“මිහිසර වියමන”: කරදියාන කසල රඳවනයට එරෙහි මහජන විරෝධය සමහන් කිරීමේ ප්‍රෝඩාවක්
දයානන්ද රත්නායක සහ දේහින් වසන්ත විසිනි, 2017 අගෝස්තු 31
පසුගියදා 17 වැනිදා, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින්, පිලියන්දලට ආසන්නව පිහිටි කරදියාන කසල රඳවනය, “මිහිසර වියමන සම්පත් කලමනාකරන මධ්‍යස්ථානය” ලෙස නම් කලේය. කසල භාවිතයෙන් විදුලි ජනනය කිරීම කලමනාකරනයේ ප්‍රධාන අරමුනක් බව ද, ෆෙයාවේ වේස්ට් මැනේජ්මන්ට් පුද්ගලික ආයතනය සහ නාගරික සංවර්ධන අධිකාරිය මෙයට අනුග්‍රහය දක්වන බවද ආන්ඩුව පවසයි. මෙය අන් කිසිවක් නොව නිසි කලමනාකරනයකින් තොරව කොලඹ නගරයේ කසල තම ප්‍රදේශයට බැහැර කිරීමට ගත් තීරනයට එරෙහිව කරදියාන නිවැසියන් අතර වැඩුනු විරෝධය සමහන් කර එම තීරනය කි‍්‍රයාත්මක කිරීමට ආන්ඩුව ගත් ප්‍රෝඩාකාරී පියවරකි.
මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් ඇතිවූ ව්‍යසනයත් සමගම පැනනැගි මහජන විරෝධය මධ්‍යයේ, දෛනිකව කොලඹ නගරසභා බල ප්‍රදේශයේ එක්රැස්වන කසල මෙටි්රක් ටොන් 350 ක් පමන කරදියාන කසල අංගනයට ට බැහැරකිරීමට කොලඹ මහනගර සභාවට අවසර ලබා දෙමින්, කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරනය අපේ‍්‍රල් 18 වැනිදා නියෝගයක් නිකුත් කලේය. පැනනැගි මහජන විරෝධය හමුවේ මෙම නියෝගය කි‍්‍රයාත්මක කිරීම ව්‍යර්ථ වී ගිය නමුදු නව පියවර යටතේ එය කි‍්‍රයාත්මක කිරීම ආන්ඩුවේ අරමුනයි.
අනෙකුත් පලාත් පාලන බල ප්‍රදේශ කීපයකින් සහ කොලඹ නගරයෙන් රඳවනයට දෛනිකව බැහැර කෙරෙන දැවැන්ත අපද්‍රව්‍ය ප්‍රමානයෙන් කෙතරම් ප්‍රතිශතයක් යෝජිත නව ව්‍යාපෘතිය මගින් කලමනාකරනය කෙරේද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් නොකෙරී ඇති තතු යටතේ, දිවයිනේ අනෙකුත් කසල කලමනාකරන ව්‍යාපෘති වලදී මෙන්ම, මෙහිදී ද, ඉතා කුඩා ප්‍රතිශතයක් පමනක් කලමනාකරනය කෙරී කසල කඳු ගැසෙනු ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙයට වසර 16 කට පෙර පමන පෙර අක්කර 14 ක ප්රමානයකින් ආරම්භ වී ඇති කරදියාන කසල රඳවනය මේ වන විට අඩි සියයකට වඩා උසැති කන්දක් ලෙස ගොඩගැසී අක්කර 40 පමන දක්වා වූ ප්‍රදේශයක පැතිර පවතී. ආරම්භයේ සිටම එයට ප්‍රදේශ වාසීන්ගේ දැඩි විරුද්ධත්වය එල්ල වුවද එකී විරෝධතාවයන් අධිකරන නියෝග හා මෘග පොලිස් මර්දනයන් මගින් තලා දැමීමට පැවති සියලූ ආන්ඩු කටයුතු කොට ඇත.
