නැගෙනහිර යුරෝපයට ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනය
The return of German militarism to Eastern Europe
රුසියාවට එරෙහි විවෘත යුද්ධයකට හේතුවන නැගෙනහිර යුරෝපය තුල නැටෝ මෙහෙයුම්වල ප්රමුඛ භූමිකාවක්, බුන්ඩෙස්වෙහ්ර් හෙවත් ජර්මානු හමුදාව විසින් ඉටුකරමින් සිටී.
සීතල යුද්ධාවසානයෙන් මෙපිට විශාලතම නැටෝ මිලිටරි අභ්‍යාසය වන වර්තමාන ඇනකොන්ඩා 2016 මෙහෙයුමේ කොටසක් ලෙස, බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සමඟින් ජර්මානු ප්‍රහාරක ඉංජිනේරුවෝ ජුනි 9දා මීටර් 300කට වැඩි දිගින් යුත් පාලමක් විස්තුලා නදිය හරහා ඉදි කලහ. ටික වේලාවකට පසු මනාව සන්නද්ධ නැටෝ යුද ටැංකි රුසියානු දේශසීමාව කරා නැගෙනහිර දෙසට පාලම හරහා ගමන් කලේ ය.
නැගෙනහිර යුරෝපය තුලට ජර්මානු හමුදා යැවීම පිලිබඳ ලිපි පලකරමින් හා වීඩියෝ පට යොදාගනිමින් දින ගනනාවක් තිස්සේ බුන්ඩෙස්වෙහ්ර් වෙබ් අඩවිය ප්‍රචාරනයක් ගෙනගොස් තිබේ. ඒවායේ මාතෘකා හා නම් වන්නේ “ඇනකොන්ඩා 2016 අභ්‍යාසය- මින්ඩෙන් පුරෝගාමීන් විස්තුලා වෙත"; “දෙවන අශ්වාරෝහක ගමන-අශ්වාරෝහකයෝ බෝල්ටික් වෙත ගමන් ගනිති"; “බෝල්ටික් බලා මුහුදින් යාම- සබේර් ප්‍රහාර අභ්‍යාසය කරා ඉදිරියට" හා “බෝල්ටික් වෙත ආයුධ- මාරුව ඇරඹෙයි" ආදියයි.
නැගෙනහිර ප්‍රදේශයේ වැඩෙන ජර්මානු මෙහෙයුම් පිලිබඳ සටහනක් වාර්තා මඟින් සම්පාදනය කෙරේ. කපිතාන් පී.ගේ නායකත්වය යටතේ 295 වන කාලතුවක්කු බලඇනියේ තුන්වන භට කාන්ඩය මැයි 30 දා ලිතුවේනියාව තුල අභ්‍යාස හා පුහුනුව සඳහා පිටත්ව ගියේ “අඛන්ඩ මෙහෙයුමේ" කොටසක් ලෙස ය. බෝල්ටික් මුහුද තුල දැනට සිදුකරන “බැල්ටොප්ස්" නාවික අභ්‍යාසයට රටවල් 14කින් යාත්‍රා 45ක්, ගුවන්යානා 60ක් හා භටයන් 4,000ක් යොදාගනු ලැබේ. ඒ අතර සටන්වලට සහාය දෙන “බර්ලින්" නැව, “සැක්සෙන්" යුද නෙෳකාව හා සබ්මැරීන් යාත්‍රා දඩයම් කිරීමට නිර්මානය කොට ඇති “ඔරියන්" නමැති මුහුදු මුර සංචාරක ගුවන් යානය එවා ඇති ජර්මානු නාවික හමුදා ඒකක නවයක් තුල ක්‍රියාකාරී වේ.
ඇම්බර්ග්හි 12වන සන්නද්ධ බලකායේ කපිතාන් බියුමුලර් නම් අයෙකුගේ “යාත්‍රා දිනපොත", යාත්‍රා 16ක් සමඟින් බුන්ඩෙස්වෙහ්ර් සහභාගි වන “පෝලන්තයේ සිට එස්තෝනියාව කරා යෝධ පාබල ගමනක්" ලෙස විස්තර කරනු ලැබෙන, ප්රකෝපකාරී “දෙවන අශ්වාරෝහක ගමන" පිලිබඳ ව අදහසක් සම්පාදනය කරයි. මාධ්‍ය වාර්තාවලට අනුව, මේ වසරේ පමනක් සොල්දාදුවන් 5,000ක් නැගෙනහිර යුරෝපයට බුන්ඩෙස්වෙහ්රය විසින් යවා තිබේ.
