ඉන්දියානු අගමැති සබඳතා තහවුරු කරගැනීම සඳහා රුසියාවේ සංචාරය කරයි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ඉන්දියානු අගමැති සබඳතා තහවුරු කරගැනීම සඳහා රුසියාවේ සංචාරය කරයි

Indian prime minister visits Russia to consolidate relations

දීපාල් ජයසේකර විසිනි. 2016 ජනවාරි 5

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, පවතින මූලෝපායික සහ ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම සඳහා දෙසැම්බර් 23-24 දිනයන්හි රුසියාවේ සංචාරයක යෙදුනේ ය. ඉන්දියාව චීනයට විරුද්ධව එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම" සමග සමීපව පෙලගැසී සිටියදී මෝඩි ආන්ඩුව, තවමත් සිය භූ දේශපාලනික අභිලාෂයන් වෙනුවෙන් වැදගත් මොස්කෝව සමග නව දිල්ලියේ දීර්ග කාලීන සබඳතා සැලකිල්ලට ගනියි. සිය පාර්ශවයෙන් රුසියාව, මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ තම උත්සුකයන්ට එරෙහි ඇමෙරිකානු ප්‍රකෝපකරනයන්ට මුහුන දීම සඳහා ඉන්දියාව සමග මූලෝපායික සබඳතා වර්ධනය කරගැනීමට උනන්දු වේ.

යුක්රේනය මුල්කරගත් අර්බුදය උග්‍ර අතට හැරුනු 2014 වර්ෂය මුල බලයේ සිටි කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ ආන්ඩුව මෙන්ම වර්තමාන භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව යටතේ ද ඉන්දියාව, රුසියාවට විරුද්ධව ඇමරිකාව සමග පෙල ගැසීම ප්‍රතික්ෂේප කර ඇත.

වොෂින්ටනය සමග කුමන හෝ ගැටුමක් මග හැරීමට උත්සහ කරමින් නව දිල්ලිය, 2014 පෙබරවාරි මාසයේ ඇමරිකාව සහය දැක්වූ ෆැසිස්ට්වාදීන් නායකත්වය දුන් යුක්රේන කුමන්ත්‍රනය මඟ හරිමින්, මාර්තු මාසයේදී ඇමරිකාව ක්‍රිමියාව ඈඳාගැනීම මුල්කරගෙන රුසියාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මහ මන්ඬලයට ඉදිරිපත් කල යෝජනාව ද මඟ හැරියේ ය. ඉන්දියාව එක දිගටම කියා සිටියේ රුසියාවට යුක්‍රේනය පිලිබඳ “නීත්‍යානුකූල“මූලෝපායික අවශ්‍යතා පවතින බව යුක්‍රේන අර්බුදය විසඳීමේ ඕනෑම යෝජනාවකින් පිලිගත යුතු බව ය.

මෝඩි සමග ඔහුගේ මොස්කව් ගමනට එක්වූ තරමක් විශාල ව්‍යාපාරික නියෝජිත පිරිස විසින් අවධාරනය කරනු ලැබ තිබුනු පරිදි, නව දිල්ලිය ද අනෙකුත් බ්‍රික්ස් රටවල් මෙන්ම ඇමරිකානු නායකත්වය යටතේ රුසියාවට එරහි ආර්ථික සම්බාධක පැනවීමට සහය දීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දියාවේ ආකල්පය වොෂින්ටනය අසහනයට පත්කර ඇත. ආයුධ වැඩි දියුනු කිරීමේ ගනුදෙනු සඳහා යෝජනාවන් සහ නැගෙනහිර ආසියාව සමග වර්ධනය වන ආර්ථික සහ මූලෝපායික සබඳතා වලදී සහාය දෙමින් ඔබාමා පරිපාලනය, ඉන්දියාවේ සිත දිනාගැනීමේ යෙදී සිටින අතරතුර, රුසියාව සමග ඉන්දියාවේ ඇති දීර්ඝ කාලීන මූලෝපායික සබඳතාව කඩාකප්පල් කිරීමට සහ ක්‍රමානුකුලව බිඳ දැමීමට තමන් අදහස් කරන බව ඇඟවුම්කොට ඇත.

