ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් 150 කට වඩා මියගොස් ලක්ෂ පහක් අවතැන් වෙයි
Over 150 dead and half a million displaced in Sri Lankan floods
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 29
පසුගිය සතිය පුරා ඇදහැලුන මෝසම් වැසි හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ ඇති වූ ගංවතුරෙන් සහ නායයාම් වලින් 150 කට වඩා මියගොස් 100 කට වැඩි සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි. නිල ගනන්හිලව් වලට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 22 න් 15 ක ලක්ෂ පහක් ජනයා අවතැන් ව සිටිති. මෙය මිනිසුන් 260 ක් මරනයට පත් වූ 2013 වර්ෂයෙන් පසු ඇති වූ දරුනුම ජල ගැල්ම යි.
වර්ෂාපතනය අතිවිශාල ය. කලුතර දිස්ත්‍රික්කයේ සමහර තැන්වල එය මිලී මීටර් 553 කි. කැලනි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ හා කලු ගඟ වැනි ප්‍රධාන ගංගාවල ඉවුරු කැඩීයාමත් සමග බොහෝ ප්‍රදේශයන්හි නිවෙස් වල වහල ඉක්මවා ජලය නැගුනි. ඉදිරි දිනවල තද වැසි සහ සුලං ඇතිවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
ගංවතුර ගැලීම සහ නායයාම් ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව සිදුවන නමුත් ඒවා පාලනය කිරීමේ හෝ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කවර හෝ බැරෑරුම් පියවර ගැනීමට බලයේ සිටි ආන්ඩු අසමත් වී තිබේ. මෑතම ව්‍යසනයට වර්තමාන ආන්ඩුව ප්‍රතික්‍රියා කර ඇත්තේ කිඹුල් කඳුලු හෙලීමෙන් සහ නාවික, පාබල හා ගුවන් හමුදාවන් හා ඒවායේ සම්පත් මෙහෙයවීමෙනි.
තමන් සන්තකයෙහි ප්‍රමානවත් තරම් බ්ලැන්කට් (පොරවනා), ජීවිත ආරක්ෂක කබා, කුඩ, සහ විදුලි පන්දම් නොමැති බව පිලිගත් ආපදා කලමනාකරන අමාත්‍යංශයේ ලිපියක් ඊයේ සන්ඩේ ටයිම්ස් පත්‍රය උපුටා දැක් වී ය. ඇමරිකාවේ මෑත දී ඇති වූ ජලගැල්ම ට එක්සත් ජනපද ආන්ඩුව ද නුසූදානම් ව සිටි බව කියමින් ආන්ඩුවේ නිර්ලජ්ජිත ප්‍රතිචාරය යුක්තිසහගත කිරීමට ආන්ඩුවේ ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න උත්සාහ කලේ ය.
ආන්ඩුව ආපදා සහන ලෙස වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 150 ක් පමනි. මරන සහ විනාශවූ දේපොල සඳහා පසුව වන්දි ගෙවන බව ප්‍රකාශ කොට ඇත. හදිසි සහනාධාර සඳහා කොලඹට වෙන්කර ඇති මුදල ආන්ඩුවේ ඇමතියන්ට නව සුඛෝපභෝගී වාහන මිල දී ගැනීම සඳහා මෑත දී වෙන්කල මුදලෙන් අඩකටත් වඩා අඩු ය.
කම්කරුවන් සහ දුගීන් අතර වැඩෙන අසන්තෘප්තිය ගැන දැනුවත් ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ ආපදාව ගැන බොරු සැලකිල්ලක් පෙන්නුම් කර ඇත. ආන්ඩුවේ චක්‍රලේඛ නොතකා සහන පියවරයන් සඳහා වහාම රජයේ අරමුදල් පාවිච්චි කරන ලෙස කලුතර පැවති ඉහල නිලධාරීන්ගේ රැස්වීමක දී සිරිසේන පැවසුවේ ය.
එහෙත්, සැලකිල්ල පෙන්වීමේ එවන් නිල ප්‍රකාශ බෙහෙවින් ම පුරුද්දට මෙන් කරන ඒවා නිසා, ඒවා සාමාන්‍ය ජනතාව කෙරෙහි ඇතිකරන බල පෑම අල්ප ය. ශ්‍රී ලංකාවේ පමනක් 40,000 ක් මරනයට පත් වූ 2004 දෙසැම්බර් මාසයේ ඇතිවූ සුනාමියෙන් පීඩාවට පත් දහස් ගනනක් මිනිසුන් ට තවමත් කිසිම නිවසක් ලබා නොදී අතහැර දමා ඇත. එමෙන් ම 2016 මැයි මාසයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක සිදු වූ නායයාමෙන් නිවාස අහිමි වූ සිය ගනනක් තවමත් ජීවත් වන්නේ තාවකාලික කුඩාරම් තුල ය. එම ව්‍යසනයෙන් 129 ට වැඩි දෙනෙක් මිය ගියහ.
ඇත්ත වසයෙන් ම, කොලඹ පහත්බිම් ප්‍රදේශ ජලයෙන් යටවීම දඩමීමා කර ගනිමින් “නීති-විරෝධී ඉදිකිරීම්” ඉවත් කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටී. මෙම ඉදිකිරීම්-දුගී නිවාස සහ අනෙකුත් වාසස්ථාන-කානු සහ ඇලමාර්ග අවහිර කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රනවක ප්‍රකාශ කලේ ය. මෙම නිවාස අනවසරයෙන් ඉදිකොට ඇති බැවින් වන්දි ගෙවීමේ අවශ්‍යතාවක් නැති බව ඔහු කීවේ ය.
වෙනත් විදිහකින් කීවොත්, කලින් ආන්ඩුව මෙන් ම රනවකගේ සංවර්ධන අමාත්‍යංශය, දකුනු ආසියාවේ වානිජ මධ්‍යස්ථානයක් බවට කොලඹ පරිවර්තනය කිරීමට උත්සාහ කරන ඊනියා මහානගර (Megapolis) ව්‍යාපෘතිය සඳහා අගනුවරින් දුප්පතුන් පලවා හැර ප්‍රදේශය නිදහස්කර ගැනීමට ආපදාව පාවිච්චි කරයි.
ඉන්දියාව සහ පකිස්තානය හදිසි සහනාධාර සහ සේවක මන්ඩල සහිතව නැව් එවා ඇත. ශී‍්‍ර ලංකාව සමග සමීප දේශපාලන සම්බන්ධතා තහවුරු කර ගැනීමට උත්සාහකරන ඉන්දියාව නැව් දෙකක් එවා තිබේ. රුපවාහිනී වාර්තාවලට අනුව ඉන්දියානු නාවික භටයෝ ගලවා ගැනීමේ මෙහෙයුම්වල සහ සහනාධාර බෙදීමේ යෙදී සිටිති.
වෛද්‍යවරුන්, හෙද සේවකයන් සහ සාමාන්‍ය ජනයා ආපදාවට ගොදුරුවූවන් වෙනුවෙන් හදිසි සහන සැපයීමට වෙහෙස නොතකා වැඩකරන ප්‍රදේශ කිහිපයකට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ ගියහ. නායයාමේ අනතුර ඇති හෙයින් බොහෝ ගම්මුන්ට පදිංචි ස්ථානවලින් ඉවත්වීමට දැනුම් දී ඇතත් ඔවුන් ට හදිසි වාසස්ථාන ලබාගත හැකි තැන් පිලිබඳව බලධාරීන් දැනුම් දී නැත.
මිනිසුන් 71 කට දිවි අහිමි කල රත්නපුර, නායයාම් වලින් බරපතල ලෙස හානියට පත් වූ එක් දිස්ත්‍රික්කයකි. ඇහැලියගොඩ ආසන්නයේ පිහිටි මාලිගාකන්දේ සිදු වූ නායයාමෙන් ගම්මුන් 12 ක් පන පිටින් වැලලුනි.
නාය යාමකින් පාසල් සිසුන් දෙදෙනෙකු මිය ගිය මානියම්ගම දී ඉන්දික සෙනෙවිරත්න පැවසුවේ ව්‍යසනය සිදුවුයේ රාත්‍රී කාලයේ බව යි. ඔවුන් කලින් පදිංචිව සිටි ගම එවැනිම නායයාමකට ගොදුරු වීමෙන් පසු ඔහුගේ පවුල සහ තවත් 11 දෙනෙකු මෙම ප්‍රදේශයට පදිංචියට පැමින ඇත. “ඒක අපාදවට ලක්විය හැකි ප්‍රදේශයක් ලෙස බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ග්‍රාම නිලධාරි අපට කිව්වා. නමුත් විකල්ප තැනක් නැතිව අපි යන්නේ කොහාට දැ ? යි ඔහු ඇසුවේ ය.
ගස් කඩාවැටීමට ආසන්නව තිබෙන අසල පිහිටි කන්දක් සෙනෙවිරත්න සහ අනෙක් ගම්මු පෙන්නූහ. “තවත් නායයාමක් ඇතිවෙයි කියල අපි බයෙන් ඉන්නේ” ඔහු කීවේ ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ දකුනේ ගාලු නගරයෙන් කිලෝ මීටර් 18 ක් දුරින් පිහිටි බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි පාසල ට ද ගියහ. පාසල, ආපදාවට ලක් වූ උනන්විටිය, යටලමත්ත, උඩුගම, නාකියාදෙනිය ඇතුලු විවිධ ගම්මාන වල දිවිබේරාගත්තවුන්ගේ සහන මධ්‍යස්ථානයකි. පින්තාරු කරුවෙකු වන තම සැමියා උපයාගත් හැම දෙයක්ම ඇගේ පවුලට අහිමි වූ බව තිදරු මවක් වූ ඉරන්ගා පෙරේරා පැවසුවාය.
මීගහවත්ත ගමේ 1982 සිට ජීවත්වන 58 හැවිරිදි කේ. සරත් මෙසේ පැවසුවේය. “හැම අවුරුද්දකම අපි ගංවතුරට මුහුන දීල තියෙනවා. නමුත් මේ වතාවේ අපේ ගේ යටවෙලා අපි මෙතෙන්ට කොටුවෙලා ඉන්නේ”. ගම්මුන් ඔවුන්ට ආහාර සහ පානීය ජලය ලබා දෙන බව ඔහුගේ බිරිද මාලනී කීවාය. “අපිව බලන්න කිසිම දේශපාලඥයෙක් ආවේ නැහැ”යි ඇය පැවසුවාය.
කලුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල පදිංචිකරුවෙකු කීවේ “මැයි මාසයේ 25වෙනිදා රාති‍්‍ර කාලයේ අපේ පලාතට මහ වැසි ඇදහැලූන. වැස්සෙන් ඇති වූ නායයාම සහ මඩ ගසාගෙන ඒමෙන් පාරවල් අවහිර වීම නිසා මාර්ගවල ගමනාගමනය මුලුමනින් ම අඩාල වෙලා. අපි ගැන සොයා බලන බව පලාතේ මන්ත්රී්ර කිව්වත් අපේ මූලික අවශ්‍යතාවයන් ගැන කිසිම දෙයක් එයා කලේ නැහැ”
“ආපාදාවට ගොදුරු වුන අය බේරා ගැනීමට බෝට්ටු දෙනවා කිව්ව, නමුත් කිසිම දෙයක් කෙරුනේ නැහැ. වියලි ආහාර දුන්නට පහසුකම් නැති නිසා අපට ඒවා පිස ගන්න විදිහක් නැහැ.” ආන්ඩුවේ නිල සංඛ්‍යාවන්ට වඩා ජීවිත හානි වැඩි බව ඔහු කීවේ ය.
එම දිස්ත්‍රික්කයේ ම රෙමුන ගමේ ගෙවල් 30 ක් පමන ජලයෙන් යට වී ඇත. ගංවතුරෙන් විපතට පත්වූවන්ට සුදුසු හදිසි වාසස්ථාන සපයා තිබුනේ නැත. පිරිමින් මහපාරේ නිදා ගන්නා අතර කාන්තාවන්ට අසල පිහිටි කඩසාප්පු වල නිදා ගැනීමට සිදුව තිබුනි.
විසිඑක් හැවිරිදි කසුන් සමීර සිකුරාදා දියේ ගිලුන නමුත් ඔහුගේ මෘතදේහය සොයාගෙන තිබුනේ නැත. ඔහුගේ මරනය ගැන පවුලේ අය පොලිස් නිලධාරීන්ට කිව්වත් ඔවුන් කලේ ඒ ගැන ප්‍රකාශයක් ලබා ගැනීම පමනක් බව ඔහුගේ නැන්දා කල්යානි පැවසීය. “අපි කතා කල හැම වෙලාවක ම ඒ අය කිව්වේ ඒගොල්ලන්ට කිසිම බෝට්ටුවක් නැහැ කියල. නාවික හමුදාවෙනුත් අපට පිහිටක් ලැබුනේ නැහැ” යි ඇය කීවාය.
ඔහු සහ ඔහුගේ මිතුරන් ප්‍රධාන දේශපාලන පක්ෂ වල සාමාජිකයන්ව සිටි නමුත් දැන් ඔවුන් ගැන “පිලිකුල්” බව එලවලු වෙලෙන්දෙකු වන අජන්ත රෝහන පැවසුවේ ය. “එක දේශපාලනඥයෙක්වත් අපට උදව් කරන්න ආවේ නැහැ. අපේ අසල්වැසියන් පමනයි අපට උදව් කලේ. ඡන්දයක් තිබුනා නම් නානාවිධ දේශපාලනඥයෝ මෙහාට එයි” ඔහු කීවේ ය.
ව්‍යසනයෙන් මධ්‍යම ගමනාගමන මන්ඩලයේ රියැදුරෙකු වන 43 හැවිරිදි මංජුල සමන්තිලකගේ සියලුම දේ විනාශ විය. ඔහුගේ ගමේ අයට එබඳු මහ ගංවතුරක අත්දැකීමක් ලැබුනේ පලමු වතාවට බව ඔහු පැවසුවේ ය. “ඒකට නොයෙකුත් හේතු තියෙනවා. නමුත් හුඟක් අය හිතන්නේ අධිවේගී මාර්ගය නිසා ජලය ගලායාම අවහිර වෙලා කියල. ආන්ඩුවත් ඇලමාර්ග සුද්ධ නොකරන නිසා හිස් කුඹුරු වල වතුර පිරිලා. ඒ කියන්නේ වතුර බැහැල යන්න තැනක් නැහැ” ඔහු කීවේ ය.
Follow us on