මල අපවහන නල උතුරා යාමෙන් කොලඹ කොම්පඤ්ඤවීදියේ දිලිඳු නිවාස යට වෙයි
විජිත් සමරසිංහ සහ ජෝතිපාල දැදිගම විසිනි, 2016 ජනවාරි 08
කොලඹ කොම්පඤ්ඤවීදියේ පල්ලිය පාරේ මල අපවහන නල උතුරා යාම නිසා, එම ප්‍රදේශයේ දිලිඳු නිවාස පල්දෝරු ජලයෙන් යට වීමෙන්, ජනතාව ඉමහත් අපහසුතාවන්ට මුහුන දී සිටිති. පසුගිය දෙසැම්බර් මස පල්ලිය පටුමග හා රාසයිය වත්ත යන ප්‍රදේශ වල ඇති වූ තත්වයන් වාර්තා කිරීමට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ජනතාව පවසා සිටියේ මෙලෙස තම නිවාසයන්හි ප්‍රවේශ මාර්ග පල්දෝරු ජලයෙන් යටවීම වසරකට කිහිප වතාවක් සිදුවන බවයි.
කොම්පඤ්ඤවීදිය අවට ඇති නාගරික වතු වල දිලිඳු පවුල් විශාල වශයෙන් ජීවත් වෙයි. දෛනිකව කුලී වැඩ කිරීම, ති‍්‍රරෝද රථ පැදවීම හෝ සුලූ ව්‍යාපාර ජීවිකාව කරගත් මෙම පවුල් බොහොමයක් ප්‍රමානවත් පහසුකම් හෝ පොදු සේවා කිසිවක් නොමැති දුෂ්කර ජීවන තත්වයන් යටතේ අවම වශයෙන් වසර හතලිහක් වත් මෙම නිවාස වල ජීවත් වී ඇත. පසුගිය දශක දෙක තුල කොලඹ නගරයේ විවිධ ප්‍රදේශවලින් දිලිඳු නිවාස කඩා ඉවත් කිරීම නිසා අවතැන්වූ පවුල් ගනනාවක් ද මෙම ප්‍රදේශයට සංක්‍රමනය වී ඇති අතර, එම ජනගහන ඝනත්වය වැඩිවීමත්, නිවාස හා යටිතල ව්‍යුහයන් ගරා වැටීමත් නිසා, ප්‍රශ්න ගනනාවක්ම මතුව තිබේ.
ලෝසවෙඅ වෙත කරුනු දක්වූ වැඩිමහලු කාන්තාවක් කියා සිටියේ, පසුගිය දෙසැම්බරයේ සති දෙකකටත් වැඩි කාලයක් තම නිවාස පිහිටි පටුමග පල්දෝරු ජලයෙන් යට වී තිබුනු බවයි. ”මේක අවුරුදු ගනනාවක් ඉඳල වෙනවා. මීට අවුරුදු පහලොවකට කලින්, මගේ ලොකු මුනුපුරා ඉපදිලා ගෙනාවේ, මේ ජරා වතුරෙන් යට වෙලා තිබුණු ගෙදරට. ඊට පස්සේ අපි ගෙයින් කෑල්ලක් විකුනලා, ඒ මුදලින් ඉතුරු කොටසේ ගෙබිම උස්සල හදා ගත්ත. ඒත් පාර යට වුනාම තවමත් ගේ ඔක්කොම ජරා වෙනවා.”
මහලු වැන්දඹුවක වන මෙම කාන්තාව මුනුපුරන් සය දෙනෙකු බලා ගන්නේ තම කුඩා නිවස තුල ය. මාසිකව ලැබෙන රු 600 ක සමෘද්ධි සහනාධාරයෙන් ජීවත් වීමට නොහැකි නිසා නිවසේ කාමර දෙකක් කුලියට දී ඇති අතර, මේ සියලු දෙනාගේ අවශ්‍යතා වලට ජල බිල්පත් සඳහා මසකට රු 5000කට අධික මුදලක් අවශ්‍ය බව ඇය පැවසුවේ, පසුගිය මාසයේ ජල බිල්පත ද පෙන්වමිනි. ”මේ ජරා පරිසරය හින්ද, මේ පැත්තේ මිනිස්සු හුඟක් ලෙඩ වෙනවා. මගේ ලොකු පුතාගේ වකුගඩුවක් නරක් වුනා විෂබීජයක් ගිහින්, මේ වත්තේ හුඟක් අයට වකුගඩු රෝග තියෙනවා.” රෝගීව සිටින ඇයගේ වැඩිමහලු පුත් සිවුදරු පියෙකි.
රාසයියා වත්තේ තරුනයන් තිදෙනෙකු කියා සිටියේ, තම පටුමග අපජලයෙන් සම්පුර්නයෙන් ම යට වී තිබී පිරිසිදු කරන ලද්දේ ඊට දිනකට පෙර බව යි. දින ගනනාවක් කොලඹ නගර සභාවට පැමිනිලි කල ද ඔවුන් සතියකටත් වැඩි කාලයක් කිසිදු පියවරක් නොගත් අතර, අවසානයේ කඩිමුඩියේ පැමින අපවහනනලය අවහිරව තිබු තැන පමනක් සුද්ද කර ගියබව තරුනයෝ පැවසූහ. ”ගමේ කට්ටිය එක්කහු වෙලා සල්ලි දාල කෙනෙක් අරන් ඇවිත් තමයි, කානු ටිකයි, මෑන් හෝල් (Manholes) ටිකයි සුද්ද කර ගත්තේ.” නිවසකින් මේ සඳහා රු 100 බැගින් එකතු කල බවත්, තව මාසයක් යන්නට මත්තෙන් මේ අකාරයෙන්ම වැලි හා අපද්‍රව්‍ය නිසා නල අවහිර වන බවත් ඔවුහු පැවසූහ.
එක් දරු පියෙකු වන රම්සාන් පැවසුවේ වසර තිහකටත් එපිට ඉතා පහත් ප්‍රමිතියෙන් සකස් කර ඇති මල අපවහනනල හා කානුත්, ඒවා පවිත්‍ර කිරීමට ඉදිකර ඇති ”කවාට” (Manholes) තැන තැන ඇතුලෙන් කඩා වටෙන බවයි. මීයන් හෑරිම නිසා ද මෙලෙස කානු කඩා වැටීම වේගවත් වී ඇත . බොහෝමයක් කානු කවාට වල පියන් නැතිවී ඇති හෙයින්, අඩි හතරක් පමණ ගැඹුරු මෙම වලවල් ආවරනය කර ඇත්තේ දිරාගිය ලෑලි වලිනි. ” ඕනෑම මොහොතක එම වලකට දරුවෙක් හරි වයසක කෙනෙක් හරි වැටිලා අනතුරක් වෙන්න පුලුවන්.”
ප්‍රදේශවාසීන් ලෝසවෙඅ වාර්තාකරුවන්ට කානු කවාට නිරාවරනය කර පෙන්වූ අතර, මල පහ අපවහනය කරන මෙම කවාට තුලින්ම ප්‍රදේශයේ ජල නලද එලා ඇති අයුරු දැක ගන්නට ලැබින.
තරුන මවක් වන ජී.එස්.ආමිත් පැවසුවේ, කලින් එම ප්‍රදේශයේ නිවාස තුල වැසිකිලි නොතිබුනු බවත්, සෑම නිවාස කීපයකටම ගැහැනු හා පිරිමි ලෙස වෙන් කල පොදු වැසිකිලියක් සපයා දී තිබූ බවත් ය. නමුත් එම පොදු වැසිකිලි ගරා වැටීම නිසා, බොහෝ දෙනෙකුට තම කුඩා නිවාස තුලම වැසිකිලි ඉදිකර ගැනීමට සිදුවිය. දැන් පැරනි පොදු වැසිකිලි දේශපාලන බලපෑම් මත නිවාස බවට පරිවර්තනය කර ඒවායේ ද සමහර පවුල් ජීවත් වන බව ඇය පැවසුවා ය.
ඓතිහාසිකව කොලඹ නගරයේ දිලිඳු කම්කරුවන් ජීවත්වූ ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදියේ, මෑත කාලීනව දිලිඳු නිවාස කඩා ඉවත් කිරීමේ ව්‍යාපෘති ගනනාවක්ම කි‍්‍රයාත්මක විය. පවුල් 400 කට අධික ප්‍රමානයකට නිවාස අහිමි කරමින් 2013 වසරේදී ඉන්දියාවේ ටාටා සමාගමට සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්නයක් තැනීම සඳහා ඉඩමක් ලබා දීම මින් ප්‍රධාන වෙයි. මෙම නිවාස අහිමිවූ පවුල් කිසිවකට තවමත් නිවාස ලැබී නැති අතර, ඉන් සමහර පවුල්, ඉහත විස්තර කල අප-ජලයෙන් යටවන වතු වල නිවාස කුලියට ගෙන පදිංචි වී සිටිති.