අනෙකුත් නියෝජිතයන් සමඟ වාර්ෂික ඉන්දියා-රුසියා සමුළුවට සහභාගි වීමට පෙර මෝඩි, මොස්කෝවේදී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග හමුවක් පැවැත්වීය. ඔවුහු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඉන්දියානු සහ රුසියානු සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් අතර සාකච්ඡාවන්ට සහභාගී වූහ.

සමුළුවේදී මෝඩි මොස්කෝව හැඳින් වූයේ, නව දිල්ලියේ “ශක්තිමත් සහ විශ්වාස කල හැකි, අසීරු කාල වලදී හැමවිටම අප සමග හිඳ තිබෙන” මිතුරෙකු ලෙස ය. සීතල යුධ සමයේදී ඊනියා නොබැඳි සමුළුවේ නායකයෙකු වූ ඉන්දියාව, කලින් පැවතී සෝවියට් සමූහාන්ඩුව සමග සමීප සබඳතා වර්ධනය කර ගත්තේ ය. ඉන්දියාව සහ රුසියාව අතර සබඳතා “වරප්‍රසාදිත මූලෝපායික හවුල්කාරිත්වයක්” ලෙසත් එය “නිරන්තර හා විශ්වාසනීය“ වූ බවත් සඳහන් කරමින් පුටින්, ඊට තමන්ගේ ම වර්නනාව ද එක් කලේ ය.

ආරක්ෂාව සහ න්‍යෂ්ටික ශක්තිය ද ඇතුළු ද්වි පාර්ශවික සබඳතා දහසයකට මෝඩිගේ සංචාරය අතරතුරදී අත්සන් තබන ලදි. ඒවා අතුරින් වඩා වැදගත් ඒවා වූයේ, ඉන්දියාව තුල බ්‍රහ්මෝස් මිසයිල සහ කමොව්-226 ප්‍රහාරක හෙලිකොප්ටර යානා නිෂ්පාදනය කිරීම සම්බන්ධ ගිවිසුම් ය. පසුව සඳහන් වූ කරුන, “ඉන්දියාව තුල නිෂ්පාදන මෙහෙවර යටතේ විශාල ආරක්ෂක වේදිකාවක් සඳහා ඇතිකරගත් පලමු ව්‍යාපෘතිය” යයි මෝඩි කයිවාරු ගැසීය. ‘ඉන්දියාව තුල නිෂ්පාදන මෙහෙවර‘ යනු ඉන්දියාව විශාල ශ්‍රම වේදිකාවක් බවට පත් කිරීමේ ඔහුගේ ආන්ඩුවේ ප්‍රයත්නය යි. හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කිරීමට සහ නඩත්තු කිරීමට ඉන්දියානු සමාගමක් වන රිලයන්ස් ඩිෆෙන්ස්, රුසියානු ආන්ඩුව සතු ආයුධ නිෂ්පාදකයෙකු වන අල්මාස් ඇන්ටේ සමග ඇමරිකානු ඩොලර් බිලියන හයක ගිවිසුමක් අත්සන් කලේ ය.

ඇමරිකාව විසින් දැනට හොබවන ඉන්දියාවේ ප්‍රමුඛ ආයුධ සැපයුම්කරුවාගේ තත්වය තමන්ට නැවත ලබා ගැනීමේ උත්සහයක යෙදෙන රුසියාව, සම ආයුධ නිෂ්පාදන ගිවිසුම් වලට එලඹුනේ ය. “අනෙකුත් අය පොරොන්දු දෙමින් සිටියදී රුසියාව, ‘ඉන්දියාව තුල නිෂ්පාදන’ වැඩපිළිවෙල සමග ඉදිරියට ගමන් කරන්නේ යයි” ප්‍රකාශ කරමින් රුසියාව වඩා විශ්වාස කල හැකි වෙලෙන්දෙකු බව ආන්ඩුවේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට සඳහන් කලේ ය.

කෙසේ වෙතත් අල්මාස් ඇන්ටේ ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 කට S-400 ගුවන් ආරක්ෂණ පද්ධති 5ක් මිලට ගැනීමට ඉන්දියාව බලාපොරොත්තු තබාගෙන සිටි ගිවිසුම ක්‍රියාත්මක නොවී ය.

