ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පත්වීම ගැන ඩේවිඩ් නෝර්ත් සැන්ඩියේගෝ හී දී සෙනග පිරි රැස්වීමක් අමත යි

David North addresses packed meeting in San Diego on the election of Donald Trump

අපගේ වාර්තාකරුවන් විසිනි, 2016 නොවැම්බර් 18

ඩොනල්ඩ් ට‍්‍රම්ප් තෝරා ගැනීමේ සැබෑ අර්ථය ද ගම්‍යයන් ද ගැන සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය ඇසීමට, සැන් ඩියේගෝ විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවට 150කට වැඩි පිරිසක් රොක්ව සිටියහ. ආසන සියල්ල පිරී තිබුන අතර ඇතම් ශිෂ්‍යයෝ ශාලාවේ පසු පස හිට ගෙන ද අනෙක් අය බිම වාඩි වී ද දේශනයට සවන් දුන්හ.

විශ්වවිද්‍යාලයේ ද සැන් ඩියේගෝ හි ද දේශපාලනිකව කැලඹුනු වාතාවරනයක් මධ්‍යයේ රැස්වීම පැවැත්වුනි. එදින ම, පාසල් හා උසස් විද්‍යාලවල ශිෂ්‍යයෝ දාහකට වඩා පන්ති වර්ජනය කර සැන්ඩියේගෝ නගරයේ පෙලපාලි පැවැත්වූහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘමන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත්, යුද්ධයේ සියවස් කාලක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද තල්ලුව, 1990-2016. නමින් මෑත දී පොතක් රචනා කලේ ය.

ඩේවිඩ් නෝර්ත් සැන් ඩියේගෝ හි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ රැස්වීම අමතමින්

මැතිවරනය ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිග්ගැස්සුනු පරිහානියේ නිමැවුමක් බව නෝර්ත් ඔහුගේ වාර්තාව තුල පැහැදිලි කලේ ය. ට‍්‍රම්ප් පාලනාධිකාරය ඇමරිකානු ඉතිහාසයේ අතිශය දක්ෂිනාංශික ආන්ඩුව වනු ඇතැ යි අනතුරු ඇඟ වූ නෝර්ත්, සහභාගී වූ තරුනයින්ට පැවසුවේ එලඹෙන වසරවල ඔවුන්ගේ ජීවිතවල ගමන් මග නීර්නය කරනු ලබන සිද්ධි මාලාවක් ආරම්භ කෙරී ඇති බව යි.

තමන් ට‍්‍රම්ප් සමග වැඩ කරනු ඇති බව පැවසීමට තදියම් වී ඇති ඩිමොක‍්‍රටිකයන්ගේ ප‍්‍රතිචාරය පෙන්වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා දේශපාලන සංස්ථාපිතය තුල කිසිදු කොටසක් නොමැති බව යැයි නෝර්ත් පැවසී ය. විශේෂයෙන් ම, ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් “සුදු කම්කරු පන්තිය” මත වරද පැටවීමට උත්සාහ කල ඩිමොක‍්‍රටික් හා ව්‍යාජ වාම මාධ්‍යයේ වර්ගවාදී කථාන්තරවලට ඔහු පහර දුන්නේ ය.

“2016 ජනාධිපතිවරනය පිලිබඳ වර්ගවාදී කථාන්තරය මූලිකව ම මුසාවාදයක්” යයි නෝර්ත් පැවසී ය. “මැතිවරනය ‘සුදු මහානුභාවයේ’ නැතහොත් ‘සුදු කම්කරු පන්තියේ’ නිර්මිතයක් ලෙස දැකීමේ උත්සාහය ඡන්ද පාවිච්චියේ සත්‍ය ස්වභාවය මගින් නිෂ්ප‍්‍රභා කෙරේ. මෙම අනන්‍යතා පාදක කථාන්තරයේ පදනම ඇත්තේ ඉහල මධ්‍යම පන්තිය තුල යි, පොහොසත් ඡන්දදායකයින් රිපබ්ලිකානුවන්ගෙන් ඉවත්වී ඩිමොක‍්‍රටිකයන් වෙතට පැති මාරු කිරීමෙන් මෙය පෙන්නුම් කෙරෙනවා”.

ට‍්‍රම්ප්ගේ මුලු ඡන්ද සංඛ්‍යාව මීට පෙර රිපබ්ලිකානු අපේක්ෂකයින්ට ලැබුනු සංඛ්‍යාවන්ට සමාන කල හැකි අතර ක්ලින්ටන්ගේ ඡන්ද නාටකාකාර ලෙස වැටී ඇතැ යි යන කාරනය ගැන නෝර්ත් සංඛ්‍යා ලේඛන හා ලිඛිත සාක්ෂි ගෙන හැර දැක්වී ය. මිලිටරිවාදය, සෝලි ඇවිස්සීම, හා අනන්‍යතා දේශපාලනය එක්කරන දක්ෂිනාංශික උද්ඝෝෂනයක් ගෙන ගිය ක්ලින්ටන්ට ඡන්දය දීම සඳහා සියලු වර්ගයන්ට අයත් කම්කරුවන්ට හේතුවක් නො තිබුනි.

“පන්ති කාමර ශුද්ධ කරමින් පැයකට ඩොලර් 10ක් උපයන, මෙම විශ්වවිද්‍යාලයේ වැඩ කරන කාන්තාවක්, හිලරි ක්ලින්ටන්ගේ වීදුරු සිවිලිම ගැන තැකිය යුත්තේ ඇයි? ජීවිකාව සඳහා පිරිසුදු කල යුතු ගෙබිම් දෙස බලාගෙන සෑම රාත්‍රියක් ම ගත කරන නිසා ඇයට වීදුරු සිවිලිමක් දැකීමට පවා අවස්ථාවක් නැතැයි” නෝර්ත් පැවසීය.

දේශපාලන විද්‍යාව හදාරන නවක ශිෂ්‍යාවක වන කැතරීන් රැස්වීමෙන් පසු මෙසේ පැවසුවා ය, “දේශනය ඉතා හොඳින් කෙරුනා යයි මම ඇත්තට ම හිතනවා, එමෙන් ම ට‍්‍රම්ප්ගේ පත්වීම වාර්ගික කාරනයක් නො වේ යැයි පෙන්වීමට ප‍්‍රස්තාර බොහෝ ප‍්‍රයෝජනවත් වුනා.”

“බොහෝ බලාපොරොත්තු ඇතිව මම ඡන්දෙට ගියේ නෑ. ක්ලින්ටන් ඉතා යහපත් අන්දමින් කාන්තාවන් සිත්තම් නො කල ද මම දේශපාලනයට ඒමට උනන්දු යි. ඇය අපට ඇති කලේ නරක ම තත්වයකි, මැතිවරනය තනිකරම වර්ගය හෝ ලිංගිකත්වය මත පදනම් කිරීම බේදකාරී යයි මම මේ දේශනයෙන් ඉගෙන ගත්තා.”

දේශනයෙන් පසු, කැතරීන් මෙසේ ද පැවසුවා ය, “ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් ගැන දැන් මට කනගාටු යි. ඔවුන්ට තමන්ගේ අව්‍යාජ අදහස් ඉදිරිපත් කරන්න බෑ, මොක ද ඔවුන් නොදැනුවත්ව සහයෝගය දුන්නේ ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී නො සිටින අපේක්ෂකයෙකුට නිසා. තමන්ගේ ජීවිත මුලුමනින්ම පරිහානියට යනවා ඔවුන් දැක්කා, ඒක යි ඔවුන් ට‍්‍රම්ප්ට ඡන්දය දුන්නේ, ඒ වගේ ම ඔවුන්ට ක්ලින්ටන්ට ඡන්දය දෙන්න පුලුවන් කමත් තිබුනේ නැත්තේ ඇය සංස්ථාපිතය නියෝජනය කල නිසා.”

චාල්ස්

සැන්ඩියේගෝ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථිකයෙකු මෙන් ම විශ‍්‍රාමලත් පුහුනුකරුවෙකු හා ගුරුවරයෙකු වන චාල්ස් මෙසේ පැවසී ය, “මම හිතන්නේ මැතිවරන විද්‍යාල ක‍්‍රමය ඓතිහාසික ක‍්‍රමවිරෝධයක් කියලා, එයට තව දුරටත් අරමුනක් නෑ. ජාතිකවාදය ධනේශ්වර දෘෂ්ටිවාදයක් වන්නේ කෙසේ දැ යි පැහදිලි කරමින් කලු ජීවිත වටී යන ව්‍යාපාරය හා අනන්‍යතා දේශපාලනය අවධානයට යොමු කිරීම තුල නෝර්ත් ඉතා නිර්භීත යයි මා සිතුවා.

“මෙරට සැබෑ ප‍්‍රශ්න වන්නේ සෞඛ්‍ය පහසුකම්, යහපත් නිවාස හා අධ්‍යාපනය යි. මම වැඩි වැඩියෙන් සෞඛ්‍යය සඳහා ගෙව්වා, මට ලැබුනේ වඩ වඩා අඩුවෙන්, ඒ නිසා මම එය අතහැර දැමුවා. ට‍්‍රම්ප් දිනූ අවස්ථාවේ අනෙක් සෑම අයෙකු මෙන් ම මම ද කම්පා වුනා. මම ඔහුගේ රැස්වීමකට ගිහින් ආපසු ආවේ කිසිම උද්වේගයක් නැති ව. මෙයා (නෝර්ත්) දහ ගුනයක් හොඳට කතා කලා. ට‍්‍රම්ප් කිසිදාක මොන ම ප‍්‍රශ්නයක් ගැනවත් කතා කලේ නෑ. නිව් යෝක් ටයිම්ස් ඔහුට කිව්වේ ‘බාල අශිෂ්ටත්වය’ කියලා, ඒත් ඒක හැම කෙනෙක් ම දන්නවා.

“නෝර්ත් සිත් ගන්නා සුලු දේශකයෙක්. පුස්තකාලයේදී මම දැක්කා රැස්වීම ගැන පෝස්ටරයක්, ආව එක ගැන මට සතුටු යි.”

Share this article: