සිරියානු යුද්ධය පතුරුවා හැරීම අනුමත කරමින් වොෂින්ටනය, රුසියාව හෙලා දකියි
Washington denounces Russia, backs escalation of Syria war
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2016 පෙබරවාරි 15
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා රුසියානු විදේශ ඇමති සර්ගෙ ලැව්රෝව්, සිරියාව තුල “සතුරුකම් පිටුදැකීමේ” අපැහැදිලි සැලැස්මක් එලිදැක්වීමෙන් පැය ගනනකට පසුව ඇමරිකානු සහචරයින් යුද්ධය පතුරුවා හැරීමේ මැදිහත් වීමක් සිදුකලේ, මියුනික් ආරක්ෂක සමුලුවේදී බොහෝ ප්‍රධාන රටවල නායකයින් ඉදිරියේමය.
තුර්කි හා සව්දි නිලධාරීහු 13දා, සිරියාවේ ගොඩබිම් ආක්රමනයක් පටන් ගැනීමට සූදානම් ව සිටින බව නිවේදනය කලහ. “තුර්කිය හා සෞදි අරාබිය ගොඩබිමින් මෙහෙයුමක් අරඹනු ඇතැ යි” තුර්කි විදේශ ඇමති මෙව්ලූට් කවුසොග්ලූ යෙනි සෆක් පුවත්පතට පැවසුවේය. සෞදි අරාබිය තුර්කියේ ඉන්සිර්ලික් ගුවන් හමුදා කඳවුරට “ජෙට් යානා හා හමුදා යැවීමට සූදානම්” බව ද එහි සඳහන් විය.
මුලුමහත් මැද පෙරදිගම වෙලාගත් යුද ගැටුමක් හා ලෝක යුද්ධයක පවා තර්ජනය මතු කල ද වොෂින්ටනය, මෙම මෙහෙයුම් වලට සිය ආශීර්වාදය ලබා දී ඇත. ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් 12දා පැවසුවේ, සිරියාව ආක්රමනය කිරීමට සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඔහු කොමාන්ඩෝ භටයන් බලාපොරොත්තු වන බව යි. ඔවුන් ඉරාක හා සිරියානු ඉස්ලාමීය රාජ්‍යයට (අයිඑස්අයිඑස්) පහර දෙන බව කාටර් ප්‍රකාශ කල නමුත්, සිරියාව තුල අයිඑස්අයිඑස් වැනි සුන්නි ඉස්ලාමීය හමුදාවන්ට තුර්කිය හා සෞදි අරාබිය සහාය දෙන අතර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ තන්ත්රය පෙරලා දැමීම ය.
12දා රාත්‍රියේ ජර්මනියේ සූඬේයිට්ෂේ ෂේයිටුන්ග් පත්‍රයට කතා කරමින්, සෞදි විදේශ ඇමති අදෙල් අල් ජුබේයිර් පෞද්ගලිකවම සිරියානු ජනාධිපතිවරයාට තර්ජනය කලේ ය: “අනාගතයේ දී බෂාර් අල්-අසාද් කෙනෙකු නො සිටිනු ඇත.”
නේටෝ අනුග්‍රහය ලබන සුන්නි ඉස්ලාමීය හමුදාවන්ට එරෙහිව රුසියානු හා සිරියානු හමුදා පසෙකින් සිය හමුදා ඒකක මෙහෙය වන ඉරාන මිලිටරිය ඉරිදා අනතුරු ඇඟවූයේ, තුර්කිය හා සෞදි අරාබියේ මිලිටරි මැදිහත්වීම් වලට සුදුසු පරිදි ප්‍රතිචාර දක්වන බව යි. “සිරියාවේ තත්වය පාලනයෙන් පිට පැනීමටත්, එමගින් මැරවර ආන්ඩුවලට ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් ඉඩ දීමට අපි සූදානම් නැතැ”යි නියෝජ්‍ය කාර්ය මන්ඩල ප්‍රධානී ජෙනරාල් මසූඩ් ජසාවෙරී ප්‍රකාශ කලේ ය.
රුසියානු අගමැති ද්මිත්රි මෙඩ්විඬේව් ඒ වන විටත් ප්‍රකාශ කර තිබුනේ, සෞදි ගොඩබිම් මෙහෙයුම් “නව ලෝක යුද්ධයක්” උසිගැන්විය හැකි බව යි. ඔහු හන්ඩෙල්ස්බ්ලාත් පුවත්පතට ( ප්රමුඛ ජර්මානු ව්‍යාපාරික පුවත්පතකි) මෙසේ පැවසී ය, “ගොඩබිම් මෙහෙයුමක්, යුද්ධයක් සඳහා සෑම අයෙකුට ම කරන කැඳවුමකි... ඇමරිකානුවන් හා ඔවුන්ගේ අරාබි හවුල් කරුවන් දිග් ගැස්සෙන යුද්ධයක් තමන්ට අවශ්‍ය ද නැද් ද යන්න සලකා බැලිය යුතු ය.”
රුසියානු ගුවන් ප්‍රහාර හා සිරියානු හමුදා මෙහෙයුම්, විරුද්ධ පාර්ශ්වයේ කැරලිකරුවන් අතින් අලේපෝ නගරය නැවත අල්ලා ගැනීමේ තර්ජනය මතු කිරීමත් සමග අසාද් හා මොස්කෝවේ පරාජය සහතික කිරීමට දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කිරීමට තමන් සූදානම්ව සිටින බව, නේටෝව හා එහි සහචරයන් ඇඟවුම් කරයි. ඉස්ලාමීය සටන්කාමීන් පරාජය කිරීමට නේටෝව ඉඩ දෙනු නැතැ යි කෙරී හා ප්රන්ස අගමැති මැනුවෙල් වාල්ස් සහතික වූහ. සිරියාව තුල “යලි යලිත් ආක්රමන” ගෙනයාම පිලිබඳව කෙරී රුසියාවට චෝදනා කලේය. “අපගේ අදහසට අනුව මේ වන විට රුසියානු ප්‍රහාරයේ වැඩිම යොමුව පැවතුනේ, නීත්‍යානුකූල විරුද්ධ පාර්ශ්වයන්ට එරෙහිවය.”
ඔහු මෙසේ ද පැවසී ය: “රුසියාව ඇතුලු අසාද් හා ඔහුගේ මිතුරන් සිතනවා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාවගේ කැමත්ත නොසලකා හරිමින් ඔවුන්ට යුද්ධය දිනිය හැකි බව යි. රුසියාව හා අසාද් විශ්වාස කරන්නේ ඒක නම්, මම විශ්වාස කරන්නේ ඔවුන් පසු ගිය පස් වසරේ පාඩම් නොතකා හැර ඇති බව යි.” ඇමරිකානු අනුග්‍රහය ලබන විරුද්ධ පාර්ශ්වය “තැනින් තැන පසු බස්වා තිබිය හැකි නමුත් ඔවුන් යටත් වන්නේ නැතැ” යි කෙරී පැවසී ය.
ප්රන්ස අගමැති ප්රතිරාවය කලේ ද කෙරීගේ දැඩි පිලිවෙත යි. “සාමයට මාවතක් සෙවීමට නම්, රුසියාව සිවිල් වැසියන් මත බෝම්බ දැමීම නතර කල යුතුව ඇත.” වාල්ස් පැවසුවේ ය.
ක්‍රෙම්ලින් ආන්ඩුවේ ගුවන් ප්‍රහාර නිසා සිරියාව තුල මිය ගිය සංඛ්‍යාව කොතෙක් වුවත්, කෙරී හා වාල්ස්ගේ විවේචන කුහක මෙන් ම අරටුවට ම බොරු ය. ජීවිත 300,000ක් බිලි ගෙන, සිරියානුවන් මිලියන 11කට තම නිවෙස් ඇතහැර පලා යමාට බල කෙරී ඇති යුද්ධයේ කේන්ද්‍රීය හේතුව නම් අසාද් පෙරලා දැමීමට නේටෝව හා එහි මැද පෙරදිග සහචරයන් ගෙන යන ආක්රමනය යි. “මධ්‍යස්ථ විපාර්ශ්වය ලෙස” ඔවුන් අනුග්‍රහ දක්වන ආහ්රාර් අල්-ෂාම් හා ෆාරුක් බි්රගේඩ් වැනි සුන්නි ඉස්ලාමීය මිලීෂියා හමුදා දේශනා කරන්නේ ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව නිකායික ප්රචන්ඩතා හා සුන්නි තනි පාලනයකි.
සම්මේලන ශාලාවේ දී වාල්ස් ලඟින් වාඩි වී සිටි මෙඩ්විඬේව් (රුසියානු අගමැති) රුසියාවට එරෙහිව චෝදනා ගොතන්නේ යයි ඔහුට චෝදනා කරමින් පිලිතුරු දුන්නේ ය. “හැම කෙනා ම අපට චෝදනා කරන නමුත් සිවිල් වැසියන්ට අපි බෝම්බ දැමූ බවට කිසිදු සාක්ෂියක් නැතැයි” ඔහු පැවසී ය.
මෙඩ්විඬේව් ඊට පසුව රුසියාව සම්බන්ධ නේටෝවේ ආස්ථානයට පහර දුන්නේය. ඔහු තත්වය 1962 කියුබානු මිසයිල අර්බුදයට සමාන කලේය. “අපි දැන් නව සීතල යුද්ධයකට වැටී සිටින අතර දිනපතාම අපට චෝදනා කෙරෙන්නේ, සමස්තයක් වශයෙන් නේටෝවට, යුරෝපයට, ඇමරිකාවට, හා අනෙක් රටවලට අප භයානක තර්ජනයක් වී ඇති බව කියමිනි. රුසියාව න්‍යෂ්ටික යුද්ධයක් ඇරඹීමේ බිය කා වද්දන චිත්‍රපට ඔවුන් හදනවා. මට ඇතම් විට පුදුම හිතෙනවා: අප ඉන්නේ 2016 ද නැතිනම් 1962 කියා.”
එක්සත් ජනපදය හා සෝවියට් සංගමය න්‍යෂ්ටික යුද්ධයක ආසන්නයට පැමිනි කියුබානු මිසයිල අර්බුදය ගැන මෙඩ්විඬේව්ගේ සඳහන නිකමට කිවූ දෙයක් නොවීය. යුකේ‍්‍රනයේ සිට, කලු මුහුදේ නාවුක අර්බුදයක් කරා ද බෝල්ටික් සමූහාන්ඩුවල සිට සිරියාව දක්වා ද රුසියාව හා නේටෝව අතර පැතිර යන අර්බුදය, න්‍යෂ්ටික බලවතුන් අතර පූර්න පරිමානයේ යුද්ධයක් විය හැකි බව හෝ අනිවාර්ය පවා විය හැකි බව මිලිටරි-රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී තන්ත්රයේ නිගමනය වී තිබේ.
නිල සම්මේලන වාර්තාව, එනම් 2016 මියුනික් ආරක්ෂක වාර්තාව පැහදිලි කලේ, ලෝක යුද්ධය විය හැකි දෙයක් බව යි. “දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පලමු වරට ප්‍රධාන බලවතුන් අතර ප්රචන්ඩ ගැටුම් උත්සනන් වීම අයථා දුෂ් ස්වප්නයක් ලෙස ඉවත දැමිය නො හැකි” යයි එය තරයේ ප්‍රකාශ කලේ ය.
ඔවුන් මනුෂ්‍ය වර්ගයා විනාස කල හැකි යුද්ධයන්ගේ අද්දරට ලෝකය ගෙනැවිත් තිබෙන බව පිලිගන්නා අතර ලෝක නායකයින් ඔවුනොවුන් අතර කටුක වාද විවාද වල පැටලී සිටින්නේය යන කාරනය, ධනේශ්වර සමාජ පර්යායේ බංකොලොත්භාවය සහතික කරයි. සමාජ අසමානතාව හා පන්ති ආතතීන් ගෙන් පුපුරා ගිය, ප්රමුඛ බලවතුන් අතර ලාභය හා මූලෝපායික වාසි සඳහා තරඟය විසින් කැබලි කෙරුනු, ගෝලීය ධනවාදය ආවෘත අන්තරයකට ලඟා වී ඇත.
ඇමරිකාව, ජර්මනිය. ප්රන්සය හා බි්රතාන්ය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයෝ යුද්ධයට විකල්ප නො දකිති. මියුනික් ආරක්ෂක සමුලුවේ සභාපති වොල්ෆ්ගැන්ග් අයිෂින්ගර් සමුලුවේ අවසාන කතාවේ දී මෙසේ ප්‍රකාශ කලේ ය: “සාමය ඇති කිරීමට හා බලාත්මක කිරීමට මිලිටරිය යොදා ගැනීමේ අවශ්‍යතාවක් ඇත. එය එසේ වීම කනගාටුදායක ය, නමුත් ඒක එහෙම යි.”
සම්මේලන වාර්තාව බරපතල තර්ජන මතු කරන බොහෝ කලාපීය ප්‍රශ්න ලේඛනගත කලේ ය. බ්‍රසීලයේ හා තුර්කියේ අර්බුද, යුරෝපා සංගමය විසුරුවා හැරීම, බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම, නැගෙනහිර යුරෝපයේ “න්‍යෂ්ටික තර්ජන”, අප්‍රිකාවේ ඉහල යන ජනගහනය සඳහා මිලියන සිය ගනනක් රැකියා සෙවීමේ අවශ්‍යතාව, හා චීනයේ වැඩෙන ආර්ථික හා භූ-මූලෝපායික ප්‍රශ්න ඒවා අතර විය. සමාජ අර්බුදයන්ගේ වැඩි වන තර්ජන හා පහත සිට මතුපිටට පුපුරා එන කම්කරු පන්තියේ නොසංසුන්තා ද නායකයින්ගේ අවධානයට යොමුවී තිබුනි.
වාර්තාව තුල, “2016 වසරේ ඉහල අවදානම් 10න්” එකක් ලෙස සමාජ කෝපය හඳුනා ගැනීම වැදගත්ය. “මන්දගාමී වර්ධනය හා පල්වෙන ජීවන තත්වයන් මහජන අසහනය අවුලුවත් ම, කුපිතවන රටවැසියන් වීදිවලට පැමිනෙනු ඇත.”
සිය දහස් ගනනක් සිරියානු, ඇෆ්ගන්, හා ඉරාක සරනාගතයින් යුද්ධයේ විනාශය හමුවේ පලා යන අතර යුරෝපයට, විශේෂයෙන්ම ජර්මනිය කරා ඔවුන්ගේ පැමිනීම පිලිබඳව ද සම්මේලනය සාකච්ඡා කලේ ය. ජර්මානු විදේශ ඇමති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මීයර්, 2014 මියුනික් ආරක්ෂක සුමුලුවේ දී නිවේදනය කෙරුනු ජර්මානු මිලිටරීකරනය ප්‍රචාරය කිරීම පිනිස එය යොදා ගත්තේ ය.
“අප වසර දෙකකට පෙර ජර්මනියේ වෙනස්වන කාර්භාරය හා වගකීම් සාකච්ඡා කල අවස්ථාවේ ඔබ බොහෝ දෙනා මෙහි වූ බව මම හිතනවා” යි ඔහු පැවසීය. “අද අප අපගේ වගකීම් සලකා බලන්නේ සම්පූර්නයෙන් ම වෙනස් ආකාරයකට ය: සරනාගත අර්බුදය ඇරඹෙත් ම, අප තේරුම් ගත්තේ මෙය යුතුකම් පිලිබඳ වියුක්ත සාකච්ඡාවකට වඩා නිශ්චිත ක්‍රියාවන් ගැන සලකා බලන බව යි.”
මෙම ප්‍රශ්නයට ප්රන්ස අගමැතිගෙන් ලැබුනේ ප්රතිගාමී ඇනුම් පදයකි. යුරෝපීය සංගමය විසුරුවා හැරීමක් ගැන අනතුරු අඟවමින් වෝල්ස් ප්‍රකාශ කලේ, යුරෝ කලාපය පුරා සරනාගතයන් බෙදා හැරීමේ කෝටා සඳහා ජර්මනියේ ඉල්ලීමට පැරීසිය “මනාප නැති” බව හා සරනාගතයින් 30,000ක් පමනක් බාර ගැනීමට තමන් එකඟ වනු ඇති බවත් ය.
Follow us on