ඉන්දියාවේ කලාපීය ප්‍රතිවාදියා වන පකිස්ථානයට එරෙහිව S-400 ආරක්ෂන පද්ධති, ඉන්දියාවට මිලිටරිමය වශයෙන් වාසි සහගත ය.

ගුවන් ආරක්ෂණ පද්ධතිය රුසියානු සමාගම සමග තම ගනුදෙනුවල කොටසක් විය හැකි බව රිලයන්ස් ඩිෆෙන්ස් නිවේදනය ඇඟවුම් කලේ ය.

ඇමරිකාව සමග වර්ධනය වන ඉන්දියානු මූලෝපායික සබඳතා පිලිබඳ රුසියානු උත්සුකයන්, ඉහල තාක්ෂනික ගුවන් ආරක්ෂණ පද්ධතියක් සැපයීමට ඔවුන් පරිස්සම් සහගත වීම කෙරෙහි බලපෑ බව පෙනී යයි.

වොෂින්ටනය සහ මොස්කෝව අතර වර්ධනය වන ආතතීන් හමුවේ ඉන්දියාව, අඩුතරමින් පක්ෂග්‍රාහී නොවී සිටිමවත් රුසියාව අපේක්ෂා කරයි.

ඒ අතර, නවදිල්ලිය වඩ වඩාත් වොෂින්ටනය දෙසට නැඹුරුවීම හමුවේ රුසියාව, පකිස්ථානයට ආයුධ විකිනීම ආරම්භ කර ඇත. තවමත් ප්‍රහාරක හෙලිකොප්ටර්වලට සිමා වී ඇති මෙම වෙලඳාමට අනාගතයේදී ප්‍රහාරක ගුවන්යානා ද ඇතුලත්විය හැකි ය. පකිස්ථානය හා රුසියාව අතර මෑතක සිට උනුසුම් වෙමින් පවතින සබඳතා වර්ධනය කරගැනීම සඳහා චීනය බෙහෙවින් උදව්වී ඇති බවට විශ්වාසය පල වේ.

ඉන්දියාව තුල අඩුතරමින් තවත් න්‍යෂ්ටික බලාගාර 6ක් ඉදිකිරීම සඳහා රුසියාව සමඟ ඇතිකරගත් එකඟත්වය තවත් එවැන්නකි. රජයට අයත් රුසියානු තෙල්සමාගමක් වන රොස්නේෆ්ට් සමාගම ඉදිරි දශකය තුල ඉන්දියාවට තෙල් ටොන් මිලියන 10 බැගින් ලබාදීමට එකඟ විය.

හයිඩ්‍රොකාබන් නිෂ්පාදනයේ සහ ගවේෂනයේදී සහයෝගිතාව වර්ධනය කිරීමේ පියවරක් හැටියට ඉන්දියාව, සයිබීරියාව තුල රොස්නෙෆ්ට් සමාගමට හිමි වැන්කොර් තෙල් නිධිවල සිය පංගුව වැඩි කර ගනු ඇත.

යටිතල පහසුකම් සහ ගුවන් සේවා කටයුතු ද ඇතුලත්ව ඉන්දියාව තුල ආයෝජනය සඳහා මෝඩි රුසියානු විධායක ප්‍රධානීන්ට ඇරයුම් කර ඇත.

පුටින් සමඟ පැවැත්වූ එකාබද්ධ මාධ්‍ය හමුවේදී “ඉන්දියාවේ ආර්ථික පරිවර්තනයේදී රුසියාව ප්‍රමුඛ සගයෙක් ලෙස මම දකිනවා”යැයි මෝඩි පැවසුවේ ය. මෝඩි සහ පුටින් විසින් අමතන ලද ඉන්දු-රුසියා විධායක ප්‍රධානීන්ගේ හමුවට ඉන්දියානු විධායක ප්‍රධානීන් 19ක් මෝඩි කැටුව ගිය අතර රුසියානු සමාගම් වල මුල් පෙල නිලධාරිහු 30කට වඩා ඊට සහභාගී වූහ.

