2017 විට්නි ද්විවාර්ෂිකය - සමකාලීන ඇමරිකානු කලාව පිලිබඳ සමීක්ෂනයක්: ඉන් පෙන්වන්නේ කුමක්ද ?
The 2017 Whitney Biennial—a survey of contemporary American art: What does it show?
සමකාලීන කලා නිර්මානවල නියෝජනයක් ලෙස සැලකිය හැකි එකතුවක් තෝරා ගැනීම මගින් :(zeitgeist) “යුගයේ සාරාත්මය” ග්රහනය කර ගැනීම, සෑම වසර දෙකකට වරක්, නිව් යෝර්ක් නගරයේ පිහිටි ඇමරිකානු කලාව පිලිබඳ විට්නි කෞතුකාගාරයේ පවත්වනු ලබන ද්විවාර්ෂික ප්‍රදර්ශනයේ ප්‍රකාශිත අරමුන වේ.
මේ සම්බන්දයෙන්, සියලු ප්‍රශ්නවලට පෙර ඇසිය යුතු ප්රශ්නය වන්නේ මේ අභිලාෂවත් අරමුන කොයි තරම් ඵලදායක ලෙසත්, සර්වසම්පූර්න ලෙසත් සාක්ෂාත් කර ගැනීමට කෞතුකාගාර පාලන අධිකාරීන් විසින් කලාකරුවන්ට ඉඩ දෙනු ලබන්නේ ද යන්නයි. එනම්, යුගයේ සාරාත්මය තමන් ම අරක්ගෙන සිටින්නා වූ වාසිදායක ස්ථානය සහ සමාජ වුවමනා සමග සම්පාත වන බව බොහෝ දුරට අනිවාර්යතාවක් ලෙසම ද්විවාර්ෂිකයේ සංවිධායකයින් විසින් ග්රහනය කර ගැනෙන්නේ ද යන්නයි.
කෙසේ වෙතත්, මේ වසරේ ද්විවාර්ෂිකය පුද්ගලයන් හා සාමුහිකයන් 63 කගේ කලා කෘති ඉදිරිපත් කර ඇති අතර, ප්‍රදර්ශන සංවිධායකයන් සඳහන් කරන ආකාරයට “එම කලා නිර්මාන පැමිනෙන්නේ වාර්ගික ආතතීන්, ආර්ථික අසමානතා සහ දේශපාලනික ධ්රැවාන්තරනයන් ව්‍යාප්ත වූ වකවානුවක ය.
එම පදනම මත, 2017 වසරේ ජනගහනයෙන් බහුතරය මුහුන දෙන සමාජ යථාර්ථයේ පැති පිලිබිඹු කරන සිත් ගන්නාසුලු කලා නිර්මාන කිහිපයක්වත් දකින්නට ලැබෙනු ඇතැයි කෙනෙකුට සාධාරන ලෙස බලාපොරොත්තු වීමට හැකි වේ. අවාසනාවකට මෙන්, චිත්‍ර සහ ස්ථාපනයන් සිට සක්රීයවාදය සහ වීඩියෝ-ගේම් මෝස්තර දක්වා පැතිරුනු ඉතා පුලුල් ක්ෂේත්රයක විවිධ ආකෘති හා විවිධ මාධ්‍යයන් තිබිය දී වුවත්, තෝරා ගෙන ඇති කලාකරුවන් සියලු දෙනාම පාහේ වර්තමාන නිමේෂය පිලිබඳ සිය සවිඥානකත්වය පල කරන්නේ, ජාතිය, වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෝ ලිංගික යොමුව වැනි පුද්ගලික “අනන්‍යතාවේ” පදනමිනි. සුලු වශයෙන් වුව සමාජ පන්තිය ඇතුලත් වී තිබේ නම් හුදෙක් ඒ දිග ලැයිස්තුවේ නාම විශේෂනයක් ලෙස පමනි. බොහෝ දුරට දවසේ පිලිවෙත බවට පත් වී තිබෙන්නේ ආත්ම-අවශෝෂනය සහ දෙවෙනි මට්ටමේ කාරනාවන් වෙනුවෙන් කැපවීමයි.
අලුත් හා නැගී එන පරපුරක් ප්‍රදර්ශන කුටියෙහි දැමීමේ අරමුනෙන් නිසා ද්වීවාර්ෂිකයේ සාමූහිකය විසින් එකතු කරන ලද ශිල්පීන්ගෙන් හයක් හැරුනු විට සියයට 75 ක් තරම් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 50 ට අඩු වන අතර, ඔවුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් 1979 ට පසු උපන්නෝ වෙති. මෙම තරුන කලාකරුවන් ඇමරිකාව තුල වැඩිවියට එලඹුනේ බොහෝ දුරට නොනවතින යුද්ධය හා සමාජ ප්රතිගාමිත්වයේ සැඩ රල පතර මධ්‍යයේ ය. ඒ සමගම ඔවුන් පරිනත වූයේ පශ්චාත්- නූතනවාදයේ විවිධ රැහැන්වල දෘෂ්ටිවාදී බලපෑමට ලක් වූ, උග්‍ර ආත්මීයත්වය, සාරසංග්‍රහවාදය සහ පුලුල් ඓතිහාසික සන්තතීන් නොසලකා හැරීම සහිත කාල පරිච්ඡේදයක ය.
මෙම දෘෂ්ටියේ ප්රතිගාමී ඇඟවීම් මාර්තු මැද දී පැවැත් වූ ද්විවාර්ෂිකයේ සමාරම්භය මත ක්ෂනිකව පුපුරා ගියේ 1955 දී සුදු වර්ගවාදියකු විසින් ඝාතනය කරනු ලැබූ ඉමෙට් ටිල් නම් කලු තරුනයාගේ කපා කොටා දැමූ ශරීරයේ ඡායාරූපයක් පාදක කර ගත්, සුදු චිත්‍ර ශිල්පිනියක වූ ඩානා ෂූට්ස්ගේ විවෘත මිනීපෙට්ටිය නම් චිත්‍රය යටපත් කිරීමට පමනක් නොව විනාශ කිරීමට පවා ඇරයුම් කිරීමෙනි. එම චිත්‍රය වාරනය කිරීමේ තැත සාධාරනය කෙරුනේ සුදු කාන්තාවක ලෙස ෂූට්ස්ට කලූුමවකගේ පමනක් නොව- එම තර්කනයේ ම දිගුවක් ලෙස - කන්ඩායමක් වශයෙන් අප්‍රිකානු - ඇමරිකානුන්ගේ වේදනාව “පවරා ගැනීමට”, හෝ විස්තාරනය කිරීමට හෝ හිමිකමක් නො තිබුනේ ය යන පදනමිනි.
ඇයට විරුද්ධව එල්ල වූ ඝෝෂාව පහවී ගියේ එම චිත්‍රය විකිනීමෙන් තමා කවර විටක දී හෝ ආදායමක් ලබා ගන්නේ නැතැයි ප්‍රතිඥා දීමෙන් පසු පමනි. එම චිත්‍රය භෞතිකව විනාශ කරන්නැයි ඉල්ලා සිටීම මගින් තරමට අනන්‍යතා දේශපාලන නඩය ඕනෑවට වඩා දුර ගොස් ඇති බවට පොදු හැඟීමක් මාධ්‍යයන් තුල නිසැකව ම පැවතිනි.
මිනසෝටා පොලීසිය විසින් වෙඩි තබනු ලැබීමෙන් පසු සිය කාරයෙහි ඇද වැටී සිටින ෆිලියැන්ඩ්රෝ කැස්ටිලීගේ පින්තූරයක් ඔහුගේ පෙම්වතිය විසින් 2016 ජූනි මස මුහුනුු පොතේ ප්‍රසිද්ධ කරන ලද අතර එහි නිරූපනයක් සහිත අවශ්‍ය තරම් වේගයෙන් වෙනස් නොවන කාල වකවානුව ! නමැති හෙන්රි ටේලර්ගේ චිත්‍රයට එරෙහිව විරෝධතා ඇති නො වීය. ඊට හේතුව, සමහර විට මෙහි දී කලාකරුවා කලු ජාතිකයකු වූ බැවින් විය හැකිය. ෂූට්ස් හා ටේලර් සමාන්‍යයෙන් එක සමාන වූ වස්තු විෂයක් භාවිත කිරීමට අතිරේකව ඒ දෙදෙනා විසින්ම නිර්භය ලෙස වර්න ගැන්වීමත්, නූතනවාදී මිනිස් රූප ශෛලියෙන් ඡායාරූපික මූලාශ්‍ර අර්ථකථනය කිරීමත් තුල උත්ප්රාසයක් පවතී. නොසතුට දනවනසුලු කාරනය වන්නේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා වර්ගවාදය පිලිබඳ දේශපාලනයේ අනර්ථකාරී බලපෑම හා විකාරත්වයන් පුලුල් ලෙස ද්විවාර්ෂිකය තුල විද්‍යමාන වීමයි. කලා නිර්මාන ගැන කෙරී තිබුනු පැහැදිලි කිරීම් නිතර ම කියා පෑවේ “පුද්ගලිකත්වයේ සහ දේශපාලනිකත්වයේ අන්තර් ඡේදනය වීම” ලෙස පහ කරනු ලබන, තමන් හා තමන්ගේ අත්දැකීම්වලින් ග්රස්ථියට පත් වූ ඉහල මැද පන්තික ස්ථරයක් අතර ජනප්‍රියව ඇති පද මාලාවකි.
වඩාත් සිත් ඩැහැගන්නා වූ නිර්මාන අතරේ සටහන් කල යුතු වූයේ සෙලෙස්ටි ඩූපු-ස්පෙන්සර්ගේ (උපත 1979) චිත්‍ර හා ඇඳීම් ය. රැලියක සිටින ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිලිිබිඹු කරන ඇඳීමක්, ක්‍රීඩා සමාජ ශාලාවක් බවට හැරවුනු පිරිමි සමරිසි සමාජ ශාලාවක අභ්‍යන්තරය, සහ තමන්ගේ නිවස විකුනා දැමූ පසු ගෘහ භාන්ඩ විසිරුනු තන පෙතේ වාඩි වී සිටින කන්ඩායමක් ඇගේ කෘතීන්ට ඇතුලත් විය. ඔවුනොවුන්ගේ ජීවිත කෙරෙහි, බොහෝ විට වාමගාමී වූ විවිධ සංස්කෘතික හා දේශපාලන බලපෑම් ඇති කල බව පෙන්නුම් කරන පොත්පත්, පෝස්ටර්, සංගීත තැටි හා පරිගනක තිරවලින් ඇගේ කලා රූප හැඩි වී තිබේ.
1970 ගනන්වල සිට සිය නිජබිම වූ කැලිෆෝනියාවේ අත්හැර දැමූ නිවෙස්වල අභ්‍යන්තරය ඡායාරූපගත කල ජෝන් ඩිවෝලාගේ (උපත 1949) විශාල ප්‍රමානයේ ඡායාරූප මාලාවක්, සිත ඇදී යන අනෙකුත් කෘති අතර විය. ඒ ඡායාරූප ව්‍යුහය සහ වර්නය අතර පවතින චලිතය නිසා දෘශ්‍යරූප ව ආකර්ෂනීය ඒවා වෙයි. සෑම රූපයකම අන්තර්ගත වී තිබුනේ කසල බඳුනක ඉවත දමා තිබී සොයා ගන්නා ලද ශිෂ්‍ය චිත්‍ර සමූහයකි. ඒවා මානුෂිකත්වයේ අංශයක් එකතු කරමින් (චිත්රවලින් වැඩි හරියක් මානව රූප වේ.) එක් කලෙක මිනිසුන් ජීවත් වූ නමුත් පසු ව අහෝසි වී ගියා වූ ජ්‍යාමිතික අවකාශයන් ගැන ඇඟවීම් තරමින් අහිමි වීම සහ අත්හැර දැමීම පිලිබඳ තවත් තලයක් ඉදිරිපත් කරයි.
ලෙයි ලීඩාරිගේ (උපත 1976) වොස්කල් (2016 ) මොස්කව් දුම්රිය ස්ථාන තුනක් යා කරන පුරා පැයක තනි බහුතිර වීඩියෝ දර්ශනයකි. එබඳු මහජන නාගරික අවකාශයක් තුල අසාමාන්‍ය නොවන මහජන හැසිරීමක යෙදී ගත් මගීහු එහි එති. කෙසේ වෙතත්, දර්ශනය මුර කරන සන්නද්ධ පොලීසිය මෙන්ම කිසියම් ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩකට මුවා වී ඉක්මන් ශරීර කෘත්‍යයක් කරනා ගැහැනිය ද වඩාත් කටුක සමාජ යථාර්ථයක් ගැන හැඟවීමක් කරයි. එමෙන් ම, ඔටෝ ගිලන්ගේ (උපත 1984) නිව් යෝර්ක් නගරයේ වාර්තා-ශෛලියේ ඡායාරූප මාලාව වීථි මට්ටමේ ජීවිතයේ කැබැලිති එකතු කර ඒවා කෘත්‍රිම ආලෝකයෙන් දිදුලන රාත්‍රි අහස සහ ඉදි වෙමින් පවත්නා අහස සිඹින ගොඩනැගිලිවල බියජනක දර්ශන සමග එකතු කරයි.
අවසාන වශයෙන්, ඩිට්රොයිට්වාසී මායා ස්ටෝවල් (උපත 1982) නාට්‍ය ශාලාවේ මත්පැන් සාප්පුව නමැති නිර්මානයේ දී අනෙක් නැටුම් ශිල්පීන් සමග බැලේ සහ නූතන නර්තනයේ මිශ්‍රනයක් ඩිට්රොයිට් මත්පැන් සාප්පු රිය නැවතුම් උද්‍යානයේ දී ඉදිරිපත් කරමින්, ආර්ථික අතින් විනාශ වී ගිය එම පෙදෙසේ තත්වය පිලිබඳව අසල්වැසි පදිංචිකාරයන් සමග අන්තර්-සංවාදයේ නිරත වෙයි.
කෙසේ වෙතත්, සංකල්පීය වශයෙන් මහත් වූත් කලාත්මක වශයෙන් එතරම් ආකර්ෂනීය නො වූත්, සහ විසිතුරු, වර්නවත්, වියුක්ත, “සැහැල්ලු” නිර්මානවලින් මුහුන් ලැබූ කලා කෘතින් සංඛ්‍යාව අතින්, වඩාත් සිත් බැඳ ගන්නා වූ කෘතීන්ට වඩා බොහෝ සෙයින් වැඩි වෙයි.
ආර්ථික ගැටලුවලට සම්බන්ධයෙන් කරනු ලබන නිර්මාන, ස්ථාපනි හෝ සෞන්දර්යාත්මක සංරචකයක් නැති හෝ අඩු වන්නා වූ සංකල්පීයමය කෘතීන් හෝ වේ. අයිරීනාගේ කෘතිය, අපූර්වාකාරයෙන් ම, බිත්තියක් මත සටහන් කෙරුනු පඨිතයක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, කාන්තා නරඹන්නන් අමතා පවසන්නේ පැරනි යුගෝස්ලාවියාවෙන් ඉඩම් මිලට ගැනීම සඳහා ස්ත්‍රී බැංකුවකින් කොටස් මිලට ගන්නා ලෙස පමනි.
2011 වසරේ ඇමරිකාවේ බිහි වූ ‘වාඩිලා ගනු’ විරෝධතා ව්‍යාපාරය සමග පෙල ගැසුනු කන්ඩායමක් වන කෞතුකාගාර වාඩිලාගනු නම් කලා හවුලේ, නය සල්පිල “බොහෝ කලාකරුවන් මුහුන දෙන අධික නය ගැති භාවය හෙලිදරව් කිරීම සහ සහනයක් සැලසීම අරමුනු කර ගත් වෙලඳපල මැදහත්වීම් මාලාවක අත්හදා බැලීම් අවධාරනය කිරීමකි.” සමහර විට එය සිත් ගන්නා සහ අදාල වූ තොරතුරු සම්පාදනයක් වුවත්, ඊට අවශ්‍ය වන්නේ සමාජයීය ද්‍රව්‍යයන් මගින්, විද්‍යාත්මක ද්‍රව්‍යයන් මගින් පවා කලාකරුවා කටයුතු කරමින් පරිකල්පනය මාර්ගයෙන් එය වඩාත් තෘප්තිකර මට්ටමක කලා කෘතියක් බවට පත් කිරීම ය. එහෙත් මෙහි ඇතුලත් වුනු ලේඛනගත නො කල සංක්රමනිකයන්, ඇමරිකා-මෙක්සිකෝ බෙදුම් තාප්පය, එච්අයිවී-ඒඞ්ස්, බීරින් මුහුදේ ඇලියුට් ව්‍යසනය යන තේමාත්මක කාරනාවන් අතරින් ගිලිහුනුු කාරනා අතර ඉතාමත් යුක්තියුක්ත වූ කාරනාවන් ගනනාවක් ඇති බවයි. ඒවා නම්, ඇමරිකානු අධිරාජ්‍යයේ කෙලවරක් නැති යුද්ධ, ඔබාමා පාලනය සහ 2016 මැතිවරනයට පසු ඇතිවෙමින් පවත්නා දේශපාලන අර්බුදය, ප්රජාතන්ත්රවාදී අයිතීන්ට පහරදීම, සමාජ අසමානතාව ආදිය - කෙටියෙන් කියත හොත් ජනගහනය මුහුන දෙන ඉතා මූලික ප්‍රශ්නයි.
තමන්ගේ කෘති වෙනුවෙන් අලුත් හා ඵලදායක පදනමක් නිර්මානය කර ගැනීම සඳහා තම තමන්ගේ පුද්ගලික “අනන්‍යතාවලින් ” එහා බැලීමත් , අපේ කාලයේ සුවිශාල ඓතිහාසික හා සමාජ ගැටලු වෙත හැරීමත්, නැගී එන පරපුරේ වඩාත් චින්තනශීලී හා දුර දක්නාසුලු කලාකරුවන් විසින් සිදු කරනු ඇත.
Follow us on