මීතොටමුල්ලේ ව්‍යසනයට සෑම ආන්ඩුවක්ම වගකිවයුතු බව විපතටපත් ජනයා කියයි
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජූනි 12
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින්, මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳව ආරම්භ කොට ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනය (ස්කප) ගැන ව්‍යසනයට පත්වූවන් දැනුවත් කිරීම සඳහා, සසප සහ සසජාතශි සාමාජිකයෝ පසුගිය දා මීතොටමුල්ල ප්‍රදේශයේ උද්ඝෝෂනයක යෙදී ගත්හ.
සසප සහ සසජාතශි කැඳවා ඇති ස්කප මගින්, මීතොටමුල්ල කසල කන්දේ ඉතිහාසය, එයින් ජනිත කල සමාජ ආර්ථික ගැටලු, අපේ‍්‍රල් 14 සිදුවූ කන්ද කඩාවැටීමට හේතු සාධක, ඝන අපද්‍රව්‍ය කලමනාකරනය සඳහා ඇති විද්‍යාත්මක ක්‍රමවේදයන් හා ඒවා මෙහිදී භාවිතා නොවීමට හේතු ආදී කරුනු රැසක් පරීක්ෂනයට ලක්කොට, මෙවන් ප්‍රශ්න විසඳා ගැනීමට කම්කරු පන්තිය අනුගමනය කල යුතු විකල්ප දේශපාලන හා සමාජ වැඩපිලිවෙල ඉදිරිපත් කරන බව පෙන්වාදුන් උද්ඝෝෂකයෝ එම පරීක්ෂනයට සහයෝගය දක්වන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියහ.
ව්‍යසනය සම්බන්ධයෙන් පත්කොට ඇති ඊනියා ජනාධිපති කොමිසම වනාහි ව්‍යසනය සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව පැනනැගුනු බලගතු මහජන විරෝධය දියකර හැරීමට සහ සැබෑ දේශපාලන-ආර්ථික හේතු වසන් කිරීමට අටවන ලද්දක් බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. මෙවන් අවස්ථාවන්හි ධනපති ආන්ඩු විසින් නිරන්තරව අටවන කොමිසම්වල ව්‍යාජභාවය තම අත්දැකීම් වලින් පසක් කරගනිමින් සිටින බොහෝ දෙනෙක් ආන්ඩුවේ පරීක්ෂනයට විකල්ප ලෙස කම්කරු පන්තියේ ස්වාධීන පරීක්ෂනයක අවශ්‍යතාව පිලිගත්හ.
කෙසේ නමුත්, ව්‍යසනයේ භ්රාන්තියෙන් සහ තම පි‍්‍රයයන් අහිමිවීමේ ශෝකයෙන් මෙතෙකුදු වෙලී සිටින ජනතාව, පැවති රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සිදුවූ ව්‍යසනයට මුලුමනින්ම වගකිවයුතු බව කෝපයෙන් පැවසූ අතර, ව්‍යසනයක අනතුර දැන දැනම එය සිදුවන්නට ඉඩ හැරීම සම්බන්ධයෙන් ආන්ඩු දෙකම යලියලිත් විවේචනයට ලක් කලහ.
ව්‍යසනය පාවිච්චි කර තමා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ආන්ඩුව දරන ප්රයත්නය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අතර පවතින්නේ බලගතු විරෝධයකි. ආන්ඩුව මාස පහක් තුල කුනු කන්ද ඉවත් කරන බව පැවසූ නමුත් දැන් සිදුවන්නේ විනාශයට මුහුනදුන් මහජනයා එම පලාතෙන් ඉවත් කිරීම බව ඔවුහු පෙන්වා දුන්හ.
මහා නගර (මෙගාපොලිස්) ව්‍යාපෘතිය යටතේ දුගී නිවැසියන් කොලඹ හා ඒ අවට පලාත්වලින් ඉවත්කොට ඉන් මුදා ගන්නා ඉඩම් ජාත්‍යන්තර සංගත වලට ලබාදීම ආන්ඩුවේ අරමුනයි. 2010 වසරේ සිට සිය ගනනක් පවුල් කොලඹ හා මට්ටක්කුලිය මහනගර බල ප්‍රදේශයන්ගෙන් ඉවත් කරනු ලැබූයේ හමුදාව හා පොලීසිය යොදා ම්ලේච්ච ලෙස පහරදීමෙනි. බස්නාහිර පලාත් සංවර්ධන ඇමති චම්පික රනවක කියා සිටියේ කොලඹ තුල පමනක් අඩුආදායම් ලාභී පවුල් 68,000ක් ඉවත් කරන බවය. ඉවත් කිරීමට සිටින පවුල් ගනන මීට වඩා බෙහෙවින් වැඩිය. දැන් මීතොටමුල්ලේදී, සූදානම් වන්නේ ව්‍යසනය පාවිච්චි කර දුගී නිවැසියන් පලවා හැරීමටය.
කුනු කන්ද නාය යාමෙන් තම 20 හැවිරිදි සහ 18 හැවිරිදි පුතුන් දෙදෙනෙකු ද 13 හැවිරිදි ඥාති දියනියක ද අහිමි වීමෙන් ශෝකයට පත්ව සිටි, කුලී වැඩ කොට තම පවුල ජීවත් කරවන, වයස අවුරුදු 40 ක් වන සුදත් ධම්මික සහ ඔහුගේ බිරිඳ වන මේනකා උද්ඝෝෂකයන් සමග කතා කලහ. මෙතෙක් මල සිරුරු හෝ හමු නොවූ තම දරුවන්ට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට කිසිවකුත් උනන්දුවූයේ නැතැයි ඔවුහු කියා සිටියහ. සිද්ධිය වූ දිනවල රාහුල විදුහලේ සිටි නිලධාරීන්ට විස්තර දුන් බවද ඉන් කිසිවක් සිදු නොවූ බවද ඔවුහු පැවසූහ. සිව් මසකට පෙර මිලදී ගත් ඔවුනගේ තී‍්‍රරෝද රථය ද කුනු කන්දට යට වූ බවත්, පස් හැවිරිදි දියනිය, තම බිරිඳ සහ තමා යන්තමින් දිවිගලවාගත් බව ධම්මික අපට පැවසුවේය.
තමා කුඩා කාලයේ සිට මෙම ස්ථානයට කුනු දැමීම සිදු වූ බවත්, පසුගිය වසර තුන තුල වේගයෙන් කන්ද එසැවුනු බවත් මේනකා කීවාය. විපතින් පසු, ඊට ගොදුරු වූවන් බේරා ගැනීම සම්බන්ධයෙන් ආන්ඩුවේ තිබුනු නොතැකීම ගැන සඳහන් කරමින් ඇය පැවසුවේ “දහවල් කන්ද නාය ගිය නමුත් රාත්‍රී හතහමාර අට වෙනකන් බැකෝ දෙකයි තිබුනෙ. කන් හැඳි වගේ බැකෝ. මොනවද දීපු උදව්. ඒ ගොල්ලන්ට ඕන දෙය ඉෂ්ට වුනා අපට අපේ දේවල් නැති වුනා. ඒ ගොල්ලන්ට ඕන වුනේ හොඳින් හෝ නරකින් මේ ඉඩම් ටික ගන්න.”
සෙරෙප්පු කම්හලක රැකියාවේ නියුතු මැදි වියේ කාන්තාවක් වන නිරෝෂා කෞශල්‍යා කියා සිටියේ තම නිවසට පහලින් කොටස අවදානම් කලාපයන් ලෙස නම්කොට ඉන් ඉවත්වන ලෙසට දන්වා ඇති බවයි. එම නිවෙස් වල පදිංචිව සිටි ජනයා ඉවත් වී ඇත. “ජනාධිපතියි, අගමැතියි කිව්වෙ කුනු කන්ද අරන් යනවා කියල. එහෙම අරන් යනවනම් මිනිසුන්ව යවන්න ඕනෙ නැහැනෙ.”
ගෙවල් අසල කසල ඇති අවස්ථාවන්හි දී නිවැසියන්ට දඩ ගැසීම ගැන පිලිකුලෙන් කථා කල ඇය “පොල් කට්ටක් දැක්කම රු. 25,000 විතර දඩ ගහනවා. ටී.වී වල හිටන් දානව. කුනු කන්දෙන් හැදෙන ලෙඩ වලට අපි කාට දඩ ගහන්නද?” යනුවෙන්ද පැවසුවාය.
ස්වාධීන පරීක්ෂන කමිටුව ගෙනයන පරීක්ෂනය මගින් කසල ප්රශ්නයේ මූලය සොයා එයට විසඳුම් ඉදිරිපත් කෙරෙන බැවින් එයට තම සහාය දෙන බව පැවසූ මේනකා මෙවන් කොමිටි සැම තැනකම පිහිටුවන ලෙස ද ඉල්ලා සිටියාය.
වඩු කාර්මිකයෙකු වන සිරිපාල මෙසේ පැවසුවේය: “අපි කුනු ගොඬේ ගෙවල් හදාගත්ත කියන කතාව අමූලික බොරුවක්. මේ කුනු කන්ද තිබුන ප්‍රදේශය මුලදී වෙල්යායක්. මම මගේ පියා සමඟ ඒ වෙල් යායේ ගොවිතැන් කරපු කෙනෙක්. විවිධ ප්‍රශ්න නිසා ඒ වගාවල් පාලු වුනා. ඊට පස්සේ හැම ආන්ඩුවක්ම මෙතන ටික ටික කුනු ගොඩ ගැහුවා. මගේ නිවසේ අලාභය ගැන තවම මොනම තක්සේරුවක් වත් නැහැ. මේ කිසිම දේශපාලන පක්ෂයක් අපි වගේ දුප්පත් මිනිස්සුන්ගේ පක්ෂ නොවෙයි. ඒකයි මිනිස්සුන්ගේ පැත්තෙන් හිතල වැඩ කරන්නේ නැත්තේ.”
මීතොටමුල්ල ඛේදවාචකයේ වගකීම විපතට පත්වූවන් මතම පැටවීමට මුලුමහත් දේශපාලන සංස්ථාපිතයම ප්රයත්න දරන අතරතුර ව්‍යසනයේ සැබෑ වගකිවයුත්තන් වන ධනපති පාලකයන් සහ ධනපති ක්‍රමය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ස්වාධීන කම්කරු පරීක්ෂනයෙන් හෙලිදව් කෙරෙන බව පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ පැවසීය. ”ඔබ දුප්පත් ජනයාගේ පක්ෂයක් ගොඩනගන්න උත්සහ කරනවා කියලයි මට වැටහෙන්නේ. ස්වාධීන කම්කරු පරීක්ෂනයට මම සෑම උදව්වක්ම කරනවා.”
මීට ප්‍රථම සසප විසින් කරන ලද වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන අඩංගු පොත් පින්චක් ද ඔහු මිලදී ගත්තේය.
Follow us on