ෆ‍්‍රැන්ක්ෆට් ගුරුකුලය, පශ්චාත් නූතන වාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් කෘතියේ පෙරවදන
Foreword to The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critique
ඩේවිඩ් නෝර්ත් විසිනි, 2015 ජූලි 23
තුන්වන කොටස
ෆ‍්‍රැන්ක්ෆට් ගුරුකුලය, පශ්චාත් නූතන වාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් නමැති සිය නවතම කෘතියට ඬේවිඞ් නොර්ත් විසින් ලියනලද පෙරවදන කොටස් තුනකින් මෙහි පල කරයි. මෙම The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critiqueපොත මෙහ්රිංග් පොත්හලෙන් ලබාගත හැකිය.
***
ස්ටයිනර් හා බ්‍රෙනර්ගේ “අත්දැකීම” පිලිබඳ අවස්ථාවාදී න්‍යායයේ දේශපාලන බංකොලොත්කම පසුකාලීන වර්ධනයන් මගින් හෙලිදරවු කරනු ලැබ ඇත. ඔවුන්ගේ මංමුලාවට හා දේශපාලනික යටත් වීමට ඇලෙක්සිස් සිප්රාස් වන්දිය ගෙව්වේ, අන්ත දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂයක් වන ස්වාධීන ග‍්‍රීක පක්ෂය සමග සංධානගත ව ආන්ඩුවක් තනමිනි. ඉන්පසුව සිප්රාස්, යුරෝපා සංගමයේ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ ව සිරිසාව දී තිබුනු සෑම පොරොන්දුවක් ම කඩකිරීමේ පිලිවෙතක් ඔස්සේ ගමන් කලේය.
සිරිසාවේ පාවාදීම
යුරෝපා සංගමයේ නියෝගවලට තම ආන්ඩුවේ යටත් වීම දේශපාලනිකව වසං කිරීම සඳහා සිප්රාස් විසින් 2015 ජූලි 5දා පැවැත්වූ ජනමත විචාරනය මෙම පාවාදීමේ කූටප‍්‍රාප්තිය විය. කප්පාදු පියවරවලට විරුද්ධ බව කියා සිටිමින් යන්තම් මාස පහකට පෙර බලයට පත් සිරිසා ආන්ඩුවට, තමන් යුරෝපා සංගමයට යටත් විය යුතු ද නැද්ද යන්න තීරනය කිරීම සඳහා ජනමත විචාරනයක් කැඳවීමට යුක්ති සහගත හේතුවක් නැති බව පෙන්වමින් ජාත්‍යන්තර කමිටුව මෙම උපාමාරුව හෙලා දැක්කේ ය. යථාර්ථයේ දී සිප්රාස් කලේ, යුරෝපීය අධිරාජ්‍යවාදයට හා ග‍්‍රීක පාලක ප‍්‍රභූවේ එහි මිතුරන්ට, කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට නැගීමේ වගකීමෙන් සිරිසාව නිදහස් කිරීම සඳහා තම ආන්ඩුව බලයෙන් පහ කිරීමට අවස්ථාව සලසා දීමකි.
විය හැකිව තිබූ පරිදි ම, සිප්රාස්ගේ උපාමාරුව පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ හෙලිදරවු කිරීමෙන් කෝපයට පත් බ්‍රෙනර්, සිප්රාස්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් විය. සිරිසාව, “ග‍්‍රීක ජනතාව දෙසට හැරී තව තවත් කප්පාදු වලට පක්ෂ ද විපක්ෂ ද යන්න තීන්දු කරන ලෙස ඉල්ලා ඇත... මෙය වනාහි ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තමන් කී දේ කල දුර්ලභ අවස්ථාවන්ගෙන් එකකි” (1) යි හෙතෙම ලිවීය.
බ්‍රෙනර් එතරම් ම කටුක ලෙස විරෝධය පලකල, ජාත්‍යන්තර කමිටුවේ අනතුරු ඇඟවීම් ඉක්මනින්ම සනාථ විය. සිප්රාස් පෙර නොදක්නා ලද හා අකැමති වූ දැවැන්ත “නැත” යන ඡන්දයෙන් තැති ගත්තේය. බ්රිතාන්‍යයේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ ජාත්‍යන්තර ව්‍යාපාරික කර්තෘ ඇම්බ්‍රොස් එවන්ස්-ප‍්‍රිට්චාඞ් විසින් ලියන ලදු ව, 2015 ජූලි 8දා පලකල ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂනය තහවුරු කලේ ය:
විදේශීය පාලනයට එරෙහි ප‍්‍රබල ජාතික කැරැල්ලකට නායකත්වය දීම කෙසේ වෙතත් ග‍්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්රාස්, ආර්ථික හා මූල්‍ය සංගමයේ ඇප කොන්දේසි පිලිබඳ ව ඉරිදා පැවැත්වූ ජනමත විමසුමෙන් ජයගැනීමට පවා කිසිවිටෙක අපේක්ෂා නො කලේ ය.
ඔහු හදිසියේම ජනමත විචාරනය කැඳවූයේ එය පරාජය වනු දැකීමේ අපේක්ෂාව හා අභිලාෂය ඇතිව ය. සැලැස්ම වූයේ හොඳ සටනක් දී, ගෞරවාන්විතව පරාජය පිලිගෙන, යුරෝපීය ආයතනවල ජුනි 25 “අවසන් නිවේදනය” ක‍්‍රියාත්මක කිරීම සඳහා අනෙකුත් අයට ඉඩ ලබාදෙනු පිනිස, මැක්සිමෝ මාලිගාවේ යතුරු භාර දී පරිභවය විඳ ගැනීම යි. (2)
යුරෝපා සංගමය සමග සාකච්ඡාවලට නායකත්වය දුන් සිරිසාවේ හිටපු මුදල් ඇමති යානිස් වරුෆාකිස්, ගාඩියන් පුවත්පත 2015 ජූලි 14දා පල කල හමුවක දී, එවන්ස්-ප‍්‍රිට්චාඩඞ්ගේ වාර්තාව සනාථ කලේ ය. “අගමැතිවරයා ද සිතන්නට ඇතැයි මා විශ්වාස කල පරිදි, මා සිතාගෙන සිටියේ, අපගේ සහයෝගය හා නැත යන ඡන්දය පුලුල්ව නැගීඑන වේගයකින් මැකී යනු ඇත කියා ය”යි වරුෆාකිස් ගාඩියන් පුවත්පතට කීවේ ය. සිරිසාවේ දන ගැසීමෙන් වාසිය ලබනු ඇත්තේ ගෝල්ඩන් ඩෝන් නමැති ග‍්‍රීක ෆැසිස්ට්වාදී පක්ෂය බව ද ඔහු කීවේ ය. “ගෝල්ඩන් ඩෝන් පක්ෂය තවත් ශක්තිමත් වීම මිස වෙනත් ප‍්‍රතිඵලයක් මට දැකගත නො හැක.” (3)
ස්ටයිනර් හා බ්‍රෙනර්, සිරිසාව විසින් ග‍්‍රීක කම්කරු පන්තිය පාවා දෙනු ලැබීමට ප‍්‍රතිචාර දැක්වූයේ, සිරිසාව හා එහි නායක ඇලෙක්සි සිප්රාස් හෙලා දකිමින් නො ව, ලෝක සමාජවාදී වෙබ් අඩවියට එරෙහි වඩ වඩාත් කර්කශ ප‍්‍රහාර එල්ල කරමිනි. ලෝසවෙඅ සිදු කල අපරාධය නම්, “ජනතාවගේ දේශපාලන විඥානය ඉහල දැමීම සඳහාත්, වඩා විශාල පිරිසක් විප්ලවීය සමාජවාදය වෙත දිනා ගැනීමට ඉඩ සැලසීම සඳහාත්, සිරිසා ආන්ඩුව පිලිබඳ අත්දැකීම එකහෙලා ප‍්‍රතික්ෂේප කිරීම යි.” (4) මෙම විකාර සහගත තර්කය අප යොමු කරන්නේ, කම්කරු පන්තිය අවමංගත කොට දිරිසුන් කරන දේශපාලන පාවාදීම්, විඥානයේ වර්ධනය සඳහා කරන ධනාත්මක ප‍්‍රතිපදාන ලෙස නිගමනය කොට සාදරයෙන් පිලිගැනීම කරාය. පාවදීම් වැඩිවන තරමට හොඳ ය! මෙම පාවාදීම් ගෝල්ඩන් ඩෝන්හි ජයග‍්‍රහනයට මග පෑදුවහොත් සිදුවනු ඇත්තේ කුමක් ද? ස්ටයිනර් හා බ්‍රෙනර්ගේ දේශපාලන තර්කනය අප පිලිගන්නේ නම්, එය ද විඥානය ඉහල දමන තවත් වටිනා අත්දැකීමක් වනු ඇත! ඔවුන්ගේ විඥානය පිලිබඳ න්‍යායයට අනුව, “සමාජවාදීන්ගේ” කර්තව්‍යය වන්නේ කම්කරු පන්තිය පාවාදෙන පක්ෂ කෙරෙහි මිථ්‍යාවන් දිරිගැන්වීම යි. අයෙක් “කම්කරුවන්ගේ අත්දැකීම් සමග සිටගත” යුතු ය. (5) ග‍්‍රීසිය තුල ප‍්‍රතිගාමීත්වය ජයගතහොත්, මැන්හැටන්හි ස්ටයිනර් හා ටොරොන්ටෝහි බ්‍රෙනර් නිසැක ව ම කම්කරුවන් සමග “සිටගනු” ඇති අතර ඔවුන් එසේ කරනු ඇත්තේ ඇතැන්ස්හි සිට සැතපුම් 5,000ක පමන ආරක්ෂා සහිත දුරක සිට ය.
සිය දිරිසුන්කම තවත් අනාවරනය කරන ප‍්‍රකාශයක් තුල බ්‍රෙනර් මුග්ධ ලෙස මෙසේ පවසයි: “විප්ලවවාදී දේශපාලනයේ දී සත්‍යය ප‍්‍රකාශ කරමින් සිටීම පමනක් සෑහෙන්නේ නැත.” (6) පිලියම් කල නො හැකි ලෙස නරුමත්වයෙන් දූෂනයවූ, සමාජවාදයට තමන්ගේ සියලු බුද්ධිමය හා සදාචාරාත්මක බැඳීම් අත්හල පුද්ගලයෙකුට පමනක් මෙම වචන ලිවිය හැක. මාක්ස්වාදය හා සකල වර්ගයේ ප‍්‍රගතිශීලී චින්තනය හා සංස්කෘතිය ආවේශ ගැන්වෙන්නේ, සත්‍යයට වඩා ප‍්‍රබල කිසිවක් නැත යන ඒත්තුගැනීමෙනි. තම පැවැත්ම සඳහා ධනවාදය බොරු මත පදනම් වන යුගයක සත්‍යය සඳහා කරන අරගලයේ යෝධ දේශපාලන අර්ථභාරය මත හතරවන ජාත්‍යන්තරය යොදන අවධාරනය හේතුවෙන්, සමාජවාදය සමග යම් සබඳතාවක් ඇතැයි කියා සිටින ව්‍යාපාර ද ඇතුලු අනෙකුත් සියලු දේශපාලන ව්‍යාපාරවලින් එය වෙන් වේ. 1937 දී ට්‍රොට්ස්කි වඩාත් ප‍්‍රබල ලෙස මෙසේ ප‍්‍රකාශ කලේ ය: “තර්ජන, චෝදනා හෝ (නිදහස) උල්ලංඝනය කිරීම මගින් අප නවතාලිය නො හැක! එය සුදුපැහැ ගැන්වෙන අපගේ අස්ථි මත තිබියදී පවා සත්‍යය ජයගනු ඇත! අපි එහි මං සලකුනු දීප්තිමත් ව දල්වන්නෙමු. එය ජයගනු ඇත!” (7) සියල්ලට මත් වඩා කම්කරු පන්තියට සත්‍යය ප‍්‍රකාශ කිරීම ලෙස අර්ථවත් වන සත්‍යය සඳහා අරගලය, මාක්ස්වාදී දේශපාලනයේ අත්‍යවශ්‍ය පදනම වන අතර එය සකලාකාර දේශපාලන අවස්ථාවාදයේ රූපාකාරයන් සමග නො පෑහේ.
ස්ටයිනර් හා බ්‍රෙනර් සිරිසාව ආරක්ෂා කිරීම, ඔවුන් ජාත්‍යන්තර කමිටුව හෙලා දැකීමට යටින් පවතින බුද්ධිමය අවිශ්වාසය, න්‍යායික වංචනිකත්වය හා දේශපාලනික දෙපිටකාට්ටුකම හෙලිදරවු කර ඇත. 2004 දී ඔවුන් තම ප‍්‍රහාරය ආරම්භ කලේ, ප්ලෙඛනොව්ගේ කාර්යභාරය කෙරෙහි මගේ ඉමහත් ගෞරවය තුලින් පැන නගින “වෛෂයිකවාදී” ප‍්‍රවනතා හා “අපෝහකය නො තකා හැරීම”, ජාත්‍යන්තර කමිටුවේ හුදු පැවැත්ම ම අනතුරේ හෙලන ආකාරයට මාක්ස්වාදී න්‍යායයෙන් පිටමංවීමක් යයි චෝදනා කරමිනි. මගේ “වෛෂයිකවාදය” පිලිබඳ ඔවුන්ගේ විවේචන පිලිගැනීමට අසමත් වීම මගින් විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස ජාත්‍යන්තර කමිටුවේ පැවැත්ම අවසන් ව ඇතැයි ඔවුහු 2007 වනවිට නිගමනය කොට තිබුනි. ඔවුන්ගේ උද්ඝෝෂනය ආරම්භ කිරීමෙන් දශකයකට පසුව දැන්, ස්ටයිනර් හා බ්‍රෙනර් වැඩකරන්නේ, කම්කරු පන්තිය බිහිසුනු ලෙස පාවා දී ඇති සුලු ධනේශ්වර දේශපාලනඥයන්ගේ ආසක්ත සහචරයින් ලෙස ය.
සවාස් මයිකල්-මට්සාස්ගේ පුනරාගමනය
දේශපාලනය උපහාසයන්ගෙන් පොහොසත් ය. තවමත් ජාත්‍යන්තර කමිටුව කෙරෙහි පක්ෂපාතීත්වය ප‍්‍රකාශ කරමින් සිටි 2004 දී, ස්ටයිනර් ලියූ ආරම්භක විවාදාත්මක ලිපිය තුල ඔහු කියා සිටියේ, ජෙරී හීලිගේ “අපෝහකය පිලිබඳ ග‍්‍රාම්‍යකරනය” පිලිබඳ ව ජාත්‍යන්තර කමිටුවේ විවේචනයෙහි වැදගත්කම තමන් හඳුනාගත් බව යි. “ජාත්‍යන්තර කමිටුව පූර්න විනාශයකින් වලක්වාලීය යන අරුතින්, 1985 දී හීලි සමග සිදු වූ භේදය වැදගත් සැතපුම් කනුවකි.” (8) ඔහු පිලිගත්තේ ය.
එහෙත් ජාත්‍යන්තර කමිටුවට එරෙහි අරගලය හා සිරිසාව ආරක්ෂා කිරීමේ තර්කනය, ස්ටයිනර් හා බ්‍රෙනර් ගෙන ගොස් ඇත්තේ, 1985 දී කොන්දේසි විරහිත ව හීලිට සහාය දී ජාත්‍යන්තර කමිටුවෙන් බිඳුනු සවාස් මයිකල්-මට්සාස් සමග දේශපාලන සංධානයක් ඇතිකර ගැනීම දෙසට ය. ඔහු වනාහි හීලිට සහාය දැක්වූ එකම ජාත්‍යන්තර කමිටු ශාඛාව වන ග‍්‍රීසියේ කම්කරු ජාත්‍යන්තර සංගමයේ ජාතික ලේකම් ය. මයිකල්-මට්සාස් හීලිට සහාය පලකලේ පුද්ගලික පක්ෂපාතිත්වයක් නිසා නො ව, හීලිගේ අවස්ථාවාදී පිලිවෙත්, ග‍්‍රීසිය තුල ස්ටැලින්වාදී හා වාම ධනේශ්වර පක්ෂ සමග දේශපාලන සංධානයන් තනාගැනීමට මට්සාස්ම දැරූ උත්සාහය සමග සමීප ව බැඳී තිබුනු හෙයිනි. ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී ගිය පසු, මයිකල්-මට්සාස්, ට්‍රොට්ස්කිවාදය “වියුක්ත ප‍්‍රචාරකවාදයෙන්” හා “පරාජයන්ගේ භාවිතයෙන් හා හුදකලාවීමෙන්” මුදා ගන්නා ලද “හතරවන ජාත්‍යන්තරය සඳහා නව යුගයක්” ප‍්‍රකාශයට පත් කලේ ය. භාවිතයේ දී මෙම “නව යුගය” සමන්විත වූයේ, ග‍්‍රීසිය තුල ධනේශ්වර පැසොක් පක්ෂයට සහාය දීම, ස්ටැලින්වාදීන් සමග සංධානගතව සයිප‍්‍රසය තුල ධනේශ්වර ජනාධිපති අපේක්ෂකයෙකුට අනුමැතිය පල කිරීම හා මිහයිල් ගොර්බචෙව්ගේ පෙරස්ත්‍රොයිකා වැඩපිලිවෙල සෝවියට් සංගමය තුල “දේශපාලන විප්ලවයේ” ආරම්භය ලෙස වගවර්නනා කිරීමෙන්ය.
මයිකල්-මට්සාස් ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී තිස් වසරකට පසු, ස්ටයිනර් හා බ්‍රෙනර් සිය වෙබ් අඩවියේ අවකාශය, “කට්ටිවාදී” ජාත්‍යන්තර කමිටුව හෙලා දැකීම සඳහා භාවිතා කිරීම පිනිස ඔහුගේ සේවයට කැපකොට ඇත. හජාජාක හා ලෝසවෙඅ ට “සිරිසා නායකත්වයේ ධනේශ්වර ස්වභාවය ගැන යම් නිවැරදි දේවල් කිව හැකි නමුත් ඔවුන් සිරිසා ජයග‍්‍රහනයේ අර්ථභාරය නො සලකා හරී... මහජන ව්‍යාපාරය කෙරෙහි පවතින නො තැකීම නිසා කට්ටිවාදී කන්ඩායම් විවෘත වන අවස්ථාවන් කෙරෙහි අන්ධ වෙති.” (9) සියලූ දේශපාලන අවස්ථාවාදීන් මෙන් මයිකල්-මට්සාස් ද නායකත්වයේ පන්ති ස්වභාවය හා දේශපාලන ක‍්‍රියාමාර්ගය අර්ථ දැක්වීමකින් තොරවම “මහජන ව්‍යාපාරයට” වැඳ වැටෙයි.
මයිකල්-මට්සාස් ජාත්‍යන්තර කමිටුවෙන් බිඳුනු තැන් පටන් ඔහුගේ න්‍යායික සංකල්පවල පරිනාමය ගැන ඔහුගේ විකිපීඩියා සටහන අපට මෙසේ දන්වා සිටී:
“විප්ලවවාදී න්‍යාය හා මාක්ස්වාදය, ගැලවුම්කාරයාගේ හා යුදෙව් මිථ්‍යාපුරානයේ ඉදිරිදර්ශනයෙන් හා අනෙක් අතට යලි අර්ථකථනය කිරීමට” ඔහු ප‍්‍රයත්න දරමින් සිට ඇත. ඔහුගේ ආස්ථානය එක්කෝ “ආගමික අදේවවාදයක්” නැතහොත් “ගැලවුම්කාරයෙක් ගැන විශ්වාස නොකිරීම” ලෙස වර්ග කල හැක.(10)
මයිකල්-මට්සාස්ගේ “අපෝහකය ග‍්‍රාම්‍යකරනය” පිලිබඳ ව එකදු විවේචනාත්මක වචනයක් හෝ ස්ටයිනර්-බ්‍රෙනර් බ්ලොග් අඩවිය තුල යමෙක් සොයා නො ගනු ඇත. අප ජීවත්වන්නේ “පශ්චාත්-මාක්ස්වාදී” යුගයක ය යන සිරිසා දෘෂ්ටිවාදීන්ගේ කියමන් වලින් මෙන් ම, මාක්ස්වාදය තුලට කබලාගේ මධ්‍යකාලීන ගූඪවාදය රිංගවීමට මයිකල්-මට්සාස් දරන උත්සාහයෙන් ද ඔවුහු කරදරයට පත් නො වෙති. එහෙත් මගේ “වෛෂයිකවාදී” දර්ශනය, එනම් කම්කරු පන්තියේ අවශ්‍යතා අනාවරනය කොට ඉදිරිපත් කිරීම සඳහා ඓතිහාසික භෞතිකවාදී විශ්ලේෂනය උපයෝගී කරගැනීම, ස්ටයිනර්ට හා බ්‍රෙනර්ට ඉවසිය නො හැක.
අප යලිත් කිව යුත්තේ, ඔවුන්ගේ දර්ශනය ඔවුන්ගේ දේශපාලනය මෙහෙයවන්නේ නැති බව යි. ඒ වෙනුවට ඔවුන්ගේ දේශපාලනය තුල ප‍්‍රකාශිත වන පන්ති දිශානතිය හා සමාජ අවශ්‍යතා වලින් ඔවුන්ගේ ආත්මීය හා සාරසංග‍්‍රහවාදී දර්ශනවාදය පැන නගී.
ව්‍යාජ-වම පිලිබද අර්ථකථනයක්
සිරිසාවේ පාවාදීම ග‍්‍රීසිය තුල හා ජාත්‍යන්තරව අර්ථභාරී සැතපුම් කනුවක් සලකුනු කරයි. “වාමවාදී” වංචනික දෙඩවිලි හැරෙන්නට, සිරිසා වැනි සංවිධාන පැන නැගුනු සමාජ පරිසරයේ කිසිවක්, ඉතිරි ව නැත. තම කප්පාදු-විරෝධී ක‍්‍රියාමාර්ගය තමන් විසින් ම ප‍්‍රතික්ෂේප කිරීම, මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කොටස්වල දේශපාලන නියෝජිතයින් හා වැඩ කරන ජනතාවන් අතර නො පෑහිය හැකි ආගාධය අනාවරනය කොට තිබේ. සමාජ අවශ්‍යතාවන්ගේ මෙම වෛෂයික ඝට්ටනය, අවශ්‍ය දේශපාලනික යලිසන්ධානගත වීමක් පනගන්වනු ඇත.
ව්‍යාජ-වමට විරුද්ධ ව හැරෙනු ඇති කම්කරු පන්තියේ හා තරුනයන්ගේ දියුනු කොටස්, අව්‍යාජ සමාජවාදී හා මාක්ස්වාදී වාමාංශය කරා මාවත සොයා ගැනීමට වෙහෙසෙනු ඇත. සමාජ හා දේශපාලන බිඳී වෙන්වීමේ මෙම වෛෂයික ක‍්‍රියාදාමයට, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මැදිහත් වීම අවශ්‍ය ය. පාවා දුන්නවුන් කෙරෙහි හුදු කෝපය ප‍්‍රමානවත් නො වේ. කම්කරුවන්ගේ රැඩිකලීකරනයට හා පන්ති අරගලයේ තීව‍්‍ර වීමට, ඉහල මට්ටමේ දේශපාලන හා ඓතිහාසික විඥානයක් ඇතුලු කිරීමට මාක්ස්වාදීන් වෙහෙස දැරිය යුතු ය.