ජර්මානු මිලිටරි යෙදවුම්වල ඓතිහාසික හා දේශපාලන වැදගත්කම අතිශයෝක්තියට නැංවීමක් අවශ්‍ය නො වේ. සමස්ත නැගෙනහිර යුරෝපය පුරා ජනසංහාරක යුද්ධයක් ලෙස ක්‍රියාත්මක වූ, මිලියන 40ක සෝවියට් මිනිසුන්ගේ ජීවිත බිලිගත්තා වූ නාසි ජර්මනිය විසින් සෝවියට් සංගමය ආක්රමනය කල බාබරෝසා මෙහෙයුමේ 75වන සංවත්සරය යෙදී තිබෙන්නේ ජුනි 22 දාට ය. ජර්මානු යුද ටැංකි හා සොල්දාදුවන් යලිත් වරක් ගමන් කරමින් සිටින සෑම වර්ග මීටරයක් ම යලි සිහිපත් කරන්නේ ජර්මානු අධිරාජ්‍යවාදයේ අපරාධ පිලිබඳ අඳුරු මතකයන් ය. නාසීහු සෝවියට් සංගමය ආක්රමනය කිරීමට සූදානම් වීමේ ප්‍රදේශය ලෙස මුලින් යොදාගත්තේ ආක්රමනය කොට යටත් කරගෙන තිබූ පෝලන්තය යි. ඉන්පසු ඔවුහු සෝවියට් සංගමය තුල ද ඝාතක කඳවුරු ගොඩනැගූ හ.
නාසි ජර්මනියේ පරාජයෙන් හා හොලෝකෝස්ටයේ යථා ස්වභාවය ප්‍රසිද්ධ වීමෙන් පසුව, දීර්ඝ කාලයක් තිස්සේ මිලිටරි කටයුතු සීමා කිරීමට ජර්මනියට බල කෙරුනි. වසර විසිපහකට පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීම හා ජර්මනිය යලි එක්සත් වීමත් සමඟ එම තත්වයේ වෙනස් වීම ඇරඹුනි. පසුගිය දෙවසර තිස්සේ ජර්මානු පාලක පන්තිය පශ්චාත් යුද සමයේ තමන් භාවිතා කල සාමවාදී වහන්තරාව මුලුමනින් අතහැර ඇත. දැන් ජර්මනිය යලිත් 1941 තර්ජනාත්මක විදෙස් පිලිවෙතට සමාන්තර ආක්රමනකාරී පිලිවෙතක් කරා ආපසු පැමින තිබේ.
ඩී වෙල්ට් වාර්තා කරන පරිදි, දේශියවත් විදෙස් මෙහෙයුම් සඳහාත් බුන්ඩෙස්වෙහිරය දියත් කිරීමට සූදානම් නව ආරක්ෂක ධවල පත්‍රිකාවක් තවදුරටත් රුසියාව හඳුන්වන්නේ, “සගයෙකු" ලෙස නො ව “ප්‍රතිමල්ලවයෙකු" ලෙස යි. ජර්මානු ආන්ඩුවේ සුවිශේෂී කනස්සල්ලට හේතු වන්නේ “යුද්ධය හා සාමය අතර වෙනස මකා දැමීම ඉලක්ක කොටගෙන දෙමුහුන් මෙවලම්" වැඩි වැඩියෙන් භාවිතා කිරීම හා “අනෙකුත් රටවලට කඩාකප්පල්කාරී ලෙස වලකැපීම" යි.
මෙම කතන්දරයට යථාර්ථය සමඟ මෙලොව සම්බන්ධයක් නැත. මොස්කෝවේ මිලිටරිවාදී හැසිරීම ප්රගතිශීලී නො වන අතර යුද්ධයේ අන්තරාය ඉහල නංවයි. එහෙත් නැගෙනහිර යුරෝපය පිලිබඳ ව සලකන කල “යුද්ධය හා සාමය අතර වෙනස මකාදමමින් අනෙක් රටවලට ආක්රමනකාරී ලෙස වලකපන්නේ" රුසියාව නො ව බටහිර බලවතුන් ය. ෆැසිස්ට් බලවේග සමඟ සමීප ව වැඩ කරමින් 2014 මුල් කාලයේ යුක්රේනයේ රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච්ට එරෙහි කුමන්ත්රනයක් සංවිධානය කලේ වොෂින්ටනය හා බර්ලිනය යි. ජර්මනිය එවක් පටන්, බොහෝ සෙයින් ආරක්ෂනවාදී වන රුසියාවේ ප්‍රතික්‍රියාව භාවිතා කොට තිබෙන්නේ, තම මිලිටරිය ක්රමානුකූල ව තරකිරීමට හා ප්‍රහාරය කරා ඉදිරියට යාමට ය.
ආරක්ෂක වියදම් යුරෝ බිලියන 130කින් වැඩිකොට හමුදාව අවම වසයෙන් සොල්දාදුවන් 7,000කින් වැඩි කිරීමට පසුගිය සති කිහිපය තුල ගත් තීරන හුදු ආරම්භය පමනි. ජර්මානු ආන්ඩුවේ ප්‍රකාශිත අරමුන, නැටෝවට අවශ්‍ය ආකාරයට මිලිටරි පිරිවැය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක් කරා ක්‍රමයෙන් වැඩි කිරීම යි. ජර්මනියේ ආරක්ෂක අයවැය “ 2024 වසර ඉලක්කය ලෙස තබාගෙන වසරින් වසර යුරෝ බිලියන පහහමාරකින් වැඩි කරනු" ඇතැයි ඩර් ස්පීගල් නමැති සතිපතා සඟරාව නිගමනය කලේ ය. “අවසානයේ මහාද්වීපයේ විශාලතම මිලිටරි බලය බවට ජර්මනිය පත්වනු ඇත. සියලු යුරෝපීය අසල්වැසියන් එයට කැමති වනු නැත" යයි සඟරාව නිගමනය කලේ ය.
වර්තමානයේ දී ජර්මානු ආක්රමනශීලී පිලිවෙතට එක්සත් ජනපදය සහය දෙයි. ජර්මානු මිලිටරිවාදයේ ප්‍රත්‍යාගමනය ගැන නිව් යෝක් ටයිම්ස් පත්‍රය ප්රශස්තියක් පලකලේ පසුගිය සති අන්තය තරම් මෑත දී ය. “දෙවන ලෝක යුද්ධයේ සන්ත්‍රාසයේ පටන් දශක ගනනක් ගත වී තිබේ. එහෙත්, අවසානයේ, යුරෝපා සංගමයේ සැබෑ නායකයා ලෙස ජර්මනියේ භූමිකාවට මිලිටරිමය මානයක් අවශ්‍ය බව බර්ලිනයේ අද්‍යතන මිතුරන් මෙන් ම මත් තේරුම් ගනිමින් සිටින බව පෙනේ" යනුවෙන් එය ලිවී ය. ටයිම්ස් පත්‍රය කියන්නේ “මේ සියල්ල ඉකමනින් සිදුවනු නැති" බව යි. “එක්සත් ජනපදයට ද ජර්මනියේ ම ආරක්ෂක විශේෂඥයන් ඇතුලු අනෙක් අයට ද අවශ්‍ය කරන්නේ මහාද්වීපයේ ආරක්ෂාව හා විදෙස් මෙහෙයුම් පුලුල් කිරීම සඳහා ජර්මනිය බොහෝ දේ කලයුතු බව යි."
බර්ලිනය දැනට සිය ආරක්ෂක වියදම් වැඩි කරන්නේ නැටෝවේ රාමුව යටතේ වන අතර තම භටයන් නැගෙනහිරට යවමින් සිටින්නේ රුසියාවට විරුද්ධ එක්සත් ජනපද ප්‍රහාරයේ කොටසක් ලෙස වුව ද යුරේසියාව මෙන් ම මැද පෙරදිග හා අප්‍රිකාව පාලනය කිරීමට අනාගතයේ ඇතිවන ගැටුම්, පලමු හා දෙවන ලෝක යුද්ධවලට පෙරාතුව ඇති වූ වර්ගයේ අන්තර් අධිරාජ්‍යවාදී ප්රචන්ඩ ආතතීන්ට හා ගැටුම්වලට තුඩුදෙනු ඇති ය යන්න නිසැක ය.
දෛනික ව්‍යාපාරික පුවත්පතක් වන හැන්ඩල්ස්බ්ලාට්හි මැයි 17 දා පලකල ජෝසෆ් බ්රැම්ල් විසින් සම්පාදිත ජර්මානු විදේශ සබඳතා කවුන්සිලයේ මූලෝපායික ලිපියක් “වඩා හොඳින් ලෝකය පාලනය කිරීම සඳහා එය කන්ඩායම් වලට බෙදන රෝමානු අධිරාජ්‍යයේ ආදර්ශය" අනුගමනය කරන්නේ යයි එක්සත් ජනපදයට චෝදනා කරයි. කතුවැකිය කුලුගැන්වුනේ මෙම ඇනවීම සමගයි: “යුරෝපය ද විශේෂයෙන් ම තමන්ගේ ම අවශ්‍යතා සහිත ප්රමුඛ යුරෝපීය බලය වන ජර්මනිය ද සතුරා පිලිබඳ එක්සත් ජනපදයේ වඩා පැහැදිලි ආකල්පය සඳහා සූදානම් විය යුතු ය." මැයි මස අග ඩී සයිට්හි “ඔබාමා හා ට්‍රම්ප් එකතු කරන්නේ කුමකින් ද" නමැති ලිපියක් ලියූ තියෝ සොමර් යුරෝපයේ සිටින ඇමරිකානු හමුදාවන්ට විරුද්ධ ව දෝෂාරෝපනය කලේ ය. එකදිගට ම ඇමරිකානු හමුදා යුරෝපයේ රැඳී සිටින්නේ “එහි ආරක්ෂාවට නො වේ" යයි ඔහු ආඩපාලි කීවේ ය. “එම හමුදා සිටීමේ කුඩා ම හේතුව, රුසියාව වලකැපීම වන අතර අන් සියල්ල එල්ල කෙරී ඇත්තේ, ලෝකයේ අනෙක් තැන්වල ඇමරිකානු අවශ්‍යතා ආරක්ෂා කිරීමට හෝ අවධාරනය කිරීමට ය."
“ඉතාලියේ, ස්පාඤ්ඤයේ, ජර්මනියේ හා තුර්කියේ වරායවල්, ගුවන් කඳවුරු, රෝහල් හා අනදෙන මධ්‍යස්ථාන නොමැති ව, එනම් යුරෝපය තුල ප්‍රමුඛස්ථානයන් නොමැති ව, ඇමරිකානුවන්ට මැද පෙරදිග, මධ්‍යධරනී කලාපයේ හා ආක්ටික් මුහුදේ ක්‍රියාකාරී විය නො හැකි වනු ඇතැ"යි සොමර් තවදුරටත් ලිවී ය. අප්‍රිකාවටත් එය ම අදාල වන අතර “ඇමරිකාවේ අප්‍රිකානු මෙහෙයුම් කඳවුර ස්ටුට්ගාට්හි පිහිටුවා ඇත්තේ මන්දැ" යි යමෙකුට ප්‍රශ්න කල හැකි යයි ද ඔහු සඳහන් කලේ ය.
සතිපතා පලකෙරෙන ලිබරල් ප්රකාශනයක් වන ඩී සයිට්හි දීර්ඝ-කාලීන කර්තෘ වන සොමර් හා එක්සත් ජනපද නියෝජිත සභාවේ හිටපු නෛතික උපදේශකයෙක් වන බ්රැම්ල් සාම්ප්‍රදායික ව අන්තර් අත්ලාන්තික දිශාවනතියක් සහිත අය වෙති. ඔවුන්ගේ කතුවැකි වනාහි, අධිරාජ්‍යවාදී ලෝකය යලි බෙදීම නව හා භයානක තලයකට ඇතුලු වෙද්දී, මතුපිටට යටින් පශ්චාත් යුද මිතුරන් අතර වර්ධනය වන භයානක ආතතීන් පිලිබඳ ඉඟියකි.
ජොහැන්නස් ස්ටර්න්
Follow us on