බටහිර සම්බාධක වලට මුහුන දී සිටින රුසියාව, ඉන්දියාව සමඟ වෙළඳ කටයුතු වර්ධනය කරගැනීමට දැඩි උනන්දුවක් දක්වයි. ද්වී පාර්ශවික වෙලඳාම දැනට පවතින ඇ.ඩො බිලියන 10 සිට 2025 වන විට බිලියන 30 දක්වා ඉහල නැංවීමට අපේක්ෂා කෙරේ.

ඉන්දියාව සමඟ රුසියාවට ඇති සිය සබඳකම් වලට වොෂින්ටනය හරස් කපන බව හොඳාකාරව දන්නා පුටින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ ස්ථිර අසුනක් ද සහිතව ගෝලීය බලවතෙකු වීමට ඇති නව දිල්ලියේ බලාපොරොත්තුවට “ශක්තිමත් සහයක්” දෙමින් මෝඩි සිය වසඟයට ගැනීමට උත්සහ කරයි. ඔහු කියන පරිදි ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ මුල් පුටවලට “ස්වාධීන සහ වගකීම් සහිත ප්‍රවේශයක්” ගෙන ආ හැකි “යෝග්‍ය සහ බලවත් අයදුම්කරුවෙකි”.

කෙසේ වෙතත් පුටින් පවසන්නේ, “රුසියාව සහ ඉන්දියාව තීරනාත්මක ලෝක ප්‍රශ්නවලට සමාන අන්දමේ ප්‍රවේශයක් ගැනීම වැදගත් ය. අප දෙරට සිටින්නේ සිරියාවේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සහ ඇෆ්ගනිස්ථානයට ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමක් වෙනුවෙන් බව මට විස්වාස යි. ලෝක ප්‍රජාවගේ අභිලාශය එක්සත් ජාතීන්ගේ ආශීර්වාදය හා ජාත්‍යන්තර නීතිය මත ක්‍රියාත්මක වන පුලුල් ත්‍රස්ත විරෝධී එකමුතුවකි.”

සිරියාව තුල ඇමරිකාව සහ එහි සහචරයින් ජනපති බෂර් අල් අසාද් බලයෙන් පහ කිරීම අරමුනු කොටගෙන එහි මිලිටරි මැදිහත්වීම් තීව්‍ර කර ඇත්තේ අයිසිස් ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරන මුවාවෙනි. විරුද්ධවාදී මිලිෂාවන්ට එරෙහි ප්‍රහාර දියත් කිරීම ඇතුලුව අසාද්ට මිලිටරි සහය ලබාදෙන රුසියාව, විපක්ෂ ඉස්ලාමීය කන්ඩායම් පසෙකින් අසාද් පාලනයේ කොටස් ද ඇතුලත්වන “දේශපාලන විසඳුමක්“ වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ට කලාපය තුල ඇති අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ කරයි.

මෙම කාරනයේදී රුසියාවට සහය දැක්වීමට ඉන්දියාව සිය කැමැත්ත පෙන්නුම් කර ඇත. මෝඩිගේ සංචාරය අවසානයේ, ඉන්දියානු විදේශ ලේකම් එස්. ජයශන්කර් පැවසුවේ, ඉන්දියාව සහ රුසියාව “දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික විධික්‍රම සහ අන්තර් සිරියානු සාකච්ඡා තුලින්” සිරියානු ප්‍රශ්නය විසඳීම සඳහා එකම ආස්ථානයක් ගන්නා බව යි. ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ඔහු පැවසුවේ, රුසියානු හමුදා අසාද් රෙජීමය සමග සහයෝගීව කටයුතු කරන බැවින් සිරියාව තුල රුසියාවේ මිලිටරි මැදිහත් වීමට තමන් සහය දෙන බව ය. එය ව්‍යංගාර්ථයෙන් ඇමරිකාවට සහ එහි සහචරයින් වෙත එල්ල කල තර්ජනයකි.

කතුවරයා මේ ලිපිය ද නිර්දේශ කරයි:

India attempts precarious balancing act in Ukraine crisis
[28 March 2014]

Share this article: