මොරා සුලිසුලඟ ලංකාවේ හා බංගලාදේශයේ ජන ජීවිත විනාශ කරයි
රොහාන්ත ද සිල්වා, 2017 ජූනි 09
පසුගිය දා ශ්‍රී ලංකාවේ ඇති කල ගංවතුර සහ නායයාම් ඛේදවාචකයෙන් පසුව, මොරා සුලි සුලඟ පසුගිය සතියේදී බංගලා දේශයේ හා නැගෙනහිර ඉන්දියාවේ දී ව්‍යසනයන් සිදු කලේය. 2004 සුනාමි ව්‍යසනයට පසුව, මෙම කලාපය තුල සිදු වූ දැවැන්තම ව්‍යසනය මෙයයි.
නිල සංඛ්‍යා ලේඛන වලට අනුව, ශ්‍රී ලංකාවේ දී මේ වන විට සිය ගනනක් මිය ගොස් ඇත. අවසන් ගනන් බැලීම් වලදී, මිය ගිය ප්‍රමානය 300 ක් පමන වෙතැයි ආන්ඩුව පවසයිි. ගෙවල් 2,300 ක් සම්පූර්නයෙන්ම විනාශයට පත් ව, තවත් 12,500 ක් පාර්ශවීය වශයෙන් විනාශ විය.
මැයි 26 දා ආරම්භ වූ ගං වතුර ගැලීම් වලින් හා නායයාම් වලින් කොටු වූ සමහර ප්‍රදේශවලට පිවිසීමට හැකිව ඇත්තේ දැන් ය. නායයාම් 50 කට වැඩි ප්‍රමානයක් වාර්තා වූ අතර, වඩාත්ම අනතුරට ලක් වූ යේ, කම්කරුවන් හා ගම්බද දුගීන් ය. රත්නපුර දිස්ත්‍රික්කයේ හා අගලවත්ත ප්‍රදේශයේ, තේ හා රබර් වතු කම්කරුවන් දහස් ගනනක් මීට අයත් ය.
මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැතිකමින් දහස් ගනන් ජනයා ඩෙංගු උන, කොලරාව, පාචනය හා අතීසාරය වැනි රෝග වලට ගොදුරු වීමේ තර්ජනයට මුහුන දී සිටී. අනාථ කඳවුරු වල පවතින දැඩි තදබද ය ද මීට දායක වේ. තත්වය පාලනය කිරීමට සඳහා සංයුක්ත වැඩ පිලිවෙලක් සම්පාදනය කිරීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මේ වන තෙක් අසමත් ව ඇත.
ශ්‍රී ලංකාවේ සේව් ද චිල්ඞ්රන්(Save the Children) ආයතන ප්‍රධානී ක්‍රිස් මැක්වර් රොයිටර් පුවත් සේවයට පසුගිය සතියේ දී ප්‍රකාශ කලේ, තෙතමනය හා තදබදය නිසා ජලය මඟින් පැතිරෙන රෝග ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව ය. ආන්ඩුවේම සංඛ්‍යා ලේඛන වලට අනුව, සියයට හතලිහකට පමන පිරිසිදු පානීය ජලය නොමැති ය. ගං වතුරට පෙර සිටම වසංගතයක් ව පැවති ඩෙංගු, නව මදුරු ජනක බිම් නිසා විශාල ලෙස වැඩි දියුනු වේ යයි බලාපොරොත්තු වෙයි.
සමහර ජනකාන්ඩ මුලුමනින්ම ගංවතුරට කොටුව ඇත. තම ගෙවල් වලට සිදු වූ විනාශය නිසා බොහෝ අයට එලිමහනේ නිදා ගැනීමට බල කෙරුනි. “දැන් පවතින මුඛ්‍ය කර්තව්‍ය වන්නේ එම ජන කොටස් වෙත පිවිසීම ය. එමඟින් එම කන්ඩායම් වලට අවශ්‍ය කුමක් දැයි සොයාගෙන ඊට ප්‍රතිචාර දැක්විය හැකි” යයි මැක්වර් ගිය සතියේ තව දුරටත් කියා සිටියේ ය.
විශේෂඥ වෛද්‍යවරයකු වන එච්. ජයන්ත ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ට ප්‍රකාශ කලේ, “ගංවතුරට ගොදුරුවූවත් අතර ඇඟිලිකරුවල දිලීර ආසාදන දැනටමත් දක්නට ලැබෙන අතර සමේ ආසාදන ද වාර්තා වෙමින් ඇති” බවයි. වයස්ගත අවතැන්වූවන් අතර “ශ්වසන නාල සම්බන්ධ පැමිනිලි වාර්තා වන අතර අනෙක් අය උන සම්බන්ධව පැමිනිලි කරන” බව ඔහු තව දුරටත් කියා සිටියේ ය.
කෘෂි කර්මයට ද, ගංවතුර දැඩි ලෙස බලපා ඇත. අක්කර දහස් ගනනක් ගංවතුරට යට ව තිබේ. කලුතර දිස්ත්‍රික්කයේ ඇති අකුරුකනලවිට පදිංචි ගුරුවරයකු හා අර්ධ-කාලීන ගොවියකු වන සුනිල් විතානගේ, 53, ලෝසවෙඅ සඳහන් කලේ “මගේ ජීවිත කාලෙ මේ වගේ ගංවතුරක් දැක්කෙ නෑ. මේ කුඹුරෙ විතරක් අක්කර 200 විතර වතුරෙන් යට වෙලා. මේ අපට විතරක් යට වෙච්ච ඉඩම් ප්‍රමානය අක්කර 400 ට වැඩියි”. පැවති නියඟය නිසා වගා කල හැකි ඉඩම් ප්‍රමානයෙන් වගා කර ඇත්තේ අටෙන් එකක් පමනකැයි ද ඔහු කියා සිටියේ ය.කලුතර දිස්ත්‍රික්කයේ මෝල්කාව, පරගොඩ, පාහියන්ගල හා නික්ගහ යන ප්‍රදේශ වලට ද ගංවතුර විශාල ලෙස හානි පමුනුවා ඇත. ගංවතුර හා නායයාම් මඟින් මෙම ප්‍රදේශය පුරා පමනක් 30 ට අධික ප්‍රමානයක් මිය ගොස් ඇතිබව වාර්තා වෙයි. පලමු නාවික බෝට්ටුව හා වෛද්‍ය කන්ඩායම මෙම ප්‍රදේශයන් ට ලං වූයේ ගංවතුරෙන් පිලිවෙලින් දවසකට හා තුන් දවසකට පසුවය.
දුප්පත්කමින් පරිපීඩිත මෙම ග්‍රාමීය ප්‍රදේශයන්හි බොහෝ නිවැසියන් රුපියල් 400 ක දෛනික වැටුපකට වතු වල වැඩ කරන අතර, අනෙක් අය කුඩා ගොවීන් වේ. මෙම ඛේදවාචකයට පෙරාතුව ද තිබුනේ දුෂ්කර ප්‍රවාහන පහසුකම් ය. බසයක් ගමන් කෙරුනේ දවසකට තුන් වතාවකි. ලඟම රෝහල වූ අඩු පහසුකම් හා අඩු කාර්යමන්ඩලයක් සහිත බුලත්සිංහල රෝහල පිහිටියේ හැතැප්ම අටක් දුරිනි.
ආන්ඩුව වෙතින් සහනයක් නොලැබුනු තරම් යැයි ව්‍යසනයට ගොදුරුවූවන් බොහොමයක් කෝපයෙන් සඳහන් කලහ. ගංවතුරට හා නායායාම් වලට ගොදුරුවූවන්ට තම ජීවිත නැවත ගොඩ නඟා ගැනීම සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත සහ ව්‍යාකූල අදහසකි.
එක් ගැමියකු ලෝසවෙඅ ට සඳහන් කලේ, “ගංවතුරෙන් මගේ ගෙය සම්පූර්නයෙන්ම විනාශ වුනා. මට ගොවිපලක් තිබුනා. හැබැයි දැන් අලුතින්ම තමයි පටන් ගන්න වෙලා තියෙන්නෙ. තව ගංවතුරක් එයි කියල අපි බයෙන් ඉන්නෙ. දැන් මෙතන ජීවත් වෙන්න බයයි. හැබැයි අපි කියල කොහෙ යන්නද? ආන්ඩුයි, ඔක්කොම නිලධාරීනුයි මේකට වග කියන්න ඕන.
“වෙන්න තියෙන විනාසය දන්න හින්ද, කුකුලේ ගඟ ව්‍යපෘතිය ආරම්භ වෙන කොට ම අපි ඒකට විරුද්ධ වුනා. ජලාශයට වැඩි වතුර මිනිස්සු නැති පලාත් වලට යන්න පුලුවන් විදියට ඒක සැලසුම් කරල තිබුනයි කියලයි අපි දැනගෙන හිටියෙ. ඒක වලක්වන්න ආන්ඩුව සල්ලි වෙන් කරන්නෙ නැතිව ලේසි විදිහ තෝර ගත්ත.”
වාර්ෂිකව සිදුවන ගංවතුර ගැලීම් වැලැක්වීම සඳහා අවශ්‍ය පියවරවල් නොගැනීම සහ සහනාධාරයන්හි දැවැන්ත හිඟය ආන්ඩු විරෝධී මනෝගතියන් ඇවිලවීමට තුඩු දී ඇත.
මැයි 28 දා රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරය කල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමතිවරුන් හා නිලධාරීන් ගනනාවක් සමඟ සාකච්ඡා වල නිරත විය. ඉන්පසුව රූපවාහිනියේ පෙනී සිටි සිරිසේන, ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම නතර කිරීමට ගත්තීන්දුව, විශාල කැප කිරීමක් ලෙස මවාපෑමේ නරුම උත්සාහයක යෙදුනේය.
