විපතට පත්වූ බහුතරයකට “අනවසර පදිංචිකරු” ලේබලය අලවා අත සෝදා ගැනීමට ඇමැති යත්න දරයි
වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 3
මිනිසුන් තුන්සියයකට වැඩි පිරිසකට මරු කැඳවූ, තවත් සිය ගනනකට තුවාල සිදුකල සහ මිලියන භාගයකට වැඩි පිරිසක් අවතැන් කල වත්මන් ගංවතුර සහ නායයාම් ව්‍යසනයේ වගකීම එයට ගොදුරුවූ ජනයා මතම පටවා ඇඟ බේරා ගැනීමේ ප්රයත්නයක සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව නිරතව සිටී.
මැයි 29 දා රාති‍්‍රයේ, හිරු රූපවාහිනියේ “සලකුන” නම් වැඩසටනට සම්බන්ධවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මෙය වඩාත්ම පිලිකුල් සහගත අයුරින් ප්‍රකාශයට පත් කලේ ය. “සීමාවෙන් එහා දේශපාලනය” නම් තේමා පාඨයකින් වැඩ සටහන සරසා තිබුන ද, දුසිම් ගනනක් වන අනෙකුත් රූපවාහිනී වැඩසටහන් වල මෙන්ම “සලකුන” හි මුඛ්‍ය අරමුන වූයේ, මහජනයා මුහුනදී සිටින සමාජ හා දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු බැරැරුම් සාකච්ඡාවක් ගෙන යාම නොව එවැනි සාකච්ඡාවක් පුද්ගලවාදී හා වියුක්ත කතාබහක දියකර හැරීම යි.
ධනේශ්වර ආන්ඩුවේ සෑම පිලිවෙතක්ම ආරක්ෂා කිරීමට පැය විසිහතරේ කැපව සිටින මෙම මාධ්‍ය ආයතන ධනපති ආන්ඩු ආරක්ෂා කිරීමට මෙවැනි වැඩසටහන් පවත්වන බව කුප්‍රකට කරුනකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ ඊනියා “ආපදා කලමනාකරන” අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙන අමරවීර වැඩසටහනේ ආරම්භයේ සිටම ව්‍යසනයේ වගකීමෙන් ආන්ඩුව ගලවා ගැනීමේ ප්රයත්නයක නිරත විය. මිනිසුන් දසදහස් ගනනක් මුහුදට බිලිගත් 2004 සුනාමි ව්‍යසනයෙන් පසු සිදුවූ දැවැන්තම ස්වභාවික ව්‍යසනය මෙය යැයි කියූ ඇමතිවරයා “කෙටිකලකින් අධික වර්ෂාපතනයක් ඇතිවීම” මෙයට හේතුව යැයි කීවේ ය. සැම වසරකම මෙම කාලයේදී ගංවතුර තත්වයන් ඇතිවන බව දැනදැනත් ඒ සඳහා පූර්ව සූදානමක් නොතිබීමේ වගකීමෙන් ආන්ඩුව බේරා ගැනීම අමරවීර ගේ ප්‍රකාශයේ අරමුනයි.
සිදුව තිබෙන ව්‍යසනය අනිවාර්යවූවක් බව ඇඟවීමට අමරවීර කීවේ අධික වර්ෂාපතනයක් ඇති විටෙක මෙවැනි ව්‍යසනයක් සිදුවීම “සාමන්යයි” යනුවෙනි. තමන්ගේ අත්දැකීමට අනුව මෙවැනි ව්‍යසනයකදී සිදුවන මරන සංඛ්‍යාව “දාහ ද ඉක්මවිය හැකිව තිබුනත්” තමන්ද දායකවූ රජයේ “ආපදා කලමනාකරනය” හේතුවෙන් සිදුවූ මරන සංඛ්‍යාව “තුන්සියයක තරම් ප්‍රමානයකට අඩුවීම”ගැන ආන්ඩු පක්ෂයේ මහලේකම් මූඪ ලෙස උදම් ඇනුවේ අහිමිවූ මිනිස් ජීවිත කෙරෙහි සිය නොතැකීම ප්‍රදර්ශනය කරමිනි.
මිනිසුන් දසදහස් ගනනක් බිලිගත් 2004 වසරේ සුනාමි ව්‍යසනය හැරුනු විට, මීට පෙර සිදුව ඇති බරපතලම ස්වභාවික ව්යසනයවූ 2003 වසරේ මැයි මස මෙයාකාරයෙන්ම ඇතිවූ ගංවතුර හා නායයාම් වලින් මියගිය සංඛ්‍යාව 264කි. ඇමතිවරයා උදම් අනන ඊනියා “ආපදා කලමනාකරන” අමාත්‍යංශය පිහිටුවූයේ 2006 වසරේදී ය. අමරවීරගේ මුසාවන්ට විපරීතව, ඇස් පනාපිට පෙනෙන්ට තිබෙන සත්‍ය වන්නේ, දශකයකට පසුවත් මෙවන් ආපදාවන්ගෙන් සිදුවන විනාශය වලක්වා ගෙන හෝ අවම කර තිබීම නොව, ආපදා සංඛ්‍යාව මෙන්ම ඒවාගේ ප්රතිතිවිපාක ද ඉහල යමින් පැවතීම යි. සාකච්ඡාව මෙහෙයවූ එකදු මාධ්‍යව්දියෙකු හෝ මේ කාරනය මතු කිරීමට කරදරවූයේ නැත.
ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය නායයාමේ අවදානම ගැන කල්තියා එම ජනයාට අනතුරු අඟවමින් එම ස්ථානවලින් ඉවත්ව යන ලෙස කී නමුත් බොහෝ අය එම අනතුරු ඇඟවීම “නොතකා හැරීම” මගින් ව්‍යසනයට ගොදුරුවූ බව අමරවීර කීවේ ය. ජනයාට අවශ්‍ය විකල්ප ස්ථාන සලසා දිය යුතු නොවේදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයට සරදම්කාරී ලෙස මැදිහත් වෙමින් ඔහු කීවේ, “මේ කාරනයට විකල්ප දෙන්න නම් අපි තව කොහෙන් හරි රටකින් ඉඩම් හොයා ගන්න වෙනවා” යනුවෙනි.
අමාත්‍යවරයාගේ මෙම අදහස්වලට අනුව, “ආපදා කලමනාකරනය” යනුවෙන් හඳුන්වන්නේ පූර්ව අනතුරු ඇඟවීම්වලට සීමාවූ දෙයක් මිස, තාර්කිකව සැලසුම් කෙරුනු නිවාස සහ ශක්තිමත් යටිතල ව්‍යුහයන් මහජනයා වෙනුවෙන් සම්පාදනය කරදීමක් නොවන බව යි. මෙම අදහස් හුදෙක් අමරවීරගේ පෞද්ගලික හිතලු නොව සමස්ත ධනේශ්වර පාලක පන්තියම මහජන අවශ්‍යතා සම්බන්ධයෙන් දරන්නේ ඒ අදහස්මය. එවැනි වගකීම් මගහරින පාලකයෝ එම නොතකා හැරීමේ ප්‍රතිපලයක් ලෙස මහජනයා මහා විපතකට ගොදුරුවූ කල්හි ඔවුන්ට ම චෝදනා එල්ල කරති.
අතරමැදදී විකාශය කල වෙනත් පුවත්පත් සාකච්ඡාවක දී අගමැති වික්‍රමසිංහ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට වෝදනා කරමින් කියා සිටියේ වර්ෂාපතනය ගැන කල්තියා නිවැරැදි අනාවැකි පලකලේ නම් කලුතර දිස්ති‍්‍රක්කයේ විනාශය අවමකරගත හැකිව තිබූ බව යි.
පසුදින පැවැති පුවත්පත් සාකච්ඡාවකදී එම චෝදනාවන්ට පිලිතුරු දෙමින් කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කීවේ කොපමන වර්ෂාපතනයක් ලැබේදැයි නිවැරැදිව කීමේ හැකියාවක් එයට නැති බව යි. උදාහරනයක් ලෙස මැයි 25 දා කුකුලේගඟ ජලාශයේ පෝෂන ප්‍රදේශයන්ට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 100ක් ලෙස කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි පලකලත් මිලිමීටර් 500 කට අධික වර්ෂාපතනයක් ව ලැබී ඇත. කාලගුන විද්‍යා අනාවැකි වඩාත් නිවැරැදිව කීමට උදව් කරන ඩොප්ලර් රේඩාර් (Doppler radar) නම් යන්ත්‍රය බොහෝ කලකට ඉහතදී කි‍්‍රයා විරහිතව ඇතත් එය තාම පිලිසකර කර නැති බව අධ්යක්ෂවරයා කීවේ ය. හෙලිදරව්වූ තවත් කාරනයක් වන්නේ, කාලයක් තිස්සේ ස්වභාවික විපත්වලින් හානි වුන රත්නපුර දිස්ති‍්‍රක්කයේ මේවනතුරුත් වැහි මාපකයක් සවිකර නොමැති බව යි. කෙසේවෙතත්, අමරවීර දිගින් දිගටම කියා සිටියේ ලංකාව ඝර්ම කලාපීය රටක් වීම නිසා කාලගුන අනාවැකි කීම පහසු නැති බවයි.
මියගිය අය හා අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන වන්දි ගැන ප්‍රශ්න කල විට, එවන් අපදාවකදී 2015 වසරේදී ලබාදුන් වන්දි මුදල වන රුපියල් 15,000 වෙනුවට දැන් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට අමරවීර පාරම්බෑවේ, අරනායක, සාමසාර කන්ද නායයාම වැනි ආපදාවන්ට ලක්වූ ජනයාගෙන් අති බහුතරයකට තවමත් තාවකාලික කඳවුරුවල විසීමට බල කෙරී ඇති තතු තුල හා සාලාව යුද හමුදා ආයුධ ගබඩාව පුපුරා යාමෙන් දේපල හානියට පත්වූවන්ට මෙතෙකුදු හරිහමන් වන්දියක් ලබා නොදී ඇති තතු යටතේ ය.
එජනිස මහලේකම් වඩාත්ම නරුම ප්‍රකාශය කලේ එම පිලිතුර මධ්‍යයේ ය. “ඔබ දන්නවාද, පිලිගන්නවාද මේ මරනවලින් වැඩිහරියක් රක්ෂිතවල ජීවත්වුනු අය කියලා?”යැයි ඇසූ අමරවීර සිදුව ඇති මරනවලින් “සියයට හැත්තෑපහකට වැඩි ප්‍රමානයක්” එසේ “අනවසරයෙන් පදිංචිව සිටි අය” බව කීවේ ය. මේ වනාහී දරුවන්, කාන්තාවන් ඇතුලු මියගිය 300 කට වැඩි ජනයා හා අවතැන් වී ඇති අඩමිලියනකට වඩා වැඩි ජනතාවට එරෙහිව සිදුකල අපහාසයකි.
වසර ගනනාවක් තිස්සේ දෙස් විදෙස් ආයෝජකයන් ට පහසුකම් සැලසීම සඳහා සිදුකල අවිධිමත් ඉදිකිරීම් මගින් ගංවතුර තත්වයකදී වතුර ගලා යාමට ඇති පහත් බිම් අවහිර කර තිබීම ගැන පරිසරවේදීන් පෙන්වා දී ඇත. එමෙන්ම වගුරු බිම් ගොඩ කිරීම, අනවසර වැලි ගොඩ දැමීම, උඩරට වනාන්තර හෙලිපෙහෙලි කිරීම හා ගංඟා ඉවුරු නිසි ලෙස නඩත්තු නොකිරීම යනාදී දහසකුත් දෑ වත්මන් අර්බුදයට සෘජුවම දායකත්වය සපයා ඇති අතර ඒවායේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අමරවීරට හෝ එකදු ධනපති ආන්ඩුවකට වගේවගක් නැත. තමන්ගේ අවිධිමත් පිලිවෙත්වලට ගොදුරු බවට පත්වූ මිනිසුන්ටම එහි වරද පැටවීමෙන් පාලකයන්ට සරලවම වගකීමෙන් ගැලවී යා නොහැක.
Follow us on