මරුති සුසුකි කම්කරුවන් බොරු නඩුවලට කොටු කිරීම - පස්වන කොටස: විනිසුරු ගෝයාල් නෛතික පලිගැනීම තහවුරු කිරීමට නීතිය කෙලෙසයි

The frame-up of the Maruti Suzuki workers—Part 5: Judge Goyal mangles the law to sustain the legal vendetta

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි , 2017 මැයි 18

පසුගිය මාසයේ -අලුතින් සංවිධානය වූ මරුති- සුසුකි කම්කරු සමිතියේ (එම්එස්ඩබ්ලිව්යූ) සමස්ත සාමාජිකත්වය ද ඇතුලු ව උතුරු ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ පිහිටි මෝටර් රථ පිරිද්දුම් සිදුකරන මරුති සුසුකි මනේසාර් කම්හලේ කම්කරුවන් 13 දෙනෙකු ගොතන ලද මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගෙට යවනු ලැබී ය.

එම කම්කරුවන්, ජපානයට අයිති මෝටර් නිෂ්පාදන සමාගමේ, ඉන්දීය පොලීසියේ, උසාවියේ සහ දේශපාලන සංස්ථාපිතයේ නෛතික වෛරය පිරිමැසීමක ගොදුරු බවට පත් ව ඇත්තේ ආන්තික සූරාකෑමේ වැඩ කොන්දේසිවලට පවතින කම්කරු විරෝධය විරේක කිරීමේ එල්ලයක් සහිතවය. 2012 ජූලි 18 දිනට මාස 18කට පෙර කලමනාකාරීත්වය විසින් උසිගන්වන ලද කලහකාරීත්වයක් හා වැඩපොලින් දොට්ට දැමීමක් මෙම බොරු චෝදනා ගෙතීමට ව්‍යාජ නිමිත්ත බවට පත්කරගත් අතර, මනේසාර් කම්හල, ඉන්දියාවේ දිල්ලි අගනුවර පර්යන්තයේ පිහිටි සුවිසල් මනේසාර්-ගුර්ගඔන් කාර්මික තීරුවෙහි කම්කරුවන්ගේ විරෝධයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබුනි.

මෙම ලිපිය, සමාගම හා පොලීසිය අතර කුමන්ත‍්‍රනකාරී එකඟත්වය, ගොතන ලද හා පුරුදු කරන ලද සාක්ෂි යොදාගැනීම සහ චෝදනා ඔප්පු කිරීමේ බර චෝදකයා වෙතින් කම්කරුවන් මතට මාරු කල අධිකරනමය තීන්දු ඇතුලු බොරු නඩුවල මානය හෙලිදරවු කිරීම වෙනුවෙන් පලකරනු ලබන ලිපි මාලාවක පස්වැනි කොටසයි. පලමුවැනි කොටසට, දෙවැනිකොටසට, තුන්වන කොටසට සිව්වනකොටසට පිවිසීමට.

සමස්ත නඩුවේ ක්‍රියාවලිය පුරා විනිසුරු ගෝයාල්, කම්කරුවන්ට නෛතික ආරක්ෂාව සඳහා තිබුනු අයිතිය අහිමි කල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තීන්දු මාලාවක් යලියලිත් ප‍්‍රකාශයට පත් කලේ ය. වඩාත් වැදගත් තීන්දු දෙකක් නම් කරතොත්: 2012 ජූලි 18 දින සිදුවීම් ගැන සාක්ෂි දරන, කිසිදු වරදක් පිලිබඳ ව චෝදනාවලට ලක් නො වුනු සියලු කම්කරුවන් ව සාක්ෂි දීමෙන් වැලැක්වීමට ඔහු ක්‍රියා කලේ ය. තව ද විත්තියේ නීතිඥයන්ට මූලික චෝදනාවන්ට අදාල සාක්ෂි යලි පිරික්සා බැලීමට අවසර දීම ඔහු ප‍්‍රතික්ෂේප කලේ, ඒ අයුරින් කටයුතු කිරීම සාධාරන නඩුවක් සඳහා කම්කරුවන්ට තිබෙන අයිතිය එමගින් ඇහිරෙන බවට ඉහල උසාවි නියෝගයක් පවා දී තිබිය දී ය.

එහෙත් අභිචෝදනා නඩුව එලිදරව් කෙරිනි. නඩුවේ දී තහවුරු වූයේ, පොලීසිය මරුති-සුසුකි කලමනාකාරීත්වය සමග රහස් කුමන්ත‍්‍රනයක යෙදී කම්කරුවන් සෑහෙන ගනනක් අත්අඩංගුවට ගෙන ගොතන ලද සාක්ෂි සැකසීමට කටයුතු කල බව යි. ඒ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබුනු කම්කරුවන් 89 දෙනෙකු ව්‍යාජ ලෙස පටලවාගෙන “සාක්ෂි” නිෂ්පාදනය කල පොලීසිය, 2012 ජූලි 18 දින පොරබැදීම විසිරවීමට උත්සාහ කිරීමේ දී තමන්ට කම්කරුවන් පහර දුන් බව “සාධනය කිරීම” සඳහා ව්‍යාජ නෛතික වෛද්‍ය සහතික (එම්එල්සී) ඉදිරිපත් කල හ.

චෝදනාවට ලක් වූ 148 දෙනාගෙන් 117 දෙනෙකුට ම එරෙහි ව සාක්ෂි නොමැති බව පිලිගැනීමට තම තීන්දුවේ දී විනිසුරු ගෝයාල්ට බලකෙරුනේ ඔවුන් ව නිදොස් නො කිරීම කල නො හැක්කක් බවට පත්කරමිනි. මෙම 117 දෙනා අතරට, පොලීසිය විසින් සාක්ෂි ගොතා ඉදිරිපත් කල බව තහවුරු වීම හා එහි ප‍්‍රතිඵලයක් ලෙස, විනිසුරුවරයාගේ ම වචනවලින් කියතොත් වසර දෙකහමාරක් හෝ ඊටත් වැඩි කාලයක් “නීතිවිරෝධී ව අත්අඩංගුවේ” තබාගෙන සිටි කම්කරුවන් 89 දෙනෙක් ද එකදු සාක්ෂිකරුවකු විසින් හෝ නිවැරදිව හඳුනා නො ගත් තවත් කම්කරුවන් 28 දෙනෙක් ද අයත් වූහ.

ඉතිරි කම්කරුවන් 31 දෙනාට විරුද්ධ රාජ්‍යයේ නඩුව ද එම 117 දෙනාට එරෙහි නඩුකරය මෙන්ම, සදොස්, සැකකටයුතු හා ව්‍යාජ එකක් විය. කලින් කියූ කම්කරුවන් 89 දෙනාට එරෙහි සාක්ෂි ගොතන ලද පොලිස් නිලධාරීන් විසින් ම මෙම නඩුව ද පවත්වාගෙන ගිය අතර, හරස් ප‍්‍රශ්න විභාගයේ දී තම එම්එල්සී සහතිකය ව්‍යාජ එකක් බව පිලිගත් හා මරුති-සුසුකි සමාගම සමග රහසිගත කුමන්ත‍්‍රනයේ යෙදී තිබුනු පොලිස් පරීක්ෂක ඕම් ප‍්‍රකාශ් විසින් ම එම පොලිස් කන්ඩායම මෙහෙයවීම ද කරන ලදී.

තව ද මෙම ලිපි මාලාවේ මුල් කොටස් හතර තුල අප පෙන්වා දී ඇති පරිදි, අභිචෝදනා නඩුව අසංගතිකත්වයන්, හිඩැස් හා හොඳින් ම පෙනෙන්නා වූ පුරුදු පුහුනු වී සාක්ෂි දීම් ආදියෙන් ගහන විය. කම්කරුවන්ට හිතවත් වූ එක ම කලමනාකාරවරයාගේ මරනයට හේතු වූ ගින්න සමග කම්කරුවන් සම්බන්ධ බවට කිසිදු ද්‍රව්‍යමය සාක්ෂියක් නො තිබීම සහ මෝටර් රථ දොරපොලු හා කම්පක රැගෙන පැමිනි කම්කරුවන් ව සිය වම්අත්වලින් වලකාලූ බවට කලමනාකාරවරුන් කල ඒකාබද්ධ කියාසිටීමේ රැව් පිලිරැව් දීම මේ බව තහවුරු කරයි. සාක්ෂි සඳහා යොදාගන්නා ලද මූලික නඩුභාන්ඩ ගැන අධිකරන වෛද්‍ය පරීක්ෂන කිරීම ඇතුලු නියමිත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීමට පොලීසිය අපොහොසත් වීම මගින් ද අභිචෝදනා නඩුව විකෘතවී තිබිනි.

එහෙත් විනිසුරු ගෝයාල් මේ සියල්ල ඕනෑකමින් ම නො තකා හැරීම තෝරාගත්තේ ය.

කම්කරුවන් 117 දෙනෙකු නිදොස් කිරීමට ඔහු දුන් තීන්දුව යුක්ති සාධාරනත්වය සුපුෂ්පිතව ස්ථාපනය කිරීමකින් දුරස්ථ වන අතර, එම උපාමාරුව මගින් ඉලක්ක කලේ නඩුවේ ප‍්‍රධාන චූදිතයන් වන මරුති-සුසුකි කම්කරු සමිතියේ නායකයන්ට එරෙහි නෛතික වෛරය අඛන්ඩ ව පවත්වාගෙන යාම යි.

පොලීසියේ නීතිවිරෝධී ක්‍රියාවන් හා අනෙකුත් “අතපසුවීම්” තිබිය දී වුව, අධි චෝදනා නඩුව තුලදී දහයියාවලින් ධාන්‍ය වෙන්කර ගැනීමට තමන්ට පුලූවන් වූ බවට විනිසුරා කල ප‍්‍රකාශයේ අර්ථය මෙය යි.

තර්කයේ හා නීතියේ පැත්තෙන් ගත්කල පොලීසිය, මරුති-සුසුකි සමාගම සමග කුමන්ත‍්‍රනයේ යෙදීම හා බොරු සාක්ෂි ගෙතීම ඔවුන්ගේ සියලු කියාපෑම් පැහැදිලි ව ම ප‍්‍රශ්නයට බඳුන් කරයි. ඒ්වා නම්: ප‍්‍රහාරය සඳහා යොදාගත්තේ යයි කියන ආයුධ කම්කරුවන් නිවෙස්වල සිට ගෙන ආවා යයි ඔවුන් සාක්ෂි රහිත ව “සොයාගත්තේ” ද; සාක්ෂි වෙනුවෙන් ඉදිරිපත් කල නඩුභාන්ඩ අධිකරන වෛද්‍ය පරීක්ෂනවලට බඳුන් කිරීමට අසමත්වීම පිලිබඳ ඔවුනගේ පැහැදිලි කිරීම්; තමන්ට පහර එල්ල වූවා යයි කියා සිටි සමාගමේ කලමනාකාරීත්වයෙන් ප‍්‍රශ්න කිරීම අධික ලෙස කල් පමා කිරීමට හේතු ලෙස පොලීසිය ඉදිරිපත් කල හේතු; ආදියයි.

තව ද, පොලීසියේ ක්‍රියාවන් නඩුව ආපසු හැරවිය නො හැකි ලෙස අසීරුතාවේ හෙලූ බවට විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කල තර්කය විනිසුරු ගෝයාල් විසින් එකහෙලා ඉවත දැමී ය. පොලීසියේ විමර්ශනය සහ අභිචෝදනා නඩුව, අතිමූලික ව ගත්කල දෝෂ සහගතය යන තර්කය “කිසිදු ශක්තිමත් පිටුබලයක් රහිත හෙයින් ප‍්‍රතික්ෂේප කරන” බවත්, රාජ්‍ය නඩුවේ දී උසාවියට “දහයියාවලින් ධාන්‍යය වෙන්කර ගැනීම” කලහැකි බවත් එසේ කරන බවත් හෙතෙම තීන්දු කලේ ය.

යථාර්ථය වන්නේ, එවකට හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුවේ බලය දැරූ කොංග‍්‍රස් පක්ෂ ආන්ඩුවේ පටන් සමස්ත ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ ආශීර්වාදය සහිත ව පොලීසිය හා අන්තර්ජාතික මෝටර් රථ සංගතය විසින් ආරම්භ කරන ලද බොරුනඩුවේ මූලිකාංගයක් වසයෙන් ඔහුගේ තීන්දුවේ විකෘත භාවය පවතින බව යි.

විනිසුරු ගෝයාල්ගේ තීන්දුව පදනම් වූයේ සාක්ෂි පිලිබඳ අව්‍යාජ කිරා මැනබැලීමක් මත නො වේ. ඒ වෙනුවට, එය ඉන්දීය පාලක ප‍්‍රභූව විසින් අනවන ලද පූර්ව-නිර්නිත ප‍්‍රතිඵලය කරා ලඟාවීමට හිතාමතා හැඩගන්වන ලද්දක් වී ය. ඉන්දියානු රාජ්‍යය හා දේශපාලන සංස්ථාපිතය, කම්කරුවන් මත වහල් ශ‍්‍රම කොන්දේසි අනුකම්පා විරහිත ව පැටවීමට සූදානම් බව යලි වතාවක් ආයෝජකයන්ට තහවුරු කිරීම පිනිස, මරුති-සුසුකි කම්කරුවන්ට දඬුවම් පමුනුවා, ගුර්ගා ඕන්-මනේසාර් කාර්මික තීරුවේ හා සමස්ත ඉන්දියාවේ අනෙකුත් කම්කරුවන් බියවැද්දීම සඳහා ආදර්ශනයක් ලෙස භාවිතා කිරීමට එය කල්තබා නීර්නය කරන ලදී. තම තීන්දුව පුරා ම, විනිසුරු ගෝයාල්, අභිචෝදනා නඩුව තුල පැවති අඩුපාඩු හා පරස්පරයන් නො තකා හැරීම, ලඝුකොට සැලකීම හෝ ඉවත දැමීමට හේතු සෙවීම කලේ ය. ඒ අනුව, මරුති-සුසුකි කම්කරුවන් භාවිතා කලේ යයි කියන ආයුධ (මුල දී කලමනාකරුවන් පොලුමුගුරු යයි කී දේවල් හා අභිචෝදක විසින් මෝටර් රථවලින් ඉවත් කරගත් කොටස් යයි කීම) අතර පැවති විෂමතාව පිලිබඳ ව විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කල සැක මතුකිරීම් ගෝයාල් විසින් නො තකා හරින ලදී. පොලීසියේ පලමු විමර්ශන වාර්තාව වනාහි, “නඩුවේ සියලු විස්තර” සඳහන් කලයුතු වන “විශ්වකෝෂයක්” නො වේ යයි ඔහු අවධාරනය කලේ ය.

ඒ හා සමාන ව, විනිසුරු ගෝයාල් සිය සාකච්ඡාව අවසාන කලේ, විත්තියේ නීතිඥයා හෙලිදරව් කල කම්කරුවන් භාවිත කල බව කියන ආයුධ මරුති-සුසුකි කම්හලෙන් සොරාගත් ඒවා යයි කල චෝදනාවේ පැවති අනේකවිධ හිඩැස්, සමගය. චෝදනා ගොනුකිරීමේ වෘතාන්තයේ සිදුරුවලට අන්ඩ දැමීමට වෛකල්පිත තර්කයක් ඔහු විසින් ඉදිරියට දමන ලද්දේ, කම්හල අසල පිහිටි මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් බොහෝ කම්හල්වලින් එකකින් කම්කරුවන් ආයුධ සොරාගත් බව කියා සිටිමිනි.

එකිනෙකට වෙනස් හා විරුද්ධ අධිකරනමය ප‍්‍රමිතීන් දෙකක්

සමස්ත එම්එස්ඩබ්ලිව්යූ නායකත්වය ද ඇතුලු කම්කරුවන් 13 දෙනෙකුට මිනීමැරීම ගැන ද තවත් 18 දෙනෙකුට ඊට අඩු චෝදනා මත ද දඬුවම් නියම කිරීමට තමන් ගත් තීන්දුව සාධාරනීකරනය කිරීම සඳහා, ධනපති උසාවි විසින් නඩත්තු කරගෙන යන බව කියන ප‍්‍රජාතාන්ත්‍රික අධිකරනමය මූලධර්ම උල්ලංඝනය කිරීමට විනිසුරු ගෝයාල්ට බලකරනු ලැබිනි.

අභිචෝදක පිලිබඳ ව හා කම්කරුවන් පිලිබඳ ව ක‍්‍රමානුකූල ව එකිනෙකට වෙනස් ප‍්‍රමිතීන් දෙකක ඔහුගේ තීන්දුව ක‍්‍රමානුකූලව එල්බීගෙන සිටී.

චෝදනා ඔප්පු කිරීමේ බර පවත්නේ රජය මත ය යන නෛතික අවශ්‍යතාව උඩුයටිකුරු කරමින්, සැලකිල්ලට ලක්වන සෑම විකල්පයක් ම ඛන්ඩනය කිරීමට කම්කරුවන් අසමත් නම් ඔවුන්ගේ සාක්ෂි පිලිගැනීම විනිසුරු ගෝයාල් විසින් ප‍්‍රතික්ෂේප කලේ ය. අනෙක් අතට, පරස්පරයන්ගෙන් හෝ වැරදි ප‍්‍රකාශවලින් ගහන වූ බවට හසුවුනු, සංගත නිලධාරීන් හා පොලීසිය ඉදිරිපත් කල ලිපිලේඛන, සත්‍ය ඒවා වසයෙන් ඔහු පිලිගත්තේ ය.

2012 ජූලි 18 දින තමන් මනේසාර් කර්මාන්තශාලාවේ සිටියේ වත් නැති බවට ඇසින් දුටු සාක්ෂි ද සහිත ව පිලිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර තබිය දී පවා, එම්එස්ඩබ්ලිව්යූ නායකයන් දෙදෙනෙකුගේ නොතැනියාව මහේස්ත‍්‍රාත් උසාවියකින් අහක දමා තිබුනේ ය යන්න, විනිසුරු ගෝයාල් තම තීන්දුව දීමේ දී යහමින් ප‍්‍රයෝජනයට ගත්තේ ය. ඉන්දියානු නීතිය උපුටා දක්වමින් විනිසුරු ගෝයාල් ප‍්‍රකාශ කලේ, වෙනත් කිසිදු පැහැදිලි කිරීමකින් තොර වන ව්‍යාජ නොතැනියාව, වරද කල බවට සාධකයක් අර්ථකථනය කරනු ලැබිය යුතු බව යි.

එහෙත් පොලීසියේ තහවුරු කරන ලද නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිලිබඳ කාරනයේ දී, විනිසුරු ගෝයාල් අතිශයින් ම සීමිත අනුමේයයන් කරා එලඹීම පවා ප‍්‍රතික්ෂේප කෙල්ය. කම්කරුවන් ව්‍යාජ ලෙස අපරාධයකට පටලැවීම සඳහා නීතිය උල්ලංඝනය කල අය හා විමර්ශනයෙහි ඉතිරි කොටස කරගෙන ගිය අය යන දෙගොල්ලන් ම එක ම තැනැත්තන් වුවත්, මරුති-සුසුකි සමාගම සමග පොලීසිය කුමන්ත‍්‍රනය කිරීම හා බොරු සාක්ෂි ගෙතීම ඔවුන්ගේ විමර්ශනයෙහි අනෙකුත් අංශ ප‍්‍රශ්නයට භාජනය නො කල බව සහ නො කල යුතු බව ඔහු අවධාරනය කලේ ය.

පොලීසිය ඔවුන්ගේ ම නීතිරාමු උල්ලංඝනය කොට තිබුනු බව හා සාක්ෂි සඳහා යොදාගත් මූලික භාන්ඩ පිලිබඳ ව අධිකරන වෛද්‍ය පරීක්ෂන සිදුකිරීමට අසමර්ථ වූ බව විත්තියේ නීතිඥයෝ යලි යලිත් පෙන්වා දුන්හ.

එහෙත් තම තීන්දුවේ දී සෑම සිදුවීමක් ම එකිනෙකින් වෙන්කොට සලකා බැලූ විනිසුරු ගෝයාල්, ඒවා හුදෙක් අසම්බන්ධිත වැරදීම් හා අතපසුවීම් ලෙස නිරූපනය කලේ ය.

යථාර්ථයේ දී, එම සිදුවීම්, බොරුනඩු ඇටවීම සමග මුලුමනින් ම අනුකූල වන නොවරදින රටාවක් සකසයි. ප‍්‍රහාරය සඳහා යොදාගත්තේ යයි කියන ආයුධ හෝ ඔවුන් කම්හලේ ගින්න සමග ගැටගැසීමට උත්සාහ කල අභූත ගිනි පෙට්ටි කවරය පිලිබඳ අධිකරන වෛද්‍ය පරීක්ෂන නො කිරීමට පොලීසිය පියවර නො ගත්තේ නම්, එයට හේතුව වන්නේ, කම්කරුවන් 89 දෙනා බොරු සාක්ෂිකරුවන් මගින් අපරාධයට සම්බන්ධ කිරීම සඳහා කම්කරුවන් ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් නො කලා වූ හේතුව ම ය. එනම්, ඉදිරිපත් කල සාක්ෂි ප‍්‍රබන්ධ කල ඒවා නිසා, අධිකරන වෛද්‍ය පරීක්ෂන, කම්කරුවන් ව අපරාධාරෝපනය කිරීමට උදව් නො වනු ඇති බවත් උදව් කරගත නො හැකි බවත් පොලීසිය දැන සිටි බව යි.

එබැවින් බොරු නඩුව තහවුරු කිරීම සඳහා පොලීසියේ නීච භාවිතාවන් “අතපසුවීම්” බවට ලේබල් කල විනිසුරු, එම “අතපසුවීම්” පොලීසිය අවිනීතිකරයට සම්බන්ධ බවට තහවුරු කිරීමට ඉදිරිපත් කල සියලු සාධක ලඝු කොට නො තකා හැරියේ ය. කම්කරුවන්ගේ නිවෙස්වලින් පොලීසිය සොයාගත්තේ යයි කියාපෑ ආයුධ ඔවුන් විසින් ම එම නිවාස තුල සඟවන ලද ඒවා බවටත්, ඔවුන්ගේ “සොයාගැනීම්” හා එලෙස සොයාගත් කිසිවක් සඳහා ඇඟිලි සලකුනු හෝ රුධිරමය සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත් වීම මගින් පොලීසිය තම පටිපාටීන් උල්ලංඝනය කල බවටත්, විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කල තර්කය විනිසුරු ගෝයාල් දඩබ්බර ලෙස අහක දැමී ය.

චෝදනාව සාධනය කිරීමට අසමත් වූ බව හා තමන්ගේ ම තීන්දුවට නෛතික පදනමක් නැති බව ව්‍යංගයෙන් පිලිගනිමින්, විනිසුරු ගෝයාල් එම තීන්දුව සඳහා පදනම් ගෙනහැර දැක්වීමේ දී ප‍්‍රතිගාමී පූර්වාදර්ශ කිහිපයක ම පිහිට පැතුවේ ය. මෙම පූර්වාදර්ශවලින් බොහොමයක් බ්‍රිතාන්‍ය විජිතවාදී නීතියෙන් උකහා ගත් ඒවා වූ අතර, එය වනාහි ඉන්දියානු ජනතාව බ්‍රිතාන්‍යයට යටත් ව තබාගැනීම සඳහා ආධාර කරගත් නෛතික සම්ප‍්‍රදාය යි.

මෙම පූර්වාදර්ශයන්ගේ අර්ථය වන්නේ, චූදිතයෙකු වැරදිකරු බවට සාධාරන සැකයකින් තොර ව රාජ්‍යය විසින් ඔප්පු කල යුතු නෛතික අවශ්‍යතාවට පහර දීම හා එය පිරිහෙලීමයි. “අනියම් අවිශ්වාසයන් පෝෂනය කිරීමට” උසාවිය පෙලඹවිය හැකි “සැකයේ වාසියෙහි නීතියට අතිශයෝක්තියෙන් ඇලීගැලී සිටීම” හෙලාදැක්කා වූ තීන්දුවක් එම පූර්වාදර්ශයන්ට අඩංගු විය. මරුති-සුසුකි කම්කරුවන්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාව අවධාරනය කිරීමට, විනිසුරු ගෝයාල් උපුටා දැක්වූ තවත් පූර්වාදර්ශයක් වන්නේ, “බොහෝ වැරදිකාර පුද්ගලයන්ට බේරීයාමට ඉඩ ලබාදෙනු ලැබිය” හැකි ය යන පදනම මත “දුර්ලභ අහිංසක පුද්ගලයන්ට දඬුවම් කිරීමෙන්” වලක්වන “නිරවද්‍ය අධිසංවේදීත්වය” ගැරහීමට ලක් කිරීමයි. “සාධාරන සැකයෙන් (ඔබ්බට) ඔප්පු කිරීම මග පෙන්වන්නක් මිස ඇදහිල්ලක් නො වේ” යයි තීන්දුව වැඩිදුරටත් කීවේ ය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය මරුති-සුසුකි කම්කරුවන්ට එරෙහි නෛතික පලිගැනීමට රුකුල් දෙයි