කරදියාන, මීට වසර 20 කට පමන පෙර මනරම් වනාන්තරයකින් හා සුන්දර වෙල්යායකින් යුතු ප්රදේශයක්ව පැවති බව ප්‍රදේශවාසීහු පවසති. බොල්ගොඩ ගග සහ වේරුස්ස ගඟ කරදියාන හරහා ගලා එන අතර අවේනික කුරුලූ විශේෂ සහ මත්ස්‍ය විශේෂ මෙය සුලභව දකින්නට තිබී ඇත. එකල මුහුදු ජලය ගොඩගලා ප්‍රදේශයේ එක් රැුස්වූ බැවින් කරදියාන ලෙස නම් කෙරී ඇති අතර මත්ස්‍ය කර්මාන්තය ද ප්‍රදේශයේ පැවත තිබේ.
කසල ගොඩගැසීම ආරම්භ වීමත් සමග මේ තත්ත්වය සම්පූර්නයෙන්ම වෙනස් වී තිබේ. කුනු කන්ද හේතුවෙන් දැන් බොල්ගොඩ සහ වේරැුස්ස ගෙඟහි ජලය අපවිත්‍රව කලූපැහැ ගැන්වී ඇත. බොල්ගොඩ ගඟට ගලා බසින වේරැුස්ස ගඟට මායිම් කඩොලාන පරිසරයක අක්කර 37ක භුමි භාගයක් පුරා අඩි සියයක් පමන උසට කුනු කඳු දෙකක් මේවනවිට ගොඩගැසී තිබේ. දිනකට ගෙනෙනු ලබන මෙටි්රක් ටොන් පන්සියයක පමන අපද්‍රව්‍ය ප්‍රමානයෙන් මේවනවිට කොම්පෝස්ට් බවට පත්කරන්නේ සියයට පහක් පමන ප්රමානයකි. ඉතිරි ප්‍රමානය විවෘත කුනුකන්දට දැමීම සිදු කෙරයි.
නිසි කලමනාකරනයකින් තොරව අපද්‍රව්‍ය ගොඩගැසීම නිසා ප්‍රදේශයේ ජීවත්වන තුන් දහසක් පමන වන මහජනතාවගේ ජීවිත පමනක් නොව මෙම වැදගත් පරිසර කලාපය ට ද තර්ජනය එල්ල වී ඇත. කුනු කන්ද හේතුවෙන් පාවිච්චියට ගැනීමට නොහැකිව අතහැර දමා ඇති ලිං සංඛ්‍යාව සියයකට ආසන්නය. මැසි මදුරු උවදුර ප්‍රදේශය තදින්ම ගිලගෙන ඇති අතර පසුගිය දිනවල සැම නිවසකින්ම පාහේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. ඬේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් අපද්ර්ය කලගමනාකරන අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම පවසා තිබුනේ ප්‍රදේශයේ පවතින උෂ්නත්වය හේතුවෙන් කුනු දිරාපත්වීම වේගවත් බවත් මේනිසා මැස්සන් හා මදුරුවන් බෝවීමට හිතකර දැරිය නොහැකි දුගඳ පරිසරයක් නිර්මානය වන බවත් ය.
කොලඹ මහ නගරසභාව කරදියානට කසල බැහැරකිරීම සඳහා ලබා ගෙන ඇති උසාවි අවසරය නව ව්‍යාපෘතිය යටතේ යාවත්කාලීන කොට කි‍්‍රයාත්මක කරතැයි සැක පහල කරන ප්‍රදේශවාසීහු එයට විරෝධය පල කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දැක්වීය.
“මම ව්‍යාපාරය කරගෙන යන ස්ථානය අසලමයි කුනු ගොඩ ගැසීම කරගෙන යන්නේ. මේ කරදරය නිසා අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. කොලඹ නගර සභාවේ කුනුත් මෙතනට ගෙනත් දානවා කිවුවහම අපේ කෝපය ඇවිස්සුනා. ඒ නිසයි මිනිස්සු 700ක් විතර උද්ඝෝෂනයට එකතුවුනේ. පහුගිය කාලයේ මෙතනට ලොරි 75ක් විතර කුනු ගෙනාවා. දැන් කොලඹිනුත් කුනු ලොකු ලොරි 100ක් විතර එනවා. මෙය කසල ප්‍රතිචක්‍රීයකරන මධස්ථානයක් කිවුවට කිසිම නවීන ක්‍රමයක් භාවිතා කරන්නේ නැහැ. කුනු එස්කැවේටර් යන්ත්‍රයෙන් අරගෙන පෙනෙන ප්ලාස්ටික් පමනක් මිනිස්සු අතින් ඉවත් කරනවා. ඉන්පසු ඒවා නැවත බිමට දාල පෙරලල ඉස්ටෝරුවේ ගොඩගහනවා පසුව බිහිසරු කියලා බෑග් වලට දාල විකුනනවා. අනිත් එක කුනු ප්රතිචක්රීයකරනය කරන්න නම් වර්ග කරලා එකතුකරන්න ඕනි. එහෙම ක්‍රමයක් මෙහි නැහැ. කසල බඳුන් බෙදාදීල නැහැ” යි ප්‍රදේශයේ සුලු ව්‍යාපාරිකයෙකු වන නීල් පැවසීය. මේ හේතු නිසා සෘජුවම පීඩා විඳින පවුල් 1000ක් පමන සිටින බවත් ඔහු ප්‍රකාශ කලේය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු මේ කුනු කන්දට විරුද්ධව අද උද්ඝෝෂනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ලොකුගේ පසුගිය ආන්ඩු කාලයේ මෙම ස්ථානයට කුනු දැමීමට ක්‍රියා කල බවත් ඔවුන් මෙම ප්රශ්නය ඔවුන්ගේ වාසියට හරවා ගෙන ජනතාව අවමංගත කිරීමට උත්සාහ කරන බවත් ප්‍රකාශ කලේය.
වසර 2020 වනවිට කසල කලමනාකරනයේ ඉහලම හැකියාවක් උදාකර ගන්නා බවට බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කලමනාකරන අධිකාරිය පාරම් බෑවේය. ඒ සඳහා තාක්ෂනික හා මුදල් ආධාර ජපාන රජය මගින් ලබාදෙන බව පැවසුව ද ව්‍යාපෘතීන් පවත්වාගෙනයාම සඳහා කසල බැහැර කරන පරිමානය අනුව මුදල් අයකරමින් එහි සියලු බර පීඩිත මහජනතාව මත පැටවීමේ ක්රමනුකූල සැලසුමක්ද මේ යටතේ පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොලඹ පුද්ගලික රෝහලක සේවයේ යෙදීසිටින කරදියාන නිවැසියෙකු පැවසුවේ “කුනු ප්රශ්නය ප්රතිචක්රීයකරනය කිරීම මගින් ජපානයේ එදා විසඳුවත් අද වනකොට කරන්නේ පුච්චලා දමන එක. එහෙම කරන්නේ වියදම අවමකර ගැනීමට. දියුනු රටවල් පවා එහෙම කරද්දී ලංකාවේ ආන්ඩුවට කසල ප්රතිචකී්රකරනය කරන්න පුලුවන් කියල මම හිතන්නේ නැහැ. කුනු කන්ද නිසා වසංගත පැතිරෙනවා. මගේ ලමයට ඩෙංගු හොඳවෙලා ඉස්පිරිතාලෙන් ගෙදර ආව විතරයි. දවස් 6 ක් ඉස්පිරිතාලේ තියාගෙන හිටියා. මේ ප්රශ්නය විසඳන්න සමාජ ක්රමයම වෙනස්වෙන්න ඕන කියල ඔබ කියනදේට මම එකඟයි. මීතොටමුල්ල කුනු කන්ද ගැන ඔබ ව්‍යාපාරයේ ස්වාධීන පරීක්ෂනය ගැන මා ඉතා උනන්දු”යි.
ප්‍රදේශයේ වසන විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකු මෙසේ පැවසීය: “දැන් අවුරුදු 12ක් තිස්සේ අපි කුනුකන්දට නඩුකියනවා. ඒ දවස්වල ගෝඨාභය මහත්තයා නගර සභා හතක කුනු මෙතෙන්ට ගෙනැත් දැම්මා. කුනු දමන්න අවසර දීල තිබෙන්නේ වෑතර ප්‍රාදේශීය සභාවට විතරයි. හෝමාගම කුනු වෑතර ට ගෙනත් වෑතර ප්‍රාදේශීය සභාවේ ලේබලය යටතේ ගෙනත් දමනවා. කෙසෙල්වත්ත ප්‍රාදේශීය සභාවේ කුනු ගෙනත් දමන්නේ මොරටුව ප්‍රාදේශීය සභාවේ ලේබලය යටතේයි. මෙහි කුනු දැමීමට විරුද්ධව පසු ගිය දිනවල උද්ඝෝෂන පැවැත්වුනා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජවිපෙ, මහින්දගේ පක්ෂය එම උද්ඝෝෂනවලට සම්බන්ධවුනා. දැනට අවුරුදු දොලහකට පමන පෙර 2004 දි මේ කසල රඳවනය ආරම්භ කලේ දැන් මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න ගාමිනී ලොකුගේ, බොරලැස්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති අරුන ප්‍රියශාන්ත වැනි අය.”
කරදියාන රඳවනයට එරෙහිව ප්‍රදේශවාසීන් පැවරූ නඩුව විනිශ්චයකාරවරු තිදෙනෙකු යටතේ අසා ඇති බවත් රාජ්‍ය නොවන සංවිධාන එයට උදවු කල බවත් ඔහු පැවසීය. “පස්සෙ ඒගොල්ලෝ මගහැරලා ගියා. අපි නඩුව තනියම ඇදගෙන ගියා. නඩුව ලගදීම ඉවර වෙයි කියල හිතනවා. මම කැමති වුනේ නැහැ දේශපාලන පක්ෂ කුනුගොඩින් තර වෙනවට. මගේ වත්තේ ලිං දෙකක් තිබුන නෑමට සහ බීමට. ටිකටික ඒවායේ වතුර අපිරිසිදු වුනා. වතුර බොන ලිඳ කලූපාට වුනා ඒවායේ වතුර පාවිචියට ඉතා නුසුදුසුයි කියල තමයි වාර්තා ලැබිල තිබෙන්නේ.”
පසුගිය දිනවල කසල ප්රශ්නය සම්බන්ධයෙන් අරගලකාරී වූ ප්‍රදේශයේ පීඩිතයන්ගේ උද්ඝෝෂන මතට පැනගත් මහින්ද රාජපක්ෂ ගේ ඒකාබද්ධ විපක්ෂයේ ගාමිනී ලොකුගේ සහ බොරලැස්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති අරුන ප්‍රියශාන්ත පැන නැගී ඇති මහජන විරෝධය යලි බලයට පැමිනීම සඳහා ඩැහැ ගැනීමට යත්න දැරූහ. ජනතා විමුක්ති පෙරමුනේ ලක්ෂ්මන් නිපුනආරච්චි සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් සිදු කරන ලද්දේ අන් යමක් නොව ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් ප්රශ්නය විසඳා ගතහැකි බව පවසා මහජනතාව අවමංගත කිරීමයි.
එකී ඉදිරිදර්ශනයන් ගේ බංකොලොත් බව ඉක්මනින්ම සනාථ විය. ආන්ඩුව විසින් පොලිසිය යොදවා උද්ඝෝෂකයන්ට එරෙහිව මෘග ප්‍රහාරයක් දියත් කොට උද්ඝෝෂන මැඩපවත්වා කසලකන්ද පිරවීමට කටයුතු කලේය. එහිදී 10 දෙනෙකු අත් අඩංගුවට ද ගැනුනි. ආන්ඩුව දැන් නව උපායක් යටතේ කරදියාන රඳවනයට කසල බැහැර කිරීමට පියවර ගෙන තිබේ.
කසල අර්බුදය ඇතුලු මෙම ප්‍රශ්න විසඳාගත හැක්කේ අර්බුදයේ මූලය වන ධනපති ලාභ පද්ධතිය පෙරලා දමා, සමාජවාදී ප්‍රතිපත්ති මත සමස්ත ආථිකය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පමනකි. කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, ඉහත සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට පෙරට පැමිනිය යුතුයි.
මේ සඳහා වැදගත් මුල් පියවරක් වශයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවා ඇති මීතොටමුල්ල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ සාක්ෂි විමසීමේ සාකච්ඡාවක් සැප්තැම්බර් 3 දා උදේ 10 ට කොලඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වේ. එයට සහභාගීවන ලෙස කම්කරුවන්ගෙන්, නාගරික පීඩිතයන්ගෙන්, තරුනයන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සසප ඉල්ලා සිටී.
Follow us on