේ වෙතත්, මහාධිකරනය විසින් අභියාචනය විභාගයට නොගෙනම කල් දැමුවේය. නඩුව ජූලි 12 දින යලි විභාග කරන බවද 15 දින තීන්දුව ප්‍රකාශයට පත්කරන බවද එහිදී දැනුම් දුනි.
යාපනයේදී මෙන් “ප්‍රචන්ඩකාරී” තත්වයක් ඇතිවේයයි පවසමින් මහජනයාට ඇතුලුවීමට ඉඩ නොදෙන ලෙසට පොලීසිය කල ඉල්ලීමට අනුව ඔවුන් අධිකරන භූමියට ඇතුලුවීම වැලැක්වූ බව අධිකරනයෙන් ප්‍රකාශ විය. යාපනයේ දෙමල තරුනියක් දූෂනය කොට මරා දැමීමට එරෙහිව උද්ඝෝෂනය කල මහජනතාවට පොලිස් ප්‍රහාර එල්ල කල සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුව දකුනේ විරෝධය දක්වන කන්ඩායම්වලට එරෙහිව ද එවන් ප්රහාරයන් එල්ල කිරීමට නොපැකිලෙන බව මෙම සිද්ධියෙන් පැහැදිලිය.
නඩු විභාගය කල් දැමූ අවස්ථාවේ තුන්නාන ප්‍රදේශයේ මහජන රැස්වීම් හා විරෝධතා දැක්වීම් තහනම් කරන උසාවි නියෝගයක් පොලීසිය ඉල්ලා සිටියේය. ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශී‍්‍රනාත් පෙරේරා එය මූලික මානව අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් යයි තර්ක කිරීමෙන් පසු එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එහෙත් මර්දනය කිරීමේ අනතුර එලෙසම පවතියි. කලින් පැවති උද්ඝෝෂනයක් සංවිධානය කල දොලොස්දෙනෙකුට කිසිම රැස්වීමකට හෝ උද්ඝෝෂනයකට සම්බන්ධ විය නොහැකියයි පනවා තිබූ උසාවි නියෝගය ද එදිනින් අවසන් බව වාර්තා විය.
මහාධිකරනයට ඇතුලුවීමට ඉඩ නොලත් ජනයා අධිකරනය අවට රැස්ව සිටි අතර උද්ඝෝෂනය නොකරන ලෙසට ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දන්වාසිටි හෙයින් කෝපය මැඩ ගනිමින් උසාවි තීන්දුව දැනගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටියහ. නඩුව කල් දැමීමෙන් පසුව මහජනතාව වෙත පැමිනි නීතිඥ පෙරේරා යලි කියා සිටියේ ප්රචන්ඩ කි‍්‍රයාවල නොයෙදී නිහඬව සිටිය යුතුබවය.
ශී‍්‍රනාත් පෙරේරා පාලක එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ප්‍රධාන සාමාජිකයෙකි. එජාප විසින් නායකත්වය දෙන ආන්ඩුව එක් පසෙකින් මහජනතාවට එරෙහිව පොලීසිය මැදිහත් කරන අතර අනෙක් පසින් පෙරේරා ප්රයත්න දරන්නේ නඩුව අවසන් වනතුරා මහජනයා නිහඬ කරන අතරම තත්වය ගසා කමින් ලඟ එන මැතිවරනයකදී ඡන්ද ගරා ගැනීමටය.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නියෝජිතයන්ට කතාකල තුන්නාන නිවැසියන් කියා සිටියේ මර්දන නීති මධ්‍යයේ පසුගිය 24 දින පන්සලේ බෝධි පූජාවක් පවත්වා කම්හලේ දූෂනයට එරෙහිව කන්නලව් කිරීමට ගියමුත් එයද පොලීසිය යොදා මර්දනය කල බවයි. 300ක පමන පොලිස් නිලධාරීන් එතැනට පැමින සිටි බව ඔවුහු පැවසූහ. “මුදලට සියල්ල යටත්” බව පෙන්වා දෙමින්, ඔවුන් පැවසුවේ ජයසුමනාරාමයේ සුමනජෝති සහ මෛතී‍්‍ර දහම් පාසැලේ සුමනාලංකාර යන භික්ෂූන් පාලකයන් සමග එක්ව පරිසර දූෂනයට මුහුන දෙන ජනයාට හතුරුව කි‍්‍රයා කරන බවයි.
සජීතා නීරෝශිනී නම් කාන්තාවක් මෙසේ පැවසුවාය: “අධිකරන භූමියට ඇතුලුවීමට නොදීම අසාධාරනයි. අපිට බෝධි පූජාවක්වත් පවත්වන්නවත් ඉඩ දෙන්නෙ නැහැ. සියල්ල මුදලට යටත්. ගිය වර අපිට උසාවියෙන් සාධාරන තීන්දුවක් ලැබුනා. එක පාර්ශ්වයක උවමනාවට දැන් තීන්දුව වෙනස් කරමින් පවතිනවා”.
“සටනේ මූලිකත්වය ගන්නා අයට වරින්වර පොලීසියෙන් ලිපි එවා කඩාකප්පල් කාරීන් යයි කියා සිටිනවා. අපිට දැන් සැඟවීලයි ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ. මේ ආන්ඩුවෙන් සහනයක් නොලැබුනොත් අපිට ජීවත්වෙන්න ලැබෙන්නෙ නැහැ” යි තවත් නිවැසියෙකු පැවසීය.
සජීතා තවදුරටත් කියා සිටියේ කම්හලේ කම්කරුවෙකු වන පි‍්‍රයන්ත රනසිංහ ද රෝගාතුරව සිටින බවයි. “වයස 47 ක් වන පි්රයන්තගෙ වකු ගඩු දෙකම නරක් වෙලා”
ජයන්ත කියා සිටියේ තමා කීපවිටක්ම ලේ දන්දී ඇතත් දැන් රෝගීව සිටින බවය. “ප්‍රදේශයේ බොහොමයක් රෝගීවයි ඉන්නේ. වතුර ගෑවුනත් ඇඟ කසනවා. පානය කලොත් භයානක රෝග හැදෙනවා.”
නිමල් නම් තවත් තරුනයෙකු මෙසේ පැවසීය: “අපි අද ආවේ නිවාඩු දාගෙන. අපිට සාධාරනයක් වේවි යයි හිතනවා. අපි ජීවත්වන්නෙ හරිම අමාරුවෙන්. රෝගීවන අයට බෙහෙත් අරන් දෙන්නෙත් එකතුකරන මුදලකින්.”
තම සොහොයුරාගේ බිරිඳත් කුසේ සිටි අටමස් බිලිඳාත් රෝගීව මිය ගිය අයුරු දීපාල් රාජපක්ෂ විස්තර කලේය. වයස 37 ක් වූ ගැබිනි මාතාව දෙදරු මවකි. “රෝහල කිව්වෙ උන කියලා. ඒවුනාට අපට ගේන්න කිව්වෙ වකු ගඩු රෝගින්ගේ ලේ ශුද්ධ කරන බට. රු. 25,000 ක් වියදම් කරල ඒවා ගෙනගියා. අම්මයි දරුවයි දෙන්නම මිය ගියා. බට පාවිච්චියට ගන්න බැරිවුනා. මරන සහතිකයේ මරනයට හේතුව හඳුනාගත නොහැකි රෝගයක් බව සටහන් කර තිබුනා.” ඔවුන් මානව හිමිකම් කොමිසමට ද පැමිනිලි කර ඇත.
මියගිය තැනැත්තියගේ ස්වාමි පුරුෂයා දුර කථනයෙන් කියා සිටියේ ඇය උන සැදී ජීවත්වූයේ දින හතරක් පමනක් බවයි. මැයි 4 වෙනිදා ගැබිනි මව හා එලියට ගත් දරුවා යන දෙදෙනාම මිය ගොස් ඇත. ඔහු පරිසර දූෂනය පිලිබඳ සැක සිතීමට පටන් ගත් ආකාරය මෙසේ විස්තර කලේය: “ලිදේ තිබුන කඩන්න බැරිව තිබුනු කලු ගල පස්සෙ උදැල්ලට ගැලවෙන්න පටන් ගත්ත. සැක හිතුන නිසා කොස්ගම එම් ඕඑච් එකට ගලේ කෑල්ලක් අරන් ගියා. එතන සිටිය අය භය වෙලා වටවෙලා බැලුව. එම ලිඳෙන් වතුර බොන්නවත් රෙදිසෝදන්න වත් එපා කිව්වා. එවේලේම පරීක්ෂන පවත්වන්න කියල ලිපියක් ඉල්ලා ගත්තා. නමුත් කිසිදෙයක් වුනේ නැහැ.
පසුව මම නාරාහේන්පිට පරීක්ෂාගාරවලට ගල ලබා දී පරීක්ෂන පවත්වන ලෙස ඉල්ලුවා. ඒත් මුකුත් කලේ නැහැ. මගේ කටේ දත් දිරන්න පටන් ගත්තා. මම වෛද්‍යවරු දෙදෙනෙක් ගාවට ගියා, සනීප උනේ නැහැ. පස්සෙ මම ලිඳේ වතුර පාවිච්චිය නතර කරා. දත් නැවත යථා තත්වයට ආවා.
කිසිම රජයේ ආයතනයක් තුන්නානේ පරිසර දූෂනය පිලිබද නිවැරදි පරීක්ෂන නොපවත්වන බව ඔහු තවදුරටත් පැවසීය. “අවසානයේදී කිව්වෙ මගේ බිරිඳගෙ වකුගඩු දෙකත් පෙනහලුත් සම්පූර්නයෙන් නරක්වී ඇති බවයි. මෙම තත්වයට පිලියම් හෙවිය යුතුයි.”
Follow us on