තම භූ-දේශපාලනික දේශපාලනික පිලිවෙතට අනුරූප ලෙස, ඉන්දියාව කොලඹ ආන්ඩුව සමඟ තම සම්බන්ධතාවයන් ශක්තිමත් කර ගැනීමට වැඩ කරයි. මෙහි කොටසක් ලෙස, සහන කටයුතු වලට ආධාර කිරීම සඳහා නැව් තුනක් සමඟ 300 ක කන්ඩායමක් ඉන්දියාව ශ්‍රීලංකාවට පිටත් කලේ ය. කිමිදුම් කරුවන්, වෛද්‍ය කන්ඩායම් සමඟ හුලං පුරවන බෝට්ටු, වියලි ආහාර ද්‍රව්‍ය හා බ්ලැන්කට්ටු ඇතුලු සහනාධාර ඊට ඇතුලත් ය. චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ආධාර පොරොන්දු වුන අතර පකිස්ථානය, සහනාධාර හා වෛද්‍ය කන්ඩායම් රැගත් භාන්ඩ නැවක් එවීය. සිරිසේන ජනාධිපති කිරීම සඳහා මූලික ක්රියාකලාපයක් සිදු කල වොෂිංටනය ලබා දුන්නේ සොච්චමකි. රුපියල් මිලියන 15ක් පමනක් ලබා දෙන බව ශ්‍රීලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කෙෂප් ප්‍රකාශ කලේ ය.
ජූනි 30 දා බංගලාදේශයට කඩා වැදුනු මොරා සුලි සුලඟ, ලක්ෂ ගනනක ගේ නිවාස අහිමි කල අතර, හය දෙනෙකු මරනයට පත් කලේය. බංගලාදේශ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, පැයට කි.මී.117 ක වේගයෙන් පැමිනි කුනාටුව කොක්ස් බසාර් හා චිතගොං නගරය අතරෙන් ගොඩ බිමට පිවිසුනේ ය.
මුහුදු බඩ දිස්ත්‍රික්ක 16 ක විසූ 286,000 දෙනකුට මෙම කුනාටුව බල පෑවේය. 60,000 ක පමන නිවාස විනාශ කිරීමට තුඩු දුන් එය, ගොවි බිම් අක්කර 1,592 ට ද හානි පමුනුවා ලී ය. කොක්ස් බසාර් දිස්ත්‍රික්කය පුරා පමනක් සිය ගනනක් ගස් මුලිනුපුටා දැමූ අතර, 20,000 ක ට වැඩි නිවාස විනාශ කරලීය. දිස්ත්‍රික්ය පුරා පාරවල් මෙමගින් අවහිර විය.
බුරුම ආන්ඩුවේ හා බෞද්ධ ස්වෝත්තමවාදීන් ගේ ප්රහාරයන්ගෙන් ගැලවීමට පලා ආ මුස්ලිම් රොහිග්නියානුවන් වෙසෙන අනාථ කඳවුරුවලට දැඩි හානි සිදු විය. සුලි සුලඟ එන විට, 350,000 ක් පමන සරනාගතයන් අවම පහසුකම් සහිතව එහි ජීවත් වූහ. කිසිදු මරනයක් වාර්තා වූ යේ නැතත්, “ටින් තහඩු, උන බම්බු හා ප්ලාස්ටික් විලින් සමන්විත එම පැල්පත් සම්පූර්නයෙන්ම විනාශ වූ බව” එක් කඳවුරු නායකයෙක් සඳහන් කලේ ය.
බංගලාදේශ් අගමැති ශීක් හසීනා මැයි 31 දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කලේ, ආන්ඩුවේ ක්ෂනික ප්‍රතිචාරය හේතුවෙන් විශාල හානියක් හා ජීවිත නැතිවීම් වලක්වා ගත් බව යි. ඇය තව දුරටත් කියා සිටියේ, “පශ්චාත්-ව්‍යසන තත්වය පාලනය කිරීමට අපට සියලූ හැකියාව තිබේ. සුලි සුලං හා විපත් පැමිනේවි. අපගේ කර්තව්‍ය වන්නේ මරන වලක්වා ගැනීමයි” යනුවෙනි.
බංගලාදේශය තුල වාර්ෂිකව ලක්ෂ ගනනක් සුලි සුලං හා ගංවතුර වලට ගොදුරු වී ම මගින් හසීනාගේ මෙම ප්‍රකාශයේ කුහකත්වය සහ ව්‍යාජභාවය මතු කරයි. මෙවන් ව්‍යසනයන්ගෙන් මහජනයා ගලවා ගැනීමට, ලංකාවේ මෙන්ම, බංගලාදේශයේ ආන්ඩුවලට ද කිසිදු අවශ්‍යතාවයක් නැත.
Follow us on