මෙම ක‍්‍රියාදාමයට ප‍්‍රතිපදානයක් ලෙසත් තමන්ගේ දේශපාලන සතුරන් හඳුනාගැනීමට කම්කරුවන්ට උදවු වීම සඳහාත්, අද්‍යතන ව්‍යාජ-වම පිලිබඳ ව අපි පහත දැක්වෙන ක‍්‍රියාකාරී අර්ථ දැක්වීම ඉදිරිපත් කරමු:
x ව්‍යාජ-වම යන්නෙන් හැඳින්වෙන්නේ, මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත හා සෞභාග්‍යමත් කොටස්වල සමාජ-ආර්ථික අවශ්‍යතා පෙරට ගෙන යාමට, ජනතාවාදී සටන් පාඨ හා ප‍්‍රජාතාන්ත‍්‍රික දෙඩවිලි උපයෝගී කරගන්නා, දේශපාලන පක්ෂ, සංවිධාන හා න්‍යායික/දෘෂ්ටිවාදාත්මක ප‍්‍රවනතා ය. එවැනි පක්ෂ හා ප‍්‍රවනතාවලට උදාහරන නම්, ග‍්‍රීසියේ සිරිසාව, ස්පාඤ්ඤයේ පොදේමොස්, ජර්මනියේ ඩි ලින්කේ වැනි ගනන් නැති හිටපු ට්‍රොට්ස්කිවාදී (එනම් පැබ්ලෝවාදී) අංකුර සහ ප‍්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය (එන්පීඒ), ශ‍්‍රී ලංකාවේ නව සම සමාජ පක්ෂය හා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි රාජ්‍ය ධනවාදී පක්ෂය. අරාජකවාදී හා පශ්චාත්-අරාජකවාදී ප‍්‍රවනතාවල බලපෑමට යටත් වූ “වාඩිලාගැනීමේ” ව්‍යාපාරවල සුන්බුන් හා ඒවායින් පැවත එන්නන් ද මෙම ලැයිස්තුවට ඇතුලත් කල හැකිය. ලොව පුරා විවිධාකාර සුලු-ධනේශ්වර ව්‍යාජ-වාම සංවිධාන කෙතරම් පැතිර ඇත් ද යත්, මෙය කිසිසේත් ම පරිපූර්න ලැයිස්තුවක් නො වේ.
x ව්‍යාජ-වම ප‍්‍රති-මාක්ස්වාදී වේ. ඓතිහාසික භෞතිකවාදය ප‍්‍රතික්ෂේප කරන ඔවුන් ඒ වෙනුවට, සාංදෘෂ්ටිකවාදය, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා අද්‍යතන පශ්චාත්-නූතනවාදය සමග අනන්‍ය වන ආත්මීය විඥානවාදයේ හා දාර්ශනික අහේතුකවාදයේ විවිධ රූපාකාර වැලඳ ගනී.
x සමාජවාද-විරෝධී හා පන්ති අරගලයට එරෙහි වන ව්‍යාජ-වම, සමාජයේ ප‍්‍රගතිශීලී පරිවර්තනය සඳහා විප්ලවයේ අවශ්‍යතාව හා කම්කරු පන්තියේ කේන්ද්‍රීය ක‍්‍රියාකලාපය ප‍්‍රතික්ෂේප කරයි. (11) ධනේශ්වර පද්ධතියට එරෙහි ව කම්කරු පන්තිය දේශපාලනික වසයෙන් ස්වාධීන ව සංවිධානය කිරීම හා මහජන බලමුලුගැන්වීමට විරුද්ධ වන ව්‍යාජ-වම, පන්තිවලට උඩින් පන්ති බෙදීම් රහිත ජනතාවාදය පිහිටුවයි. සාරාර්ථයෙන් ම ව්‍යාජ-වමේ ආර්ථික වැඩපිලිවෙල, ධනේශ්වර-ගැති හා ජාතිකවාදී වේ.
x ජාතිකත්වය, වාර්ගිකත්වය, ස්ත‍්‍රී-පුරුෂ භාවය හා ලිංගික යොමුව ආදියට සම්බන්ධ ගැටලු වලට ඇලී ගැලී සිටින ව්‍යාජ-වම, “අනන්‍යතා දේශපාලනය” ඔජවඩවන්නේ, ජනගහනයේ ධනවත් ම සියයට 10 අතර ධනය තමන්ට වඩා වාසි සහගත ආකාරයකට බෙදා හැරීමට, මහා සංගත, පාඨශාලා හා විශ්ව විද්‍යාල, ඉහල වැටුප් සහිත වෘත්තීන්, වෘත්තීය සමිති හා ආන්ඩුවේ හා රජයේ ආයතන ආදිය තුල වඩා වැඩි බලපෑමක් අත් කර ගැනීමේ අටියෙනි. ව්‍යාජ-වම තතනන්නේ සමාජ වරප‍්‍රසාද අහෝසි කිරීම වෙනුවට ඒවා වෙත වඩා වැඩි ප‍්‍රවේශයක් සඳහා මාවත පාදා ගැනීමට යි.
x උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය හා ඕස්ටේ‍්‍රලියාව යන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල දී අධිරාජ්‍ය-ගැති ව්‍යාජ-වම, නව
මෙහෙයුම් සාධාරනීකරනය කිරීමට මෙන් ම ඒවාට සහයෝගය දීමටත් “මානව හිමිකම්” පිලිබඳ සටන්පාඨ පිටුපස සැඟවෙයි.කම්කරු පන්තියට උගන්වා, සුලු ධනේශ්වර සංවිධානවල බලපෑමෙන් එය විමුක්ත කරගෙන, නූතන ධනවාදී සමාජය තුල කේන්ද්‍රීය ප‍්‍රගතිශීලී හා විප්ලවවාදී බලවේගය ලෙස එය ස්ථාපනය කිරීමට, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙනයන අරගලයේ දී, එය මුහුන දෙන විශේෂයෙන් තීරනාත්මක කර්තව්‍යයන් වන්නේ, ව්‍යාජ-වමේ පන්ති පදනම, පරිහානිගත න්‍යායික සංකල්ප හා එහි ප‍්‍රතිගාමී දේශපාලනය විශ්ලේෂනය කොට හෙලිදරවු කිරීම යි. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත්-නූතනවාදය හා ව්‍යාජ-වමේ දේශපාලනය, එම කර්තව්‍යය කරා ලඟා වන ප‍්‍රතිපදානයක් වෙතැයි අපේක්ෂා කෙරේ.
ඩේවිඩ් නෝර්ත්
ඩිට්‍රොයිට්, එම්අයි
2015 ජූලි 16
සටහන්
1. http://forum.permanent-revolution.org/2015/06/the-working-class-in-fantasy-and-reality.html
2. www.telegraph.co.uk/finance/economics/11724924/Europe-is-blowing-itself-apart-over-Greece-and-nobody-can-stop-it.html
3. http://www.theguardian.com/business/2015/jul/14/golden-dawn-will-be-strengthened-by-worse-austerity-yanis-varoufakis-warns
4. http://forum.permanent-revolution.org/2015/07/sectarianism-and-greek-working-class.html [මුල්කෘතියේ අවධාරනය]
5. එම
6. එම, (මුල්කෘතියේ අවධාරනය)
7. ලියොන් ට්‍රොට්ස්කි, I Stake My Life, ජීවිතය පරදුවට තබමි, (නිව් යෝක්: ලේබර් ප‍්‍රකාශන, 1977), 26 පිටුව
8. http://permanent-revolution.org/polemics/dialectical_path.pdf
9. http://forum.permanent-revolution.org/2015/01/for-revolutionary-intervention-in.html
10. https://en.wikipedia.org/wiki/Savas_Matsas
11. ”දැන් අර්බුදයට මුහුන දී ඇත්තේ, එක් සමාජයක සිට තවෙකකට පරිවර්තනය වීමේ ආරම්භක මොහොත ලෙස කැපිටල් ‘ආර්’ අකුර සහිත ව විප්ලවය තුල කම්කරු පන්ති භූමිකාවේ භවයේ කේන්ද්‍රීයත්වය සහිත සමාජවාදය පිලිබඳ සමස්ත සංකල්පය යි” යනුවෙන් Hegemony and Socialist Strategy (ආධිපත්‍යය (හෙජමොනිය) සහ සමාජවාදී මූලෝපාය) යන කෘතිය තුල අර්නස්ටෝ ලැක්ලාව් හා ෂන්තාල් මූෆ් ලිවී ය. (ලන්ඩන්: වර්සෝ, 2001), 2 පිටුව.
Follow us on