ලිබරල් යුරෝපයේ අවසානය
The end of liberal Europe
ඉතිහාසඥ හෙන්රික් ඕගස්ට් වින්ක්ලර් ජර්මානු ඉතිහාසය විස්තර කලේ, “බටහිර කරා දිගු මාවතක්” ලෙසය. එම සමාජ ප්රජාතන්ත්රවාදියා “බටහිර” යන්නෙන් අදහස් කලේ, ඇමරිකානු හා ප්රන්ස විප්ලව මඟින් නිර්නය කල පරදි, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය, මානව හා සිවිල් අයිතීන් සහිත පන්ති සම්මුතියේ හා සමාජ තුලනයේ තත්වයකි.
වින්ක්ලර්ගේ අර්ථකථනයට අනුව, සොන්ඩර්වෙග් යන ජර්මානු වචනයෙන් අදහස් කරන විශේෂ මාවත ඔස්සේ දිගු ගමනකින් පසුව ජර්මනිය “බටහිරට” ලඟා වූයේ, 1949 ව්‍යවස්ථාව, 1991 සාමකාමී ලෙස යලි එක්සත් වීම (බටහිර හා නැඟෙනහිර ජර්මනිය) හා යුරෝපීය සංඟමය තුලට ඒකාග්රවීම සමඟින්ය. අවසානයේදී එය යුරෝපීය මහාද්වීපයට සාමය උදා කලේය.
“බටහිර” පිලිබඳ වින්ක්ලර්ගේ සංකල්පය දෘෂ්ටිමය වශයෙන් සෑම කල්හිම දුවවනු ලැබුවේ ද බැඳී තිබුනේ ද යථාර්තය, සැලකිය යුතු තරම් බොඳකිරීමක් සහිතවය, කෙසේ වුවත් මෑත සිදුවීම් ඔහුගේ මිම්මෙන් මනිනු ලැබුවහොත් දැකගත හැක්කේ, “බටහිර කරා මාවත” ඔස්සේ ජර්මනිය හා යුරෝපය මෑත මාසවල වේගයෙන් ගමන් කර ඇත්තේ, ආපස්සට බවය. එක් රැයකින්ම වාගේ දේශපාලන සංස්කෘතිය ප්රචන්ඩ ආකාරයෙන් පරිවර්තනය වී ඇත. සමාජ ප්රජාතන්ත්ර හා ලිබරල් යුරෝපය බිඳවැටී තිබේ.
සෑම තන්හිම පාලක පන්තිය වේගයෙන් දකුනට මාරු විය. ස්වෝත්තමවාදය, විදේශිකයන් නුරුස්නාකම, මිලිටරිවාදය හා ශක්තිමත් රාජ්‍යයක් වෙනුවෙන් හඬ නැඟීම වැඩිවී ඇත. මෙය අදාල වන්නේ, ප්රන්ස ජාතික පෙරමුන, ජර්මනිය සඳහා විකල්පය, ඔස්ට්‍රියන් නිදහස් පක්ෂය, හංගේරියානු ෆිඩෙස් හා පෝලන්ත පිස් වැනි, නැඟී එන අන්ත දක්ෂිනාංශික පක්ෂ වලට පමනක් නොවේ. වාම යයි කියාගන්නා සංවිධාන සම්බන්ධයෙන් ද එය අදාල වන්නේය.
පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ඉන්ටර්නැෂනල් විව්පොයින්ට් වැනි ව්‍යාජ වාම ප්‍රකාශන, කාන්තා අයිතීන් සුරැකීම බව කියමින්, රාජ්‍යයේ මැදිහත්වීමටත්, අධිරාජ්‍යවාදී යුද්ධයටත් සහාය ගොනුකරන ප්රමුඛ හොරනෑ බවට පත්ව තිබේ.
ජර්මනියේ දේශපාලන පක්ෂ හා මාධ්‍ය, නව වසරට එලඹෙමින් තිබියදී කොලෝන් නුවර, නාසීන්ගේ අතීත යුදෙව් විරෝධී ව්‍යාපාරය සිහිගන්වන, බෙහෙවින් අතිශයෝක්තියට නංවන ලද සිදුවීම් වලින් පසුව, සරනාගතයින්ට විරුද්ධව වර්ගවාදී උසිගැන්වීමේ ව්‍යාපරයක් ඇවිලවීය. වාම පක්ෂය පෙරමුනේම සිටිමින් ආන්ඩුව හා විරුද්ධ පක්ෂ, පොලිසියේ මැදිහත්වීම හා දැඩි නීති පනවන ලෙසට බල කරන ව්‍යාපාරයකදී එකිනෙකා පරයා යාමට උත්සාහ කලහ.
ප්රන්සයේදී සමාජවාදී පක්ෂ ආන්ඩුව, ස්ථාවර හදිසි නීති පාලයක් ඇටවූ අතර විචී තන්ත්රයේ සම්ප්‍රධායන් අනුව, වරදිකරුවන් වූ විදේශීය සම්භවයක් සහිත අපරාධකරුවන්ගේ පුරවැසි භාවය අහෝසි කිරීමේ තර්ජනය එල්ල කරයි.
යුරෝපය පුරාම දේශසීමා තරකර ඇත. ස්කෙන්ජෙන් ක්‍රමය මැරුනා හා සමානය. යුරෝ සංඟම් සාමාජිකයින් අතර ගැටුම් පැතිරෙමින් ඇත. යුරෝ සංඟමය, “ඉතා කෙටි කාලයකදී බිඳ වැටීමේ හැකියාව හොඳින්ම මතුව තිබේ” යයි පවසමින් ප්රන්ස අගමැති මානුවෙල් වල්ස් ඩේවෝස්හි ලෝක ආර්ථික සමුලුව හමුවේ අනතුරු ඇඟවීය. යුරෝ සංඟමයට සරනාගත අර්බුදය විසඳා ගැනීමට ඇත්තේ “සති හයේ සිට අට දක්වා” කාලයක් යයි ඔහුගේ ඕලන්ද සහචර මාක් රූට් පැවසීය. කොන්සවේටිව් ෆ්රෑන්ක්ෆර්ටර් ඇල්ජෙමි සේටුං පත්‍රය ලියා ඇත්තේ, “යුරෝ සංඟමය අවසන් වීම අද තරම් වෙන කවරදාකවත් යථාර්තවාදී නොවූ” බවයි.
මිලිටරිකරනය ඉහල නැංවීම, මැද පෙරදිග හා අප්‍රිකාවේ යුද්ධය ගෙනයාම හා දේශීය මිලිටරි යාන්ත්‍රනය පන ගැන්වීම පිලිබඳ කරුනු වලදී යුරෝපීය පාලක පැලැන්තීන්ට විරසකයක් නැත. එහිදී පවා යුරෝපයේ එක්සත්කම ඔහේ පවතින්නේ නැත. ජාතික විසංවාදයන් වර්ධනය වීම සමඟ යුරෝ සංඟමයේ සාමාජික රටවල දේශසීමා දිගේ යුද ටැංකි පෙලගැස්වීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. දෙවන ලෝක සංග්‍රාමයේ තැන් සිට 70 වසරක් ගෙවී ගිය තැන, යුරෝපයේ හදවත තුලම යුද්ධයේ තර්ජනය යලි හිස ඔසවයි.
යුරෝ සංඟමයේ සමස්ත ජනගහනය වන මිලියන 508න් සියයට 0.2ක් වන මිලියනයක් සරනාගතයින් පසුගිය වසර තුල යුරෝපයට පැමින ඇත. එම තත්වය, දකුනට වන දේශපාලන මාරුවේ නිමිත්ත මිස හේතුව නොවේ. මෙම මාරුව, මාධ්‍ය තුල පෙන්නුම් කිරීමට උත්සාහ කරන ආකාරයට, ජනගහනයේ අති මහත් බහුතරයකගේ මනෝභාවයෙහි ප්‍රතිපලයක් නොවේ. එය වනාහි, පාලක ප්රභූවේ කැරැලිකාරිත්වය පිලිබඳ ප්රකාශනයකි. ඔවුහු, මාධ්‍ය හා නිල දේශපාලන පක්ෂ යොදා ගෙන, ප්රතිගාමී මනෝභාවයන් ක්‍රමානුකූලව උසිගන්වති.
ඉහලින් පැන නැඟෙන මෙම කැරලිකාරිත්වයට හේතුව, 25 වසරකට පෙර සෝවියට් සංඟමය හා පුලුල් සෝවියට් කඳවුර බිඳවැටීමේ තැන් පටන් හා විශේෂයෙන්ම 2008 ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ පටන් ගොඩනැඟී තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලන ප්රතිවිරෝධයන්ගේ පුපුරා යාමයි. මෙම වර්ධනයන් තුල ජර්මානු අධිරාජ්‍යවාදය තීරනාත්මක ක්රියාකලාපයක් ඉටුකර තිබේ.
ජර්මනිය සිය එදිරිවාදීන් බිත්තියට හේත්තු කර යුරෝපය මත ආර්ථික ආධිපත්‍යය පිහිටුවා ගැනීම පිනිස තම ආර්ථික බලය ප්‍රයෝජනයට ගත්තේය. වඩාත් දුබල දකුනු හා නැඟෙනහිර යුරෝපීය රටවල් මත, ඒවායේ ආර්ථිකයන් වනසා දැමුනු, මිලියන ගනන් මිනිසුන් කාලකන්නි කමට ඇද දැමුනු, තරුන ජනතාවගේ අනාගතය සොරාගනු ලැබූ, නිර්දය කප්පාදු වැඩසටහන් පැනවීම පිනිස ජර්මනිය යුරෝ මුදල යොදා ගත්තේය.
යුරෝපීය ආර්ථික දත්ත දෙස යන්තමින් බැලීම පවා, යුරෝපය ධනවාදී පදනමක, සුසංවාදී හා සාමකාමී ලෙස ඒකාබද්ධ කල හැකිය යන අදහසේ මිථ්‍යාමය ස්වභාවය වටහා ගැනීමට සෑහෙන්නේය.
නිදසුනක් ලෙස ජර්මනියේ දල දේශීය නිෂ්පාදිතය 2014දී යුරෝ ට්‍රිලියන 3ට යන්තමින් අඩු විය. එය, ජනගහනය ඊට වඩා අර්ධයක් පමන අඩු අසල්වාසි පෝලන්තයේ අගයට වඩා හත් ගුනයක් තරම් වේ. එහි අපනයනවල අගය පෝලන්තයේ මෙන් හත් ගුනයක් විශාලය. පෝලන්තයේ මුලු අපනයන වටිනාකම යුරෝ බිලියන 163ක් වන අතර ජර්මනියේ අපනයන අතිරික්තය පමනක් බිලියන 220කි.
2014දී ජර්මනිය මෙන් අඩක් තරම් අපනයනය කල ප්රන්සය යුරෝ බිලියන 71ක හිඟයකටත් බ්‍රිතාන්‍යය බිලියන 134ක හිඟයකටත් මුහුනදී සිටී. ඒවා පවතින්නේ ජර්මනියේ සෙවනැල්ල යටය.
සමාජ දත්ත අතර වෙනස්කම් ඊටත් වඩා කැපී පෙනෙයි. යුරෝ සංඟමය තුල පූර්න කාලීන කම්කරුවෙකුගේ මාසික දල ආදායම, බල්ගේරියාවේ යුරෝ 306 ද පෝලන්තයේ 902 ද ජර්මනියේ 3106ක් හා ඩෙන්මාර්කයේ යුරෝ 4217ක් ද වේ.
මෙම සාමාන්‍යයන්ට අමතරව තනි තනි රටවල් තුල දැවැන්ත සමාජ ආගාධයක් ද විවර වී ඇත. නිදසුනක් ලෙස ජර්මනිය, ගේහාඩ් ෂ්රඩර්ගේ සමාජ ප්රජාතන්ත්ර -හරිත පක්ෂ හවුල් ආන්ඩුව විසින් 2010දී හඳුන්වා දුන් “ප්රතිසංස්කරන” න්යායපත්රයේ ප්‍රතිපලය ලෙස, තම පුලුල් පහත් වැටුප් අංශයේ වාසිය මත සිය ආර්ථික අධිකාරය සවිමත් කරගෙන තිබෙනවාය යන්න බොරුවක් නොවේ. කම්කරුවන් මිලියන ගනනක් ජීවිතය ගැටගසා ගන්නේ යාන්තමිනි. බොහෝ විට ඒ සඳහා ඔවුන්ට රැකියා දෙකක් හෝ තුනක් කිරීමට බල කෙරී ඇත.
යුරෝපීය පාලක පැලැන්තීන් දකුනට මාරුවීමේ සැබෑ හේතුව මේ තියුනු සමාජ ප්රතිවිරෝධයන්ය. මතුපිටට යටින් දැවැන්ත සමාජ කැකෑරීමක් ගොජ දමන බවත් ඒ සඳහා සූදානම් වීමට තමන්ට ඇත්තේ මඳ කාලයක් පමනක් බවත් ඔවුහු වටහාගෙන සිටිති. 1930 ගනන්වල මෙන්ම ඔවුහු, පොලිස් යාන්ත්‍රන තර කරන අතර ස්වෝත්තමවාදය හා විදේශකයින් නොරිස්සීම ඇවිලවීම මඟින් සමාජ ආතතීන් දක්ෂිනාංශික මාවත් වලට හරවා යැවීමට උත්සාහ කරති. එසේම ඔවුහු 1930 ගනන්වල නාසි එස්ඒ ලෙස හැඳින්වූ කඩාපනින හමුදා යොදා ගෙන කල ආකාරයටම, සමාජ ප්රතිරෝධයන්ට එරෙහිව දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගොඩනැඟීමට උත්සාහ ගනිති.
මිලිටරිවාදයේ වර්ධනය එම අරමුන වෙනුවෙන්ම සේවය කරයි. යම් තරමකින් හෝ අභ්‍යන්තර ආතතීන් පිටතට හරවා යැවීම සඳහා උපයෝගී කර නොගත් යුද්ධයක් මෑත ඉතිහාසය තුල සිදුවී නැති තරම්ය. ඒ සමඟම මහ බලවතුන් අතර ගැටුම් ද නොවැලැක්විය හැකිය. ජර්මානු පාලක පන්තිය දිගු කලක් විශ්වාස කලේ, සිය ගෝලීය ආර්ථික අවශ්‍යතා පෙරට ගෙන යා හැක්කේ මිලිටරි මාධ්‍යයන් තුලින් පමනක් බවය. “නව බලයක්, නව වගකීම්” යන සටන් පාඨය යටතේ ඔවුන්, වසර දෙකක් තිස්සේ හඬ නැඟුවේ, ආක්රමනකාරී විදෙස් පිලිවෙතක් වෙනුවෙනි.
වර්තමානයේ මෙම මෙහෙවර සිදුවන්නේ, මූලිකවම නේටෝව වැනි ජාත්‍යන්තර සන්ධානයන්ගේ ආකෘතිය තුලින්ය. එහෙත් මෙය කලක් නොපවතිනු ඇත. මහ බලවතුන් අතර අවශ්‍යතා පිලිබඳ ගැටුම්, ලෝක ධනවාදයේ අර්බුදය නිසා බෙහෙවින් උග්‍ර අතට හැරී තිබේ. ඒවා නොවැරදීම යොමුව ඇත්තේ තුන්වන ලෝක යුද්ධයක් කරාය.
එවන් ව්‍යසනයක් වලක්වාගත හැක්කේ කම්කරු පන්තියේ දේශපාලන මැදිහත්වීම මඟින් පමනි. පාලක පැලැන්තීන්ට ප්රතිවිරුද්ධව ජනතාව අතර පවතින්නේ බොහෝ කොටම වාම නැඹුරුවකි. එහෙත් මෙම මනෝ ගතියට නිල දේශපාලනය තුල කිසිදු ප්රකාශනයක් අත්කර ගත නොහැකිය. පසුගිය වසරේ ග්‍රීසිය තුල සිරිසාවේ පටන් වඩ වඩාත් රාජ්‍ය බලය යෙදීමට සහාය දක්වන ජර්මනියේ වාම පක්ෂය දක්වා වන අත්දැකීම් පෙන්නුම් කරන්නේ, නිල පක්ෂ වලින් කිසිදු විරුද්ධත්වයක් බලාපොරොත්තු විය නොහැකි බවය.
යුද්ධයට, වර්ගවාදයට හා සමාජ කප්පාදුවට එරෙහි සටන සේම සරනාගතයින්ගේ හා ප්රජාතන්ත්රීය අයිතීන්ගේ ආරක්ෂාව ද කම්කරුවන්ගේ ජාත්‍යන්තර සමාජවාදී පක්ෂයක් ගොඩනැඟීම ද ධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකිය. මෙය ඉල්ලා සිටින්නේ, යුරෝපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැඟීමයි.
යුරෝපය ධනේශ්වර පදනමක ඒකාබද්ධ කල නොහැකි යයි ද ධනවාදය පෙරලා නොදැමුවහොත් යුද්ධ නොවැලැක්විය හැකි යයි ද අනතුරු ඇඟවූ එකම දේශපාලන ප්රවනතාවය හතරවන ජාත්‍යන්තරය පමනි.
හතරවන ජාත්‍යන්තරයේ නිර්මාපකයා වූ ලියොන් ට්‍රොට්ස්කි, “ධනපති ආන්ඩුවල එකඟත්වයකින්, ඉහල සිට ගොඩනඟන, අඩ දුරක් ගොස් තිබෙන, යුරෝපීය ආර්ථික සංඟමයක්, අමූලික මනෝරාජ්යයකි” යනුවෙන් පලමු ලෝක යුද්ධය අවසානයේදී කියා සිටියේය. එම විශ්ලේෂනය අද දිනයේ සනාථ කෙරී ඇත. එහි වසන ජනතාවගේ අවශ්‍යතා මත යුරෝපය එක්සත් කල හැක්කේ, යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ලෙස පමනි.
වසර 25ට පෙර, දැන් ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඬල සභාපති ඩේවිඩ් නෝර්ත්, ඉරාකයට එරෙහිව ඇමරිකාව ප්‍රථම ගල්ෆ් යුද්ධය දියත් කිරීම කිරීමත් සමඟ, “අධිරාජ්‍යවාදී එදිරිවාදිකම්වල ප්‍රතිපලය වූ පලමු හා දෙවන ලෝක යුද්ධ සේම, තුන්වන ලෝක යුද්ධය සඳහා ද පසුබිම සකස් කෙරෙමින් තිබේ. ඉරාක ජනතාවට එරෙහිව දැන් යොදාගනිමින් තිබෙන අවි අනාගතයේදී ඊටත් වඩා ලේ වැකි හා බිහිසුනු ගැටුම් වලදී ද යොදාගන්නවා ඇත.” යනුවෙන් පැවසීය. (ඩෙසර්ට් ස්ලෝටර් කෘතියේ උපුටා දක්වා තිබෙන, “20 සියවසේ දැවැන්තම අපරාධයක් වන ඉරාකයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය යන හිසින්, 1991 ජනවාරි 20දා නිව්යෝර්ක් නඟරයේදී ඩේවිඩ් නොර්ත් විසින් කල දේශනය, 246 පිටුව)
එවක් පටන් ඇමරිකානු අධිරාජ්‍යවාදය හා එහි යුරෝපීය සහචරයෝ, දැන් නව ලෝක අග්නි ජාලාවක් බවට පත්වීමේ තර්ජනය මතු කර තිබෙන මැද පෙරදිග විශාල පදාසයක් විනාශකර ඇත.
පීටර් ෂ්වාස්
Follow us on