බි්රතාන්ය පාලන සමයේ ඉතා කුඩා සේවා ප්‍රදේශයක් සඳහා තැනු කොලඹ නගරයේ මල අපවහන පද්ධතිය, අද ජනගහනයට කිසි සේත්ම ප්‍රමානවත් නොවේ. විටින් විට සිදුකල සුලු වැඩිදියුනු කිරීම් හැරුනුකොට, සමස්ත අපවහන පද්ධතියේ පූර්න අලුත්වැඩියා කිරීමක් හෝ ව්‍යාප්ත කිරීමක් මෙතෙක් සිදුකර නැත. 2014 දී සන්ඩේ ටයිම්ස් පුවත් පතට හිරන්ති ප්‍රනාන්දු වාර්තා කල අන්දමට ගරා වැටුනු අපවහන පද්ධතිය නඩත්තු කිරීමට කොලඹ නගර සභාවට රුපියල් මිලියන 130ක් පමන වසරකට වැය වේ. රජයයන් මගින් පලාත් පාලන ප්‍රතිපාදන නිරතුරුව කපා දැමීම හමුවේ, මෙම වියදම දැරීම බරපතල ගැටලුවකි. අපවහන පද්ධතිය පුලුල් කිරීමට නොහැකි වීම නිසා සමහර මල අපවහන නල, වැසි ජල අපවහන පද්ධතියට ද සම්බන්ධ කිරීමට සිදු වී ඇති අතර, එම ජලය කොලඹ අවට ඇති නොයෙකුත් ජල දේහයන්ට එක් වේ.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව මෑතදී සිදු කල හා දැනටත් සිදුවෙමින් පවතින වැඩි දියුනු කිරීම් වලින් අපවහන පද්ධතියේ ප්‍රශ්න බොහොමයක් විසඳනු ඇති බවට කොලඹ නගර සභාවත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයත් කොතෙකුත් පොරොන්දු ලබා දුන්න ද, කොම්පඤ්ඤවීදියේ සිදුවීම් වලින් පෙනී යන්නේ මේ මොනම ව්යාපෘතියකින්වත් කොලඹ නාගරික මහජනතාවගේ ගැටලු නොවිසඳෙන බව යි.
විදේශ ආයෝජන හා සංචාරකයන් ගෙන්වා ගැනීමේ අදහසින් යටිතල ව්‍යුහයන්ගේ මොනම වැඩි දියුනු කිරීමක් වත් නොමැතිව කොලඹ නගරයේ දැන් කෙරෙන කෙරෙන ඉවක් බවක් නැති ගොඩනැගිලි ඉදිකිරීම් මගින්, මල අපවහනය වැනි පොදු සේවා පද්ධතීන් ආශි‍්‍රත ගැටලු තවත් උග්රවනු ඇත. උදාහරනයක් ලෙස යෝජිත කොලඹ වරාය නගරය (Colombo port City) මගින් උත්පාදනය වන අපජලය, කොලඹ අපවහන පධතියේ ධාරිතාවයට ගැලපෙන්නේ ද නැතහොත් එම අප ජලය බැහැර කෙරෙන්නේ කෙසේද යන්න ගැන මොනම අධ්‍යයනයක්වත් වත් මෙතෙක් සිදුකර නැත.
දකුනු ආසියාවේ අනෙකුත් සියලු නගර වල මෙන් ගරා වැටෙමින් ඇති කොලඹ නගරයේ යටි තල ව්‍යූහයන්, මනා විද්‍යාත්මක සැලසුම්කරනයකින් යලි ගොඩනගනු වෙනුවට, ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ උවනාවන් මත රාජපක්ෂ ආන්ඩුව විසින් දියත් කල නාගරික අලංකරන ව්‍යාපෘති (Metro Colombo Development Project) හා වර්තමාන ආන්ඩුව මගින් යෝජිත මහා නගර ව්‍යාපෘතිය (Megapolis Project) වැනි ව්‍යාපෘති මගින් සිදුවන්නේ කොලඹ නාගරික මහජනතාව හා කම්කරුවන් මෙතෙක් යන්තමින් හෝ භුක්ති විඳි පොදු සේවාවන් අතලොස්ස ද අහෝසි වී යාම ය.
Follow us on