මරුති-සුසුකි කම්කරුවන්ට එරෙහි බොරුනඩු ගෙතීමට ඉන්දීය පාලක ප‍්‍රභූව හා රාජ්‍ය යන්ත‍්‍රනය තුල තිබෙන සහයෝගයේ පෘථුලත්වය, කම්කරුවන්ගේ ආරක්ෂාවට විලංගු දැමීමේ දී එරට ශ්‍රේෂ්ඨාධිකරනය ඉටුකල භූමිකාව මගින් අවධාරනය කරනු ලබයි.

කම්කරුවන්ගේ ප‍්‍රධාන නීතිඥයා වූ ආර්. එස්. හූදා පිලිකාවක් හේතුවෙන් දැඩිලෙස රෝගාතුර වීම නිසා (මොහු පසුව මරනයට පත් විය), නිසි පරිදි හරස් ප‍්‍රශ්නවලට භාජනය නො වුනු අභිචෝදනාව වෙනුවෙන් ඉදිරිපත් කල සාක්ෂිකරුවන් ව, යලි විභාගයට ලක්කිරීමට විත්තියේ නීතිඥයාට ඉඩදීම ගෝයාල් විසින් ප‍්‍රතික්ෂේප කිරීම, ඉන්දියාවේ ඉහල ම අධිකරනය අනුමත කලේ ය. ඇප දීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඒ වනවිටත් හිරගෙදරට වී කාලය මරමින් සිටි කම්කරුවන්, හුදෙක් නඩුව දිගදුර ඇදගෙන යාමට උත්සාහ කරන්නේ ය යන ගෝයාල්ගේ කියාපෑම මිථ්‍යාවක් බව සඳහන් කල ඉහල අධිකරනයක්, සාක්ෂිකරුවන්ගෙන් යලි ප‍්‍රශ්න කිරීමට විත්තියේ නීතිඥයා කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලහොත්, එය යුක්තිසහගත නඩුවක් සඳහා කම්කරුවන්ට ඇති අයිතිය නිෂ්ප‍්‍රභා කිරීමක් යයි නිගමනය කර තිබුනි.

2016 අගෝස්තු 24දා බොරුනඩුවලට පටලන ලද කම්කරුවන් කෙරෙහි සතුරුකමින් ප්‍රේරිත තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරනය, “යුක්තිසහගත නඩුවක් සඳහා වන අයිතිවාසිකම එහිම පාදස්තලය මත තබා ගත යුත්තක්” නො වන බවත්, “සාධාරනත්වය සඳහා වන ආයාචනය, අහස් මාලිගා තැනීම සඳහා උපයෝගී කර ගත නොහැකි අතර හොඳින් හිරු පායා ඇති දහවලක දිලිසෙන චන්ද්‍රයෙක් ගැන අවබෝධ කරගැනීම සඳහා අවසර දෙනු ලබන්නක්” නො වන බවත් ප‍්‍රකාශ කලේ ය.

සාධාරන නඩුවක් පිලිබඳ සංකල්පය, තමන්ට චෝදනා කලවුන්ගෙන් නිසි පරිදි ප‍්‍රශ්න කිරීමට චූදිතයන්ට තිබෙන අයිතිය මත අවධාරනය කිරීම වැනි “කිසිදු බන්ධනගත සූත‍්‍රයකට” ලඝු නො කල යුතු බව අධිකරනය කියා සිටියේය. විත්තියේ නීතිඥයාගේ ඉල්ලීමට ඉඩදීම, ඉන්දියාවේ නීති පද්ධතිය “අරාජික වියවුලකින්” ආසාදනයට ලක්වීමේ “ඉඩ ප‍්‍රස්තාව සහිත” බව එය කියා සිටියේ ය.

මරුති-සුසුකි කම්කරුවන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව සහ බොරුනඩුවේ තීන්දුවෙහි පදනම ලෙස විනිසුරු ගෝයාල් විසින් උපුටා දක්වන ලද ප‍්‍රතිගාමී නෛතික පූර්වාදර්ශ මාලාව ප‍්‍රදර්ශනය කරන්නේ, කම්කරු පන්තිය කෲර ලෙස සූරාකෑම මගින් ලාභ උපුටා ගැනීම සඳහා මහා සංගතවලට තිබෙන අනුල්ලංඝනීය අයිතිය රැකීමේ දී, ප‍්‍රජාතාන්ත්‍රික නීතියේ මූලික මූලධර්මයන් මර්දනය කිරීම අවශ්‍ය වනවිට ධනේශ්වර උසාවි ඒ සඳහා එකපයින් සූදානම් බව යි.

කෙටියෙන් කියතොත්: අප‍්‍රසන්න ඉන්දීය හිරගෙදරක අගුලුලනු ලදුව තම ජීවිතයේ ඉතිරි කාලය ගතකිරීම සඳහා අතහැර ඇති මරුති-සුසුකි කම්කරුවන් 13 දෙනා ම්ලේච්ඡ පන්ති සාධාරනයට ගොදුරු වූවෝ වෙති.

මරුති-සුසුකි කම්කරුවන් ව බොරුනඩු අටවා දන්ඩනයට ලක්කිරීම ලොවපුරා කම්කරුවන් දැකගත යුත්තේ තමන්ගේ ම ජීවිකාවන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල වූ තර්ජනයක් ලෙස ය.

මෙම කම්කරුවන් කල එක ම “අපරාධය” වන්නේ, සුසුකි වැනි අන්තර්ජාතික සංගතයන්ට සමස්ත ලෝකයේ කම්කරුවන් මත පැටවීමට අවශ්‍ය වන ලාභ-ශ‍්‍රමික වහල් කොන්දේසි අභියෝගයට ලක්කිරීම යි. එය ඔවුන් ව සමස්ත ඉන්දීය රාජ්‍යය හා දේශපාලන සංස්ථාපිතය සමග ගැටුමකට ගෙන ආවේ, ලෝකයේ ප‍්‍රධානතම ලාභ-ශ‍්‍රම කඳවුර ලෙස චීනය පරයා යාමට ඉන්දියාවේ ධනේශ්වරයට පවත්නා ඉලක්කය, එම අරගලය මගින් තර්ජනයට ලක්කල නිසා ය.

මෙම බියකරු බොරුනඩු ඇටවීම සාර්ථක කරගැනීමට මරුති-සුසුකි සමාගම හා ඉන්දියානු ධනේශ්වරය සමත් වුවහොත්, එමගින් සිදු කරන්නේ, ලොවපුරා අන්තර්ජාතික සංගතයන්, ඔවුන්ගේ දේශපාලන බත්බැලයන් හා ආන්ඩු දිරිමත් කිරීම යි. සෑමතැනක ම කම්කරුවන් දැන් ගැටෙන්නේ, කම්කරු අයිතීන් කප්පාදු කිරීමට සහ ඔවුන්ගේ විරුද්ධත්වයන් සාපරාධී කිරීමට හා මර්දනය කිරීමට කැපවුනු ධනේශ්වර ආන්ඩු සමග යි.

අනෙක් අතට, බොරුනඩු හෙලිදරව් කිරීම හා මරුති-සුසුකි කම්කරුවන්ගේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්වීම, ගෝලීය ප‍්‍රාග්ධනයටත් කප්පාදු පියවරයන්ට හා අධිරාජ්‍යවාදී යුද්ධයටත් විරුද්ධ ව සටන් කිරීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර පරිමාන එකමුතුව ගොඩනැගීමේ තීරනාත්මක මුල් පියවරකි.

සමාප්තයි

Share this article: